සමාජ දර්ශනය, එහි ස්වභාවය
සමාජ විද්‍යාව , ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව යන විෂයයන් අප අයත් වන සමාජය පිළිබඳව තුන් ආකාරයක විග්‍රහයක් ඉදිරිපත් කරන බව ප්‍රකට කරුණකි. ඒ විෂය සමූහය එක්කර ගත්ව්ට “සමාජ අධ්‍යනය” වශයෙන් ද හඳුන්වනු ලැබේ. සමාජ දර්ශනය ද සමාජ අධ්‍යන ගණයට ම අයත් වන අතර ස්වරූපය වශයෙන් අනෙකුත් සමාජ අධ්‍යයනවලට වඩා විශේෂත්වයක් දරන්නකි.
සමාජයේ පවත්නා විවිධ මානව සම්බන්ධතා සමාජ විද්‍යාවෙන් අධ්‍යනය කරනු ලැබේ. සමාජයේ යම් යම් විශේෂ සම්බන්ධතා රටා සහ අන්තර්ක්‍රියා හඳුනා ගන්නටත් එම අවබෝධය මුල් කරගෙන සමාජය පිළිබඳ පොදුවේ වැදගත් වන යම් යම් නිගමන වලට එළෙඹන්නටත් සමාජ ව්ද්‍යාව අපේක්ෂා කරයි. සමාජ ප්‍රශ්න පිළිබඳ ව්ද්‍යාත්මක විග්රහ ඉදිරිපත් කිරීම ද එහි කාර්යයට අයත් ය.
ආර්ථික විද්‍යාව හා දේශපාලන විද්‍යාව විශේෂ සමාජ අධ්‍යයන විෂය දෙකකි. ආර්ථික විද්‍යාව යන්න ග්‍රීකයන් ගේ ගෘහ පාලනය පිළිබඳ වූ වචනය හා සංකල්පය මුල්කර ගත්තකැයි සමහරු සිතති. කෙසේ වුව ද සමිජයේ භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය, බෙදාහැරිම හා පරිහරණය සම්බන්ධයෙන් ජනයා ක්‍රියා කරන අන්දම පිළිබඳ විග්‍රහයක් සේ ආර්ථික විද්‍යාව අපට පෙනී යයි. ලොව පවත්නා සිමිත සම්පත් මඟින් මිනිසා තම අසීමිත ආශාවන් තෘප්ත කර ගැනීමට දරන උත්සාහය වශයෙන්ද ආරිථික විද්‍යාව හඳුන්වනු ලැබේ. දේශපාලන විද්‍යාව මඟින් කරන්නේ බලය සඳහා මිනිසුන් තරඟ කරන ආකාරය , ආණ්ඩු ක්‍රම හා රාජ්‍ය සංවිධානය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යනයයි.
මෙම අධ්‍යයන ක්ෂේත්‍ර සඳහා මානව විද්‍යාව,සංස්කෘතික මානව විද්‍යාව, සමාජ මනෝවිද්‍යාව, මානව වංශ විද්‍යාව, නිතිය වැනි විෂයන්ගෙන් ද අනුග්‍රහය ලැබේ. එහෙයින් ඒවා ද පෙර දැක්වූ ප්‍රධාන විෂය තුන සමඟ ම සමාජ අධ්‍යයන විෂය සමූහයට ම අයත් සේ සලකති.
සමාජ අධ්‍යයන විෂය වශෙයන් මේ දැක් වූ හැමකෙක ම එක් පොදු ලක්ෂණයක් වෙයි. එනම් තම අධ්‍යයන කාර්යය විද්‍යාවන් ලෙස හඳුන්වා ගන්නට ඇති අභිරඅචිය යි. ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව යන නාමවලින් ම කියැවෙන පරිදි ඒවායේ අරමුණ විද්‍යාත්මක අධ්‍යයනය බව පැහැඳිලිය.ඒ හේතුවෙන් විද්‍යාත්මක ක්‍රමය වශයෙන් ශුද්ධ සහ ව්‍යවහාරික විද්‍යාවල අනුගමනය කෙරෙන ක්‍රම ශිල්පය හා තදනුබද්ධ ආකල්ප මේවාට ද අදාල වෙයි. විද්‍යාත්මක අධ්‍යයනවලදී දැඩි ශාස්ත්‍රීය බව රැක ගනු පිණිස බලවත් උත්සාහයක් දරනු ලැබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් හොඳ නරක, යුතු-අයුතුකම්, පින්- පව්, ධර්මය- අධර්මය වැනි කරුණු අතහැර දමන්නට සිඳුවෙයි.ගුණාගුණ විනිශ්චය හෙවත් සාර විනිශ්චය විද්‍යාවන්හි කාර්යය නොවන හෙයිනි. විද්‍යාවක් නම් ඉන්ද්‍රීයගෝචර කරුණු පදනම් කරගෙන වාස්තවික පරිදි කරන විග්රහයකි. එහි දී සදාචාරය හෝ හැගීමිබර බව පිලිබඳ ඉඩක් තබා ගන්නේ නැත. හුදෙක් මධ්‍යස්ථ ශාස්ත්‍රීය විග්‍රහය පමණක් ප්‍රමාණවත් ය. මෙම විද්‍යාත්මක මධ්‍යස්ථභාවය ව්‍යවහාරික විද්‍යාවන්හි රැක ගන්නා පරිද්දෙන් ම සමාජ අධ්‍යයනවලදී ද රැක ගත යුතු බව ආර්ථික, දේශපාලන හා සමාජ විද්‍යාඥයෝ සිතූ හ.
එහෙත් මෙහිදී මතු වූ වැදගත් ප්‍රශ්නයක් නම් ව්‍යවහාරික විද්‍යාවක් මෙන් සාරධර්ම අමතක කරමින් විග්රහයන් ඉදිරිපත් කිරිම සමාජ විද්‍යාවන්ට සුදුසු ද යන්න යි. විද්‍යාත්මක ඥානය මධ්‍යස්ථ විය යතු බව සැබෑ වුව ද මිනිසා පිළිබඳ සමාජගත ක්‍රියා කලාපයන් ගැන කරන විග්රහයක දී හොඳ -නරක, යුතු අයුතුකම් අමතක කර කතා කළ හැකි ද යන්න ගැටළුවක් වෙයි.එබඳු උදාසීන විග්රහයකින් මානව වර්ගයාට විය හැකි සේවය කුමක් ද? විශේෂයෙන් ම එබඳු විග්රහ මගින් මිනිසාට අනර්ථයක් වන්නට ඉඩක් නැති ද?
නිදසුනක් වශයෙන් ආර්ථික විද්‍යාවේදී ලාභ ඉපැයීම ගැන සාකච්ඡා කරනු ලැබේ.එහි දී අයුතු ලාභ ලැබීම්. සූරාකෑම වැනි දේ අසාධාරණ බව කියන්නට ඉඩක් නැති වීමෙන් එබඳු සමාජයට හානිකර ක්‍රියා මැදහත් සිතින් ඉවසන්නට අපට සිදු නොවේ ද? එබඳු ක්‍රියා නිසා ආර්ථික ක්‍රියාවලිය බිඳ වැටී ජනතාව ඛේදවාචකයක් වෙත ඇද වැටෙන බව විචාරශීලී ව මෙන් ම විවේචනාත්මක ව සාකච්ඡා කරන්නට බැරි ද? දේශපාලන විද්‍යාවේදී ඒකාධිපතිවාදය හානිකර බව විවේචනය නොකර මධ්‍යස්ථව විග්රහ කිරීමෙන් පමණක් තෘප්තිමත් වීම නිවැරදි ද? මෙ වැනි ප්‍රශ්න නිසා වර්තමාන සමාජ අධ්‍යයනවල ආකල්පයේ යම් වෙනසක් ඇති වී තිෙබන බව මෙහි දී කිව යුතුව තිබේ. එහෙත් සාර විනිශ්චය සමාජ විද්‍යාවනට වැද්ද ගත යුතු නැතැයි පැවසුණු යුගයක් තිබිණ.
මේ දැක්වූ ගැටළුවට විසදුමක් වශයෙන් පූර්වෝක්ත සමාජ විද්‍යාවන්හි විෂය කේෂ්ත්‍රය ම තම විෂය කේෂත්රය කර ගනිමින් සාර විනිශ්චය හෙවත් හොඳ- නරක යුතු-අයුතුකම් ගැන කතා කරමින් මිනිස් වර්ගයා ගේ ඉදිරි ගමන පිළිබඳව විචන්ෂණයක් ලබා දෙන විෂයයක් ආරම්භ කිරීම අවශ්‍ය වූයේ ය. මෙවැනි කටයුත්තක් විද්‍යාවක් ලෙස හඳුන්වනවාට වඩා දර්ශනයක් ලෙස හැඳින්වීම යෝග්‍ය ය. විද්‍යාවක ඥානය රසායනාගාරයක් තුළ හෝ පාලිත තත්වයන් යටතේ විද්‍යාත්මක සම් පරීක්ෂණ මගින් ලබන ඥානය ලෙස පිළිගන්නට හැකියාවක් නැතැ යි විද්‍යාඥයන් පැවසිය හැක. එසේ වුව ද එබඳු විවරණ සමාජය පිළිබඳ දාර්ශනික විග්‍රහයක් වශයෙන් හඳුන්වන්නට බාධාවක් නැත. එහෙයින් නව විෂය හැඳින්විමට “ සමාජ දර්ශනය” යන නාමය වබාත් ගැලපිණි. සමාජ විද්‍යාවන් සාරධර්ම විරහිත විද්‍යා වශයෙන් පවත්වාගෙන යාම දුෂ්කර බව දැන් දැන් පිළිගැනෙතත් සමාජ දර්ශනයේ සම්පූර්ණ කාර්ය භාරයම එයින් ඉටු කෙරෙතැයි අපේක්ෂා කළ නොහැකි හෙයින් සමාජ දර්ශනය දිගට ම වෙනම ව්ෂයක් සේ පවතිනු ඇත. එහෙත් රය නිතරම සමාජ විස්යාව සමඟ අතිනත් බැදගත් විෂයයක් වශයෙන් පවතියි. සහාජ විස්යාවේ දත්තයන් පිලිබඳවම පොදු හා පුළුල් ආකල්පයකින් සාකච්ඡා කරමින් එම කරුණු සමස්ත වශයෙන් සමාජයට මෙන් ම පුද්ගල ජීවිතයට ද බලපාන - අර්ථවත් වන ආකාරය ඇගයුම්ශීලීව විග්රහ කිරීම සමාජ දර්ශනය විසින් කරනු ලැබේ. මේ අනුව සමහර අවස්ථාවලදී සමාජ විද්‍යාඥයා හා සමාජ දාර්ශනිකයා දෙදෙනෙකු සේ නොව එක් අයෙකු සේ හැගීයන අවස්ථා ද දක්නට ලැබේ.
සමාජ දර්ශනය විෂයයක් වශයෙන් සමාස් අලුතෙන් පෙල ගැසී කරළියට එන බවක් පෙනී ගිය ද එහි ඉතිහාසය අනිකුත් සමාජ අධ්‍යනවලට ද වඩා පැරණි බව කිව හැක. යථාර්ථ වශයෙන් නම් සාමාජයීය විද්‍යාවෙන් හැමකෙකට ම වඩා සමාජ දර්ශනය පැරණි ය. මානව සමාජයේ ව්‍යුහය, සමාජ සම්බන්ධතා, මිනිසාගේ ආර්ථික හා දේශපාලන චර්යා වැනි කරුණු පිළිබඳව සමාජ- දේශපාලන හා ආර්ථික විස්යාවන් පහළ වන්නට පෙර අදහස් දක්වා ඇත්තේ දාර්ශනිකයන් හා ආගම් කතුවරුන් විසින් එම නිරීක්ෂණ අයත් වන්නේ පූර්වෝක්ත විද්‍යාවනට නොව සමාජ දර්ශනයට ය. සියලු ශුද්ධ හා ව්‍යවහාරික විද්‍යාවන් ද ආරම්භයේ දී දාර්ශනිකයන් විසින් පහළ කළ සංකල්පන නිසා ජනිත වූ බව පිළිගැෙනයි. එහෙයින් සමාජ දර්ශනය යනු නැති වී ගිය උරුමයක් යළි සොයා ගැනීමක් වශයෙන් හැඳින්විය හැකිය. හින්දු, බෞද්ධ, ජෛන, කොන්ෆියුසියානු චින්තනවල මෙන් ම ඇරිස්ටෝටල් , ප්ලේටෝ , සොක්රටීස් දර්ශන වල ද දිස්වන සමාජ චින්තන මෙම විෂයෙහි අන්තර්ගතය බවට පත්වෙයි. එදා පටන් මෙදා දක්වා විවිධ සමාජ චින්තකයෝ මානව සමාජයේ ප්‍රගතිය අපේක්ෂාවෙන් විවිධ සමාජයම කරුණු විෂයෙහි දැක්වූ චින්තනවලින් සමුහය හේතුවෙන් සමාජ දර්ශනය සශ්‍රීක විෂයයක් බවට පත්වී ඇත. එම චින්තාවෝ මානව වර්ගයාට තමන් පිලිබඳ ව ව්චර පූර්වක ව සහ ඇගයුම්ශීලී ව සිතා මතා තම චර්යාවන් වඩාත් සඵල අයුරින් හැඩ ගසා ගන්නට උපයෝගී වෙති. එම චන්තන ඒ ඒ ආගම් හා දර්ශන යටතේ ම උප ශීර්ෂ වශයෙන් හදාරන විට ෙබෟද්ධ සමාජ දර්ශනය , ක්‍රිස්තියානි සමාජ දර්ශනය ආදී වශයෙන් ද හඳුන්වනු ලැබේ.
සමාජ විද්‍යාඥයෝ, මානව විද්‍යාඥයෝ හා සංස්කෘතික මානව විද්‍යාඥයෝ විවිධ සමාජ වල සිරිත් විරිත්,චර්යා රටා යනාදිය පිළිබඳ තොරතුරු එක් රැස් කර වර්ගීකරණය කරති, විවරණය කරති. එහෙත් මානව ශිෂ්ටාචාරය සඳහා කිසියම් සදූපදේශ දානයක් සිදුවන්නේ සමාජ දාර්ශනිකයන් අතිනි. ඔවුහු ශිෂ්ටාචාරය පිළිබඳ නියමුවෝය. මාර්ගෝපදේශකයෝය. විශේෂයෙන්ම වෙනත් විද්‍යාඥයන් විසින් කරනු ලබන අනර්ථකර ගවේෂණ, අනර්ථකර නිෂ්පාදන පිළිබඳ ව වර්තමාන සමාජ දාර්ශනිකයෝ විවේචනය කරති.ඥානය, ඥානය සඳහා ම නොව මිනිසාගේ ප්‍රගතිය සඳහා ම විය යුතු යැයි ඔවුහු පිළිගනිති.සමාජ දාර්ශනිකයෝ නිතරම නිෂ්ටාවන් ගැන-අවසාන ප්‍රතිඵල ගැන-සිත් යොමු කරති.මෙසේ ක්‍රියා කිරීම නිසා අපට කුමක් සිදු වෙයි දැයි විමසති.සමාජය තුළ පවත්නා අනර්ථකාරී දේ ඉවත් කර අර්ථවත් ක්‍රියා මාර්ග මගින් උසස් දේ සාධනය කර ගැනීමට මග පෙන්වති.එහෙයින් ඔවුහු නිරතුරු ව ම සාරධර්ම ගැන උනන්දු වෙති.යුක්තිය කුමක්ද, සාධාරණය ඉටුවන්නේ කෙසේ ද වැනි ප්‍රශ්න නගති.
බුදුසමයේ ද මෙබඳු සමාජ දර්ශනයක් වෙයි.සමාජය සකස් වී හැදී විකසිත වී වර්තමානයේ පවත්නා ආර්ථික දේශපාලන ස්වරූපයට පත් වූයේ කෙසේ ද, එම පරිණාමය තුළ ක්‍රියාත්මක වූ ප්‍රධාන බලවේග කවරේ ද, වර්තමාන සමාජ දේශපාලන-ආර්ථික අර්බුද විසඳා ගන්නේ කෙසේ ද, යහපත සහ අයහපත, යුක්තිය අයුක්තිය නිර්වචනය කරන්නේ ෙකසේ ද, සමාජ සංස්ථා,සංවිධාන හා සම්බන්ධතා ධර්මානුකූල කර ගන්නේ කවර අයුරින් ද වැනි ප්‍රශ්න බුදුදහමේ ඉගැන්වීම් අනුව විග්රහ කිරීම එහි දක්නා ලැබේ.