බෞද්ධ ස්තූපය
බුදුරජාණන් වැඩසිටි සමෙයහි දී බෞද්ධ ස්තූප ගොඩනැගීම ආරම්භ වූයේ ය. බුදුරදුන් ජීවමාන ව සිටිය දී සැරියුත් මුගලන් අගසව් දෙනම පිරිනිවන් පෑහ. බුදුරදුන්ගේ උපදෙස් පරිදි ඒ දෙනම ගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ස්ථුප තනන ලදි. බුදුරදුන් පිරිණිවන් පාන්නට පෙර අනද හිමියෝ බුදුරදුන් පිරිනිවන් පෑ පසු ශ්‍රී දේහයට කෙසේ පිළිපැදිය යුතු දැයි විම සූහ. සක්විති රජෙකුගේ මෘත දේහයට මෙන් සලකා ආදාහනය කොට, හතර මං හංදියක ස්ථුපයක් තනා ප්රදක්ෂිණා කිරීමෙන්, මල් පැළද වීමෙන්, සුවද හෝ සුනු ගැල්වීමෙන් ස්තූපයට පූජා කරන ලෙස වදාළහ. මහා පරිනිබ්බාන සූත්‍රයෙහි දැක්වෙන මේ විස්තය අනුව බෞද්ධ ස්තූපයේ ආරම්භය බුද්ධකාලය සනිටුහන් කරයි. බෞද්ධ වන්දනාව එදා සිට ඇරඹිණි.
අශෝක අධිරාජයාගේ සමයෙහි ස්ථුප වන්දනාව බෞද්ධයන් අතර ජනප්‍රියව මුල්බැසගෙන තිබිණි. මේ ගොඩනැගිලි තැනීමේ සිරිතේ ආරම්භය ප්‍රාග්බෞද්ධ සමයට දිවෙන නමුත්, ඒවා භාරතීයයන් අතර ජනප්‍රිය ආගමික පූජා වස්තූන් බවට පත් වූයේ බෞද්ධයන් ගේ සර්වඥ ධාතු වන්දනා චාරිත්‍ර නිසා යැයි කිව හැකිය. බුද්ධශ්රාවකයාට සිය ශාස්තෘ වරයා සිහිපත් කොට ගෙන සිතේ පැහැදීමක් ඇති කර ගැනීමට උපකාර වූ ආගමික ස්මාරක අතර ස්ථුපයට ප්‍රධාන තැනක් හිමි විය. මේ නිර්මාණ විශේෂය හා ඒ ආශ්රිත වන්දනා චාරිත්‍ර මිහිදු මාහිමියන් ඇතුළු ධර්ම දුත පිරිස විසින් ලක්දිවට ගෙන එන ලදි. මහාවංසය සදහන් කරන පරිදි ලක්දිව ගොඩනැගුණු පළමු වන ස්ථුපය ථූපාරාමය යි. ඇතැම් විට මීට පෙර ද මෙ රටට පැමිණි බෞද්ධ පිරිස් විසින් ගිරිහඩු සෑය, මහියංගණය වැනි ස්ථාන වල ස්ථුප ගොඩනංවා තිබෙන්න ඇතැ’යි සැළකිය හැකි සාහිත්‍යමය සාධක ඇත. කෙසේ වුව ද ථූපාරාමය ගොඩනැංවීමෙන් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ දී ආරම්භ වූ මෙරට ස්ථුප කලාව ඉතා ඉක්මනින් රට පුරා පැතිර ගියේ ය. මුල් ම ස්ථුප තැනීමේ දී භාරතයෙන් ගෙනෙන ලද ශිල්ප ක්‍රම ප්‍රධාන වශයෙන් භාවිතා වුව ද වැඩිකල් නොගොස් මෙ රටේ තනන ලද ස්තූප වලට විශේෂ වූ ලක්ෂණ කිහිපයක් ම උරුම කොට ගත් බව දක්නට ලැබෙයි.
දාගැබ
‘ධාතු ගර්භ = දා ගැබ’ යන අර්ථයෙන් ම දැක්වෙන පරිදි සර්වඥ ධාතූන් නිදන් කොට ඒ වටා අර්ධ ගෝලාකාර ඝන ගොඩනැගිල්ලක් ඉදි කිරීම මේ නිර්මාණ විශේෂයේ මූලික ලක්ෂණය විය. එහි නිදන් කළ ධාතූන්ගෙන් සමරනු ලබන ශාස්තෘවරයාණන්ගෙන් ශේෂ්ඨත්වය හා ගෞරවාර්හ භාවය දැක්වීම සදහා රාජ්‍යත්වයේ සංකේතය වූ ඡත්රය ස්තූපය මුදුනේ පිහිටුවන ලදි. මෙය දාගැබ් නිර්මාණයේ දී උපයෝගී කර ගන්නා ලද සරලත ම ආකෘතිය වූ අතර, ආගමික සම්ප්‍රධාය හා ඒ ආශ්රිත ශිෂ්ඨාචාරය දියුණුවත් ම මේ නිර්මාණ විශේෂය විවිධ අලංකරණ අංග වලින් සරසා සංකීර්ණ ලෙස ගොඩනැංවීම ද ඇරැඹිණි. දෙවනපෑතිස් රජ සමයේ මෙරට තනවන ලද ස්තූප වල හැඩරුව හදුනා ගන්න භාරතයේ ඇති ඒ සමයට අයත් පැරණි දාගැබ් වල නශ්ඨාවශේෂ උපකාර වෙයි. සාංචියෙහි චේතිගිරියේ කරන ලද පුරා විද්‍යා ගවේෂණ වලින් පෙනෙන අයුරු එ කල ඉන්දීය කලා ශිල්පීන් තැනූ ස්තූප වේදියකින් (= ගල්වැටකින්) වටවූණු අංගනයක් තුල පිහිටුවන ලදි. වේදියෙන් අංගනයට පිවිසෙන්න ප්‍රධාන දොරටු හතරක් ප්‍රධාන දිසා හතරට මුහුණ ලා යොදා තිබිණි. ඒ දොරටු වල විවිධ කැටයමින් සැරසූ තොරණ සතරක් ද විය. අංගණය මැද්දේ උස වේදිකාවක් මත ස්ථුපය තනා තිබිණි. වේදිය හා මැද පිහිටි වේදිකාව අතර අංගණයෙහිද, ඉන් වේදිකාව මතට නැගෙන්න තබා තිබුණු පියගැට පෙළින් වේදිකාව මතට නැගී ඒ මත දී ද සුතූපය ප්රදක්ෂිණා කරමින් ඊට පූජා සත්කාර පවත්වන වන්දනාකරුවන්ට හැකි විය. වේදිකාව මුදුනේ පැතලි හැඩයෙන් යුත් අර්ධගෝලාකාර ආකෘතියෙන් දාගැබ තැණුනු අතර, පැතැලි මුදුන මතුපිට යලිත් වරක් වේදයකින් වට කළ හතරැස් කොටුවක් විය.ඒ මැද්දේ සිටුවන ලද යෂ්ටියක් මත සවි කළ ඡත්රයක් විය. දාගැබට පූජනීය වත්කමක් ගෙන දුන් ධාතූන් නිදන් කර තිබුනේ අර්ධගෝලාකාර ගොඩනැගිල්ලේ ඒ සදහා තනනු ලබන ධාතු ගර්භයක ය. මුල් කාලයේ ලක්දිව තැනූ ස්තූප වල දී ඒ ලක්ෂණ නම් අවුරින් ම දක්නට ලැබුණි. ඉන්දියාවේ දී මෙන් ම ශ්‍රීලංකාවේ දී ද ස්ථුප වන්දනයේ දී ප්‍රමුඛස්ථානය ගත් වන්දනා ක්‍රමය වූයේ ප්රදක්ෂිණාවයි. එ නම් පූජ්‍ය වස්තුවට බැතිමතාගේ දකුණු අත පැත්ත සිටින සේ ඒ වස්තුව වටා ගමන් කරමින් ගරුසරු දැක්වීම ය. මේ සදහා ස්තූපය වටා පොළොව මට්ටමේ පිහිටි අංගණය ද ස්ථුපයේ අඩිතාලම වූ පොළොවෙන් මතුපිටට නංවා ගොඩනංවන ලද වේදිකාව ද භාවිත කරනු ලැබිණි.කාලයාගේ ඇවෑමෙන් බිම් මට්ටමේ අංගණය වැලි අතුරන ලද බාහිර වැලි මළුවක් හා ස්ථූපයට ආසන්නයේ පිහිටි ගල් ඇතුරූ සලපතල මළුවක් ද ආදීය සංකීර්ණ විය. ස්ථුප පාදම උස් වූ වේදිකාව ද ‘පේසා වළලු ’ නමින් පසු කලෙක හදුන්වන ලද අලංකරණ අංගයක් බවට පත් වීමෙන් එහි ස්වරූපය වෙනස් විය. පෙර වේදිකාව මෙන් ප්රදක්ෂිණා පථයක් ලෙස නොව මේ පේසා වළලු තුන ස්ථුප වන්දනාවට ආ සැදැහැවතුන් ගෙනා මල් පහන් සුවද ද්‍රව්‍ය යනාදිය තැබීමට ආධාරකයක් ලෙස භාවිත වන්න ඇත.
හතරැස් කොටුව
දාගැබේ ගර්භය මත පිහිටි කුඩා වේදිය හතරැස් කොටුව බවට ද හතරැස් කොටුව මතුපිට මුලින් ම ඡත්‍රයට ආධාරක වූ යෂ්ටිය දේවතා කොටුව බවට ද පත්විය. ඒ මතුපිට යෙදූ හුදෙකලා ඡත්රය වෙනුවට පසු ව ඡත්‍ර රුසක් යෙදිණි. එය පසුව කොත් කැරැල්ල හා ඒ මුදුනේ පිහිටුවන ලද කොත් බවට ක්‍රමයෙන් විකාසයට පත් විය. මුල් අවධියේ මෙරට ස්ථුප වල අංගණයට පිවිසෙන දොරටු සතර ආශ්රිත ව තැනූ දොරටු සතරක් තිබෙන්න ඇත. පසුව ඒ වෙනුවට ගලින් නිම වූ කොරවක් ගල් සහ මුරගල් දෙකකින් හා සදකඩ පහනකින් සරසන ලද ගල් පියගැට පෙළ සතරක් යෙදිණි. ඉන් අංගණයේ වැලි මළුවට නැගුණු බැතිමතා සලපතල මළුව මතු පිටට පිවිසෙයි. සතර දසාවට මුහුණ ලා පිහිටි වාහල්කඩ නමින් හදුන්වනු ලැබූ ගල් නැටයමින් හා සුණු පිරියමින් සැරසුණු ප්රක්ෂේපණ සතරක් ඔහුට දක්නට ලැබෙයි.
වාහල්කඩ
වාහලිකඩ සතර වන්දනාවට එන සැදැහැවතුනට සිය ප්රදක්ෂිණාවේ දී වන්දනා පැවැත්විය යුතු ප්‍රධාන ස්ථාන හතර වෙසෙසා දැක්වීමට යෙදුණි. ඒ ඉදිරිපිට පිහිටුවා තිබු සෙල් මුවා මල් ආසන මත සැදැහැතියනට මල් පහන් පූජා කිරීමට හැකි විය. ස්ථුප ප්‍රමාණයෙන් විශාළ වත්ම මෙසේ ප්රදක්ෂිණාවේ යෙදෙන්නන් නතර වී වන්දනා කළ යුතු ස්ථාන ගණන වැඩි වුව ද අතුරු දිසා වල වාහල්කඩ ඉදි කිරීමක් සිදු නොවී ය. ඒ වෙනුවට මේ අතර ස්ථාන වල සිරිපා සටහන් යෙදූ ගල් පුවරු තබන ලදි.
ස්ථුප වර්ග
පැරණි පුස්කොළ පිටපතක ස්ථුප වර්ග හයක් ගැන සදහන් කර තිබේ.
ඒවා මෙසේ යි ;
ඝණ්ඨාකාර
ඝටාකාර
බුබ්බුලාකාර
ධන්‍යාකාර
පද්මාකාර
ආමලකාකාර
ඝණ්ඨාකාර
ඝණ්ඨාවක හැඩය ඇති ස්ථුප මේ නමින් හැදින්විණි. 8 – 10 යන සියවස් වල ශ්‍රී ලංකාවේ ප්‍රචලිත ව පැවති දිගටි හැඩයකින් යුත් ගර්භයක් සහිත ස්ථුප මීට අයත් යැයි සැළකේ. සියමය, බුරුමය, ශ්‍රී ලංකාව වැනි රට වල ඝණ්ඨාකාර චෛත්‍යය බෙහෙවින් ජනප්‍රිය ය.
ඝටාකාර
කළයක හැඩය ඇති ස්ථුප වර්ග මීට අයත් ය. මේ චෛත්‍යය විශේෂය මුල සර්වාස්තිවාද බෞද්ධයන් අතර ජනප්‍රිය ව පැවති බව පිළිගැනේ. කතරගම කිරි වෙහෙර, සෝමාවතී චෛත්‍යය,සිතුල්පව්වේ හා මගුල් මහා විහාරයේ ස්ථුප ද මුලින් මේ වර්ගයට අයත් වූ බව පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසය යි.
බුබ්බුලාකාර
දිය බුබුළක හැඩය ඇති ස්ථුප මේ ගණයට අයත් වෙයි. දුටුගැමුණු රජු රුවන්වැලි සෑය සෑදුවේ බුබ්බුලාකාර හැඩයෙන් යුතුව ය. පොළොන්නරුවේ කිරි වෙහරෙ හා රන්කොත් වෙහෙර ද මේ ගණයට අයත් ය.
ධාන්‍යාකාර
ධාන්‍ය ගොඩක හැඩය ඇති ස්ථුප මේ වර්ගයට අයත් වෙයි. අනුරාධපුරයේ ථුපාරාමය පළමුවෙන් ම ගොඩනැගූ කාලයේ දී වී ගොඩක හැඩය ඉසිළු බව වංශකථා වල සදහන්ව ඇත. එහෙත් මේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කළ පසු ඝණ්ඨාකාර විය.
පද්මාකාර
පියුමක ආකෘතිය ගත් ස්ථුප අයත් ය. දැදිගම කොට වෙහෙර ධාතු ගර්භයක ගඩොලින් තනා තුබු පද්මාකාර හැඩයෙන් යුත් ස්තූපයක් සොයාගෙන තිබේ. මුග දී කොට වෙහෙර මේ හැඩයෙන් තනා තිබෙන්නට ඇතැයි සිතිය හැකි ය. පොළොන්නරුවේ දෙමළ මහා සෑයත්, බුත්තල යුදගනා ස්තූපයත් පද්මාකාර චෛත්‍යයට අයත් යැයි පරණවිතාන මහතා කල්පනා කරයි.
ආමලකාකාර
නෙල්ලි ගෙඩියක හැඩය ඇති ස්ථුපය මේ වර්ගයට අයත් ය. මේ වර්ගයේ ස්ථුප තබා කරඩුවක්වත් ශ්‍රී ලංකාවෙන් ලැබී නැතැ’යි පරණවිතාන මහතා පවස යි. එහෙත් II අග්බෝධි රජු ආමලචේතිය නමින් එ කළ ප්‍රසිද්ධ ව තුබු සුථුපයක ඡත්රය කර වූ බව චූල වංසයෙහි සදහන් වෙයි. මෙය අම්ලාකාර ස්ථුපයක් වන්න ඇත. මෑත දී දැදිගම කොට වෙහෙරින් අම්ලාකාර ධාතු කරඩුවක් ලැබී ඇත.
මේ ආකෘතියට අමතර ලෙස වෙනත් බෞද්ධ රට වල චෛත්‍යය ආකෘති කිහිපයක් දක්නට ලැබේ. ඒවා අතර පලාණ්ඩිවාකාර (= ලූණු ගෙඩියක හැඩය) , අණ්ඩාකාරය (= බිත්තරයක හැඩය), චතුරශ්රාකාර (= හතරැස් ආකාරය), අෂ්ටාශ්‍රාකාර (= අට පට්ටම් හැඩය) ද වෙයි.
ථුපඝර - චේතියඝර
ස්ථුපයක් සදහා කරවන ලද ගෙය ථුපඝර , චේතියඝර යන නමින් වංසකථා වල සදහන් වෙයි. දේවානම්පියතිස්ස රජතුමා ථුපයක් කරවා එයට ගෙයක් ද කර වී ය. වසභ රජු ථුපාරාමයට ථූපඝරයක් කරවී ය. වසභ රජුගේ පොත්ථා නමැති බිව මහා බෝධි අංගණයෙහි ථුපයක් හා ථුපඝරයක් කරවූ වාය. මේ ස්ථුපයන්හි සදහන් ථුපඝර ව්‍යවහාරය අනුරාධපුර විහාර සම්ප්‍රධායට අයත් වූවකි. බුදුසමයේ සම්ප්‍රාප්තියේ සිට මෙම විහාරය පැවතිණි. මීට අමතර ව ‘ධාතුඝර’ යන්න ද දක්නට ලැබෙයි. දාගේ යන තේරුම එහි ඇත.
වටදාගෙය
ධාතුඝරය වර්ථමාන ව්‍යවහාරයේ හැදින්වෙන්නේ වටදා ගෙය නමිනි. ධාතුඝර ව්‍යවහාරයට ථුපය හා බුදුපිළිමය ද අයත් වන බව පෙනේ. අනුරපුර දිස්ත්‍රික්කයේ හත්ථිකුච්ඡි විහාරයේ ථුපඝරය බුදු පිළිම රහිත ව තැනූ පැරණිම නිදසුන ය. සිවු වැනි අග්බෝ රජු සමයේ සාදන ලද මණ්ඩලගිරි (= මැදිරිගිරිය) විහාරයේ ස්ථුපයට කරවන ලද දාගෙයි දිසා හතර මුහුණ ලා හිදි ධ්‍යාන බුදු පිළිම හතරක් ඇත. අත්තනගල්ලේ වටදාගෙය ද මෙලෙස ම සැකසී තිබෙන්නට ඇත.
ශ්‍රී ලංකාවේ වටදා ගෙය නිමවා ඇත්තේ ඉන්දියාවේ වටදාගෙවලට වෙනස්ව ය. වටදාගෙය වෙනුවට ඉන්දියාවේ පැවතියේ චෛත්‍යය ගෘහය යි. චෛත්‍යය ගෘහ ලංකාවේ දී මුළුමනින්ම නවීකරණය වී ඇත. භාරතයේ දී මෙන් පිහිටි කළුගලින් නෙලනු වෙනුවට ස්ථුපය වටා කළු ගල් පේලි දෙකක් සිටුවා ඒ මත කවාකාර වහලයක් ඉදි කිරීමෙන් ලංකා වටදා ගෙය සැකැසිණි. එහි බිම් සැලැස්ම ම්ළුමනින් ම කවාකාර විය. ශාලාවක් ඉතිරි නොවූ අතර, ඉඩකඩ ඇති ප්රදක්ෂිණා පථයක් ඉතිරි විය. හතර පැත්තෙන්ම මළුවට නැගීම සදහා පියගැට පෙළ විය. එමෙන් ම සිවුදෙස බලා සිටින බුදු පිළිම හතරක් ද තැන්පත් කර තිබේ. දැනට මෙබදු වටදා ගෙවල නටබුන් හොද තත්ත්වයෙන් දක්නට ලැබෙන ස්ථාන ලෙස පොළොන්නරුව හා මැදිරිගිරිය දැක් විය හැකි ය. පැරණි චෛත්‍යය වටාඇති ගල් කණු වලින් හෙළ වන්නේ එය වට කොට වටදා ගෙයක් තිබුණු බව යි.