9 පරිච්ඡේදය
නිර්වාණගාමී මාර්ගය
නිවන් මග නමි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒකායන මග්ග , විසුද්ධි මග්ග, මඡ්ඣිමා පටිපදා, බෝධි , සමිබෝධි ආදි වශයෙන් ද මෙ මග බුදුරජාණන් වහන්සේ විසින් හදුන්වා ඇත. නිර්වාණගාමී මාර්ගයේදි සාක්ෂාත් කළ යුතු සොවින් අදි සතර ආර්ය ඵලය ලබා දෙන නිසාත් , ආර්ය නමි වු ගුණාංග අටකින් යුක්ත වු නිසාත් නිවන් අරමුණූ කර ගන්නවුන් විසින් සේවනය කළ යුතු පිළිවෙත වන නිසාත් මෙය ආර්ය අෂ්ටාංගික මාර්ගය නමි වෙයි.
නිර්වාණගාමී මාර්ගයෙහි දී ප්‍රගුණ කළ යුතු සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවට සමිමා දිට්ඨි ආදි මෙම අංග අට අතුළත් වෙයි. සමිමා වාචා, සමිමා කමිමන්ත, සමිමාඅජීව යනුවෙන් ද සීලය ද , සමිමා වායාමයද , සමිමා සති , සමිමා සමාධි යනුවෙන් සමාධියද සමිමා දිට්ඨි, සමිමා සංකප්ප යනුවෙන් ප්‍රඥාවද ගැනෙන බව සැළකිය යුතු ය.
නිවන් ලබනු කැමත්තන් විසින් පළමුව ම ශීලය පිරිසිදු ව රැකිය යුතු ය. යටත් පිරිසෙයින් පන්සිල්හි පිහිටිය යුතු ය. එමසගින් කය, වචනය හික්මවා ගත යුතු ය. සිල්වතකු විමට පෙර අපරාධ වලින් වැළකීමක් ද මෙයින් සිදු වෙයි. සියලු පවි නොකිරිම යන්න අර්ථවත් වෙයි. (සබ්බ පාපස්ස අකර්ණං)
මෙසේ පිරිසිදු ව සිල් ආරක්ෂා කරන්නාට ගිහි ගෙය බාධා සහිත වු කෙලෙස් රජස් හට ගන්නා ස්ථානයක් ලෙස ද , පැවිද්ද නිදහස් අහසක් මෙන් ද වැටහෙයි. ඒ අනුව යමකුට කැමති නම් පස්කම් සැපත හැර පියා පැවිදිව , ප්රාතිමෝක්ෂ සංවර ශීලය, ඉන්ද්රිය සංවර ශීලය, ආජීව පාරිශුද්ධ ශීලය හා ප්‍රත්‍ය සන්නිශ්‍රීත ශීලය යන චතු පාරිශුද්ධ ශීලය ආරක්ෂා කළ යුතු ය. නිවන් මගට යොමු වනු කැමති හැම අයකුම පැවිදි විය යුතු ම යැයි නියමයක් ද නැත. පැවිදි නොවී අර්හත් ඵලයට පත් වු උතුමන් ගැන ද සදහන් වන බැවිනි. එහෙත් පැවිද්ද වු කලී නිවන් මග හෙළි කර ගැනීමට පහසු මග බව සැළකිය යුතු ය.
චතු පාරිශුද්ධ ශීලය ප්‍රගුණ කිරිම සප්ත විශුද්ධින්ගේ ප්‍රථම විසුද්ධිය වන සීල විසුද්ධියට අයත් වෙයි. නිවන් මගට පිළිපන් තැනැත්තා සීලයෙන් , කය , වචනය, හික්මවා ගෙන ඉන්ද්රිය දමනයෙන් යුත් පුද්ගලයකු වී යෑමි ඉමි ආදි සියලුම ඉර්යව්වේම සිහි නුවණින් යුතුව වාසය කළ යුතු ය. මෙසේ ශිලයෙන් පිරිසිදු ව , සිහි නුවණින් යුතුව කයින් වදනින් තැන්පත්ව විවිධ අරමූණු ඹස්සේ සිත විසිරි යාමට ඉඩ නොදී එක අරමූණක යොදවා හික්මවා ගැනිම සදහා සමාධිය වැඩිය යුතු ය. සම සතලිස් කර්මස්ථානයන්ගේ තම චරිතයට අනුකූල වු , කර්මස්ථානයක් තොරා ගෙන එහි සිත පිහිටුවා ගෙන එකග කරවා ගත යුතු ය. මෙසේ භාවනා කරත්ම සිත් සතන් ක්‍රමයෙන් සමාධියට පැමිණේ. එමගින් එම යොගාවචරයාට රූපාවචර ආදී ධ්‍යාන උපදවා ගැනිමට හැකි වෙයි. ඉදින් හෙතෙම කැමති පස් වැදැරුම් අභිඥාවන් ද උපදවා ගත හැකි ය.
අර්හත් ඵලයට පත් විම පිණිස පංච අභිඥාවෝ අවශ්‍යම නො වෙති. ධ්‍යාන නො උපදවා විදර්ශනා පමණක් වඩා රහත් වන්නට පුළුවන. ‘සුක්ඛ විපස්සක’ යනුවෙන්ි හැදින්වෙන්නේ එවැනි උතුමන් ය. සමාධිය වු කලී සප්ත විසුද්ධින්ගේ දෙවන විසුද්දිය වු චිත්ත විසුද්ධියට පත් විමයි.
සීලයෙන් කය , වචනය පිරිසිදු වේ. සමාධියෙන් සිත දමනය වේ. කෙලෙස් ද තාවකාලිකව යටපත් වෙයි. එහෙත් කුමන අවස්ථාවක නැවත මතු වේදැයි කිව නොහැකි ය. සමාධියෙන් කලකට යටපත් කරන ලද කෙලෙස් සමිපුර්ණයෙන් නැසිය හැකි වන්නේ ප්‍රඥාවෙනි. එබැවින් සිත සමාධි කර ගත් යෝගාවචර තෙමෙ විදර්ශනාව වැඩිමෙන් ප්‍රඥාව දියුණු කර ගැනිමට උත්සාහ කෙරෙයි.
අනතුරුව දිට්ඨි විසුද්ධිය ලබා ගැනිමෙන් ලෝකය හෙවත් උපාදානස්කන්ධ පංචකය තතු සේ දැන ගැනිමට උත්සාහ දරයි. පිරිසිදු කැඩ පතෙහි මුහුණ පැහැදිලිව පෙනෙන්නා සේ පිරිසිදු වු සිතට උපාදානස්කන්ධ ලෝකය, තත්වාකාරයෙන් අවබෝධ වේ. සත්වයා නාම රූප ධර්මයන්ගෙන් යුක් තය. රූපය පඨවි ආදි ධාතුන්ගෙන් හා ඹවුන් නිසා ඇති වු වර්ණ ගන්ධා දී ස්වභාවයෙන් යුක්තය. නාමය හා රූපය එකිනෙකට සමිබන්ධව ඇති ධර්ම යුගලයකි. අන්ධයා හා කොරා එකෙකු විමෙන් මග යා හැකි වන්නාක් මෙන් නාමය හා රූපය එකතු විමෙන් ක්ර්යා කිරිමේ ශක්තිය ද ඇති වේ. මේ අන්දමට රූප පිළිබදව සලකා බැලිමෙන් මෙහි මමය මාගේ ය යැයි ගත හැකි ආත්මයක් නැති බව ඹහුට අවබෝධ වෙයි.
ස්කන්ධ ලෝක සංඛ්‍යාත මේ සත්වයා පිළිබදව මෙසේ පිරිසිද දැන ගත් හෙතෙම මේ සත්වයා සසර හට ගැනිමට හෙතු වු කරුණු කවරේදැයි සිතා බලයි.එසේ සිතා විමසා බලන විට හේතුන් නිසා සත්වයා නොමැති ඵලය හට ගෙන ඇති බව හෙතෙම අවබෝධ කර ගනියි. එමගින් සත්වයා හට ගැනිම පිළිබදව පැවති සියලු සැකය දුරු වෙයි. මෙසේ නාම රූප ධර්මයන්ගේ පැවැත්මට හේතු වු ප්‍රත්‍යයන් සමිමර්ශනය කිරිම කංඛා විතරණ විසුද්ධියයි. මේ ඥානය උපදවා ගත් යෝගාවචරයා චුල්ල සෝතාපන්න නමින් හැදින්වෙයි.
ඉක්බිති හෙතෙම සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය ,දු:ඛ, අනාත්ම යන ත්‍රි ලක්ෂණයට නගා බැලිමට යොමු වෙයි. එසේ ත්රිලක්ෂණය මෙනෙහි කරන්නකා වු යෝගාවචරයාට සම්මර්හනක නම් වු නව විදර්ශනාව උපදි. නැවත හෙතෙම ප්‍රත්‍යයන් ඇති කල්හි පංච ස්කන්ධය හට ගනියි. ප්‍රත්‍යයන් නැති විට පංචස්කන්ධයේ නැති විම සිදු වෙයි. යනාදි වශයෙන් ද පංචස්කන්ධයේ හට ගැනිම ය, නැති විමය වශයෙන් විදර්ශනාව වඩයි. එසේ විදර්ශනා වඩන්නා තුළ ආලෝකාදි දශ විද විදර්ශනා උපක්ලේශ උපදි. එවිට ව්‍යක්ත යෝගාවචර තෙමෙ මට මේ උපන්නේ ආලෝක මත්‍රයක් යයි සිතා මග විදර්ශනා ඥානයම යයි සිතා එයින් නොරැවටී මිදෙයි. නිවන් ලබා ගැනාමට ඇති එකම මග විදර්ශනා ඥානයම යැයි අවබෝධ කොට ගනියි. ඒ සේම මග නොමග දෙක නිශ්චය කර ගැනිමි පිළිබදව ඇති වන ඥානය මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධිය නමි වේ.
මේඅවස්ථා වන විට යෝගාවචරයා ආර්ය සත්‍ය තුනක් පිරිසිද දැන ගෙන අවසානය.
1. දිටිඨි විසුද්ධියෙදි නාම රූප දෙක විභාක කොට දැන ගැනීමෙන් දු:ඛ සත්‍ය පිරිසිද දැන ගනියි.
2. කංඛා විතරණ විසුද්ධියේදි ප්‍රත්‍ය දැන ගැනිමෙන් සමුදය සත්‍යය පිරිසිද දැන ගනියි.
3. මග්ගා මග්ග ඤාණ දස්සන ව්සුද්ධියෙදි නිවැරිදි මාර්ගය නිශ්චය කර ගැනීමෙන් මාර්ග සත්‍ය පිරිසිද සැන ගනියි.
මෙසේ ලෞකික වු විදර්ශනා ඥානයෙන් ආර්ය සත්‍ය තුනක් පිරිසිද දැන ගත හැකි වෙයි.
නැවත තව දුරටත් විදර්ශනා වැඩීමෙන් යෝගාවචරයා පහත දැක්වෙන නව වැදැරුමි වු විදර්ශනා ඥානය උපදවා ගනියි.
1. උදයබ්බයානුපස්සනා ඤාණය
නාම රූප ධර්මයන්ගේ හට ගැනීම හා විනාශය දැන ගන්නා නුවණ
2. භංගානුපස්සනා ඤාණය
නාම රූප ධර්මයන්ගේ විනාශ ස්වභාවය මෙනෙහි කිරන ඤාණය
3. භයතුපට්ඨාන ඤාණය
සියලු සංස්කාර ධර්මයන්ගේ නැසෙන සුලු ස්වභාවය ඇති බැවින් තුන් භවයම භය සහිත බව දැන ගන්නා නුවණ
4. ආදිනවානුපස්සනා ඤාණය
සංස්කාර ධර්මයන්ගේ (දොස් ඇති බව) අදීනව දැන ගන්නා නුවණ
5. නිබ්බදානුපස්සනාවඤාණය
සියලු සංස්කාර ධර්මයන් පිළිබදව සිත් නොඅලවන ස්වභාවය ඇති කරවන නුවණ
6. මූඤ්චිතු කම්‍යතා ඤාණය
සියලු සංස්කාර ධර්මයන්ගේ මිදෙනු කැමති නුවණ
7. පටිසංඛානුපස්සනා ඤාණය
සියලු සංස්කාර ධර්මයන් ත්රිලක්ෂණයට අනුව බැලීමෙන් ඉන් මීදිමෙහි උපාය සලසමින් උපදනා ඤාණය
8. සංඛාරූපෙක්ඛා ඤාණය
සියලු සංස්කාර ධර්මයන්ගේ ශුන්‍යතාව මෙනෙහි කිරිමෙන් එහි ඇලීම නැතිව මැදහත් බව පළ කෙරෙමින් උපදනා ඤාණය
9. සච්චානුලෝමික ඤාණය
මෙතෙක් සදහන් කළ උදයබ්බායානු පස්සනා ඤාණය ආදී වශයෙන් දැක්වෙන ඤාණ අටටත් මාර්ගඤාණයටත් අනුලෝම වශයෙන් අඋපකාරව සිටින ඤාණය
මොස් උද්යවය ඤණයේ පටන් අනුලෝම ඤාණය තෙක් පවත්නා විදර්ශනා ඤාණය පට්පදාඤාණදස්සන විසුද්ධිය නමි.
සීල විසුද්ධියේ පටන් පටිපදා ඤාණ දස්සන විසුද්ධිය දක්වා නිවන් මග ප්‍රගුණ කළ යෝගාවචරයා තව දුරටත් විදසුන් වඩීමෙන් දස දංයෝජන ප්‍රහීන කොට ඤාණදස්සන විසුද්ධිය උපදවා ගනියි. සෝවාන් , සකෘදාගාමී, අනාගාමී ,අර්හත් යන සතර මාර්ගඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබොධ කොට ගැනිම, ඤාණ දස්සන විසුද්ධියයි. දු:ඛ සත්‍ය පිරිසිද දැන ගනිමින් සමුදය දත්ය ප්රහාණය කරමින් නිරෝධ සත්‍යය ප්රත්යක්ෂ කර ගනිමින් මාර්ග සත්‍ය වංමින් ඤාණ දස්සන විසුද්ධියට පත් වෙයි. ඒ වන විට සියලු පිළිවෙත් මග සමිපූර්ණ වෙයි. සියලු කෙලෙසුන්ගෙන් , සසර දුකින් නිදහස් වු නිවන් සැපයට පැමිණිම සිදු වෙයි.