ජීව - අජීව පරිසරය
ලොව පවතින සියළුම දේ එකිනෙක අන්‍යෝන්‍ය වශයෙන් බැදී පටිච්ච සමුප්පන්න ව පවත්නා බව බුදු සමයෙහි ඉගැන්වෙයි. හේතු ප්රත්යයන්ගෙන් බැඳී නැති, ස්වාධීන ප්‍රවෘත්තියක් ඇති කිසිවක් ලොව නැත. මෙම විග්‍රහය තුළින් ම පරිසරය පිළිබඳ බෞද්ධ ආකල්පයෙහි දාර්ශනික පදනම ද තේරුම් ගත හැක. මනුෂ්‍යයා නිරපේක්ෂක හෝ වරප්රසාදලාභී ලෙස ජනිත සුවිශේෂ සත්ත්වයකු හෝ නොවන බව ද , සිය ජීව හා අජීව පරිසරය සමඏ වෙළුණු ජීවයකු වශයෙන් සමතුලිත. අන්තර්ක්‍රියා දාමයක් මඟින් පමණක් ප්‍රවර්තනය වන්නකු බව ද එයින් ධ්වනිත වෙයි. මෙසේ මානව සමාජයේ පැවැත්ම ජීව හා අජීව පරිසරය සමඟ බැදී ඇති බව දෘෂ්ටිමය වශයෙන් පිළිගැනීම බෞද්ධ පරිසර චින්තනයේ පදනම බව පැවසිය හැක.
ලොවපුරා බලපාන නියාම ධර්ම පහක් සම්බන්ධ ව බුදු දහම කරුණු දක්වයි. බීජ නියාම, උතු නියාම, කම්ම නියාම, ධම්ම නියාම, හා චිත්ත නියාම යනු ඒ පහයි. මෙම නියාම ධර්ම පහ අතුරින් උතු නියාමය හා බීජ නියාමය භෞතික හා ජීව විද්‍යාත්මක නියාමයන් සේ ද චිත්ත නියාමය මනෝ විද්‍යාත්මක නියාමයක් සේ ද කම්ම නියාමය සදාචාර හේතු -ඵල සන්තතිය සේ ද ධම්ම නියාමය ආධ්‍යාත්මික නියාමයක් සේ ද වත්මන් ලේඛකයෝ හදුන්වති. මිනිසා මේ සියළු නියාම ධර්ම හා බැදී ජීවත් වෙයි. මෙම පංච නියාමයන් ගේ ක්‍රියාකාරීත්වය මහාචාර්යය ලීලි ද සිල්වා මෙසේ විවරණය කරයි.
“..... ඕනෑ ම ප්‍රදේශයක භෞතික පරිසරය එහි ජීව පරිසරයෙහි එනම් ශාක හා සත්ත්ව ජීවිතයෙහි ස්වරූපය කෙරෙහි බලපෑමක් ඇති කරයි. අනතුරු ව මේ ශාක හා සත්ත්ව පරිසරය ඒ හා සම්බන්ධව වසන ජනතාවගේ සිත් සතන් කෙරේ බලපායි. චින්තන රටාව සදාචාර ධර්මතාවන් නීර්ණය කරයි. එමෙන් ම මෙහි ප්‍රති - ප්‍රවණතාව ද විද්‍යමාන විය හැකි බව කිව යුතු ය. මිනිසුන් ගේ සදාචාරය ඔවුන් ගේ මානසික ව්‍යුහය කෙරේ බලපාන අතර ප්‍රදේශයෙහි ජීව හා භෞතික පරිසරය කෙරේ ද බලපායි.”
ලොව පවත්නා සියල්ල නිබඳ ව නිරන්තර ව වෙනස් වන බව ද ඒ හැමකක් ම එකිනෙක කෙරෙහි සම්බන්ධව සාපේක්ෂව පවත්නා බවද, පවත්නා හැමකක් ම කිසියම් අර්ථ සාධනයක් උදෙසා පවත්නා බව ද නූතන පරිසර වේදී හු දැඩි සේ විශ්වාස කරති. බුදුසමය අවධාරණයෙන් ම ප්‍රකාශ කර සිටින්නේ ද එය ම ය.
බුදුසමයෙහි ඉගැන්වෙන සංසාර සංකල්පය ද ජීව හා අජීව පරිසරය කෙරෙහි බෞද්ධ ආකල්පය සකස් කිරීමෙහි ලා බලපායි. සෑම සාංසාරික සත්ත්වයෙක් ම තම සසර ගමන තුළ විවිධ සත්ව නිකායන්හි උපදියි. දේව, මනුෂ්‍ය, තිරිසන් නරක හා ප්‍රේත වැනි විවිධ ජන්ම අවස්ථා සියළු දෙනාට ම පොදු හෙයින් සකල ජීව වර්ගයා විෂයයෙහි ම අපගේ සම්බන්ධයක් පවත්නා බව සිතා ගත හැකි වෙයි. වෘක්ෂ ලතාවන් හි පවා අධිගෘහිත අල්පේශාක්‍ය දේවතාවන් වසන බව පිළිබඳ භාරතීය විශ්වාසය බුදු දහමේ ද පිළිගැනෙ යි. ( ආරාම දෙවතා වන ෙදවතා තීණ වනප්පතීසු අධිවත්ථා දේවතා) එමෙන්ම මිනිසුන් ගෙවල් දොරවල් ඉදිකරගන්නා විට ඒවාට අරක් ගන්නා වාස්තු දේවතාවන් පිළිබඳ ව ද මහා පරිනිබ්බාණ සූත්‍රය සඳහන් කරයි.
මෙම දෘෂ්ටිමය ස්ථාවරය යටතේ ආකල්පමය වශයෙන් බෞද්ධයන් තුළ ජනිතවන තත්වය කරණීය මෙත්ත සූත්‍රය මගින් මැනවින් විකසිතව පෙනේ. උපන් -නූපන්, චංචල - ස්ථාවර, දිග - මහත, - කෙටි, ක්ෂුද්‍ර- මහන්ත, දෘශ්‍යමාන -අදෘශ්‍යමාන, ලඟ -දුර කවර හෝ වෙනසක් නැති ව සකල ජීව වර්ගයාට ම මෙත් වඩන අතර ම උඩ , යට , හරහා යන කිසිම දිශාවක සතුරු බවත් නොමැති සේ සිතා සමස්ත පරිසරයට ම හිතානුකම්පාව ආකල්පයක් වශයෙන් ප්‍රගුණ කළ යුතු බව එම සූත්‍රයෙහි දැක්වෙයි.
“ උද්ධං අධෝ ච තිරියං ච - අසම්බාධං අවේරං අසපත්තං”
යන්නෙන් තමාට තමා ජීවත්වන පරිසරය සම්බාධයක් , වෛර සහගක වූවක් හෝ සතුරු වූවක් නොවන බව සිතන්නට හුරු කරයි. මෙය නිසැකයෙන් ම අජීවී පරිසරය විෂයයෙහි බෞද්ධ ආකල්පය පැහැදිලි කරන්නකි.පංචශීලයෙහි “ පාණාතිපාතා වේරමණී” යන ශික්ෂා පදය ද මෙම ආකල්පය අනුව තේරුම් ගත යුත්තකි. මෙම ශික්ෂා පදයේ අන්තර්ගත ප්‍රාණගාතයෙන් වැළකීම පිළිබඳ සංකල්පය විවරණය කරන මජ්ඣිම නිකායේ සාලෙය්‍යක සූත්‍රයෙහි දැක්වෙයි.
“ප්රාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති නිභීත දණ්ඩෝ , නිභීත සත්තෝ , ලජ්ජි දයාපනේනෝ සබ්බ පාණ භූත හිතානුකම්පි විහරති.”
“ ප්‍රාණගාතය අතහැර , ප්‍රාණඝාතයෙන් වැළකී දඬු හා සැන් ( අවි ආයුධ) හැර දමා පාපයට ලජ්ජාව ඇති ව දයාන්විත ව සියළු පාණීන් හා හටගත් දෑ කෙරෙහි හිතානුකම්පා පෙරදැරිව වසයි.”
මෙහි ප්‍රාණීන් හා භූතයන් දක්වා ඇත්තේ වෘක්ෂලතාවන් ද ඇතුළත් කරගනු පිණිස යැයි හැෙඟ්. ප්‍රාණවධයෙන් ඉවත් වූ තැනැත්තා භූත හෙවත් හටගත් ,වැවෙන පදාර්ථ කෙරේ ද හිතානුකම්පී ව වසන බව ඉන් ධ්වනිත වෙයි. බුදුරදුන් තමනට බුද්ධත්වය ලබා ගන්නට උපකාරී වූ ඇසතු රුක කෙරේ අනිමිස ලෝචන පූජාව පවත්වා එය බෝධිවෘක්ෂය සේ ලෝවැස්සන් ගේ ගෞරවයට භාජනයන තත්වයට පත් කළේ ද මෙම හිතානුකම්පී ආකල්පය නිසා නොවේ ද?
පරිසරය හා මිනිසා අතර පවත්නා සක්‍රීය අන්තර් සම්බන්ධතාව ද මෙහිදී අවධානයට යොමු කරගත යුත්තකි. සියල්ල පටිච්චසමුප්පන්න වශයෙන් සාපේක්ෂක වශයෙන් බැඳී පවත්නා හෙයින් මිනිසා සහ ඔහු ජීවත්වන පරිසරය ද එසේ අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවත්නා බව පැහැදිලිය. එම බැදීම කවර අයුරින් මූර්තිමත් වන්නේදැයි පැහැදිලි කරන සූත්‍ර කිහිපයක් ම ත්‍රිපිටකයෙන් හඳුනාගත හැකි ය. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රය සත්ත්වයන් සදාචාරයෙන් පිරිහෙත් පිරිහෙත් ම පරිසරය ද පිරිහී යන අයුරු ප්‍රමාද ස්වරූපයෙන් දක්වයි. මුලදී මහා පෘථිවිය සත්ත්වයනට අනුභව කළහැකි රසවත් ද්‍රවයකින් සමන්විත විය එහෙත් එය අනුභවකල සත්ත්වයන්ගේ ගිජුබව වැඩෙත් ම රසය අඩුවන්නට විය. ඔවුන්ගේ ශරීර ද රළු වී දිප්තිය නැති වී ගියේ ය. මින්පසු ඇති වූ බිම් හතු , බදාලතා යන ස්වාභාවික ආහාරද මිනිසාගේ ආධයාත්මික ගුණ පිරිහෙත් ම නැති වී ගියේ ය. ස්වයංජාත හැල් වී අනුභව කරන යුගයේ දී සුරූපී - විරූපී බව මුල් කරගෙන සත්ත්වයන් අතර මානය ඇති වූ බව ද ශරීර වඩාත් සංකීර්ණ වී ලිංග භේද පුකට වූ බව ද කියැවේ. මිනිසුන් ලිංගික හැසිරීම්වලට හුරු වී වස්තු ගබඩා කර ගැනීම ඇරඹුණු පසු ප්‍රාණඝාතය, සොරකම,මුසාවාදය,ෙක්ලම වැනි දුශ්චරිත ද සමාජයේ ව්‍යාප්ත වීමෙන් සොබාදහමේ විපර්යාස ඇති වු අයුරු එම සූත්‍රය දීර්ඝ කතා පුවතක් සේ දක්වයි. එ මගින් පැහැදිලිව ම දේශනා කර ඇත්තේ මිනිසා සදාචාරයෙන් පිරිහෙත් ම පරිසරය වෙත එය බලපාන බවය. පරිසරයේ එ මගින් ඇති වන පරිහානිය මිනිසාට ම විපත් පිණිස අවාසිය පිණිස පවතියි.
අංගුත්තර නිකායෙහි එක් සූත්‍රයක් මෙම කරුණ ම තවත් අයුරකින් පැහැදිලි කරයි. මනුෂ්‍ය සමාජයේ අධර්ම රාගය, විෂම ලෝභය හා මිත්‍යාදෘෂ්ටි පැතිරිමෙන් සොබා දහමේ සමතුලිත බව ව්‍යාකුල වන අයුරු එහි දැක්වෙයි.නිසි කලට වසින වැසි අනිසි කලට වසියි. කෘමි උවදුර වැනි වසංගත නිසා වගාවන්ට හානි පැමිණෙයි. අස්වැන්න හීන වෙයි. පෝෂණීය ආහාර විරල වෙයි. එහෙයින් මනුෂ්‍යයෝ රෝගී ව අකලට මියයති. දීඝ නිකායේ චකකවත්ති සිහනාද සූත්‍රය මෙය වඩාත් විසිතුරු අයුරින් දක්වයි. මිනිස් සමාජයේ සදාචාරය දැඩි අයුරින් පිරිහී යන සමයක් උදාවන බව ප්රාක්කථනය කරන එම සූත්‍රය එබදු සමයෙහි මිනිසාගේ ආයුෂ ක්‍රමයෙන් පිරිහී යන බවද වයස පහේ දී විවාහ වී දහයේ දී මියයන පරපුරක් ඇති වන බව ද දක්වයි. ගිතෙල්, වෙඪරු, මීපැණි ආදී විශිෂ්ට රසයෝ අතුරුදහන් වෙති. දැන් තිරස කටුක ආහාර සේ පිළිකුල් කෙරෙන දේ එකල්හි සුධාභෝජනය සේ සලකන්නට සිදුවෙයි. මිනිසා සදාචාරයෙන් වැඩෙත් ම ගුණ යහපත් වත් ම ඊට සමානුපාතික ව පරිසරය ද ප්‍රියජනක ප්‍රසන්න හා හිතකර වන අයුරු ද පැහැදිලි කර තිබේ. මෙයින් පැහැදිලි වන්නේ පරිසරය හා මානව චය්යීයාව සමීප හේතුඵල සබදතාවක් ඇති බවය.
පරිසරය මෙසේ මානව සමාජයේ බලපෑම් ලබන්නාක් මෙන් ම එය මානව චය්යීයාව විෂයයෙහි ද බලපාන බව කිව යුතුය. භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා ඒ සදහා හිතකර පරිසරයක් සොයා යන්නේ එ හෙයිනි. පියකරු වන පෙදෙස, රුක්මුල් වැනි තැන් භාවනාවට යෝග්‍ය සේනාසන සේ අනුමත කර ඇත. භික්ෂූන් වහන්සේලාට ආරාම ඉදිකරන ලද්දේ ද පියකරු උද්යානවලය. ජෙතවන, වේළුවන වැනි නම්වලින් මෙන්ම එම ආරාම පිළිබද විවරණ වලින් දමෙය තේරුම් ගත හැකිය. තමන් වහන්සේලා විසු ආරාම වල සුන්දරත්වය පිළිබද ව තෙරවරුන් රචනා කළ භාවගීතයන්ගෙන් ථෙර ගිථාව පිරී පවතියි.
පරිසරය මෙසේ මිනිස් ජීවිත හා අනිවාර්යයෙන් බැදී පවත්නා හෙයින් එය රැක ගැනීම හා පෝෂණය කිරීම මිනිසුන්ගේ පරම යුතුකමක් වෙයි.සෙවණ, ආරක්ෂාව, ආහාරපාන, ඖෂධ හා වස්ත්රාභරණ විෂයයෙහි නොසිදෙන උල්පත වු පරිසරය වෙත දයාන්විත ආකල්පය මෙන් ම කාරුණික අනුග්‍රහය ද ජනතාව වෙතින් ලැබිය යුතුය. අපට ඉමහත් අනුග්‍රහයක් ව පැවැත්මට ආධාරකයක් ව පවත්නා පරිසරයට දෝහීවීම අකෘතඥකමක් වෙයි. තමන්ට සෙවණ දුන් රැකෙහි අතු බිද කපා නොහෙලිය යුතු බව බුදුසමය අවධාරණයෙන් කියා සිටි යී. මෙහි දී කෘතඥතාව පිළිබද දෘෂ්ටියෙන් පරිසරය දෙස බලන්නට අප හුරු කරන බව පෙනේ. වෘක්ෂයට වුවද කෘතගුණ සැලකිය යුතු බව බුදුරදුන් විසින් ක්‍රියාත්මක ආදර්ශයන් මගින් මූර්තිමත් කරන ලද්දේ බුදුවීමෙන් දෙවන සතියේමය. එම පණිවුඩය මැනවින් ග්‍රහණය කරගත් බව බෟද්ධයන් විදහා පාන්නේ බෝධි වෘක්ෂය ත්‍රිවිධ චෛත්‍යන් ගෙන් එකක් සේ ගෙන පුද සත්කාර කිරීමෙනි.
මෙම ආදර්ශය නිරූපණය කරන කතා පුවතක් ජාතකටඪකථාවේ දැක්වෙයි.ගිරා ආත්මයක උපන් බෝසතුන් තමා ජීවත් වු ගස වියලී දිරා යන විටද එය අතහැර යාම ප්‍රතිකෂේප කරන අයුරු විස්තර කරන එම කතාව ඒ පිළිබදව හංසයෙකු ප්‍රශ්න කළ විට බෝසත් ගිරවා මෙසේ පැවසු බව සදහන් කරයි. ,,හංසය, මම සත්පුරුෂයෙක් වෙමි.මා විසු මේ ගස මගේ නෑයා ය.මගේ මිත්‍රයා ය. සරු වු කාලයේ එයින් ප්‍රයෝජනය ගෙන දැන් නිසරු බව දැක අත් හරින්නට මම නොසිතමි.එසේ අත් හැරීම යුක්ති ධර්මය නො වේ,, එබදු ම තවත් කථාවක එන ගිරවෙක් මෙසේ පවසයි.
“අවුරුදු ගණනක් මේ ගසේ ඵල භුක්ති විදි මට අමතක නැති හෙයින් දැන් ගෙඩි නැති බව දැන දැනත් ඒ මිත්‍රත්වය අත් හරින්නට අසමත් වෙමි. ඒ මෙත් සිත තවම මා තුළ තිබේ.ඵල ඇති කළ පැමිණ ඇසුරු කර ඵල නැති විට හැර දැමීම ආත්මාර්ථකාමී මිත්රදෝහී ක්‍රියාවකි.
මේ කතා තුලින් විදහා දක්වන්නේ පරිසරයේ ඵල ප්‍රයෝජන ලබන සත්වයන් පරිසරය කෙරෙහි කෘතඥ විය යුතු බවය. සෙනෙහස හා භක්තිය දැක්විය යුතු බවය.
පරිසරය විනාශ නොකර එය ආරක්ෂා කළ යුතු බව හගවන දේශනා මෙන්ම විනය රීති ද බුදුරදුන් විසින් භික්ෂූ සංඝයා වෙත ඉදිරිපත් කළ බව නොරහසකි. සිය සිත් තුළ ඇති කෙලෙස් වනය මිස තුරුලතා සිද නොදමන්නැයි වරක් බුදුහු භික්ෂූන්ට අවවාද කළහ. ගස් කැපීම, කොළ කැඩීම මෙන් ම පැළවෙන බීජ වලට හානි පැමිණවීමද විනය නීති පද්ධතිය තුළ ආපතතියක් සිදුවන වැරදි ගණයට (පාචිතතිය ආපතති) ඇතුළත් කර තිබේ. බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වැසි සමය සංචාරයෙන් වැළකී ආරාමසථ නේවාසික ජීවිතයක් ගත කරන්නට නිර්දේශ කර ඇත්තේ ද අළුතෙන් පැලවන ශාකයන්ට හානි පැමිණීමෙන් වළකනු පිණිසය. එමෙන් ම තණකොළ හෝ ජලය අපිරිසිදු වන අයුරින් ඒ මත කෙළ මල-මුත්‍ර ආදිය නොදැමිය යුතු බව විනය නිතී මගින් තහවුරු කර තිබීමෙන් ද පරිසරය දුෂණයෙන් වැළකීමේ අගය බුදු දහමෙන් අවධාරණය කෙරෙන අන්දම තේරුම් ගත හැකිය.
මෙහි තේරුම සොභාදහම දේවත්වයෙන් සැළකීම යැයි වරදවා තේරුම් නොගත යුතුය. ආරාම, වෘක්ෂ හා වෙනත් කදු ශිඛර දේවත්වයෙන් සලකා සරණ යෑම නිශ්ඵල බව බුදු දහමෙහි අවධාරණයෙන් ම ප්‍රකාශ කොට තිබේ. සොබාදහම හෝ පරිසරය කෙරෙහි අප ස්නේහය දැක්විය යුත්තේ යථාර්ථවත් පරිද්දෙනි. අපගේ ජීවිත පරිසරය සමග සාපේක්ෂ අයුරින් හේතු-ප්‍රත්‍යන් හා බැදී පවත්නා නිසා අපි පරිසරය අපගේ පැවැත්මේ අනිවාර්ය සාධකයක් සේ ගෞරවයෙන් සළකමු. එ හෙයින් එම ගෞරවය හේතුවෙන් පරිසරය රැක ගනිමින් එය පෝෂණය කරමින් එ මගින් අප ලද උපයෝගීතාව ද භුක්ති විදිය යුත්තෝ වෙමු.නිදසුනක් වශයෙන් අපි ශාකයක් මගින් අපගේ ආහාර ලබා ගනිමු. එහෙත් ශාක සංහතිය විනාශවන පරිදි එසේ නොකරමු. මෙම පැවැත්ම ආර්ථික චය්යීයාව පිළිබදව උපදෙස් දෙන අවස්ථාවකදී උපමාවක් වශයෙන් ද දක්වා තිබේ. දිවුල් ගසකින් ගෙඩි කඩාගන්නා සමහරු අතු පිටින් කඩා මල් ගැට ආදියද වනසති. එය නොමනා පැවැත්මක් සේ බුදුහු සමහරුන්ගේ සකල ආර්ථික චය්යීයාව ම ඊට උපමා කර දක්වති.මෙවැනි හැසිරීම් සමාජ දෝහි සාපරාධී ක්‍රියා ලෙස හෙළා දකිනු ලැබේ. එහෙයින් පරිසරයෙන් ප්‍රයෝජන ලබා ගත යුත්තේ ගිජු ලෙස හා විනාශකාරී ලෙස නොව මෘදු අහිංසක සෞම්‍ය ලෙසය. බමරුන් මලින් රොන් ගන්නා ආකාරය බුදුරදුන්ගේ සිත් ගත්තේ එහෙයිනි.ආර්ථික චය්යීයාව සදහා මිනිසුනට එය ආදර්ශයක් වන බව බුදුරදුන් වදාරා ඇත්තේ එහෙයිනි.
පරිසරයේම අංගයක් වු සත්ත්ව වර්ගයා කෙරෙහි අතිශයින් ම දයාන්විතව හැසිරිය යුතු බව බෞද්ධයන් ප්‍රාණවධයෙන් වළකන ශික්ෂාව පංචශීලයෙහි ප්‍රථම ශිල්පදය ලෙස දැක්වීමෙන් ගම්‍ය වෙයි. බෞද්ධයන් නොකළ යුතු වෙළදාම් අතර මස් වෙළදාම ද වෙයි. මිනිසුන් හා සතුන් අතර මෛත්‍රිය පෙරදැරි කර ගත් සහයෝගී ප්රියශිලී ස්වභාවයක් ඇති විය හැකි බව බොහෝ ජාතක කතා වලින් ධ්වනිත වෙයි. සාම කුමරුන්ගේ මෙත් සිත් පෙරදැරි පැවැත්ම එම වනයේ විසු සියළු සත්ත්වයන් අතර මිත්‍රශිලී සාමකාමි ස්වරූපයක් ඇති කළ බව දක්වා ඇත. ධර්මශෝක රජතුමා මිනිසුනට මෙන් ම සතුනට රෝහල් ඉදිකර, බීමට ජලය මග දෙපස තැබුවේත් ලක්දිව තුන්වන කාශ්‍යප රජ තොටුපල දෙකක බලා සතුටුවීම පිණිස මසුන් ඇති කර පෝෂණය කලේත් මේ නිසා ම බව පෙනේ.
පරිසරය වෙත කෙතරම් නිර්මාණශිලී ආකල්පයක් බෞද්ධයන් දක්වා ඇත්ද යනු ආරාම, වන නිර්මාණය නිතර පින් වැඩෙන කුසල කර්මයක් ලෙස දක්වා තිබීමේ පෙනේ.සක් දෙවිදුන් එම පදවිය ලබා ඇත්තේද එබදු කුසල ක්‍රියා කිරීමෙන් බව පවසා ඇත. බෞද්ධ භික්ෂූන් වහන්සේට තම ආරාමය ප්‍රියංකර ප්‍රසාද ජනක ස්ථානයක් ලෙස පවත්වානගන යන්නට දී ඇති උපදෙස් තුලින් ධ්වනිත වන්නේ ද පරිසරය කෙරේ ඇති ප්‍රසන්න ආකල්පය යි.
පරිසරය පිළිබද ව බුදුදහමේ ආකල්පයෙහි තවත් ප්‍රබල අංශයක් නම් පරිසරය තුල ඇති සුන්දරත්වය විෂයෙහි දක්වන සංවේදීතාවයි. පරිසරයේ රමණීය බව බුදුරජාණන් වහන්සේ මෙන් ම රහතන් වහන්සේලා ද අව්‍යාජ ව පිළිගත් දෙයකි.මහා පරිනිර්වාණ සූත්‍රයෙහි දී බුදුහු ,රමණීයං ආනන්ද වෙසාලි,රමණීයං උදෙන චෙතියං, රමණීයං චාපාල චෙතියං, ආදී වශයෙන් රමණීය ස්ථාන පිළිබදව දක්වති. ථෙරගාථාවේ තාලපුට සප්පක වැනි තෙරවරු තමන් විසු පරිසරය ගැන අතිශය රසවත් භාව ගීත නිර්මාණය කළහ.
දිය ඇල්ල, නදිය,පියාඹන පක්ෂීන්, සිවුපා සතුන් හා තුරුලතා මිනිස් සිත් සන්සුන් කර විශ්වයේ ගැඹුරු සත්‍යයන් වෙත යොමු කරන අයුරුත් අනුපදාන වු විවේකී රතියෙන් තොර ආශ්වාදයක් විදගන්නට මං පාදන අයුරුත් එම භාව ගීත තුළින් ව්‍යක්ත ලෙස කියැවෙයි.
මෙතෙක් අප විසින් සාකච්ජා කළ කරුණු අනුව, පරිසරය පිළිබද බෞද්ධ චින්තනයේ දාර්ශනික පදනම පටිච්ච සමුප්පදාය බව පැහැදි විය. ලෝකයේ සියළු ම ජීව-අජීව පද්ධතීන්එකිනෙකට සාපේක්ෂව පටිච්ච සමුප්පන්නව පවත්නා බව තේරුම් ගැනීම මගින් ලබා ගන්නා යථාර්ථාවබෝධය පරිසරය කෙරේ බෞද්දයන් තුළ නව ආකල්පයක් ජන්ත කරයි.එම ආකල්පයේ ප්රමුඛ ගුණාංග වන්නේ සතර බ්‍රහ්ම විවරණය යි.එම ගුණාංග වගා කරගත් පුද්ගලයකු ගේ චය්යීයාව තුළින් ජීව-අජීව පරිසරය රැක ගැනීම හා පෝෂණය කිරීම පිළිබිඹු විය යුතුය. එසේ කිරීමෙන් බෞද්ධයෝ ප්‍රසන්න සෞන්දය්යී ආස්වාදයක් ලබති.