සාමයික සහජීවනය
බුදුසමය පහළ වූ භාරතය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බහු ආගමික දේශයක් වූයේය. සාම්ප්‍රදායික බ්‍රාහ්මණ ආගම මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වූ නමුදු විවිධ ආගම්දැරූ විවිධ ප්‍රතිපත්ති අනුගමනය කළ ශ්‍රමණයෝ, පරිව්‍රාජකයෝ, ආජීවකයෝ,ජටිලයෝ තම තමන්ගේ දහම් පතුරුවා හළහ. වරක් බුදුරදුන් වෙත පැමිණි භික්ෂූ පිරිසක් සැවැත් නුවර බහු ආගමික ස්වරූපය මෙසේ වාර්තා කළ බව උදාන පාලියෙහි සඳහන් වෙයි.
“ඉධ භන්තෙ සම්බහූලා නානා තිත්ථියා සමණ බ්රාහ්මණා පරිබ්බාජකා සාවත්ථියං පටිවසන්ති. නා නා දිට්ඨිකා නානා බන්තිකා නානා රුචිකා නානා දිට්ඨිනිස්සය නිස්සිතා.................................
“ස්වාමීනි, මේ සැවැත් නුවර විවිධ දෘෂ්ටි ඇති විවිධ මත දරණ විවිධ රුචි ඇති විවිධ දෘෂ්ටීන් ගැනීමෙහි ඇලුණු නානා වැදෑරුම් තීර්ථකයෝ, ශ්‍රමණයෝ, බ්‍රාහ්මණයෝ සහ පරිව්‍රාජකයෝ වසති. ...”
භාරතීය ආගමික පරිසරය කෙතෙක් සංකීර්ණ වූවාද යත් දර්ශනයෙහි මතු කළහැකි සියළු ආකාරයේම අදහස් මේ ආගමිකයන් විසින් නියෝජනය කළායැයි කිවහැකි තරමට විචිත්‍ර දෘෂ්ටි ඉදිරිපත් කර තිබිණි. ඊශ්වර නිර්මාණ වාදයේ පටන් අධිච්ච සමුප්පන්න වාදය (ලෝකය දෙවියන් විසින් මැවූ බව කීමේ පටන් එය ඉබේ අහේතුකව මැවුණු බව ඉගැන්වීම) දක්වා ඒවා විවිධ විය. සමහරු නැවත නැවත ඉපදෙමින් මැරෙමින් දිගට සසර වසන මිනිසුන් ගැන කතා කළහ. තවත් සමහරු උචෙඡද වන මිනිසුන් ගැන කීහ. සියල්ල
මිනිසුන් ගැන කීහ. සියල්ල පුරාකෘත කුසල්-අකුසල් නිසා බව කියන අයද විසූහ. මෙසේ පරස්පර විරෝධි මත දරන්නා වූ ආගමිකයන් අතර සමගියක් නොවීය. එකිනෙකා අතර වූ නුරුස්නා ගති කෙතරම් වීද යනු උදාන පාලියේ ම දැක්වෙන පාඨකයින් තේරුම් ගත හැක.
“ තෙ භණ්ඩන ජානා කලභජාතා විවාදාපන්නා අඤඤමඤඤං මුඛසත්තිහි විතුදන්නා විහරන්ති.”
“ඔවූහු කල කෝලාහල කරමින්, වාද විවාද කරමින් එකිනෙකාට වචන නැමැති ආයුධවලින් පහර දී ගනිමින් වසති”
බුද්ධකාලීන බහු ආගමික සමාජය වාද විවාද වලින් ගහණ වූ බව හා ආගම මුල් කරගෙන අසමගියෙන් පසුවුණු බව මෙයින් තේරුම් ගත හැක. කිසියම් ප්‍රසිද්ධ පුද්ගලයකු ආගමකින් වෙනත් ආගමකට හැරුණු විට ඒ නව ආගමේ පිරිස ඒ බව ධජපතාක නංවා ලෝකයාට දැනුම් දුන් බව ද පෙළ පොත්වලින් කියැවෙයි. සාමයික වාද විවාද කිරීම සඳහා ආගමික පූජකවරු හා විවිධ පැවිදි පිරිස් සන්ථාගාර ශාලාවල හා සමයප්පවේදන ශාලාවල රැස්වූහ. වාද විවාදවලට බියෙන් නිගණ්ඨනාතපුත්ත මහාවීර මෙබඳු තැන්වලට යාමෙන් වැළකී සිටි බවට මක්ඛලී ගෝසාල වරක් චෝදනා කළේය. බුදුරදුන් සමග ද එබඳු අය වාද විවාදවලට එළැඹී බව ධම්මචේතීය සූත්‍රයේ සඳහන් වෙයි. උන්වහන්සේ හමුවට ආ සච්චක නම් මහා තාර්තිකයා පැවසූයේ “මා වාදයට අභියෝග කළවිට කම්පනයට පත් නො වන ,නොවෙව්ලන, කිහිලිවලින් දහදිය නොගලන, කිසි ම ගණාචාර්ය ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නැත” යනුවෙනි.
මෙබඳු සාමයික අසහනය පිරුණු සමාජයක බුදුරදුන් අනුගමනය කළ ක්‍රියා කලාපය කුමක් දැයි තේරුම් ගැනීම සඳහා එම සමය බහුලත්වය ඇතිවීමට හේතු විවරණය කර ඇති ආකාරය හැදෑරීම වැදගත් වෙයි. සක්කපඤ්ඤ සූත්‍රයේදී බුදුරදුන් පවසා ඇත්තේ ලෝකය නානා ධාතුක හෙයින් විචිත්‍ර බවත්, එම විචිත්‍ර යථාර්ථයෙන් එක් පැත්තක් පමණක් දන්නා ආගමික ගුරුවරුන් ඒ පැත්ත අතිශයෝක්තියට නගමින් විවිධ සිද්ධාන්ත ගොඩනගන බවත් ය. පූර්ණ සත්‍ය දැනගත හැක්කේ සමස්ත වශයෙන් යථාභූතය පසක් කිරීමෙනි. එහෙත් එක් පැත්තක් දැක ඒ අනුව මතයක් ගොඩ නගා ගත් තැනැත්තා එම නිගමනය පමණක් ඇත්ත බව සිතයි. අන් සියල්ල බොරු යැයි ගනි යි. ආගම් අතර මතභේද හටගන්නේ මෙ පරිද්දෙනි. මෙහි ලා වැදගත් වන්නේ මේ හැම ශාස්තෘ වරයකු තුළ ම සත්‍යය දැන ගැනීමේ උවමනාවක් ඇති බවත්, තම තම නැණ පමණින් දැනගත් දේ අව්‍යාජ ලෙස කියාපෑම නිසා ඔවුන් විවිධ ආගම් ප්‍රකාශයට පත්කරන බවත් බුදුරදුන් ගේ නිරීක්ෂණය තුළින් ගම්‍ය වන බව ය. බ්‍රහ්මජාල සූත්‍රය මේ අදහස වඩාත් පැහැදිලි අයුරින් ඉදිරිපත් කරයි. එහිදී භාවනාව හා තර්කානුකූල විමර්ශනය භාවිතා කරන විවිධ පුද්ගලයන් තම අව්‍යාජ එහෙත් සීමිත අත්දැකීම් මත ස්වකීය අල්ප ප්‍රතිභානය නිසා ව්‍යාජ මත ගොඩ නගා ගන්නා අයුරු ආකාර 62 කින් දක්වා තිබේ. මෙබඳු ආකෘතියක් මගින් ආගමේ හා දර්ශනයේ විවිධත්වය දැකිවීම අන්‍ය සමයවාද විෂයයෙහි කිසියම් සහනශීලි සානුකම්පිත අවබෝධයක් ගොඩනැංවීමෙහි ලා උපකාර වෙයි. එම ආගම් සියල්ල ම පාහේ සත්‍යාවබෝධයෙහි උත්සුක්ත අවංක පුද්ගලයන්ගේ උත්සාහයක් ලෙස තේරුම් ගැනීම නිසා ඔවුන් කෙරේ පිළිකුලක් හෝ වෛරයක් ඇතිවනු වෙනුවට කිසියම් ගෞරවයක් ඇතිවෙයි. ඔවුන් බොරුකාරයන් ලෙස හෙළා දැක්මට සිත නො පෙළඹෙයි. සියළු අන්‍යාගමික පැවිදිදන් නිරයගාමීන් හෝ ජාති ජරා සංසාරයේ ගිලී නැසෙන්නන් සේ හැඳින්වීමට බුදුරදුන් නො පෙළඹුණේ එහෙයිනි ඔවුන්ගේ යහපත් ගුණාංග දැකීමෙහිලා උන්වහන්සේ පැකිළී නැත. අන්‍යාගමිකයන් අතර බුදුරදුන් දුටු ප්‍රධාන ම අඩුපාඩුව වූයේ ඔවුන් තම දෘෂ්ටීන් ආධානග්රාහී ව ගෙන ඉන් එහාට යමක් දකින්නට අකමැති වීමයි. ඒ හේතුවෙන් ඔවුන් තමන්ගේ ම දෘෂ්ටිය සත්‍යයයි ගනිමින් අන්‍ය චින්තන ප්‍රතික්ෂේප කිරීම බුදුරදුන්ගේ ප්‍රසංසාවට ලක් නොවීය.
බුදුරදුන් අන්‍යාගමික ගුරුවරුන් හා පැවැත්වු සුහද සබඳතා පිළිබඳ කරුණු පාලි සූත්‍ර ග්‍රන්ථවල විසිර පවතී. උන්වහන්සේ දහවල් දන් වැළදීමෙන් අනතුරුව සවස් වරුවේ අන්‍යාගමිකයන් ගේ ආරාම කරා වැඩම කළ අවස්ථා බහුලය. එබඳු අවස්ථාවල උන්වහන්සේ ඈත වැඩම කරනු දුටු ඔවුන් තම ශිෂ්‍ය පිරිස නිශ්ශබ්ද කරවමින් බුදුරදුන් ආදරයෙන් පිළිගත් බව ද කියැවේ. “ඔබවහන්සේ වැඩම කරන විට මම ත් මගේ ගෝල පිරිසත් බුදුරදුන් අපට යමක් දේශනා කරතොත් අපි ඊට ඉතා හොඳින් සවන් දෙමු’ යි සිතා ඉතා ආශාවෙන් බලා සිටිමු” යි චූලසකුළුදායී නම් ගුරුවරයා උන්වහන්සේට පැවසීය.
වච්ඡගොත්ත නම් පරිව්‍රාජකයා
බුදුරදුන් තමන් ගේ පුණ්ඩරික ආශ්රමයට පැමිණිවිට පිළිගත්තේ “එන්න ස්වාමීනි, වැඩම කරන්න. ඔබවහන්සේ අද මේ පැමැෙණන්නකෙලකට පසුවයි. ආසනය සූදානම්. වැඩ හිඳිනු මැනැවි” යි කියමිනි. එකිනෙකා මුව සැතින් කපා ගනිමින් කුලල් කාගත් පරිසරයක බුදුරදුන් නිර්මාණය කළ සුහද සබඳතා මෙයින් මනාව තේරුම් ගත හැකිය. මෙම සබඳතාව ගොඩනගා ගන්නට හැකිවූයේ බුදුරදුන් ඔවුන්ගේ ආගම් හෙළා නොදුටු නිසාය.
අන්‍ය ආගමික ශ්‍රාවකයන් තම ආගමට හරවා ගන්නට දැඩි උනන්දුවක් දැක්වීම ගැටුම්වලට හේතු වෙයි. නියම ධර්මාවබෝධය ලබාදුන් විට ආගමට හරවා ගැනීමේ අවශ්‍යතාවක් උද්ගත නොවේ. එය ශ්රාවකයා ගේ සිය කැමැත්ත පරිදි සිදුවන්නට ඉඩ තැබිය යුතුය. බුදුරදුන් විසින් කරන ලද ධර්ම ප්රචාරයේ ලක්ෂණය වූයේ එයයි. බුදුසමය වැළඳ ගන්නට කැමැත්ත පළ කළ ප්‍රසිද්ධ ජෛන ශ්‍රාවකයන් දෙදෙනකු වූ උපාලි හා සීහ යන දෙදෙනාට ම බුදුරදුන් උපදෙස් දුන්නේ ඒ පිළිබඳ ව කලබල නොවන සේය. ඔවුන් තම බලවත් කැමැත්ත පළ කළවිට ද උන්වහන්සේ වදාළේ එසේ නම් පැරණි ආගමික ගුරුවරුනට මෙතෙක් කළ සැලකිලි සංග්‍රහ ආදිය පෙර පරිදි ම නො පිරිහෙළා ඉටු කළ යුතු බව ය. එසේ වූ විට තරඟකාරී හැඟීම් වර්ධනය වන්නේ නැත.බුදුරදුන්ගේ සහනශීලී වූත් ආක්‍රමණ පරවශ නොවූත් සෞම්‍ය ධර්ම ප්රචාරක ක්‍රමය තේරුම් ගැනීමට කදිම සූත්‍රයක් සේ උදුම්බරික සීහනාද සූත්‍රය දැක්විය හැකිය. උන්වහන්සේ දහම් දෙසන්නේ පිරිස් දිනාගන්නට නොව යහමග පෙන්වාදීමට බව එහි මැනවින් ගම්‍ය වෙයි. “නිග්රොධ, මා වරදවා තේරුම් නො ගන්න. මා දහම් දෙසුවේ ඔබ මගේ ශිෂ්‍යයකු කර ගන්නට නොවේ. ඔබගේ ගුරුතුමා තවදුරටත් ඔබේ ගුරුතුමා ම වේවා. උද්දේසය, ගුරුවරයා හා කුසල් අකුසල් යන මේ කරුණු සම්බන්ධයෙන් ඔබ විවේචනය කරන්නට හෝ අපේ පක්ෂයට හරවා ගන්නට මට වුවමනාවක් නැත. ඒ සියල්ල ඔය විදියට ම තිබේවා” යි පවසමින් උන්වහන්සේ දහම් දෙසූ බව එහි වාර්තා වෙයි.
විවෙිචනය කළ යුතු, විමසිය යුතු, වරද පෙන්වා දිය යුතු යමක් දුටු විට උන්වහන්සේ එය පෙන්වා දී ඇත්තේ ඉතා කාරුණික හා හිතෛෂී විලාසයෙනි. ධර්ම දේශනයකදී අනුන්ට ඇණුම් බැණුම් සහින ව සිත් රිදෙන පරිදි කතා නො කළයුතු බවට (අනුපහච්ච කථං) තම ශ්‍රාවකයනට ද උපදෙස් දී ඇත. ඒ වෙනුවට ප්‍රතිවාදීන් ගේ වුවද යහපත් ලක්ෂණ වර්ණනා කර ඇත. පැරණි බ්‍රාහ්මණ සෘෂිවරුන් අභිඤඤ ලබා නෙ සිටියද සීලය හා සෘජුබව වර්ණනා කළ අය යැයි උන්වහන්සේ විසින් පවසා ඇත්තේ එහෙයිනි. (සීලඤ්ච අජ්ජවං අවණ්ණඨෙය්යුං) එමෙන්ම සුනෙත්ත, මුතපක්ඛ, අරනේමි, කුද්දාලක, හත්ථිපාල, ජෝතිපාල හා ආරක යන ගුරුවරුන් ගැන වදාරන බුදුරදහු ඔවුන්ගේ ආගම් අනුගමනය කළ අය ස්වර්ගගාමී වූ බව වදාළහ. මේ උතුමන් කාම රාගය දුරු කළ අය බව ද වදාරා ඇත. (කාමේසු විතාරාගා)
බුදුදහම සියළු ආගම් කෙරෙහි විවෘත හා සුහද ආකල්පයක් දක්න බවට තවත් නිදසුනක් සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ එන සප්ත අපරිහානිය ධර්ම දැක්විය හැක. එහි දී “යාචකීචඤ්ච ආනන්ද වජ්ජී යානි තානි වජ්ජිනං වජ්ජි චේතියානී අබ්භන්තරාති වෙච බාහිරානි තානි සක්කසරිස්සන්ති ගරුකරිස්සන්ති මානෙස්සන්ති පූජෙස්සන්ති තෙසඤ්ච දින්න පුබ්බං කතපුබ්බං ධම්මිකං බලිං නො පරිහාපෙස්සන්ති” යනුවෙන් දක්වා ඇත්තේ පාරම්පරික ආගමික සිද්ධස්ථාන වලට පෙර පටන් කර පුරුදු ගෞරව සත්කාර සම්මාන හා පුද පූජා නො පිරිහෙලා ඉටු කිරීම අපරිහානිය මාර්ගයක් බවය. එමෙන් ම “යාචකීචඤ්ච ආනන්ද වජ්ජීනං අරහනෙත්සු ධම්මිකා රක්ඛාවරණ ගුත්තිං සුසංවිභීකා භවිස්සන්ති..........” යනුවෙන් රහතන් වහන්සේලාගේ ආගමනය ගැන ද දක්වා ඇත. මේ කරුණු දෙක එක්ව ගත් කළ බුදුරදුන් අනුදත් සාමයික සහජිවනය පිළිබඳ පිළිවෙත මැනවින් අගය කළහැකි වෙයි. අත්‍ය සාමයික සිරිත් විරිත් පැවැත්වීම හා සිද්ධස්ථාන ආරක්ෂා කිරීම ගැන බුදුරදුන් මද හෝ අසහනයක් නො දැක්වූ අයුරු මෙයින් මනාව හෙළි වෙයි.
මේ පිළිවෙත හොඳින් තේරුම්ගත් ධර්මාශෝක අධිරාජයා බුදුසමය වැළඳගත් පසු ද ජෛන හා ආජීවක ශ්‍රාවකයනට ආරාම හා ගුහා ඉදිකර පිළිගැන්වූ බව මෙහිදී සඳහන් කළ යුතුව තිබේ. කවර හේතුවක් නිසාවත් වෙනත් ආගම්වලට නිග්‍රහ නොකළ යුතු බව හේ දත්තේය. “අන්‍යයන්ගේ ආගමට නිග්‍රහ කරන්නා තම ආගමට නිග්‍රහ නොකරයි.” යි ඔහු සෙල්ලිපිවල සටහන් කරවූයේ එහෙයිනි. අන්‍යයන්ගේ ආගමට ගෞරව කිරීම තම ආගමට ගෞරව කර ගැනීමකි. ඉතිහාසය පුරාම බෞද්ධ රජදරුවෝ මෙම ආදර්ශය මැනවින් අනුගමනය කළහ. බෞද්ධ විහාරාරාම තුළට පවා අන්‍යාගමික දෙවි දේවතාවන් බාර ගැනුණේ මේ පිළිවෙත අනුවය. ශ්‍රී ලාංකික බුදුසමයෙහි ද බොහෝ හින්දු දේවතාවෝ පුදනු ලැබෙති. එමෙන්ම මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගම්වල ජනයාට ශ්‍රී ලාංකික සමාජයේ කිසිම මර්දනයකින් තොරව තම ආගම් අදහන්නට හා දියුණු කරගන්නට බෞද්ධයන් උදව් කර ඇත්තේද එම ආදර්ශය අනුවය. ලන්දේසි පාලන සමය තුළ ක්‍රිස්තියානි රෙපරමාදු කණ්ඩායම් වලින් අතවර ලත් රෝමානු කතෝලික ක්රිස්තියානීනට දළදා මාළිගය පිහිටි මහනුවර ම රැකවරණ සපයා පල්ලියක් ඉදිකර ගන්නට පවා ඉඩකඩ සැපයුණේද, මේ සහනශීලය නිසා ම ය. එහෙයින් ආගම මුල් කරගෙන කිසිවකු සමග ගැටී අරගල, අර්බූද ඇතිකර ගන්නට බෞද්ධයෝ නො පෙළඹෙති.