1 පරිචිඡේදය
චතුරාර්ය සත්‍යය
සත්‍ය ගවේෂණය
චතුරාර්යය සත්‍යය අන්‍යයකුගේ උපදේශයක් නොමැතිව තමාම අවබෝධ කරගත් බැවින් බූදූරඡාණන් වහන්සේ සමිමා සමිබූද්ධනමි වෙති. උන්වහන්සේ අවබෝධ කරගත් ඵ් ධර්මය බරණැස ඉසිපතන නමි වු මිගදායෙහි දී පස්වග තවුසන්ට දේශනා කළහ.ඵම ආර්ය සත්‍ය සතර පිළිබදව පැහැදිලි කිරිම ධමිමචක්කපවත්තන සුත්‍රයෙහි ඇතුළත් වෙයි. ඵම ආර්ය සත්‍ය සතර නමි වශයෙන් මෙසේ යි.
1. දු:ඛාර්ය සත්‍යය - දුක
2. 2. දු:ඛ සමුදයාර්ය සත්‍යය - දුක ඇති විමෙ හේතුව
3. දු:ඛ නිරෝධාර්ය සත්‍යය - දුකෙන් නිදහස් විම
4. දු:ඛ නිරොධ ගාමීනී ප්‍රතිපදා ආර්ය සත්‍යය - දුකෙන් නිදහස් විමෙ මාර්ගය යනු ඵම ආර්ය සත්‍යය සතරයි.
චතුරාර්‍ය්‍ය සත්‍යය බුද්ධ ධර්මයේ මුලික ඉගැන්විමකි. බෞද්ධයාගේ පරම නිෂ්ඨාව වන නිර්වානය ද නිර්වානගමී ප්‍රතිපදාවද ඇතුළත් වන්නෙ චතුරාර්ය සත්‍යයටම ය. ඵම සත්‍යය මෙලොව දී ම ප්රත්යක්ෂ කළ හැකිය .ඵහි ඇති ශ්‍රේෂ්ඨත්වය පැහඅදිලි කරන බුදුරඡාණන් වහන්සේ
“මහණෙනි , මෙම චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ නොකිරිමෙ හේතුවෙන්, මටත්, ඔබටත් බොහෝ කලක් සසර සැරි සරන්නට සිදු වී යයි ” වදාළහ.
(සචිච සංයුක්තය - කෝටීගාම වග්ග)
සත්‍යයක ලක්ෂණ
මෙ සතර සත්‍යය යි පවසනු ලබන්නේ එවායෙහි ඇති මූලික ලක්ෂණ තුනත් නිසාය.
ඒවා නමි තථ, අවිතථ, හා අනඤ්ඤථ වෙයි.
1. තථ: මෙම සත්‍යය සතර ඒකාන්ත සත්‍යය.
2. අවිතථ : මෙම ධර්මය කවදාවත් ලෝකයේ පවතින වෙනස් නොවන සත්‍යයකි.
එය කිසි කලෙකත් බොරැ නෙවෙ.
එය අවිතථ ලක්ෂණය යි.
3.අනඤ්ඤථ : අන් පරිද්දකින් නොසිටින සත්‍යය කි.
අරියසචිච
බුදු, පසේබුදු, රහතන් යන උතුමන් විසින් අවබොධ කළ හෙයින් මෙ ධර්මය ආර්ය සත්‍යය නමි වෙයි. එමෙන්ම එම ධර්මය අවබෝධ කිරිමෙන් ම පෘත්ග්ඡන භාවය ඉක්මවා සියලු කෙලෙසුන් නසා ආර්ය භාවයට පත් කෙරෙන බැවින් ද ආර්ය සත්‍යය වෙයි.
ආර්ය සත්‍යය සතරක් ම දේශනා කිරිමට හේතුව
මෙම ආර්ය සත්‍යය සතරට බැහැරින් එක් කළ යුතු වෙනත් සත්‍යයක් ලෝකයේ නැත. ලොව ඇති ඔනෑම ගැටලුවක් ගෙන විග්රහ කොට බැලුව හොත් එහි ප්‍රධාන ලක්ෂණ හතරක් දක්නට ලැබෙයි. එනමි, ගැටලුව, ගැටලුවට හේතුව, ගැටලුවෙ විසදුම,විසදුමි මග යනු යි. නිදසුනක් හැටියට රෝගයක් ගැන විමසා බැලුව හොත් රෝගය , රෝග නිධානය , රෝග සුවය , රෝග සුවයට ප්‍රතිකාර යන අවස්ථා හතර දක්නට ලැබෙයි. ධර්ම ග්‍රන්ථවල මෙම ලක්ෂණ හතර නමි කොට ඇත්තේ පවත්ති, පවත්තක, නිවත්ති, නිවත්තක යන වචන වලින් ය. යමක පැවැත්මත් , ඊට තුඩු දුන් හේතුවත් , එහි නැවැත්මත් නැවැත්මට හේතුවත් යනුවෙන් ද එම ලක්ෂණ හතර තේරැමි කළ හැකි ය.
මෙහි දු:ඛාර්ය සත්‍යය පවත්ති නමි දු:ඛ සමුදයාර්ය සත්‍යය පවත්තක නමි . නිරෝධාර්ය සත්‍යය නිවත්ති නමි . ද:ඛ නිරෝධ ගාමීණි පටිපදාර්ය සත්‍යය නිවත්තක නමී.
කෘත්‍ය සතරක්
චතුරාර්‍ය්‍ය සත්‍යය සමිබන්ධනේ අනුගමනය කළ යුතු කාර්යයන් හතරක් ද ධර්මයෙහි විස්තර වෙයි. ඒ මෙසේයි.
1. දු:ඛාර්ය සත්‍යය - පිරිසිද දැනගත යුතු ය. (පරිඤ්ඤෙය්යං)
2. දු:ඛ සමුදයාර්ය සත්‍යය - ප්රභාණය කළ යුතු ය. (පහාතබිබං)
3. දු:ඛ නිරෝධාර්ය සත්‍යය - සාක්ෂාත් කළ යුතු ය.(සචිඡිකාතබිබං)
4. දු:ඛ නිරෝධ ගාමීණි ප්‍රතිපදාර්ය සත්‍යය - වැඩිය යුතුය.(භාවෙතබිබං)
අර්හත් ඵලයට පත් විම යනු මෙම ආර්ය සත්‍යය සතර මැනවින් අවබෝධ කොට ගැනිමයි.
දු:ඛාර්ය සත්‍යය
චතුරාර්‍ය්‍ය සත්‍ය අතරින් පළමු වන ආර්ය සත්‍යය දු:ඛාර්ය සත්‍යයයි. දුක පිළිබද සත්‍යයි. දු:ඛ (දුක) යන්නෙහි අර්ථ රාශියක් තිබෙ. සාමාන්‍ය කථා ව්‍යවහාරයේහි එන දුක යන්නට වඩා ගැඹුරැ පැතුරැනු අර්ථයක් එහි ගැබි වෙයි.සාමාන්‍ය දුක යන්නේහි කරදරය , විපත වැනි අර්ථ ඇත. දාර්ශනික වශයෙන් සලකන කල පාලනය කර ගත නොහැකි බව, හිස්බව, අසාර බව යන ගැඹූරැ අරැත් දු:ඛ යන්නෙහි ඇත.
දමිසක් පැවතුමි සුත්‍රයෙදි බුදුරඡාණන් වහන්සේ දු:ඛාර්ය සත්‍යය මෙසේ වදාළහ.
“ඉදං ඛො පන හිඣවෙ අරියසචිචං , ඡාතිපිදුඣා, ඡරා’පි දුඣා, ව්‍යාධි’පි දුකෙඛා, මරණමි’පි දුක්ඛං, අප්පියෙහි සමිපයොගො දුකෙඛා, පියෙහි විප්පයොගෝ දුකෙඛා, යමිපිචිඡිං නලභති තමපි දුක්ඛං, සඩඛිත්තෙන පඤ්චුපාදානඣඣාදුක්ඛා’’
“මහණෙනි, මේ වනාහි දු:ඛාර්ය සත්‍යයයි, ඡාතිය දුකයි. ඡරාව ද දුකයි. ච්යාධිය ද දුකයි. මරණය ද දුකයි. අප්‍රිය සමිප්රයෝගය ද දුකයි , ප්‍රිය විප්රයෝගය ද දුකයි. යමක් කැමති නමි එය නොලැබීමත් දුකයි. සැකෙවින් උපාදානස්කන්ධයෝ පස් දෙන ම දුක්හු වෙති.”
දු:ඛාර්ය සත්‍යයෙහි විස්තර වන දුක තුන් ආකාරයකින් පිරික්සා බැලිය හැකිය. එනමි,
1. දු:ඛ දු:ඛතා
2. විපරිනාම දු:ඛතා
3. සංස්කාර දු:ඛතා යනුයි.
දු:ඛ දු:ඛතා
අමිහිරි අත්දැකිමි වලින් ඇති වන සාමාන්‍ය දුක් මෙහි දු:ඛ දු:ඛතා නමි වෙයි . ඡිවිතය හා ලෝකය සමිබන්ධයෙන් සලකා බලන විට මුලික අවස්ථා තුනක් දක්නට ලැබෙයි. එනමි, ඇති විම, පැවැත්ම හා විනාශයයි. ෙම් අවස්ථා තුනම පුද්ගලයාට නොයෙක් ගැටුමි ගැටලු හා දුක් කමිකටෝලුඇති කරයි. ඡිවත් වන හැම කෙනෙකුට ම මෙම අවස්ථා ඔස්සේ විවිධ කායික මානසික දුක්වලට මුහුණපෑමට සිදු වෙයි.
බුදුරඡාණන් වහන්සේ විවිධ අවස්ථා වල විවිධ දේශනා මගින් මෙම දුක විස්තර කොට වදාළහ. ධමිමචක්කපවත්තන සුත්‍රය මගින්, මහා සතිපටිඨාන සත්‍රය, සචිච විහංග සුත්‍රය මෙන් ම පෙලෙහි (ත්‍රිපිටකයෙහි) හමු වන වෙනත් සුත්‍ර දේශනා විමසා බැලීමෙන් උන්වහන්සේ දුක විග්රහ කළ ආකාරය තේරැමි ගත හැකිය. එම දේශනාවල බහුලව දක්නට ලැබෙන ඉපදීම, ලෙඩ විම, ඡරාව හෙවත් වයසට පත් විම, මරණය , අප්‍රියයන් හාඑක් විමට සිදු විම, ප්‍රියයන්ගෙන් වෙන් විමට සිදු විම, කැමති දේ නොලැබිම ආදිය දු:ඛ දු:ඛතා යනුවෙන් හැදින්වෙයි.
මෙම කරැණු වලට අමතර ව (වස්තු වනාශය, ප්‍රියයන්ගේ විනාශය, තමන්ට වන රෝග පිඩා ආදියෙන් වන සිත් දැවිම) ශෝකයත් (හඩා වැලපීමට සිදු විම.) පරිදේව (ශරිරයේ රිදුමි , දැවිමි ආදියෙන් වන පීඩාවන්) දු;ඛ (දරැවන්ට අකීකරැ විම , අනුන්ගේ අවමානය විදින්නට සිදු විම.) ආදි කරැණු නිසා සිතේ ඇති වන කලකිරිම දොමනස්ස ඤාති ව්‍යසන ආදිය නිසා ඇති වන කායික මානසික බලවත් වෙහෙස උපායාසය ද යන මෙ සියල්ල (දු:ඛ දු:ඛතා) සාමාන්‍ය දුක් හැටියට හැදින්වෙයි.
විපරිනාම දු;ඛ
ඡිවිතයේ එක ද සැපතක් හෝ සතුටක් වෙනස් නොවී හැම විට ම එක සේ පවතින්නෙ නැත. මොහොතකට පෙර සතුටක් සේ දැනුණ යමක් ඊළග මොහොතේ දුකක් වන්නට ඉඩ ඇත. ඊයේ සතුට ගෙන දුන් යමි සිද්ධියක් හෝ වස්තුවක් අද දුකක් ගෙන දෙන දෙයක් වන්නට ඉඩ ඇත. ඊයේ නිරෝගීව සතුටෙන් සිටි පුද්ගලයාට අද රෝගී ව දුකීන් සිටින්නට සිදු වනු ඇත. මරණයට ද පත් වනු ඇත. මෙ අන්දමට පුද්ගලයා හා සමිබන්ධ බාහිර වු ද අධ්‍යාත්මීක වු ද සියල්ල මොහොතින් මොහොත ම වෙනස් වෙයි. මෙම අනිත්‍ය ස්වභාවය විපරිනාම දු:ඛ නමින් හැදින්වෙයි.
සංස්කාර දු:ඛ
දුක පිළිබදව වු ඉහත සදහන් ආකාර දෙකම තේරැමි ගැනිම පහසුය. එහෙත් දාර්ශනික , ගැඹූරැ අර්ථයක් දක්නට ලැබෙන සංඛාර දු:ඛ යන්න තේරැමි ගැනිම තරමක් දුෂ්කරය. එය තේරැමි ගත හැකි වන්නෙ සත්ත්වයා , පුද්ගලයා මම යන සමිමුතිය විග්රහ කොට බැලිමෙන් ය.
බුදු දහමට අනුව සත්ත්වයා , පුද්ගලයා,මම යන වචන වලින් හැදින්වෙන්නේ මොහොතින් මොහොත වෙනස් වෙන සුළු කායික මානසික ශක්තින්ගේ සමවායකි, එකතුවකි. පංචස්කන්ධය යනුවෙන් එය හැදින් වේ. කෙටියෙන් පඤ්ච උපදොනස්කන්ධ දුක්යයි (සංඛිත්තෙ පඤචුපාදානක්ඛඣා දුක්ඛා) බුද්ධ දේශනාවෙහි සදහන් වන්නේ ද , ෙම කරැණ ම ය.
“මහණෙනි, දුක නමි කවරේ ද , ඒ වු කලී පඤච උපාදානස්කන්ධ නමි වු රැප උපාදානස්කන්ධය , වේදනා උපාදානස්කන්ධය , සංඥා උපාදානස්කන්ධය , සංකාර උපාදානස්කන්ධය හා විඤ්ඤාණ උපාදානස්කනධය යන මෙ පසයි. (පඤ්චස්කන්ධය පිළිබදව විග්‍රහයක් වෙනත් පරිචිඡේදයක දැක්වෙ.එය බලන්න.)
පඤචස්කන්ධය සංකාර ගණයට අයත් ය. සංස්කාර නමි හේතු ප්රත්යක් නිසා හට ගන්නා දෙයි. එසේ හේතු ප්‍රත්‍ය සමවායෙන් හට ගන්නා සියල්ල (සංඛාරා) නිතර වෙනස් වන සුළුය. (සබිබෙ සංකාරා අනිචිචා ) එහෙයින් අනිත්‍ය ය. බුදුරඡාණන් වහන්සේ පඤ්චස්කන්ධයේ පවත්නා අනිත්‍යතාව උපමා මගින් මෙසේ දක්වති. රැපස්ක්ධය පෙණ පිඩකටද , වේදනා ස්කන්ධය දිය බුබුලකටද , සංඥාස්කන්ධය මිරිගුවකටද සංස්කාර ස්කන්ධය කෙසෙල් කදකට ද විඥානස්කන්ධය මායාවකට ද වශයෙනි . මෙ අනුව මොහොතක් පාසා මෙ ස්කන්ධ පහ වෙනස් විමට පත් වෙයි. එය මොහොතින් මොහොත උපදිමින්අතුරැදහන් වන ප්රවාහයකි.
“බ්‍රාහ්මණය, යමි සේ පර්වතයකින් වැහෙන , දුර යන, වහා ගලන, දිය දහර ඇති හැම දෙයක් ම ගෙන යන සුළු නදියක් නතර වන ක්ෂණයකින් හෝ මොහොතක් නැත්තෙ ද , යළි යන්නෙ ම වෙ ද , පවතින්නෙ ම වේ ද , එසේ ම ෙම මනුෂ්‍ය ඡිවිතයක් පර්වතයකින් ගලා හැලෙන නදියක් වැනිය’’ යි ද උපමාවකින් වරක් බුදුරඡාණන් වහන්සේ වදාළහ.
මෙ අන්දමට මම වශයෙන් , පුද්ගලයන් වශයෙන් හදුන්වන මෙසේ නිතර වෙනස් වන පඤචස්ඛන්ධය ම දුකයි. “යදනිචචං තං දුකඛං” යයි වදාරා ඇත්තෙ එබැවිනි. මෙය සංස්කාර දු:ඛය තේරැමි ගත හැකි වන්නේ ආර්ය ශ්‍රාවකයකුට පමණි. සරල ව දක්ව්නේ නමි සංස්කාර දු;ඛය මෙසේ ද තේරැමි කළ හැකි ය. ඇස කන ආදි ඉදුරන් මගින් අපි රෑප ,ශබිද, ආදි අරමුණු ගන්නෙමූ. ඒ අරමුණු වලට විවිධ වටිනාකමි ද ආරෝපණය කරන්නෙමු. හොද නරක වශයෙන් වර්ග කරන්නෙමු. හොද අරමුණෙහි ඇලෙන අතර නරක අරමුණෙහි ගැටෙන්නෙමු. මෙහිලා ලෝභ , දෝස, මෝහ, (ආශාව, තරහව, මෝඩකම) යන මානසික තත්ත්වයන් නිරැපණය කරයි. උපාදාන වශයෙන් පෙල දහමෙහි හදුන්වන්නෙ මෙසේ අරමූණු අල්ලා ගැනිමයි. ග්‍රහණය කිරිමයි. එයින් ඇති වන දුක්ඛ සහගත තත්ත්වය සංස්කාර දු:ඛයයි.
දු:ඛ සමුදයාර්ය සත්‍යය
පළමු වන ආර්ය සත්‍ය ලෙස දුක පැහැදිලි කළ බුදුරඡාණන් වහන්සේ දුකට හේතුව කුමක් දැයි දෙවන ආර්ය සත්‍යයෙන් විස්තර කළහ. පස්වග තවුසන් ඇමතු බුදුරඡාණන් වහන්සේ ,
“ඉදං ඛොපන හිකඛවෙ දුක්ඛ සමුදයං අරිය සචිචං යායං තණ්හා
පොනො භවිකා නන්දිරාග සහගතා, තත්ර තත්‍රාහි නන්දිනී සෙය්යථිං
කාම තණ්හා , භව තණ්හා , විභව තණ්හා’’
“මහණෙනි, දු:ඛ සමුදය ආර්ය සත්‍යය නමි මෙයයි. තණ්හාව පූනර්භවය ඇති කරයි. නන්දිරාගය හා එක් වෙයි. ඒ ඒ භවයෙහි ඇලෙයි. එය කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ප්‍රභේදයෙන් යුතු වෙයි” යනුවෙන් වදාළහ.
දු:ඛ සමුදය පිළිබදව ප්රාග් බෞද්ධ භාරතයෙ විවිධ මත තිබුණි. ඊශ්වර ණිර්මානවාදය අනුව ගිය ඇතමෙක් විස්තර කළේ දුක ෙදවියන්ගෙ කැමැත්ත අනුව ඇති වන්නක් බවය. තවත් මතයකට අනුව දුක ඉබෙම සිදු වන්නක් බව පිළිගැනුණි. මෙසේ දු:ඛ ප්රභවය පිළිබද විවිධ මත පැවති අවදියක දී බුදුරඡාණන් වහන්සේ දේශනා කොට වදාළේ දුක හේතු-ඵල වාදීව ඇති වන්නක් ලෙස ය. (පටිචිච සමුප්පාදය පිළිබදව පරිචිඡේදයෙහි මෙ ගැන වැඩි විස්තර ඇත.)
දුකට හේතුව තණ්හාව බව
බුද්ධ දේශනාවට සියලු ආකාර දුක් වලට හේතුව ආශාව, ඇල්ම, රාගය ආදි නොයෙක් ආකාර ආකාර රැප වලින් දැක්වෙන තෘෂ්නාවයි. ධමිම පදයෙ බුද්ධ වග්ගයේ දැක්වෙන පහත සදහන් ගාථාවෙන් ද එය පැහැදිලි වෙයි.
“න කහාපන වස්සෙන - තිත්ථි කාමෙසු විඡ්ඡති
අප්පස්සාදා දුඛා කාමා - ඉති විඤ්ඤාය පණ්ඩිතෝ’’
මිනිසාට කහවනු වැස්සකිනුත් කාමයන්හි තෘප්තියත් ඇති නොවෙ. මෙ නිසා කාමයෝ සිහිනෙන් පානය කළ පැනක් මෙන් මද ආස්වාද ඇතියෝ ය. බෝහෝ දුක් ඇතියෝ යැයි පණ්ඩිතයා නුවනින් දැන ගත යුතු ය.
බුදු දහමෙ දැක්වෙන පටචිච සමුප්පාද දේශනාවට අනුව (හේතු -ඵල වාදී ඉගැන්විමට අනුව) හැම දෙයක් ම එකිනෙකට බැදි පවති. එක ම මුල් හේතුවක් නැත. ඒ අනුව දු:ඛයෙ හේතුව ලෙස දැක්වෙන තණ්හාවට ද හේතුවක් තිබෙ. එනමි ස්පර්ශයයි. මෙ අන්දමට වක්රාකාර පැවැත්මක ප්‍රතඵල වශයෙන් දු:ඛ ප්රභවය සිදු වන බව අප මෙහිදි සැලකිය යුතු ය.
බුදුරඡාණන් වහන්සේ දුක හට ගන්නා අන්දම සංයුක්ත නිකායෙ දු:ක සුත්‍රයෙහි ද ඉතා සැකෙවින් මෙසේ දක්වා ඇත.
“මහණෙනි, දුක් හට ගැනි ම කේසේද,ඇසත් රැපත් නිසා චක්ඛු වඤ්ඤාණයඋපදී. මෙ තුනෙ එක් විම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් ෙව්දනා වේ. මෙ දුකේ හට ගැන්මය.
අංගුත්තර නිකායේ තණ්හා සුත්‍රයේ දී මෙන් ම ඉතිවුත්තක පාලියේ එන තණ්හුප්පාද සුත්‍රයෙ දී ද තණ්හාව දුකෙ හි සමිභවය හෙවත් දුක උපදවන දෙය හැටියටත් , තණ්හාව දෙවැනි කොටගත් තැනැත්තාට සසරින් එතෙර නොවිය හැකි බවත් බුදුරඡාණන් වහන්සේ දේශනා කළහ.
මෙ අනුව දුක ඇති විමෙ එකම හේතුව හෝ පළමු වැනි හේතුව තෘෂ්ණාව නොවන නමුත් එය ඉතා පැහැදිලි ප්‍රකට හේතුවයි.හැම තැන පැතිර පවත්නා හේතුවයි.මෙහි තණ්හා යනුවෙන් ගැනෙන්නේ කාමය , ධනය, බලය ආදිය පිළිබදව ආශාව පමණක් නොව දෘෂ්ටි, මතවාද, ආකල්ප, විශ්වාස ආදිය ද තෘෂ්ණාවට ම අයත් ය. බුදුරඡාණන් වහන්සේගේ ඉගැන්විමට අනුව පුද්ගල සන්තානයේ පවත්නා දුක් මෙන් ම ආර්ථික, සමාඡික හා දේශපාලනයමය ආදී සියලු දුක් කරදර විපත් සියල්ල තෘෂ්ණාව මුල් කොට ගෙන ඇති වෙයි. ධමිමපදයේ දැක්වෙන පහත සදහන් ගාථාවෙන් මෙ කරැණ වඩාත් පැහැදිලි ෙව්.
“යථාපි මුලේ අනුපද්දෙව් දළ්හේ
ඡින්නොපි රැක්ඛො, පුනරේව රෑහති
ඒවමිපි තණ්හානුසයේ අනුහතේ
නිබිබත්තතී දුක්ඛමිදං පුනප්පුනං”
“කිසියමි ගසක මුල උපදවයක් නැතිව තිෙබ් නමි එම ගස කොතෙක් කැපුවත් නැවත නැවත ලියලයි. එලෙසින් ම තණ්හාවත් තණ්හාව සමග බැදුණු අනෙකුත් ක්ලෙශයනුත් සමිපුර්ණයෙන් නොනසන තාක් මේ සංසාරික දුක නැවතත් හට ගනී.’’
මෙයින්ද ප්‍රකට වනනෙ සියලු දුක් වලට ප්‍රධාන හේතුව තණ්හාව බවයි. තණ්හාව මුලිනුපුටා දැමිමෙන් ම දුක් රැස නැති කළ හැකි බවයි.
තණ්හාව
දු:ඛ සමුදය වශයෙන් දැක්වෙන මේ තණ්හාව යනුකුමක් ද, එය දුක් ඇති කරන්නේ කෙසේ ද තණ්හාව නැති කිරිමන් දුක්නැති වන්නෙ කෙසේ ද යන කරණු පිළිබද ව බුදුරඡාණන් වහනසේ විවිධ අවස්ථා වලදි දේශනා කළහ. සංයුක්ත නිකායෙ ඡනෙති සුත්‍රයේ දැක්වෙන පරිදි කවරෙක සත්ත්වයා උපදවන්නෙ ද වරක් දෙවියෙකු විසින් අසන ලද ප්රශණයකට බුදුරඡාණන් වහන්සේ විසින් දෙන ලද පිළිතුර වුයේ “තණ්හාව සත්වයා උපදවයි’’ යනුයි.
රාගයෙන් රත් වු සත්වයා , තමන් විසින් ම හෙලන ලද දැලෙහි වැටී නැසෙන මළුවා මෙන් තණ්හාව නැමැති දිය පහරෙහි වැටී නැසෙන අතර, නුවණැත්තෝ ඒ දැල කපා දමා සියල්ල කෙරෙහි ආශාව අත් හැරමෙන් සියලු දුකින් මිදි (නිවනට) යන්නාහ යි. රෑපයෙන් මත්ව සිටි ෙඛමා රඡ බිසවට බුදුරඡාණන් වහන්සේ වදාළ හ. (ධමිමපද තණ්හාවග්ග 14 ගාථා)
තණ්හාවට දාසව තණහා දැලෙහි බැදුණු අදුරෙහි පැටළුණු ඡනයා සසර දිග්ගස්සති යයි ද පුනර්භවය නැවත ඇති කර ගනති යි ද, බුදුරඡාණන්වහන්සේ වරක් භික්ෂුන් වහන්සෙට පැහැදිලි කළ අන්දම අංගුත්තර නිකායෙ උපක්කිලෙස සුත්‍රයෙන් පැහැදිලි වෙයි.
තමන් වහන්සෙ තණ්හාව නැසු බවත්, ආත්ම භාවය නමැති ගෙය තනන වඩුවා තණ්හාව බවත් බෝසතාණන් වහනසේ බුද්ධත්වයට පත් විමෙන් අනතුරැව උදානයක් ලෙස පළ කළ අන්දම අපි බුදු සිරිතෙන් ඉගෙන ඇත්තෙමු.
මෙහි මුලදි සදහන් කළ ධමිමචක්කපවත්තන සුත්‍රයට අනුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යනුවෙන් තණ්හාව තුන් වැදැරැමි ය.
කාම තණ්හා
රෑප, ශබිද, ගන්ධ ,රස, ස්පර්ශ යන පංච කාම වස්තුන් කෙරෙහි අලීමි, බැදීමිවශයෙන් ඇති කර ගන්නා ආශාව කාම තණ්හා නමි.
පුද්ගලයා නිරතුරැව ම දුක පිළිකුල් කරයි. සැප කැමති වෙයි. එබැවින් දුක් දොමනස් ෙව්දනාවන්ගෙන් පෙලෙන විට සැපයක් , සතුටක් ලබනු කැමති වෙයි. ඒ අනුව රෑප, ශබිද, ගන්ධ ආදී අරමුණු නිසා සුවයක් සතුටක් ඇති වු විට පුහුදුන් පුද්ගලයා ඒ අරමුනෙහි ඇලී එය තමා සතු කර ගැනිමට උත්සාහ කරයි. නිදසුනක් වශයෙන් ගත හෝත් ශෝභන රෑපයක් දුටු කෙනෙකුට එම රෑපය ඇති ස්ත්‍රීය හෝ පුරැෂයා කෙරෙහි ඇල්මක් ආශවක් උපදී. එම ආශාවට ඉඩ දුන හොත් එම රෑපය ලබා ගැනිමට උත්සාහ කරයි. ඒ සදහා නෙයෙක් දුක් විදියි. ආශා කළ දේ නොලැබුණ හෝත් එයන් ද දුක් හට ගනී. ලැබුණ හෝත් ආශාව වැඩි වී තවත් බලවත් දුක් වලට ගොදුරැ වෙයි. ඒ සදහා මග පැදෙයි. මේ අන්දමට රෑප, ශබිද, කෙරෙහි ඇති කර ගත් කැමැත්ත කාම තණ්හා වන අතර , එය දුකට හේතුවයි.
භව තණ්හා
භවය පැතීමි වහයෙන් උපන් ශාශ්වත සමග පැවති රැප අරැප භවයන් හි ඇල්ම හා ධ්‍යාන සැප පිළිබදව සියුමි ඇල්ම ද භව තණ්හා නමි වෙයි. ඡිවතය හා ලෝකය ගැන තදින් අල්ලා ලෝභය භව තණ්හාව වශයෙන් ද විස්තර කළ හැකිය. ආත්මය, සත්ත්වයා ,සදාකාලිකය, වෙනස් නෙවෙතියි ඇති කර ගන්නා වැරදි විශ්වාසය ශාශ්වත දෘෂ්ටියයි. රෑප අරෑප භව නමි රෑපි බ්‍රහ්ම ලෝක දහසය හා අරෑපී බ්‍රහ්ම ලෝක හතර ද යන විසි වැදෑරැමි භවයෝ යි.
විභව තණ්හා
සත්වයා මරණින් මතු යළි ඉපදීමක් නොවන්නේ ය . මේ ඡිවිතයෙන් ම අවසන් යන උචිචෙඡ් දෘෂ්ටිය සමග ඇති වන තණ්හාව විභව තණ්හාව නමි වෙයි.
මෙි කාම භව , විභව තණ්හා යනුවෙන් දැක්වෙන තෘෂ්ණාව එකසිය අට වැදෑරැමි ස්වරැපයක් ගන්නා අන්දම අටුවා ග්රන්ථ වල ද දැකවෙයි.
තෘෂ්ණාව හා පුනර්භවය
දු:ඛ සමුදයාර්ය සත්‍යය පිළිබද ව සදහන් කළ ධමිමචක්කපවත්තන පාඨයට අනුව (පොනො භාවික) පුනර්ශවයක් ඇති කරවන බව සදහන් විය. පුනර්භවය හෙවත් නැවත හට ගැනිම , ඉපදිම දුකට හේතුවයි. එහෙත් තෘෂ්ණාව පුනර් භවයට හේතු වන අන්දම තේරැමි ගැනිම මදක් අපහසුය. බුදු දහමේ ඉගැන්වෙන කර්ම දර්ශනය ගැනත්, ඒ හා බැදි පුනරැත්පත්තිඉගැන්විමි ගැනත් වටහා ගැනිමෙන් තෘෂ්ණාව පුනර්භවයට හේතු වන අන්දම තේරැමි ගත හැකිය.
ඡිවත් වන සත්ත්වයාගේ පැවැත්මට හේතු වන ආහාර වර්ග හතරක් වෙයි. එනමි සාමාන්‍යයෙන අනුභව කරන ආහාර (කාබලිංකාර ආහාර) පළමුවැන්නයි. මනස ඇතළු ඉන්දියයන් බාහිර ලෝකය සමග ස්පර්ශය ඇති කර ගැනිම (එස්සාහාර) දෙවැන්න විඤ්ඤාණය (විඤ්ඤානාහාර) තුන්වැන්නයි. චේතනාව (මනො සංචතනාව)සිවිවැන්නයි. මෙහි සිවිවැනිව සදහන් වුන චේතනාව කර්මය බව බුදු දහමෙ ඉගැන්වෙයි. ‘කමිම’ යන්න හි ක්‍රියා යන අර්ථය ඇතත් , බුදු දහමෙ ඉගැන්වෙන “කමිම’’ නමි ෙච්තනා සහිත ක්‍රියාවන් ය. මේ සෙච්තනික ක්‍රියා හොද ක්‍රියා මෙන් ම නරක ක්‍රියා වශයෙන් දෙවෑදෑරැමිය. හොද ක්‍රියාවන් හොද විපාකත් නරක ක්‍රියාවන් නරක විපාකත් ගෙන දෙයි. පුද්ගලයා මරණයට පත් වු විට ශරීිය නීෂක්රීය වුව ද මෙම චෙතනා නමි වු කර්ම ශක්තින් ක්‍රියාත්මක වෙයි. එම ශක්තින් නැවත අලුත් රෑපයක් ගනියි. පුනර්ශවය යනු එයයි. ෙම් අනුව තෘෂ්ණාව කර්මය යනු එක ම ශක්තියක් බවත් , පුද්ගලයා මරණයට පත් විමෙන් පුනර්භවය සිදු වන බවත් පැහැදිලි ය. එසේ පුනර්භවයට පත් විම පුද්ගලයා සංසාරික දුකට බදුන් වෙයි.
ඉපදීමත් පැවතිමත් පිලිබදව තෘෂ්ණාව අප තුළ පවතින තුරැ සත්ත්වයා දුකට බදුන් වෙයි. යමි අවස්ථාවක නිර්වාණය දක්නා නුවණින් යථාවබෝධයෙන් තෘෂ්ණාව නමැති මේ චාලක ශක්තිය සිද දැමිමෙන් ම දුකින් නිදහස් විය හැකිය.
දු:ඛ නිරෝධාර්ය සත්‍යය
චතුරාර්ය සත්‍යය දේශනාවේ තුන් වන ආර්ය සත්‍යය දු:ඛ නිරෝධ ආර්ය සත්‍යයයි. නිරෝධ යනු නිරැද්ධ විමයි. ප්‍රහානය විම, නැවතිම යනුයි. මෙම ආර්ය සත්‍යයෙන් දැක්වෙනනෙ කුමක් නැවති ම ද නිරෝධ වන්නෙ කුමක් ද යන්න බුදු රඡාණන් වහන්සේ විවිධ අවස්ථාවල දේශනා කොට ඇත. පස්වග තවුසන් අමතා බුදුරඡාණන් වහන්සෙ මෙම සත්‍යය වදාළ හ.
“මහණනි, දුක් නැති කිරිමේ ආර්ය සත්‍යය නමි මෙයයි. එනමි තෘෂ්ණාව ඉතිරි නැතිව ඉවත් කිරි ම , නැති කිරිම , අත් හැරීම මූළුමනින් ම ඉවත දැමිම , ඉන් මිදම හා එහි නොඇලිම යි.’’
(“ඉදං ඛො පන හික්ඛවෙ දුක්ඛ නිරොධං අරිය සචිචං යො තස්සායෙව තණහාය අසෙස විරාග නිරොධො චාගො පටනිස්සගො මුත්ති අනාලයො” )
තණ්හා නිරොධය හෙවත් තණ්හාව දුරලීම නිර්වාණය බව බුදුරඡාණන් වහන්සේ වදාළ හ.
“තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධො නිබිබානං ” යනුවෙන් තණ්හාව ක්ෂය කිරිම. රාගය නැති කිරිම, නිර්වාණය බව උන්වහනසේ විවිධ අවස්ථාවල දේශනා කළ හ. “සියලු සංස්කාරයන් සංසිදිම , සියලු බැදුමි අත් හැරිම, තෘෂ්ණා ක්ෂය , විරාගය නිරෝධය නිර්වාණයයි. ”
“රාගය තෘෂ්ණාව නැති කිරිම නිර්වාණයයි”
“ෙම පඤ්ච උපාදානස්ඛන්ධයන් පිළිබද ඡන්ද රාගය හැර දැමීම, ඡන්ද රාගය නැති කිරිම දු:ඛ නිරෝධය බව සැරියුත් මහරහතන් වහන්සේ පෙන්වා දුන් හ.”
සසර නමැති සිර ගෙයින් මිදුන හෙයින් නිවන නිරෝධය නමි වෙයි. තෘෂ්ණාව පවත්නා තුරැම පංචස්කන්ධ දුක් ඇතිවෙයි. යමි ඡිවිතයක දී තෘෂ්ණාව සමිපුර්ණයෙන් ම නසාලුයෙ නමි නැවත පංචස්කන්ධ ඇති නොවෙයි.ඒ නිසා ඇති වන දුක් රැස ද නැති වෙයි. දුකට හේතුව වන මෙි තෘෂ්ණාව නැති කිරිම පිළිබද බුද්ධ දේශනාව සීහාවලෝකන න්‍යායට අනුව ද විස්තර කළ හැකි ය. “ සිංහයකු ට ගලකින් ගැසුව හොත් ඒ ගල ගැසුවෙ කවරකු විසින් දැයි සෝදිසි කොට බලා ගැසු තැනැත්තා සොයා බලා ඔහු වනසා දැමීම සංහයාගේ ස්වභාවයයි. ගල ගැසු තැනැත්තා වනසා දැමු විට සංහයා ගල් නොගසන බව සංහයාගෙ විශ්වාසයයි. දුක් නැති කිරිමට නමි එවැනි දුක් ඇති විමේ ප්‍රධාන හේතුව වන තෘෂ්ණාව නසාලිය යුතු යයි බුදුරඡාණන්වහන්සේ වදාළ හ.
“යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ
ඡින්නොපි රැක්ඛො පුනරේව රෑහති
එවමිපි තණහානුසයෙ අනුහතෙ
නිබිබත්ති දුක්ඛමිදං පුනප්පුනං ”
යන ගාථාවෙන් දැක්වන පරිදි මුල ශක්තිමත් ව තියද්දි යමි ගසක් කපා දැමුව හොත් නැවතත් එය ලියලන්නක් මෙන් අනුසය සහිත තෘෂ්ණාව නොනැසු කල්හි මෙම පංචස්කන්ධ දුක නැවත නැවතත් හට ගනීයි.
නිරොදාර්ය සත්‍යය යටතේ දැක්වෙන නිර්වාණය පිළිබදව පැහැදිලි විග්‍රහයක් මෙම ග්රන්ථයෙහි වෙනත් පරිචිඡේදයක ඇතුළත් වෙයි. නිරෝදය නමි බැදුමි වලන් නිදහස් විමකි. එහෙත් එය ආත්මයකින් මිදිමක් නොෙව් . දුකෙන් මිදිම කෙලෙසුන්ගෙන් මිදිම ලෙස හදුන්වනු ලැෙබ්.
පුද්ගලයා නැවත නැවතත් දුකට භාඡනය වෙමින් සසර සැරි සරන්නෙ කෙලෙස් බැදුමි නිසයි. ඒ බැදුමි යළි ඇති නොවන අන්දමට සමිපුර්ණයෙන්ම නැති වී යාම නිර්වාණයයි; විමුක්තියයි. එම කෙලෙස් දස සංයෝඡන යනුවෙන් බුද්ධ ධර්මයෙහි විස්තර වෙයි. සක්කාය දිටිඨි, විචිකිචිචා , සීලබිබත, පරාමාස , කාමරාග, ව්‍යාපාද, රෑපරාග, අරෑපරාග, මාන ,උද්දචිචසහ අවිඡ්ඡා යනු එම දහයයි. තණහා යන වචනය තුළ මෙම සංයෝඡන දහයම ඇතුළත් ය. එබැවින් “වාණ” නමින් හැදින්වෙන තෘෂ්ණාවෙන් නිදහස් විම ම නිර්වාණය යනුවෙන් හැදින් ෙව්.
සන්දිටිඨික ( රෝධ නමින් හැදින්වෙන බාධක හෙවත් දුක නැති කිරිම)
නිරොධ( රොධ නමින හැදින්වෙන බාධක හෙවත් දුක නැති කරිම)
රාග ද්වෙ මෝහ නැති කිරිම (රාගක්ඛායො, දොසක්කායා, මොහක්කයො)
අවෙදයිත සුඛ (ඉන්දීය වින්දනයෙන් තොර සැපතක් විම.)
අසංකත ධමිම( වෙනස් නොවන, හේතුවක ඵලයක් නොවන මුසාවක් නොවන උතුමිම සත්‍යය)
ආද වශයෙන් නිර්වාණය හැදින් විම සදහා බුද්ධ ධර්මයෙහි සදහන් වන විවධ පරභාෂික පරයාය වචන ඇසුරෙන් නිවන හෙවත් නිරෝධාර්ය සත්‍යය තේරුමි ගැනිමට උත්සාහ කළ යුතු ය.
දු:ඛ නිරෝධ ගාමීනී ප්‍රතිපදාර්ය සත්‍යය
සවි වැනි ආර්ය සත්‍යය දු:ඛ නිරෝධ ගාමනී ප්‍රතිපදාර්ය සත්‍යයි. නිරොධ ආර්ය සත්‍යය හෙවත් , නිර්වාණය අවබෝධ කිරිමෙන් දුක් අවසන් වන බව අපි ඉහතින් උගත්තෙමු. ඒ නිරෝධාර්ය සත්‍යය අවබෝධ කිරිමටත් , එමගින් දුකින් නිදහස් විමටත් ඇති මග ආර්ය අෂඨාංගික මාර්ගය නමි වු මධ්‍යම ප්‍රතිපදාවයි.
පහත් ගැමී පෘතග්ඡනයන්ට අයත් අනාර්ය, අනර්ථකර , කාමසුඛල්ලිකානුයෝගය හෙවත් , කාමයන්හී ඇලී ගැලී විසිමත් දුක් සහිත අනාර්්ය , අනර්ථදායක අත්තකිලමතානුයෝගය හෙවත් විවිධ කටුක ව්රතවලින් කයට දුක් දීමත් යන අන්ත දෙකට ම අයත් නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිපදාව යයි දමිසක් පැවතුමි සුත්‍ර දේශනාව ආරමිභයෙදි ම බුදුරඡාණන් පස්වග තවුසන්ට හදුන්වා දුන්හ. මෙම ප්‍රතිපදාව නෙත් පාදවන (දක්ඛු කරණී) ඥානය ගෙන දෙන (ඤාණ කරණී) උපසමයටත් අභිඥාවටත් ,සමිබෝධියටත් නිර්වාණයටත් හේතුවන (උපසමාය, අභිඤ්ඤාය ,සමිබෝධාය, නිබිබානාය) බවත් උන්වහන්සේ වැඩිදුරටත් පස්වග තවුසන්ට පෙන්වා දුන්හ.
“මහනෙණි, මෙය දු:ඛ නිරොධ ගාමීනී ප්‍රතිපදාර්ය සත්‍යයයි. එනමි මෙ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ඒ කෙසේ ද සමිමා දීටඨි, සමිමා සංකප්ප, සමිමා වාචා, සමිමා කමිමන්ත, සමිමා අඡිව, සමිමා වයාම, සමිමා සති, සමිමා සමධි” ය.
“ඉදං ඛෝ පන හික්ඛවෙ දුක්ඛ නිරොධ ගාමීණි පටිපදා අරිය සචිචං අයමෙව අරියෝ අටිඨංගිකො මගෙගා සෙය්යථිදං සමිමා දිටිඨි , සමිමා සංකප්පෝ, සමිමා වාචා , සමිමා කමිමන්තෝ, සමිමා ආඡිවෝ සමිමා වායාමෝ, සමිමා සති, සමිමා සමාධි’’
ෙම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය නිවන් අවබෝධ කර ගැනිම සදහා අනුගමනය කළ යුතු පිළිවෙතයි. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම අතරින් කොටස් අටක් ම මෙහි ඇතුළත් ය. ආර්ය අෂිටාංගික මාර්ගය වඩන තැනැත්තා සතර සතිපටිඨාන, සතර සම්යග්ප්රදාන, සතර සෘද්ධි පාද, පංචෙන්දීය , පංච බල හා සත්ත බොඡ්ඣංග යන සෙසු එකුත් බෝධී පාක්ෂික ධර්ම ද සපුරා ගන්නා බවත් බුදුරඡාණන් වහන්සේ භික්ෂුන්ට පැහැදිලි කොට වදාළ බව මඡ්ඡීම නිකායෙ මහා සළායතන සුත්‍රයෙ සදහන් වෙයි.
බුදුරඡාණන් වහන්සේ පිරිණිවන් පෑමට මද වෙලාවකට පෙර උන්වහන්සේ වෙත පැමිණි සුභද අමතා , යමි ශාසනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇත්නමි එම ශාසනයෙහි සෝවාන් , සකෘදගාමී, අනාගාමී, අර්හත් යන පුද්ගලයන් සිවි දෙනා ම ඇති බව වචාළ හ.
ලාශයන් අතර නිරෝගීකම උසස් බවත් සැප අතර නිවන ශ්‍රේෂ්ඨ බවත් මෙය නිවනට ලං වන ශාන්තී දායක මාර්ගය බවත් බුදු රදුන් මාගන්ධිය නමි පිරිවැඡීයාට දේශනා කළ බව මඡ්ඣිම නිකාය මාගන්ධිය සුත්‍රයෙහි සදහන් වෙයි.
මහ වෙනෙහි හැසිරෙන පුද්ගලයෙක් පෙර විසු මිනිසුන් ගමන් ගත් පැරණි මාවතක් සොයා ගන්නාක් මෙන් තමන් වහන්සේ විසින් ද පැරණි බුදුවරු විසින් අනුගමනය කළ ෙම් ආර්ය අෂ්ඨංගික මාර්ගය අනාවරණය කර ගන්නා බව බුදුරඡාණන් වහන්සේ නගර සත්‍රය දේශනා කරමින් පැහැදිලි කළහ. එමෙන් ම බුදුකෙනකුගේ පහළ විමෙන් මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙළි නොවන බවත් බුදු සසුනෙහි හැර අන් තැනක මේ මග නොපැනෙන බවත් බුදුරදුන් පෙන්වා දුන් බව සංයුක්ත නිකායෙ අටිඨ ධමිමුප්පාද සුත්‍රයෙ සදහන් වෙයි.
ආර්ය අෂ්ටාංගීක මාර්ගය අනුගමනය කිරිමෙන් නිවන ප්රත්යක්ෂ වන අන්දම බුදුරඡාණන් වහනසේ මහා සළායතන සත්‍රය දේශනා කරමින් මෙසේ වදාළහ.
“යමෙක් චක්ඛු ආයතනද , රූපයෙන් ද චක්ඛු විඤ්ඤාණය ද, චක්ඛු සමිඵස්සය ද තත් වු පරිදි දන්නෙ හා දක්නෙ ද චක්ඛු සමිඵස්සයක් හේතු කොට ගෙන සැප වු හෝ දුක් වු හෝ සැප දුක් නොවු හෝ යමි (වින්දනයක්) විදීමක් දක්නෙ හා දන්නේ චක්ඛු ආයතනයෙහි රූපායතනයෙහි චක්ඛ විඤ්ඤාණයෙහි වක්ඛු සමිඵස්සයෙහි ඇල්මක් ඇති කර නොගනී. එසේ එහි නො ඇලි එහි දෝස් දකිමින් පසුවන තැනැත්තාගේ පංච උපාදානස්කන්ධය නැවත හට නොගනි. පුනර්භවය ඇති කරන තණ්හාව පහ වී යයි. ඔහු ශාරීරීක හා මානසික සැපය වීදී යි. ඔහුගේ දැක්ම යහපත් ෙව් . කල්පනාව ද යහපත් වේ. මේ අන්දමින් ඔහුගේ දිවි පැවැත්ම ද , ක්‍රියාවන් ද , වචනය ද, උත්සාහය ද , සිහිය ද , සමාධිය ද යහපත් වෙයි. මේ අන්දමින් ඔහුගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ද සමිපුර්ණ වෙයි. එමගින් සත්තිස් බෝධී පාක්ෂික ධර්ම ද සමිපූර්ණ වෙයි.
සමිමා දිටිඨිය
ආර්ය අෂ්ටාංගික මාර්ගය නමි වු දු:ඛ නිරෝධ ගාමීනි පටිපදාෙව් මුල් ම අංගය නමි සමිමා දිටිඨිය යි. මෙම අංගයෙහි ඇති විශේෂත්වය ධර්මයෙහි නිතර සදහන් වී තිබේ.
“මහණෙනි, සමිමා දිටිඨිය තරමි නුපන් කුසල ධර්ම ඉපදීමටත් උපන් කුසල ධර්ම වැඩිදියුණු විමටත් උපකාර වන වෙනත් ධර්මයක් නැත යනුවෙන්” අංගුත්තර නිකායෙ ඒක ධමිම පාළියෙහි එන සදහනින් සමිමා දිටිඨියෙ ඇති අගය අපට වටහා ගත හැකිය.
සමිමා දිටිඨි යන්නෙහි සාමාන්‍ය තේරුම යහපත් දැකිම යනුයි. “සමිමා අවිපරත්තෝ පස්සතිතී සමිමා දිටිඨි” යනුවෙන් මෙය තේරුමි කොට ඇත. එනමි සහේතුකව කරුණු සහිතව කල්පනා කිරිමෙන් ඇති වන දැකිම යනුයි. දුකත්, දුකට හේතුවත්,දුකෙහි නීවිම හෙවත් දු:ඛ නිරෝධයත් ,දුක නැති කිරිමෙ මග හෙවත් දු:ඛ නිරෝධ ගාමිනී පටිපදාවත් යන චතුරාර්ය සත්‍යය පිළිබද දැකිම , සමිමා දිටිඨි වශයෙන් (විභංග ප්රකරණයෙ) විස්තර වෙයි.
චතුරාර්ය සත්‍යය පිළිබදව නිවැරිදි දැකිම පමණක් නොව කර්ම ඵල විශ්වාසය ආදියත් සමිමා දිටිඨි හැටියි සදහන් වෙයි. මහා චත්තාරිසක සුත්‍රයෙහි සමිමා දිටිඨිය කොටස් දෙකකට බේදා දක්වා ඇත.
1. සාසව පූඤ්ඤ භාගීය උපධි වේපක්ඛ සමිමා දිටිඨි
2. අරිය අනාසව ලොකුත්තර මග්ගංග
සමිමා දිට්ඨි යනුයි.
ආශ්රවලට ඇතුළත්වන , භව සමිපත් ලබා දෙන කුසල පක්ෂයට ඇතුළත් වන සමිමා දිටිඨිය ඉන් පළමු වැන්නයි.දස වස්තුක සමිමා දිෂ්ඨිය යනුවෙන් ද කාමමසසකතා සමිමා දිටිඨිය ද මෙය ධර්මයෙහි විස්තර වෙයි. එනමි,
(1) දුන් දෙයෙහි විපාක ඇත.
(2) පිදීමෙහි විපාක ඇත.
(3) ගුණවතුන්ට පුද පඩුරු යැවිමෙහි විපාක ඇත.
(4) සුසිරිත් දුසිරිත්හි විපාක ඇත.
(5) මෙලොව ඇත.
(6) පරලොව ඇත.
(7) මවට කරන ලද හොද නොහොද දේකහි විපාක ඇත.
(8) පියාට කරන ලද හොද නොහොද දෙක්හි විපාක ඇත.
(9) මවිපියන් නොමැතිව ඕපපාතිකව පහළ වන්නා වු සත්ත්ව කොටිඨාශයක් ඇත.
(10) මෙලොව පරලොව දෙක සිය නුවණින් හොදින් අවබෝධ කර ගෙන ලොවට ප්‍රකාශ කරන්නා වු මැනවින් දහමි මගට පිළිපන්නා වු මහණ බමුණෝ ඇත.
මේ දහය දස වස්තුක සමිමා දිටිඨිය හෙවත් කමිමස්සකතා සමිමා දිටිඨිය නමි වේ. තමන් යමි කර්මයක් කළ හොත් එහි විපාක විදීමේ වගකිම තමන් වෙත පැවරෙනවාය යන පිළීගැනිම හැටියට ද මෙය හැදින් විය හැකි ය. එමෙන් ම මෙය එක් අතකින බලන විට සතීමෙ පදනම හැටියටත් හැදින්විය හැකි ය.
දෙවනු ව සදහන් කළ අරිය අනාසව ලොකුත්තර මග්ගංග සමිමා දිටිඨිය බුද්ධ ශාසනයෙහි පමණක් දක්නට ලැබෙන්නකි. සෝවාන් ආදි ලෝකෝත්තර සිත් වල පහළ වන්නකි.පුද්ගලයකු සෝවාන් ඵලයට පත් විමෙන් ම නියම සමිමා දිටිඨි තත්ත්වයට පත් වෙයි.
මඡ්ඣම නිකායෙ සමිමා දිටිඨි සුත්‍රයෙහි මෙසේ විස්තර වෙයි. අකුසල් කවරේද, අකුසල් මුල් කවරේද, කුසල් කවරේද, කුසල් මුල් කවරේ ද ආදි වශයෙන් යමි පුද්ගලයෙක් නියමා කාර වැටහීමක් ඇති කර ගත් විට, ඒ පුද්ගලයා ධර්මය පිළිබද අචල , නො සෙල්වෙන පැහැදිමකින් යුතු පුද්ගලයකු වන බව සදහන් වෙයි. එමෙන්ම චතුරාර්ය සත්‍යය පිළිබදව ඇති සැටියෙන් දක්නා නුවණක් යමෙකුට ඇත් නමි ඔහු සමිමා දිටිඨියෙන් යුතු පුද්ගලයකු ලෙස එහි සදහන් වෙයි. පොදුවේ සලකන විට සමිමා දිටිඨි සුතුයට අනුව සමිමා දිටිඨි යනු කරුණු සහිතව , හේතු-ඵල වශයෙන් බැලිමෙදි ධර්මයන් පිළිබදව ඇති වන තත්වාකාර දැනිමයි.
සංයුක්තනිකායෙ අභසමය සංයුක්තයට අයත් කචිචානගෝත්ත සුත්‍රයෙහි සමිමා දිටිඨි යන්න තේරුමි කොට ඇත.එම සුත්‍රයට අනුව ඇත නැත යන කල්පනාව හෙවත් ශාශ්වක උඡ්ඡේද යන අන්තවාදි දෘෂ්ටි වලින් ඈත් ව ,ආත්ම දෘෂ්ටයෙන් නිදහස්ව වෙනත් කෙනෙකු නිසා නොව තමන්ගෙ නුවනින් කල්පනා කොට(හේතුඵලවාදිව) දුක පිළිබදව ඇති කර ගන්නා යථා තත්ත්ව අවබෝධය සමිමා දිට්ඨිය යි.
සමිමා දිටිඨිය ඇති කර ගැනිමට උපකාර වන කරුණු දෙකක් වෙයි. එනමි පරතොඝොසය හා යොනිසෝ මනසිකාරයයි. පරතොඝොසය යනු කියවිම ඇසිම තුළින් ලබන දැනුමයි. යොනිසෝ මනසිකාරය යනු කරුණු සහිතව හේතු ඵල ධර්ම තාවට අනුකුලව(මුල පටන් මෙනෙහි කිරිම) කල්පනා කිරිමයි.
මීට කලින් සදහන් කළ මහා චත්තාරිසක සුත්‍රයේ සදහන් වන අන්දමට සමිමා දිටිඨිය ඇති වමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙ අනෙක් අංගයන්නෙ ද පුද්ගලයා යුක්තවෙයි. සමිමා දිටිඨිය ඇති වු විට සමිමා සංකප්ප ආදි සෙසු අංග ඇතිවෙන බව එයින් කියවෙයි. ඒ නිසාම සමිමා දිටිඨිය ආර්ය අෂ්ටංගික මාර්ගයේ පුර්වංගමව ගමන් කරන්නක් හැටියට ද එම සත්රයෙහි විස්තර වෙයි.
සමිමා සංකප්ප
අරි අටගි සමිමා සංකප්ප යනුවෙන් විස්තර වන්නෙ නෙක්ඛමිම සංකප්ප, අව්‍යපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, යන තුන් වැදෑරුමි ව ඇති කර ගන්නා නිවැරිදි කල්පනාවයි. යහපත් කල්පනාවයි.
නෙක්කමිම සංකප්ප
රූප, ශබිද, රස, ස්පර්ශ වශයෙන් හැදින්වෙන පංචකාම වස්තුන් කෙරෙහි ඇති ඇල්මෙන් ජන්ද රාගයෙන් දැඩි ඇල්මෙන් ඈත් විම පිළිබද කල්පනාව නෙක්ඛමිම සංකප්ප නමි. කාම වස්තුන්ගේ ආශ්වාදයත් , එම කාම වස්තුන් සෙවිමට යාමේදී ඇති වන දුක් කමිකටොලු ගැනත් තේරුමි ගෙන , කාම වස්තුන් පිළිබදව ඇති දැඩි ආශාවෙන් ඈත්වීම හැටියට ද මෙය සදහන් කළහැකි ය. වීරාගි කල්පනාව යනු ද මෙයම ය.
අව්‍යපාද සංකල්ප
ව්‍යාපාදයට විරුද්ධ කල්පනාව අව්‍යපාද කල්පනාවයි.ව්‍යාපාදය යනු මෛත්‍රියට විරැද්ධ ස්වභාවය යි. අන්යායෝ නැසෙත්වා වැනසෙත්වා ආදි වශයෙන් කල්පනා කිරිමයි. ඒ අනුව අව්‍යපාද කල්පනාව යනු අනුන්ගේ විනාශය කල්පනා නොකොට , අනුන් කෙරෙහි මෛත්‍රිය පතුරවන කල්පනාවයි. එහෙත් වචනයෙන් පමණක් සියලු සත්වයෝ නිදුක් වෙත්වා යනුවෙන් ප්‍රකාශ කිරිම අව්‍යපාද කල්පනාව නොවෙයි. එය මුළු සිතින් ම සිතට එකගව ම අවංකව ම අනුන් කෙරෙහි මෛත්‍රිය ,දයාව , කරුණාව ැති කර ගැනිමෙන් ම අව්‍යපාද කල්පනාව උපදවා ගත යුතුයි. (කරණීය) මෙත්ත සුත්‍රයෙ සදහන් වන අන්දමට ඔවුනොවුන් ඔවුනොවුන්ට මෙත් පැතිර විම අවශ්‍යය. අන් අයට ද ඔවුනනොවුන් කෙරෙහි මෛත්‍රිය ඇති කොට ගෙන ක්‍රෝධයෙන් තොරව , ඡිවත් වෙත්වා යනුවෙන් ද කල්පනා කිරිමෙන් නියම අව්‍යපාද කල්පනාව ඇති වෙයි.
අවිහිංසා සංකල්ප
එනමි අනුන්ට හිංසා පීඩා නොකිරිමේ කල්පනාවයි. අන්‍යයන්ට හිසා පීඩා නො කිරිමේ ආදීනව කල්පනා කිරිම, කරුණාව දැක්විමෙ අනුහස් කල්පනා කිරිම අවිහිංසා කල්පනාවයි. කලින් සදහන් කළ අව්‍යපාද , අවිහිංසා සංකල්ප දෙක ඉතා ම කිටිටු සමිබන්ධතා ඇති කල්පනා දෙකක් හැටියට ද ධර්මයෙහි විස්තර වෙයි. තමන්ට අප්‍රිය අමනාප කෙනෙකු කෝපයට පත්ව එ කිපුණු ස්වභාවයෙන් බැලු මොහොතේ පටනි ම ඒ අප්‍රිය පුද්ගලයාගේ හෝ වස්ත්ුවෙහි විනාශය සිදු වන තෙක් ව්‍යාපාදය ඇති වන බවත් එම පුද්ගලයා විනාශ වේවා කවරකු විසින් හෝ විනාශ කරාවා කියා සිතන විට අවිහිංසාව ඇති වන බවත් , ඉතිවුත්තක පළි අටුවාවෙහි විස්තර කොට තිබේයි. මේ නිසා අව්‍යපාද , අවිහිංසා යන දෙක ඉතා කිටිටු සමාන ලක්ෂණ ඇති දුබලතා දෙකක් බව ද දක්වතො ත් අව්‍යපාද හා අවිහිංසා කල්පනා දෙක එක්ව ගමන් කරන බව පෙනෙයි.
සමිමා වාචා
නිවැරිදි යහපත් වචනය සමිමා වාචා නමි. එනමි බොරු කිමෙන් වැළකිම , කේලමි කිමෙන් වැළකිම ,පරුෂ වචනයෙන් වැළකිම, හිස්, වැඩකට නැති වචන කිමෙන් වැළකිම යන වාග් සුචරිත සමිමා වාචා නමි.
යහපත් ප්‍රතිඵල ගෙන දෙන යහපත් කතාව , එබදු කතාවන්ට පසුබිමි වන ,හේතු වන යහපත් චේතනාව හා අයහපත් වචනයෙන් වැළකිම යනුවෙන් සමිමා වාචාව කොටස් තුනකට අවස්ථා තුනකට බේදා දැක්වෙයි. කථා සමිමා වාචා ,ෙචිතනා සමිමා වාචා , විරති සමිමා වාචා යනුවෙන් එම අවස්ථා තුන නමි කොට ඇත. විරති සමිමා වාචා නමි වු අයහපත් වචනයෙන් වැළකිම ආර්ය අෂටාංගික මාර්ගයෙහි සමිමා වාචා නමින් හැදින්වෙයි.
අභිධර්මයෙහි විස්තර වන සෝභන චෛතසික විසි පහෙහි විරති නමින් හදුන්වන චෛතසික තුනක් තිබේ. ඉන්එකක් සමිමා වාචා නමි . සතර ආකාර වාග් දුශ්චරිත වලින් වළකින මානසික තත්ත්වය සමිමා වාචා චෛතසිකය යනුවෙන් හැදින් විය හැකි ය. එහෙත් සතර වැදෑරුමි දුශ්චරිතයෙන් වළකින ගමන් ම සත්‍ය වචන කතා කිරිම හා අරථවත් වැඩක් ඇති වචන කතා කිරිම යන සිවි වැදෑරුමි වාග් සුචරිතයෙහි යෙදිමෙන් ම අරි අට මගෙහි එන සමිමා වාචාව සමිපුර්ණ වෙයි.
සමිමා කමිමන්ත
යහපත් ක්‍රියා නිවැරිදි ක්‍රියායි. එනමි, සොරකමි කිරිමෙන් වැළකිම , සතුන් මැරිමෙන් වැළකිම ,කාමයන්හි වරදවා හැසිරිමෙන් වැළකිම යන තුන් වැදෑරුමි කාය දුශ්චරිතයෙන් වැළකිම සමිමා කමිමන්ත නමි.
කර්මය පිළිබදව බුදු දහමේ එන ඉගැන්විමේ ප්‍රධාන ලක්ෂණයක් නමි කළ යුතු දේ කිරිම මෙන් ම නොකළ යුතු දේ නොකිරිමත් ක්‍රියා හැටියට සැළකිමයි. එබැවින් වැරදි ක්‍රියාවන්ගෙන් වැළකිම සමිමා කමිමන්ත යනුවෙන් හැදින්විය හැකි ය.
ලෝකෝත්තර වශයෙන් ගන්නා විටවිරතිය පමණක් ප්‍රධාන වශයෙන් සැලකුවත් , ලෞකික සීලය වශයෙන් විස්තර කරන විට විරතිය මෙන් ම සමාදානයද අවශ්‍යය වෙයි. දීඝ නිකාය බ්‍රහ්මජාල සුත්‍රයෙහි සදහන් වන අන්දමට භික්ෂුව සතුන් මැරිම ආදියෙන වැලකිම මෙන් ම , සතුන් කෙරෙහි දයාවෙන් අනුකමිපාවෙන් යුක්ත විමත් සිල්වත් විම සදහා අවශ්‍ය වෙයි. මෙ අන්දමට සොරකමි කිරිමෙන් , කාමය වරදවා හැසිරිමෙන් යන කාය දුශ්චරිතයෙන් වලකින ගමන් ම ඊට ප්‍රති විරුද්ධ ගුණ ධර්ම ප්‍රගුණ කළ යුතුය. එමෙන් ම එම දුශ්චරිත ක්‍රියා නිසා තමන්ට මෙන්ම අනුන්ට සිදු වන හානිය ගැනත් එසේ නොවීමෙන් වන යහපත ගැනත් නුවණින් මෙනෙහි කළ යුතු ය. එවිට සමිමා කමිමන්ත නමි ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග සමිපූර්ණ වෙයි.
සමිමා ආජීව යහපත් දිවි පැවැත්ම
නිවැරිදි ජවිකා වෘත්තියක් තෝරා ගෙන දැහැමී සාධාරණ දිව් පෙවතක් ගත කිරිම සමිමා ආජීවයයි. අධ්‍යාත්මික අභිවෘද්ධියට හානි , නුසුදුසු ක්‍රියාවන් හි යෙදි ම මිත්‍යා ආජීවයයි. වහල් වෙළදාම (මිනිසුන් ඇතුළු සතුන් වෙළදාම) මාරක අවි ආයුධ වෙළදාම , මස් වෙළදාම, වස විස වෙළදාම,මත්පැන් මත්ද්‍රව්‍ය , වැරදි වෙළදාමි පහෙන් වෙන් විම සමිමා ආජීවය හැටියට හැදින්වේ. පැවිදි ජිවිතය පිළිබද සලකන විට කුහනා,ලපනා,නේමිත්තකතා ආදී නමි වලින් හැදින්වෙන සදෝස් ක්‍රම වලින් සිවු පසය සෙවිමෙන් වැලකිම සමිමා ආජීවය නමි. කුහනා යනු කුහක කමින් සවිපසය ලබා ගැනිමයි. ප්‍රත්‍ය බලාපොරෝත්තුවෙන් වචනයෙන් කරන යමි යමි ප්‍රකාශන ලපනා යනුවෙන් විස්තර වෙයි. යමි යමි ඇගයිම් කොට ප්‍රත්‍ය ලබා ගැනිම නේමිත්ත කතා නමි. එවැනි වැරදි ක්‍රම වලින් බැහැරව තමා හැකි තාක් පිරිසිදු ජිවිතයක් ගත කරමින් පිණ්ඩපාතයෙන් හෝ මිනිසුන්සියකැමැත්තෙන් ධාර්මිකව පරිත්‍යාග කරන දෙයින් යැපීම, සමිමා ආජීවයයි.
ගිහි පැවිදි භේදයකින් තොරව සලකන විට පැවිදි විම සදහා , නොයෙකුත් අපරාධ දූෂණ කෛරාටික කමි , කුහක කමි නොෙකා දැහැමි දිවියක් ගත කිරිම සමිමා ආජීවයයි.
සමිමා වායාම - නිවැරිදි උත්සාහය නිවැරිදි යහපත් උත්සාහය , වීර්ය සමිමා වායාම නමි වේයි. එහෙත් සෑම ආකාරයකම උත්සාහයක් ම සමිමා වායාම ගනයට අයත් නොවේ. නූපන් අකුසල් නුපදවා ගැනිම පිණිසත් ප්රහාණය පිණිසත් , නුපන් කුසල් උපදවා ගැනිම පිනිසත් දරන උත්සාහය , වෑයම සමිමා වායාම හෙවත් නිවැරිදි උත්සාහය හැටියට ධර්මයෙහි විස්තර වෙයි. මේ සතර වැදෑරුමි වෑයම සතර සමිමප්පධාන යනුවෙන් ද හැදින්වෙයි. අකුසල මූල වශයෙන් හැදින්වෙන ලෝභ, දෝස, මෝහ යන මේවායෙන් පොළඹවනු ලැබ කරනු ලැබ කරනු ලබන සියළුම කායික , වාචසික ක්‍රියා අකුසල් ය. වඩාත් පැහැදිලිව දක්වතෝත් දස අකුසල් වශයෙන් ද ප්‍රභේද කළ හැකි ය. එහි දි විශේෂයෙන් ම එම ලෝභ ආදි අකුසල් මුල් නිසා තමන්ාග් කායික, වාචසික, මානසික ක්‍රියා දුෂණය විමට ඉඩ නොදී වළක්වා ගැනිමට කරන උත්සාහය සමිමා වායාමයට අයත් වෙයි. මේ අන්දමට අලෝභ , අදෝස , අමෝහ ආදි කුසල මූල් හේතුවෙන් පහළ වන හොද කායික , වාචසික , මානසික ක්‍රියා කිරිමට උත්සාහය එනමි , නුපන් කුසල් ඇති කර ගැනිමට කරන උත්සාහය සමිමා වායාම නමි. එමෙන් ම ඒ අන්දමට උපන් කුසල් වැඩි දියුණු කර ගැනිමටත් ,නුපන් අකුසල් යළි ඇති නොවිමට උනන්දු විමත් සමිමා වායාම නමි වෙයි.
සමිමා සති
යහපත් සිහිය, හොද සිහිය, නිවැරිදි සිහිය යන අරුත් සමිමා සති යන්නෙහි ඇත. විභංග පාළියෙහි සමිමා සතිය මෙසේ විස්තර වෙයි.
“භික්ෂුන් නමක් කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව හොද නුවණින් යුක්තව සිහියෙන් යුතුව පංච උපාදානසිකන්ධ සහිත ලෝකයෙ අවිද්‍යාවත් , දෝමිනසක්, ඇලීමක් හෝ ගැටීමක් නැති ව කයෙහි කය අනුව බලමින් සරාගාදී සත්හි සත අනුව බලමින් , නීවරන ආදි ධර්මයන් හි , ඒ ධර්ම අනුව බලමින් වාසය කෙරේ ද මෙය සමිමා සතිය නමි. ”
කෙටියෙන් දක්වතෝත් , සතිපටිඨාන සුත්‍රයෙහි විස්තර වන කාය ආදි අරමූණූ සතර පිළබදව මනා අවදානයකින් අවදියකින් සිටිම සමිමා සතිය නමි. තවත් ලෙසකින් දක්වතො.් සිතේ ක්‍රියා කාරීත්වය දෙස, වේදනාවල ස්වභාවය දෙස සතෙහි මෙන් ම සිතට නැගෙන අරමූණූ වල ස්වභාවය දෙස කල්පනාවකින් යුක්තව බලා සිටිම ලෙස ද මෙය හැදින්විය හැකි ය. සතිපටිඨාන සුත්‍රයෙහි දැක්වෙන්නෙ සිහිය පිහිටුවා ගන්නා ආකාර සතරකි. එබැවින් ඒවා සතර සති පටිඨාන සෙ හැදින්වෙයි. එමගින් සිහිය පිහිටුවා ගැනිමත් විධිමත් කිරිමක් සිදු වෙයි.
පුද්ගලයාගේ සිත හරි මග යන්නේ දැයි පහසුවෙන් තේරුමි ගෙන කෙලෙස් වැඩි වන නව මගක සිත ගමන් කරන්නේ නමි ඉන් සිත මුදවා ගෙන යහපත් මගට යොමු කිරිම සදහා සිතේ පාලනයක් අවශ්‍යය. එමෙන් ම එක් අරමුනක් කෙරෙහි සිහිය පිහිටුවා ගැනමට ද මෙම ගින් පුරුදු වෙයි. එමෙන් ම වැඩි දුරටත් මිනිස් සිත පාලනය කොට දියුණු කොට ගත් විට , නාම රූප ධර්මයන්ගෙ ක්‍රියා කාරිත්වය හොදින් තේරුමි ගැනිමටද හැකි වෙයි. එමගින් පුද්ගලයාට තමා පිළිබදව ඇති කර ගෙන සිටින වැරදි පිළි ගැනිමි වැරදි දෘෂ්ට් නැති කර ගත හැකිය. නාම රෑප ධර්මයන්ගෙන් ඈත් විම , නැතිවිම (උදය-ව්‍යය) දැක ගැනිමට උපකාරී වෙයි. එක් අරමුනක සිහිය පිහිටුවා ගැනිමට නොහැකි වුව හොත් , සමිමා දිටිටිය ඇති කර ගැනිමට ද නොහැකි වෙයි. එබැවින් සතර සතිපටිඨානය ම සමිමා සතිය හැටියට හදුන්වා ඇත. (භාවනා යටතේ මේ පිළබදව වැඩිදුර ඉගෙනීමට ලැබෙනවා ඇත.) සමිමා සතිය ද සෙසු මාර්ග අංග මෙන් ම අනපුර්ව ක්‍රමයකින් දියුණු කර ගත යුත්තක් වෙයි.
සමිමා සමාධි
යහපත් සතෙහි එකග බව, කුසල් සිතෙහි එකග බව සමිමා සමාධියයි. වෙනත් ලෙසකින් හැදින් වුව හෝත් යහපත් වැඩක යෙදවිය හැකි සන්සුන් සිත හැටියට ද මෙය දැක්විය හැකි ය.
ප්‍රථම, ද්විතීය, තෘතීයහා චතුර්ථ ධ්‍යාන ඔස්සේ සන්සුන් කර ගන්නා කුසල් සිතේ එකග කම සමිමා සමාධියයි. වෙනත් ලෙසකින් කිව හොත් එම සිවි වැදෑරුමි ධ්‍යාන සිත් වලින් යුක්ත විම සමිමා සමාධියයි. එම ධ්‍යාන සිත් පවතින විට සිතේ යමි එකග කමක් පවතී නමි එය සමිමා සමාධියයි.
සමාධිය යනු සිතේ එකග කම සලස සැලකුව ද අකුසල් පැත්තට බරවු මිචිඡා සමාධිය , වැරදි ක්‍රියාවන් කිරිමේදි සිතේ ඇති කර ගන්නා සිතේ එකග කම සමිමා සමාධිය ලෙස නො ගැනෙයි. කුසල පැත්තට බරවු සමාධිය “කුසල චිත්තේකග්ගතා සමාධි” යනුවෙන මෙය හදුන්වා ඇත්තෙ ද මේ විශේෂත්වය ප්‍රකට කරනු සදහා ය.
මෙහි සදහන් වු පරදි ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යානයන් ට පත් ව වාසය කිරිම යනුවෙන් අදහස් කරන්නෙ පංච නීවරණ ධර්ම වලින් සිතේ එකග කමට ඇති වන බාධක ටිටකන් ටික ඉවත් කරමින් ඉදිරියට යාමයි. සම සතලිස් කර්මස්ථාන ඇසුරෙන් භාවනා කිරිමෙන් මෙම සමිමා සමාධි නමැති චිත්ත ශක්තිය ඇති කර ගත හැකි වෙයි.
සෝවාන් ආදිමාර්ග ඵලයන් ට නොපැමිණි පුද්ගලයන් විසින් ධ්‍යාන වශයෙන් උපදවා ගන්නා මෙම චිත්ත ශක්තිය ලෞකික සමිමා සමාධිය ලෙස හැදින් වෙයි. සෝවාන් ආදි මාර්ග ඵල වලට නොපැමිණි පුද්ගලයන් විසින් ධ්‍යාන වශයෙන් උපදවා ගන්නා මෙම චිත්ත ශක්තිය ලෞකික සමාධිය ලෙස හැදින්වෙයි. සෝවාන් ආදි මාර්ග ඵලවලට පැමිණි ආර්ය පුද්ගලයන් තුළ ඇති සමාධිය ලොකෝත්තර සමිමා සමාධිය ලෙසත් හැදින්වෙයි.
ආර්ය අෂ්ටාංගික මාර්ගයෙ එන අනෙකුත් සමිමා දිටිඨි ආදි අංග සමග එකට යෙදෙන මේ ලෝකෝත්තර සමිමා සමාධිය ඇති කර ගත් උත්තමයාට නිවන් මගෙහි අවසාන අවස්ථාව හැටියට දැක්වෙන සමිමා ඤාණ හා සමිමා විමුක්ති සමිපුර්ණ වන බව මහා චත්තාරිසක සුත්‍රයෙහි සදහන් වෙයි.