බෞද්ධ දේශපාලන චින්තනය
බුදුදහම ලෝකෝත්තර සැපය පිළිබද ව පමණක් උගන්වන පාරෙලෟකික විමුක්ති මාර්ගයක් ලෙස සමහරු සිතති. දේශපාලන, ආර්ථික හෝ සාමජ යථාර්ථයත් පිළිබද ව ඒ මගින් මාර්ගෝපදේශයක් ලද නොහැකි යැයි ද ඔවුහු පවසති. ඵ් හෙයින් සසර කළකිරුණවුන්ට අද්‍රළ නෛෂ්ක්‍රම්‍ය ප්රතිපද්රවක් පමණක් ඛුදුදහමෙහි අන්තර්ගත බව ඔවුන් ගේ මතය වී ඇත. බෝසතුන් තමන්ට ප්‍රිය පරපුරෙන් උරුමවු සිහසුන හැර දමා ගොස් සියළු ඇළුම් බැදුම් බිද හැර අපිස් පීවිතයක් ගත කිරිම මිට තිදසුනක් සේ දක්වති. ළුහෙත් මේ සිතුවිලි හුදෙක් දහමේ ඵක් අංශයක් පමණක් බලා ගනු ලබන තිරණ මිස සමස්ත බෞද්ධ චින්තනය මනා ව තේරුම් ගෙන ගන්නා වු විනිශ්චයක් නොවන බව පැවසිය යුතු ය.
සසර පිළිබද තියුණු සංවේදී බව හේතු කරගෙන සසර බිය දැක පැවිදි ව බවුන් වඩන උතුමන් අරබයා දේශපාලන ආර්ථික කාර්යයන්ගෙන් වෙන් ව වසන සේ උපදෙස් දෙනු ලබන බව සැබෑය. එහෙත් බුදුදහම හුදෙක් පැවදි උතුමන් සදහා පමණක් වද්‍රළ දෙසුමක් නොවේ. බෞද්ධ සමාජය භික්ෂූ, භික්ෂූණී, උපාසක හා උපාසිකා යන සිවු පිරිසෙන් සමන්විතය. උපාසක උපාසිකාවන් නැති සමාජයක භික්ෂු භික්ෂුණියන්ට වාසය කළ හැකි නොවේ.සමාජය නම් සිවුපිරිස්ම ය. සිවු පිරිසින් ගිහි කොටසට ගැණෙන උපාසක - උපාසිකාවෝ සමාජ ගත පූර්ණ චය්යීයා රටාවන් ම අනුගමනය කළ යුත්තෝය. දේශපාලන හා ආර්ථික හිගි ජීවිතය හා අත්‍යන්තයෙන් ම බැදී පවතියි. එහෙයින් ගෘහස්ථයන්ගේ එම චය්යීයා යහපත් කරනු පිණිස ඉතාමත් අර්ථ සම්පන්න දේශපාලන චින්තනයක් හා ආර්ථික චින්තනයක් බුදුසමයෙහි ඉදිරිපත් කර ඇත. ගිහියනට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනය කරන පැවිදි උතුමන් එම චින්තනය මැනවින් ග්‍රහණය කරගෙන සිටිය යුතු බව ද පැහැදිලි ය.
බුදුසමයෙහි ඉදිරිපත් වන දේශපාලන චින්තනය මනා ව තේරුම් ගනු පිණිස බුද්ද කාලීන දේශපාලන රටාව පිළබද පැහැදිලි අවබෝධයක් ලබා තිබීම වැදගත් වෙයි. ලොව කිසිම දර්ශනයක් තත්කාලීන සමාජ ව්‍යුහයෙන් පරිභහිරව පහල නොවන හෙයිනි. සමකිලීන සමාජය ලබා ඇති ප්රබුද්ධත්වයේ තරාතිරම උරුම කරගන්නා අතර ම එම සමාජයේ පවත්නා දුබලතාවනට ප්‍රතිචාර වශයෙන් නවීකරණ සංශෝධන හා විපර්යකාරක චින්තන(වෙනස්කම් ඇති කරවීමට තුඩු දෙන අදහස්) සමාජ දර්ශන මගින් ඉදිරිනපත් කරනු ලැබේ. බුදුසමය ද පොදු ධර්මතාවට යටත් හෙයින් බෞද්ධ සමාජ දර්ශනයේ සද්ශපාලන සංකල්ප වඩාත් හොදින් තේරුම් ගැනීම සදහා බුද්ධකාලීන දේශපාලන ක්‍රම පිළිබදව විධිමත් කුළුපග දැනුමක් ලද යුතු ව පවතී.
බුද්ධකාලීන භාරතයේ ප්‍රධාන දේශපාලන රටා දෙකක් තිබිණි. එනම් රජාණ්ඩු සහ ගණත්රන්ත්ර ආණ්ඩුය. බුද්ධ කාලය තුළ පැවති රාජ්‍ය දහසයක් ගැන පාලි පොත් වල මෙන් ම ජෛන ආගමට අයත් ප්රාකෘත පොත් වලද දැක්වේ. මේ අතුරින් රජාණ්ඩු ගංගා-යමුනා මිටියාවතට නැඹුරුව පිහිටා තිබීම විශේෂ ලක්ෂණයකි.සොලොස් මහා ජනපද ලෙස පාලි පොත්වල දැක්වෙන්නේ අංග, මගධ ,කාසි, කෝසල, වජ්ජි, මල්ල, චෙති, වංශ, කුරු, පංචාල, මිච්ජා, සූරසේන, අස්සක, අවන්ති, ගන්ධාර හා කාම්භෝ යන දහසය යි. මේ අතුරින් මගධ, කෝසල, වත්ස සහ අවන්ති යන හතර වඩාත් ප්‍රබල හා වැදගත් රාජ්‍ය විය.
බුද්ධකාලීන සියළු ම රාජ්‍ය අතර පැවැත්තේ බලය සදහා වූ අරගලයකි. හැම රාජ්‍යයක් ම ව්‍යාප්ති වාදී සිහිනයක් සිත් තුළ රදවාගෙන ක්‍රියා කළ බවක් පෙපනේ. අවසානයේ දී මෙය පූර්වෝක්ත රාජ්‍ය හතරේ අරගලය ලෙස විද්‍යාමාන විය.මෙය නිම වූයේ මෞය්යී අධිරාජ්‍ය බිහිවීමෙන් පසුවය.ගණත්රන්ත්ර රාජ්‍ය හා රාජාණ්ඩු අතර ද දිගට ම විරුද්ධතා තිබිණි.
රාජ්‍ය අතර පැවති බල අරගලය නිසා ක්ෂත්රීය වංශියන් තුළ ඇති වූ ෙද්ශපාලසෙදාචාරයෙහි පරිහානිය පුද්ගල සදාචාර පරිහානියට ද හේතු වු බව පෙනේ. රාජ්‍ය බලය ලබා ගැනීම සදහා මගධයේ අජාසත්ත සිය පියා වධ දී මැරී ය. කෝසලයේ විඩුඩභ ද මෙසේ තම පියා ඝාතනය කළේ ය. එසේ ම අජාසත්ත තම මාමා වු පසෙනදි කොසොල් රජුට එරෙහිව දිග සටනක් කළේ ය
ගණසංඝ හෙවත් ගණතන්ත්‍ර රාජ්‍යවල ඉරණම මේ වන විට නිශ්චිතව තිබුණු බව කියැවෙයි. නැගී එන බලගතු අදිරාජ්ය වාදී ප්රවණතා හමුවේ ඔවුන්ගේ සමාජ ආර්ථික ව්‍යුහය ගරා වැටෙමින් පැවතිණි. බොහෝ ගනතන්ත්ර රාජ්‍ය කෝසලයට නතුව පැවති අතර භග්ගයින්ගේ සුංසුමාරගිරිය වංස රාජ්‍යයේ බේධිරාජ කුමාරයා විසින් නතු කරෙගන තිබිකොසි සහ කෝසල රාජ්‍යවලට අවනත බව පළ කර සිටී ගන රාජ්‍ය දහ අටක් අජාසත්ට එරෙහිව වජ්ජීන් හා එක් වූ බවජෛන පොත්වල දැක්වේ. එසේ වුව ද ව්‍යාප්ති වදී රජාණ්ඩු හා බලය හමුවේ ගණ රිජ්‍ය අසරණ වූ බව පෙනේ.
ගනතන්ත්ර රාජ්‍යවල පාලන පිළිවෙල රාජාණ්ඩුවල පාලන පිළිවෙතට වෙනස් විය. සාමූහික පාලනයක් ගෙන ගිය ඔවුහු පාලන කටයුතු සාකච්ජා කිරීම සදහා සන්ථාගාර වල රැස්වූ හ. ඡන්ද බලයෙන් කටයුතු කිරීමට වඩා සාමූහික සම්මුතියෙන් ක්‍රියා කිරීම ඔවුන්ට ප්‍රිය වූ අතර වැදගත් තීරණ ගැනීමේදී විශේෂ කමිටු වල තීරණ ලබා ගැනීමේ සිරිතද විය. රාජ්‍ය ප්‍රධානත්වය ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් කිහිප දෙනෙකුන්ට අයත්ව පැවැති අතර ඔවුහු සංඝමුඛ්ය හෝ ගණ රාජා නමින් හැඳින්වූහ. මේ අ ය වරින් වර අළුතින් පත් කරනු ලැබූ බව අටුවා වල සඳහන් වේ. ඊට අතිරේකව උපරාජ, සේනාපති, භාණ්ඩාගාරික වැනි පදවිද විය. වජ්ජි රාජ්‍යයේ අධිකරණ කටයුතු පිළිබඳව එන විස්තර වල විනිශ්චය මහා මාත්‍ර, ව්‍යවහාරික (නීති විශේෂඥ) සූත්‍රධර (වාර්තා පවත්වන්නා) ආදීහු ද සඳහන් වෙති. ගණතන්ත්‍ර වල පාලනය ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිපත්ති මතද සිදු විය.
රාජාණ්ඩු වල සිරිත වූයේ පිය- පුතු පරපුරට බලය උරුම කරගන්නා රාජ වංශයක් විසින් බලය හිමි කරගෙන පුද්ගල ප්රමුඛ රටාවකින් රට පාලනය කිරීමයි.මෙම පාලන අධිකාරය වෙනස් වූයේ බලයේ සිටින රජු ඝාතනය කර හමුදා බලයෙන් වෙනතත් පුද්ගලයකු බලය අල්ලා ගැනීමෙනි. යුදයෙන් පරදින රජ ජයග්‍රහාකයාට ආචාර කොට රාජ්‍ය භාර දිය යුතුය. රජ කු සාමාන්‍ය පරිදි මියගිය විට ප්රභූහු(සෙන්පති, බ්‍රාහ්මණයෝ,ක්ෂත්රියෝ) රැස් ව රජකු තෝරා ගනිති. රජකු රට පාලනය කරන්නේ “මන්ත්‍රි පර්ෂද” නම් උපදේෂක සභාව අධාරයෙනි. මන්ත්‍රී සංඛ්‍යාව හතේ සිට තිස් හත දක්වා වෙනස් විය. මෙම මනව්ත්රී පිරිසෙහි නායකයා මහා මන්ත්‍රී විය. ඊට අතිරේකව පුරෝහිතයෙක්ද විය. කෙසේ වුවද අවසානයෙහි සියළු පාලන කයුතු සිදු වන්නේ රජතුමාගේ නාමයෙනි. රාජාඥාව ඉතා ප්‍රභල වූ අතර එය උල්ලංඝනය කිරී ම දඩුවම් ලැබීමට හේතු වෙයි.
මෙසේ රාජාණ්ඩු හා ගණ තන්ත්ර මඟින් පාලනය වූ ප්‍රදේශය සොළොස් මහා ජනපද ෙස් නම් කරනු ලැබ තිබුණද එය ස්ථාවර බෙදුමක් නොවන බව ඉතිහාසඥයෝ පවසති. ඊට බෙහෙවින් හේතු වූයේ දේශපාලන චංචලතාවම ය. නිරතුරුව සිදු වූ යුද්ධ නිසා රාජ්‍ය සීමා නිතර වෙනස් විය. එක් රාජ්‍යයක් තවත් රාජ්‍යයක කොටසක් වීම නිරතුරුවම සිදු වූවකි. බෞද්ධ පොත් පත් වල එන දහසයේ ලයිස්තුව වුවද ඉඳ හිට වෙනස්කම් දක්වයි. දීඝනිකායේ මහා ගෝවින්ද සූත්‍රය සප්ත භරත හෙවතෟ සත් වැදෑ රුම් ඉන්දියා වශයෙනෟ ජනපද හතක නම් හා ඒවායේ අගනුවරද දක්වා තිබේ.
කාලිංග - දන්තපුර
අවන්ති - මාභිසසති
සොවිර - රොරුක
අසසක - පොතක
විදෙහ - නිතිල
අංග - වමහ
කාසි - බාරාණසි
මෙයද එවකට මිනිසුන් අතර භාවිතා වූ භූ විභාගමය සංකල්පයක් බව නිසැකය. කෙසේ වූවද අංගුත්තර නිකායේ එන සොළොස් මහා ජනපද ඓතිහාසික වශයෙන් එකල පැවැති බෙදුම පිළිබඳ යථාර්ථා වත් විශ්වසනීය වාර්තාවක් බව ඉතිහාසඥයෝ ඉඳුරා පිළිගනිති.
රාජා ණ්ඩුවේ හෝ ගණ තන්ත්රයේ පාලන බලය අවිවා දයෙන්ම හිමිව තිබුණේ ක්ෂත්රීයන්ත්රයන්ට ය. ඔවුන් හඳුන්වා ඇත්තේ රාජ කුල වශයෙනි. ක්ෂත්රීය යන වචනයේ මූලික අර්තය රජ කිරීම හා බැඳෙන බව පැහැදිලි කරුණකි. එසේ වුවද බුද්ධ කාලීන ක්ෂත්රීයයන් අතර රාජාණ්ඩු හා ගණ තන්ත්ර වශයෙන් පැවැති බල අරගලය තුළ ගණ තන්ත්ර වල පරිහානිය මැනැවින් නිරූපණය විය.
බුද්ධ කාලීන ජනතාව අතර පැවැති එක්තරා පරමාදර්ශී රාජ්‍ය සංකල්පයක් චක්‍රවර්තී රාජ්‍ය නමින් හැඳින්වින. පෘ තුවියෙහි මහා සමුද්‍රය දක්වා බලය එකම රජෙකු විසින් පැවැත්වීම මෙහි අරමුණ විය. නැඟී ආ අධිරාජ්‍යවාදී ප්රවනතා මෙම සංකල්පයේ වර්ධනයට මහත් අනුබලයදක් වූවා නිසාකය. බෞදධ, හින්දු හා ජෛන යන ආගම් තුනටම මෙම සංකල්පය ඇතුළත් වී තිබේ. මෙහි මූල බීජ ඉරාණයෙන් ලැබෙන්නට ඇතැයි ඉතිහාසඥයන් අනුමාන කරති.
බුදු සමය තම දේශපාලන චින්තනය ඉදිරිපත් කළේ මෙබඳු පසු බිමක සිට බව තේරුම් ගැනීම වැඳගතෟ වේ. මෙම පරිසරය තුළ බල කාමී න් අතර පැවැති තරඟයේ උග්‍රත්වය පිළිබඳව මෙන්ම එය වෙනස් කිරීමට ආගමික චින්තනයකට හැකියාවක් ඇත්න ම් ඒ කවර ස්වරූ පයකින්ද යන්නත් පිළිබඳ ව බුදු රදුන්ට අවබෝධයක් තිබුණු බව බෞද්ධ දේශපාලන චින්තනය හැදෑරීම තුළින් අපට වටහා ගත හැක. ඇත්ත වශයෙන්ම එකල බලකාමී ප්‍රභූ ජනයා විසින් අසහනකාරී අරගල කාරී ව්‍යසන පරවශ ස්වභාවය කරා ජනතාව ඇද දමා තිබුණේ සන්වේදී දාර්ශනික සිත් තුළ බලගතු කලකිරීමක් ඇති කරන තරම් උග්‍ර පරිමානයකිනි . බෝ සතුන් තුළ එකල සමාජය දෙස බැලී මෙන් ඇති වූ කලකිරීමෙන් තරම අත්තදණ්ඩ සූත්‍රයෙන් ප්‍රකට කර ඇත්තේ මෙසේය.
“මා තුළ සංවේගය ඇති වුණු අන්දම ෙමසේ පවසමි. ආයුධ දැරීම භයංකර ක්‍රියාවකි. මේ ජනතාව ඒවායින් සටන් කරන අයුරු බලන්න. ජලය අඩු වී ගිය විට මත්ස්‍යන් දඟලන පරිද්දෙන් උනුනුන් කුලල් කා ගන්නා ආකාරය මට බය ඇති කරයි. ලොව හැම අතින් ම නිසරුව ගිය ලෙසක් මට හැගේ. හැම දිසාවක් මවෙව්ලා ගිය බව පෙනේ. අභය භූමියක් සෙව්වත් මට එවැන්නක් නොපෙනෙයි. ලෝ වැසි හැම දෙනා එකිනෙකාට එරෙහිව නැඟි සිටින අයුරු දැක මට සංවේගය ඇති විය.”
එහෙත් මේ බල අරගලය ජනතාවගේ පෘථක්ජන භාවය පවතිනා තුරු වෙනස් කළ හැකිද? තෘෂ්ණාව විසින් මෙහෙය වනු ලබන බාල ජනයන් අතර නොමරමින් නො මරවමින් නො දිනමින් ශෝක නො කරමින් දැහැමින් රාජ්‍යයක් කළ හැකිදැයි බුදුරදුන් මෙනෙහි කළ බව රජ්ජ සූත්‍රයේ සඳහන් වෙයි. එවැන්නක් කළ හැකි බව කියා පෑ මාරයාට බුදුහු නිග්‍රහ කළහ. එහෙත් එසේ කළ නොහැකි බවක් ද නො වද්‍රළහ. බුදුරදුන්ට අවශ්‍යය වූයේ තමන් රජවන්නට නොව ධර්මානුකූලව රාජ්‍යයක් කරන්නට හැකියාවක් ඇත්දැයි විමසීමටය. උන්වහන්සේ දේශපාලනය පිළිබඳ ව යෝනිසෝ මනසිකාර චින්තන ක්‍රමය අනුව යථාර්ථවාදී තේරුම් ගෙන තිබුණු ආකාරය තත්කාලීන දේශපාලන ආකෘතියෙන් විෂයයෙහි දැක් වූ ආකල්පය තුළින් තේරුම් ගත හැක.
තත්කාලීන ප්‍රධාන දේශපාලනය ආකෘතිය හා පාලන ශිල්පය රාජාණ්ඩු ක්‍රමය කේන්ද්‍ර ගත කරගෙන පැවැති හෙයින් එම ප්රවනතාව විෂයෙහි යමක් කිරීම ආගමික සාස්තෘවරයෙකු වශයෙන් තම විෂය පතය ඉක්මවා යන්නක් බව බුදු රදුන් තේරුම් ගත්තා නිසැකය. උන්වහන්සේට අවශ්‍ය වූයේ ආකෘතිය හෝ පාලන ක්‍රමය වෙනස් කිරීම නොව ධර්මය දේශපාලන චින්තනය සමඟ බද්ධ කිරීමයි. ධර්මානුකූල පාලනයක් සිදු වන්නේ නම් රජාණ්ඩුව මෙන්ම ගණ තන්ත්රය ද ජ න හිතකාමී පාලනයක් බවට පත් කර ගත හැකි බව බුදු දහමින් ධ්වනිත වන පණිවුඩයයි.
රාජා ණ්ඩුව සඳහා මෙන්ම ගණ තන්ත්රය සඳහා ද උචිත දේශපාලන සංකල්පය බුදු සමයෙහි අන්තර්ගත වන්නේ ඒ හෙයිනි. මෙහිදී බෞද්ධ දේශපාලනික සංකල්පයන්ගෙන් වැඩි හරියක් කාලීන අභියෝග පිළිබඳ සීමා වලින් කොටු නොවි සුවනය වන්නේ මේ ආකෘති දෙකෙන් එකකින් වත් නොව චක්‍රවර්තී රාජ්‍ය සංකල්පය තුළින් බව ද කිව යුතු ව තිබේ. ඊට හේතුව චක්‍රවර්තී සංකල්පය ඒවන විටත් පරමාදර්ශී රාජ්‍යයක් පිළිබඳ මනෝ චිත්‍රයක් පමණක්ව පැවැතිමයි. ඒ හෙයින් තමන් වහන්සේ කැමැති පරිදි නිදහසේ දේශපාලන සදූපදේශ චක්‍රවර්තී සංකල්පය තුළට පිවිසෙන්නට බුදු රදුන්ට නිදහස ලැබිණ. එයින් උන්වහන්සේ උපරිම ප්‍රයෝජනය ලබා ඇති අයුරු චකකවතතී සීහනාද සූත්‍රය හා අගගඤ්ඤසූත්රය විග්රහ කරන විට පෙනී යයි.
කෙසේ වුවුද තත්කාලීනව ව්‍යවහාරිකව පැවැති රාජ්‍ය රටාවන් දෙක වූ රාජාණ්ඩුව හා ගණ තන්ත්ර අරඹයා බුදු රදුන් දැක්වූ අදහස් මුලින්ම සාකඡ්චා කිරීම වඩාත් උචිත බව පෙනේ. රාජා ණ්ඩුවේ ස්වභාවය පිළිබඳව දීගනිකායේ අගගඤ්ඤසූත්රයේ එන කතා පුවත මෙහිලා අතිසයින් වැදගත්ය. එය බ්‍රාහ්මණ සාහිත්‍යයේ එන කතා පුවතට එරෙහිව බෞද්ධ සංකල්පය ඉදිරිපත් කිරීම අරමුණු කරගන දේශනා කරන ලද්දකි. බ්‍රාහ්මණ ප්‍රවාද වල සඳහන් වන්නේ රාජ්‍යය සුරා’සුර ග්‍රාමයේදි සංග්‍රාමයේදී පරාජිත සූරයන් විසින් සංකල්පනය කරන ලද්දක් බවය. ඔවුහු සටන දිනන්නට නම් ප්‍රබල නායකත්වයක් අවශ්‍ය බව තේරුම් ගෙන ප්රජාපතිගෙන් ඉන්ද්‍ර ලබා ගත්හ. ඉන්දාගේ නායකත්වයෙන් සටන් කිරීම මඟින් ඔවුහු ජයග්‍රහනය කළය. රජකම අවශ්‍ය වූයේ යුද්ධය හේතුවෙන් බව එම කතා පුවතෙන් හඟවනු ලැබේ. එසේ නම් රජකුගේ අවශ්‍ය කාර්යය මෙන්ම පරම යුතුකම යුද්ධ වෙයි. මිනිසුන්ගේ රජු පත්වන්නේ ද දේව අනුග්රහයෙනි. ක්ෂත්රීයයාගේ අනිවාර්යය කාර්යය ලෙස දෙවියන් නියම කර ඇත්තේ යුද්ධය බව බ්‍රාහ්මණ සම්ප්රදාය දැඩි ලෙස හා පැහැදිලිව අවධාරණය කරයි. ඔහු රාජත්වය පිළිබඳ උරුමය ලබන්නේ ක්ෂත්රීය වර්ණයෙහි උපන් බැවිනි. එය විශ්ව නිර්මාණ කාර්යය සමඟම බැඳුණු ක්‍රියාවකි. එහිලා මිනිසුන් විසින් කළ දෙයක් නොමැත. රජුගේ අධිකාරය ලැබුණේ දෙවියන් වෙතිනි. රජෙකු අභිෂේක කරනු විට ගයනු ලබන ගීතිකාවෙහි කියැවෙන්නේ “ඔහු අභිෂේක කරන ලදි දැන් ඔහු ඔබ (දෙවියන් ) ගේම කෙනෙකි. රැක ගනු මැනවි.” යනුවෙනි.
බුදුසමය රාජ්‍යයේ ප්රභවය දැක්වූයේ මෙම කතා නිශ්ප්‍රභ වන ආකාරයෙනි. කතාන්තරයක ස්වරූපයෙන් මතම මතය ඉදිරිපත් කරන බුදුසමය ආදීකාලීන මිනිසුන් අතර තෘෂ්ණාව, අනුකරණය හා අලස බව පදනම් කරගෙන උද්ගත වූ අපරාධි චය්යීයාවන් නිසා ජනතාවට රාජත්වය පිළිබඳ සංකල්පය ඇති වූ බව උගන්වයි. අභිරූපි, දැකුම්කළු ප්‍රසාද ජනක, ආනුභාව සම්පන්න මනුෂ්‍යයකු රජ ලෙස එකච්ජන්දයෙන් සම්මත කර ගත් මිනිස්සු ගර්හා කල යුත්තන්ට ගර්හා කිරීම. අවවාද කල යුත්තන්ට අවවාද කිරීම, නෙරපිය යුත්තන් නෙරපීම සඳහා ඔහුට බලය දුන්හ. මේ අනුව බෞද්ධ සංකල්පයට ඉඳුරාම වෙනස් අදහසක් ඉදිරිපත් කරන බව අපට පැහැදිලි විය යුතුය.
බ්‍රාහ්මණ මතයට අනුව රජ පදවිය පහළ වූයේ යුද්ධ කිරීමේ අවශ්‍යතාව පදනම් කරගෙනය. බෞද්ධ මතයට අනුව එය අපරාධ මර්ධනය කොට ජනතාවට ආරක්ෂාව සපයා දීම පිණිස පහල වූවකි. මූලික මිනිස් අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ඇති කරන්නා ලද්දකි.
රජුගේ පරම යුතුකම දිග්විජය බව බ්‍රාහ්මණ මතයෙන් කියවෙද්දී රට සාමයෙන් පවත්වාගෙන යාම රජු ගේ යුතුකම බව බුදුසමය දක්වයි. බ්‍රාහ්මණ මතයේ කියැවෙන්නරෙජ පදවියේ පදනම වර්ණය බවය. ක්ෂත්රීයයා තම වර්ණයට අටත් ස්වධර්මය මගින් ලබන්නක් ලෙස රජ පදවිය හැඳින් වෙයි. බෞද්ධ මතය එබඳු වර්ණ කේන්ද්‍රීය බවක් නොදක්වයි. එහි කේන්ද්‍රීය වන්නේ ආර්ථික හා සාමාජික කාර්යාවලියයි. ප්‍රායෝගික වූ හේතුවක් නිසා රජ පදවිය නිර්මාණය වූ අයුරුබුදුදහමෙහි දැක්වෙයි.
බ්‍රාහ්මණ මතයේදී රජතුමා දේව වරමක් ලබන්නෙකි. බෞද්ධ මතය ඔහු ජන වරමක් ලබන්නෙකු බවයි. රජකු පත් කර ගැනීමේ දී ජනතාව ප්රජාතන්ත්රවාදී ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ බව බෞද්ධ මතයෙහි කියැවීම දේශපාලන ඉතිහාසයෙහි ලා අතිශයින් වැදගත් ය. බටහිර සංකල්ප වලට අනුව ප්රජාතන්ත්රවාදය මිනිසා විසින් මෑතකදී බුද්ධිය මෙහෙයවා ඇති කර ගත් නූතන අදහසකි. එහෙත් එය මුල් ම මිනිසුන් විසින් අව්‍යාජ ප්‍රශ්නයකට හොඳ ම විසදුම සේ තෝරා ගත් ක්‍රියා කලාපයක් බව බුදුසමයෙහි කියැවෙයි.
රජ කෙනෙකු රට පාලනය කළයුත්තේ දශ රාජ ධර්මයෙන් බව බෞද්ධ ඉගැන්වීම තුළින් දැක්වෙයි. දශ රාජ ධර්මය නම් ද්‍රනය,ශීලය,පරිත්‍යගය,ඍජු බව, මෘදු බව, තාපස, අක්‍රෝධ, අවිහිංසාව, ඉවසීම හා අවිරෝධතාවය. මේ ගුණාංග දහය දේශපාලන ප්‍රතිපත්ති වශයෙන් වැදගත් වන්නේ කවර ආකාරයෙන් දැයි කෙනෙකුට විමතියක් ඇති වන්නට ඉඩ තිබේ. බෞද්ධ රාජ්‍ය සම්භව කතාවෙන් රජතුමා වෙත පවරන ලද වගකීම් හා කර්තව්‍යයන් ඉටු කිරීමේ දී අවශ්‍ය වන පෞරුෂය මෙම ගුණාංග දහයෙන් දැක්වෙයි. රාජාණ්ඩු ක්‍රමය බල අධිකාරය අවසානයේ දී රජතුමාගේ පරමාධිකාරය වෙත කේන්ද්‍ර වන බව ප්රතික්ෂ්ප කළ නොහැක.යම්කිසි හෙයකින් රජතුමා උතුම් සත් පුරුෂ ගුණවලින් සමන්විත සමතුලිත පෞරුෂයකින් යුත් අයකු වුවහොත් රාජ්‍යය සාර්ථක වන අතර රජු අද්රන්ත අසංවර විකෘත පෞරුෂයකින් යුක්ත වුවහොත් රාජ්‍යය පරාභවය කරා යොමුවීම වැළකිය නොහැක.එහෙයින් රාජාණ්ඩුවක් සාර්ථක වීමට නම් රජුපග් පෞද්ගලිකත්වය ඉතා උසස් මට්ටමින් සද්රචාර සම්පන්නව වර්ධනය වී තිබීම අතයවශ්ය ය. දශ රාැජ ධර්ම එකින් එක ගෙනරජ කෙනෙකුගේ පෞද්ගලික චරිතය තුළ එම ගුණාංග ෙනාමැති වුවහොත් ඔහු කවර අයුරින් ක්‍රියා කරනු ඇත් දැයි සිතා බලන්න. එවිට මෙම ගුණාංග කවර තරම් වැදගත් දැයි වැටහෙනු නියතය.
ගණතන්ත්‍ර රාජ්‍ය කෙසේ පහළ වී දැයි බුදුසමයෙහි සාකච්ජා නොකෙරෙන නමුත් තත්කාලීන බොහෝ ගණ රාජ්‍ය බුදුසමයට හිතවත්ව සිටි බව පෙළ පොත් වල එන තොරතුරු වලින් පෙනේ. එම රාජ්‍ය සම්බන්ධයෙන් බ්‍රාහ්මණයන් එතරම් උනන්දුවක් දක්වන්නට නැත්තේ ඒවා පරිහානිය කරා ගමන් කරමින් සිටි නිසා විය යුතුය. ජෛන භික්ෂුවකට ගණ රාජ්‍යයට ඇතුළත් වීම ආමින් තහනම් විය. ගණතන්ත්‍ර රාජ්‍ය පහළ වූයේ බ්‍රාහ්මණ ආධිපත්‍ය රුචි නොකළ ක්ෂත්රීයන්ගේ ව්‍යාපාරයක් වශයෙන් යැයි සමහර විචාරකයෝ සිතති. කෙසේ වුව ද එම රාජ්‍ය ක්රමයෙහි ද අභිවෘද්ධිය පිණිසම පවතින උපදෙස් පෙළක් සප්ත අපරිහානිය ධර්ම වශයෙන් බුදුරදුන් විසින් උගන්වන ලදී. එනම්,
නිතර නිතර රැස්වීම
සමගියෙන් රැස්ව කටයුතු කොට සමගියෙන් විසිර යාම.
නොපැණ වු දේ නොපණවා පැණවූ සද් පිළිපැදීම.
වැඩිහිටියන්ගේ අදහස් වලට ගරු කිරීම.
ස්ත්රීන්ට අයුතු බලපෑම් නොකිරීම.
පුරාණ සිද්ධස්ථාන රැක ගැනීම.
ආගන්තුකව පැමිණෙන ආගමික උතුමන් වෙත රැකවරණය හා පහසුකම් ලබා දීම.
මහා පරිනිර්වාණ සූත්‍රයෙහි දක්වි ඇති මේ ඉගැන්වීම් සමුහයක් විසින් රටක් පාලනය කරනවිට ඔවුන් අතින් සිදුවිය හැකි දුර්වලතා මඟහරවා ගැනීමට ද ප්‍රජාතන්ත්‍රික ප්‍රතිපත්ති අනුව ක්‍රියා කිරීම සඳහා ද අතිශයින් වැදගත් මාර්ගෝපදේශයක් පවසයි.
ගණතන්ත්‍ර පාලනයක් යනු නූතන අරුතින් නියෝජිත ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් නොවන බව මෙහිදී සැලකිල්ලට ගැනීම වටී. එහි පාර්ලිමේන්තුවකට සමාන සාකච්ජා ක්‍රමයක් හා සාමූහික වගකීමක් මෙන් ම ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලියක් ඇතත් මන්ත්‍රණ හා සාමාජිකත්වය ක්ෂත්රීය වංශිකයනට පමණක් උරුම වන්නකි. එහෙයින් බුදුදහමට අනුව ඉතා ම ආදර්ශවත් රාජ්‍යයක් සේ හැඳින්විය නොහැක. එසේ වුව ද එවන් රාජ්‍යය ක්‍රමයක් ජනහිතකාමී ස්වරූපයෙන් පවත්වාගෙන යාමට අද්‍රළ ධර්මෝපදේශ පද්ධතියක් වජ්ජි රාජ්‍යයේ දී බුදුරදුන් විසින් ඔවුන්ට ලබා දී ඇත. බුදුරදුන් සංඝයා වහන්සේලා සඳහා ගණතන්ත්‍ර පාලනයෙන් ආභාසය ලබන්නට ඇතැයි ඇතැමුන් සිතුවද ගණතන්ත්රයට ද උපදෙස් දුන්නේ බුදුරදුන් බව මෙහි දී අමතක නොකළ මනා ය.
මෙහි දී විශේෂයෙන් සැලකිල්ලට ගත යුත්තේ පූර්වෝක්ත රාජ්‍යය පාලන ක්‍රම දෙකින් එකක් හෝ බුදුරදුන්ගේ විශේෂ ධර්මය අනුව ක්‍රියාත්මක වන්නේ නම් එය යහපත් බව ය. එසේ වුව ද මේ යුගයේ ජනතා සිත්සතන් තුළ වර්ධනය වෙමින් පැවති චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය සම්බන්ධයෙන් අප අවධානයක් යොමු කළ යුත්තේ, එවැන්නක් ඇත්ත වශයෙන් ම පැවති බවක් භාරතීය ඉතිහාසයට අනුව ඔප්පු කළ නොහැකි හෙයිනි. සමස්ත මහා පෘථිවියම එක් රජයක් කොට ආණ්ඩු කිරීම භාරතීයන් අතර වූ සිහිනයකි. අධිරාජ්‍යවාදී ප්රවණතා වර්ධනය වන පරිසරයක මෙබඳු සංකල්ප පහළ වීම අස්වාභාවික නැත. ස්ථාවරත්වය හා සාමය අපේක්ෂා කරන ජනතාව ද එබන්දක් ගැන ප්‍රිය වන්නට ඇත. අධිරාජ්‍යවාදී හැඟීම මත අරගල කරන ක්ෂත්රීයන් ගේ බල තරඟය ඉන් නැවතී ජීවත්වීමට ප්‍රසන්න වාතාවරණයක් එමඟින් ඇති වෙතැයි පොදු ජනයා සිතුවා විය හැකි ය. චක්‍රවර්තී රාජ්‍ය යථාර්ථ වශයෙන් එතෙක් ඇති වී නොතිබුණ ද ක්ෂත්රීයයන් හා ජනතාව වෙනස් වෙනස් හේතු මත ඊට රුවි ව සිටිම බුදුරදුනට වැදගත් වන්නට ඇත.චක්‍රවර්ති රජ්‍යය පිළිබඳ වර්ණනාත්මක ස්වරයකින්කරුණු දක්වන සූත්‍ර දෙකක් ම බෞද්ධ සාහිත්‍යයට අන්තර්ගත ව ඇත්තේ ඵහෙයිනි.චක්කවත්තී සීහනාද සූත්‍රය මෙහි ලා ප්රමුඛත්වයක් ගනී. එය අතීතයේ පැවති චක්‍රවර්තී රාජ්‍යයක් පිළිබඳ විස්තර වර්ණනාවක ස්වරූපය දක්වමින් කරුණු ඉදිරිපත් කරන්නකි. මතු අනාගතයේ දී ඇති වන චක්‍රවර්තී රාජ්‍යයක් ගැන ද එහි කියැවේ. අනාගතයේ දී දඹදිව පහළ වන කේතුමතී නම් රාජධානියෙහි සංඛ නම් සක්විති රජකු ඇති වන බව ද ඔහු මෛත්‍රිය බුදුරදුන් වෙත පැවිදි වන බව ද විස්තර වෙයි. මහා සුදස්සන නම් වූ අනිත් සූත්‍රයද අතීතයේ දඔදිව පැවති චක්‍රවර්තී රාජ්‍යයක් ගැන ප්‍රවාදයක් ඉදිරිපත් කරයි. මෙසේ ජනතාව අතර පැවති විශ්වාසයක් වූ චක්‍රවර්තී සංකල්පය පිළබඳ ව බෞද්ධ සූත්‍ර වල මෙතරම් උනන්දුවෙන් සවිස්තර කතා දක්වන ලද්දේ කවර හෙයින්ද?
චක්‍රවර්තී රාජ්‍ය එතෙක් පරමාදර්ශයක් වශයෙන් පැවතීම හේතුවෙන් බෞද්ධ ෙද්ශපාලචෙිනන්තනය පහසුවෙන් ම ඉදිරිපත් කළ හැකි රාමුවක් එමඟින් සපයන බව මෙහිදී අප විසින් තේරුම් ගත යුතු වෙයි. චක්‍රවර්තී රාජධර්මය නියම බෞද්ධ සාරධර්ම අනුව විවරණය කිරීමේදී ව්‍යවහාරික නිදර්ශණ මගින් කිසිඳු බාධාවක් හෝ අභියෝගයක් සිදු නොවේ. අග්ගඤ්ඤ සූත්‍රයේ දී රාජත්වයේ ආරම්භය හා එක් කොට ඉදිරිපත් කළ සංකල්ප වඩාත් හරවත් ලෙස සක්විති රජුගේ ධර්මය සමඟ ගලපා ඉදිරිපත් කළ හැකිය. චක්කවත්තී සීහනාද සූත්‍රය හා මහා සුදස්සන සූත්‍රය බෞද්ධ ෙද්ශපාලන චින්තනය ඇගයුමෙහි ලා අතිශයින් වැදගත් වන්නේ එහෙයිනි.
චක්කවත්තී සීහනාද සූත්‍රය සක්විති රජුගේ දේශපාලන චය්යීයාව විස්තර කරන්නේ ඔහු ධර්මය ගරු කරමින් ධර්මයට පුද සත්කාර කරමින් ධර්මය ම ධජය හා කේතුව කරගෙන ක්‍රියා කරන උද්රර පුද්ගලයකු සේ හඳුන්වමිනි. සක්විති රජු කෙතරම් උසස් කොට සලකා ඇත්ද යන්න බුදුරදුන්ට හා සමාන ආද්රහනයක් ලබන්නකු සේ දැක්වීමෙන් තේරුම් ගත හැක. සිදුහත් කුමරුන් පිළිබඳ අනාවැකි කීමට ආ බමුණා එතුමන් එකකෝ සම්මා සම් බුදු වෙතැයි ද නැතහොත් සක්විති රජ වෙතැයි ද පැවසීම තවත් වැදගත් කරුණක් වෙයි. ගෘහස්ථ ජීවිතයේ අග්‍ර ඵලය චක්‍රවර්තී රාජ්‍ය බව ද ප්‍රව්‍රජිත ජීවිතයේ අග්‍ර ඵලය බුද්ධත්වය බව ද මෙයින් ගම්‍ය වේ. එහෙයින් මෙය මනුෂ්‍ය සංස්කෘතියේ උත්තරීතර පදවිත්වයෙන් එකකි. මෙම පදවි දෙකේ ම සංකේතය චක්රයයි. බුදුහු ද ධර්මය චක්‍රවර්තී වෙති. සක්විති රජු වුව ද ධර්ම චක්‍රය ම උරුම කරගත්තකු ලෙස කීම සාවද්‍ය නොවේ. ඔහුගේ ධර්මය දේශපාලන ධර්මයයි. එම දේශපාලන ධර්මය බුදුදහමේ ගෘහස්ථ සදාචාර ප්රතිපත්තීන් හා අනන්‍ය බව පෙනේ.(නාගර්ජුන හිමියන් විසින්“ධර්මචක්රං නිඃශ්රාය බලචක්රං ප්රවර්තතේ” යනුවෙන් පවසා ඇත්තේ මේ කරුණමය.)
සක්විති රජුට සප්ත රත්නයක් ඇති බව දක්වා තිබේ. එනම්, චක්‍රරත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය හා පරිනායක රත්නය යි. මෙය ඉතා වැදගත් සංකල්පයක් බව එයට ජනතාවද ඇතුළු ව රාජ්‍ය පාලනයට අවශ්‍ය හැම අංගයක් ම ඇතුළත් කර තිබීමෙන් පෙනේ. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්රයේ මෙන් ම මහා භාරතයේ ද රාජ්‍යයකට තිබිය යුතු අංග හතක් ගැන කියා ඇති බව මෙහි දී සිහිපත් කල හැක. රජ, අමාත්‍යවරයා, ජනතාව, දුර්ගය, භාණ්ඩාගාරය, දඬුවම, මිත්‍රයා යනු එම අංග හතයි.මෙය ඊට තරමක් වෙනස් සංකල්පයක් වුව ද ජනතාව ඒ දෙකටම පොදු බව සැළකිය යුතුය. බෞද්ධ සප්ත රත්නය දුර්ග හා දණ්ඩන ආදියෙන් ද තොරය. එහි ස්ත්‍රී රත්නය ද ඇතුළත් කර තිබීම හස්ති, අශ්ව, මාණික්‍ය වැනි ස්වාභාවික සම්පත් ඇතුලත් වීමද වැදගත් බව කිව යුතු ය.
සක්විති රජුගේ පාලක ප්‍රතිපත්තිය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දෙවැදෑරුම් ව ප්‍රභේද කල හැක. මුලින් ම හෙතෙම වත් හතරක් මඟින් රට සාරවත් බවට හා ස්ථාවර බවට පත් කරයි. එම ප්‍රතිපත්ති නම්,
රජ පවුලේ සාමාජිකයන්, බලසෙන්, ක්ෂත්රීය- බ්‍රාහ්මණ, ගෘහපති පිරිස්, ගම් වැසියන්, පැවිදි පිරිස්, සිවුපාවුන් හා කුරුල්ලන් ද ඇතුළු සියළු දෙනාට දැහැමි රැකවරණය ආරක්ෂාව සපයයි.
රටෙහි අධර්මය (= අපරාධ) මර්දනය කරයි.
නිර්ධන පංතියට ධනය ලබා දී ආර්ථික සමෘද්ධිය ඇති කරයි.
ශ්‍රමණ- බ්‍රාහ්මණ පිරිස් වෙතින් අනුශාසනා ලබා ගනිමින් ධාර්මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි
මහා සුදස්සන සූත්‍රයේ නිරූපිත සක්විති රජ පුණ්‍යාධාර කටයුතු සංවිධානයට අතිරේකව විවාහාපේක්ෂකයනට සුදුසු කතුන් සපයා දීම පවා කළ බව දැක්වේ. මෙයින් හැඟි යන්නේ ෙද්ශීය වශයෙන් පූර්ණ ශුභසාධක ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කරන බවය. ආර්ථික හා සාමාජික කාය්යීයාවලියක් අනුගමනය කිරීමෙන් ජනතාවට තෘප්තිමත් මානසිකත්වයක් ලබා දීම මඟින් ධර්මය ක්‍රියාත්මක කිරීමට යෝග්‍ය වාතාවරණයක් ගොඩ නඟා ගන්නා ආකාරයද මෙහිදී පැහැදිලි විය යුතු ය.
දේශීය ප්‍රතිපත්ති මගින් සාර්ථක රාජ්‍යයක් තහවුරු කර ගත් පසු සක්විති රජු සිය ජාත්‍යන්තර ක්‍රියා මාර්ග අරඹයි. හෙතෙම සිය චක්‍රරත්නය පෙරදැරි කරගෙන දේශ සංචාරයෙහි යෙදෙයි. චක්‍රරත්නය නැවතුණු තැන නැවතී ඒ රටවල රජවරුන් තමන්ට අනුශාසනා කරන සේ ඇරයුම් කළ විට මේ අවවාද දෙයි.
ප්‍රාණඝාතය නොකරන්න.
සොරකම් නො කරන්න.
කාම මිථ්‍යාචාරයෙහි නො යෙදෙන්න.
මුසාවාද නො තෙපලන්න.
මද්‍ය භාවිතයෙන් වළකින්න.
රට පුරුදු පරිදි පාලනය කරන්න.
මෙයින් පෙනී යන්නේ ජාත්‍යන්තර සුහඳතාව වර්ධනය කරගෙන පංචශීල ප්‍රතිපත්තිය වෙත එම රාජ්‍යයන් එකඟ කරගත් පසු ඒ ඒ රජදරුවන්ගේ ස්වාධිපතය දිගට ම පවත්වාගෙන යාම සඳහා කටයුතු සළසා දෙන බව ය. එහෙයින් සක්විති රජුගේ ජාත්‍යයන්තර ප්‍රතිපත්තිය ආක්‍රමණයක් නොවේ. මුළු ලොවම ධර්ම චක්‍රය තුළ සම්මුතියකට ගැනීමකි. එය නූතන එක්සත් ජාතීන්ගේ සංවිධානය වැන්නක් මිස අධිරාජ්‍යයක් නොවන බව පෙනේ.
මෙසේ ගණතන්ත්‍රය, රාජාණ්ඩුව හා චක්‍රවර්තී රාජ්‍යය යන ත්‍රිවිධ සන්දර්භයන් තුළ ඉදිරිපත් වන බෞද්ධ දේශපාලන චින්තනයෙහි වැදගත් ම සංකල්පය ලෙස දැකිය හැක්කේ ධර්මය නිරතුරුවම අවධාරණය කර තිබීමයි. ධම්මිකෝ ධම්මරාජා යනු නිතරම කියවෙන හැඳින්වීමකි. ධාර්මික රජකු පත් වන්නේ ධර්මානුකූලව රට පාලනය කිරීමටය. (ධම්මයෙංව සකකරොනෙතා , ගරුකරොනෙතා, මානෙනෙතා, පූජෙනෙතා, ධමමද්ධජො, ධමමකේතු) ධර්මයෙන් බැහැර වූ විට ඔහුගේ බලය ගිලීහි යයි. සක්විති රජුගේ පුත්‍රයා ධර්මයෙන් බැහැර වූ විට චක්‍රරත්නය අතුරුදහන් වූ බව චක්කවත්තී සීහනාද සූත්‍රයේ දැක්වෙන්නේ ඒ නිසාය . රාජ්‍ය පිය උරුමයක් නොවන බව තහවුරු කිරීමට එම අදහස උපයෝගී වෙයි. රාජ්‍ය බලය රඳා පවත්නේ ජනතා කැමැත්ත හා ධර්මය මතය. ජනතා කැමැත්ත පවතින්නේ රජු ධර්මය මත රඳා පවත්නා තුරු පමණි. ජනතාවට ආරක්ෂාව, අපරාධ මර්දනය, ආර්ථික සමෘද්ධිය හා ධර්මධරයන්ගේ උපදේශ පිළිගැනීම ධර්මයෙහි අන්තර් ගත හෙයිනි. දැහැමි රජකු නිතරම ක්‍රියා කරන්නේ ජනතා කැමැත්ත සැලකිල්ලට ගනිමිනි.
කූටදත්ත සූත්‍රයෙහි එන මහා විජිත රජ යාගයට පෙර ක්ෂත්රීය, බ්‍රාහ්මණ හා නගර ගම් නියම්ගම් වැසි ගෘහපති යන ත්‍රිවිධ ජන කොටස් වලින් ම අදහස් විමසූ බව දැක්වේ. ක්ෂත්රීයයෝ බල ශක්තිය ද බ්‍රාහ්මණයෝ ආගමික අංශය ද ගෘහපතියෝ ආර්ථික නිෂ්පාදන අංශය ද නියෝජනය කරති. සමස්ත ජනතාව මෙම ත්‍රිවිධ ප්‍රභේදයෙන් සංග්‍රහණය වී ඇත. රජුගේ යාගයට(=රාෂ්ට්‍ර සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කර පැවැත් වූ ප්‍රීති මහෝත්සවය) මේ සියල්ලෝ ම එකඟ වූහ. හෙයින් ධර්මය හා ජනතා කැමැත්ත එකිනෙකට බැඳුණු සංකල්ප වෙති. ධර්මය හඳුන්වා ඇත්තේ රජූගේත් රජු වශයෙන් වීම මෙහි ලා වැදගත් ය.