තොප්පිගල පුදබිමෙහි ඉතිහාසය හෙළිකරණ නව ශිලාලේඛනයක්
බැරගම සද්ධානන්ද හිමි
සස්නි අමරසේකර
මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි
මාදුරුඔය නිම්නය ආශ්රිත අප්‍රකට පුරාස්ථානවල වැදගත්කම සමාජගත කිරීම අරමුණු කොට පසුගිය දා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්යවරුන් හා සිසුන්ගේ සහභාගීත්වයෙන් මතුපිට පිරික්සුම් සමීක්ෂණයක් සිදු කරන ලදී. මෙම සමීක්ෂණය 2015.03.13,14 සහ 15 දිනවල ක්‍රියාත්මක විණි. පූර්ව නියමයන්ට අනුකූලව සිදුකරන ලද මෙම සමීක්ෂණයේ දී මාදුරුඔය නිම්නය ආශ්රිත කන්දේගමකන්ද, හෙන්නානිගල, තොප්පිගල, කුංචනාමලේ ආදී ස්ථාන සමීක්ෂණයට ලක් වූ අතර තොප්පිගල පුදබිම අපගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය. එහි ප්‍රතිඵලයක් ලෙස වසර දහස් ගණනක් පැරණි සෙල්ලිපියක් සොයා ගැනීමට අප කණ්ඩායමට හැකි විය.
මෙම ලිපියෙහි අරමුණ වන්නේ එම සමීක්ෂණයෙන් හමු වූ සෙල්ලිපිය ආශ්රයෙන් තොප්පිගල පුදබිම පිළිබඳව පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික දෘෂ්ඨ§යෙන් තොරතුරු අධ්‍යයනය කිරීම යි.
ගමන් මාර්ගය හා පිහිටීම
මඩකලපුවේ සිට වාලච්ෙච්න දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ මඩකලපුවට කි: මී: 12 දුරින් කිරාන් හන්දිය හමුවේ. කිරාන් හන්දියෙන් වමට හැරී කිලෝ මීටර් 20 පමණ උතුරු දිශාවට ගමන්කළ විට බටහිරින් මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් හා දකුණු දෙසින් ඔටුනුගල රක්ෂිතයෙන් මායිම්ව පිහිටි තොප්පිගල පුදබිම හමුවේ. වර්ග කිලෝමීටර් 350කින් යුතු ස්වභාවික රක්ෂිතයකට උරුමකම් කියන මෙම පර්වතය මුහුදු මට්ටමේ සිට අඩි 1753 පමණ උසකින් යුක්ත වේ. ද්‍රවිඩ ජාතිකයෝ මෙය කුඩුම්බිමලේ යනුවෙන් හඳුන්වන අතර මුස්ලිම්වරු තොප්පිගල යනුවෙන් ද සිංහලයෝ ආදිපාද හිස්වැසුම ලෙස ද හඳුන්වති. (ඡායාරූප අංක 1) බැරන්ස් නම් ඉංගී්රසි ජාතිකයෙකු තොප්පිගල පර්වතය දැක එය තමාගේ තොප්පිය යෑයි සලකා Barons Cap යනුවෙන් හැ`දින්වූ බව ජනප්‍රවාද මතයකි. (සමරසිංහ 2014(89) මෙම ස්ථානය මීට වසර කීපයකට පෙර කොටි ත්රස්තවාදීන්ගේ නැඟෙනහිර පළාතේ ප්‍රබල කඳවුරු මධ්‍යස්ථානයක් විය. එය විශාල පරිශ්‍රමයකින් පසු රජයේ හමුදාව විසින් සටන් කොට නැවත අල්වා ගන්නා ලදී.

භූ විද්‍යාත්මක ලක්ෂණ අනුව තොප්පිගල ''මොනැඩ්නොක්ස්'' නම් භූ ලක්ෂණය පෙන්නුම් කරන්නකි. මෙවැන්නක් සිදුවන්නේ වසර කෝටි ගණනකට පෙර සිදු වූ පාංශු ඛාදන ක්‍රියාවලිය හේතුවෙනි. මොනඩ්නොක්ස් යනුවෙන් භූ විද්‍යාඥයින් හඳුන්වන්නේ ඉහළට නෙරාගිය ක්ෂේශ කන්දකි.
කෙසේ නමුත් මෙම ගිරි ශිඛරයේ සිට දකුණු දිශාවට 1 1/2 Km පමණ ගමන් කිරීමේ දී සමතලා පෘෂ්ඨයක් සහිත පැතිරුණ ගල්තලාවකි. අපගේ මාතෘකාවට බඳුන් වන තොප්පිගල සෙල්ලිපිය දක්නට ලැබෙන්නේ මෙම ගල් තලාවෙහිය. සෙල්ලිපිය පිහිටි ගල්තලාවට ඉදිරියෙන් උස්ව නැගුණු තොප්පිගල පර්වතය මැනවින් දර්ශනය වේ. ඊට අමතරව සෙල්ලිපියට මීටර් 50ක් පමණ දුරකින් විශාල ස්තූප ගොඩැල්ලක් හා ගල් කුලුනු සහිත ඉදිකිරීමක් දක්නට ලැබේ. එසේම ඊට ආසන්න දුරකින් සිව් දිශාවම ආවරණය වන පරිදි තවත් විවිධ ආරාමික වාස්තුවිද්‍යාත්මක අවශේෂ දක්නට ලැබීම විශේෂ වේ. එම ඉදිකිරීම් අතර ර`ථ නිමාවෙන් යුක්ත ගල් කුලුනු, ගල් පාදම්, ගල් කුලුනු නිෂ්පාදිත ස්ථාන, ස්වභාවික ලෙන් හා පොකුණු මෙන්ම සෙසු බෞද්ධ හා හින්දු මූර්ති, කැටයම් දැකගත හැකිය. මෙම ස්මාරක පිළිබ`දව මීට පෙර යම් තරමක හෝ වාර්තා කිරීමක් සිදුකර ඇත්තේ එල්ලාවල මේධානන්ද ස්වාමීන්වහන්සේ විසිනි. (මේධානන්ද හිමි 2003( 276)
මෙම පුරාවිද්‍යාත්මක නටබුන්වලට මධ්‍යගතව පිහිටි ගල්තලාවේ වෙන් වෙන්ව පිහිටි සෙල්ලිපි දෙකක් දැකගත හැකිවේ. ඉන් එක් ලිපියක් අපගේ අවධානයට යොමුවන සෙල්ලිපිය වන අතර අනෙක් ලිපිය එක් පේළියක් සහිත කුඩා ප්‍රමාණයේ අසම්පූර්ණ ලිපියකි. එය ඇතැම් විට කෙටිමේදී සිදු වූ කිසියම් දෝෂයක් නිසාවෙන් බාගෙට කොටා අත්හැර දමන ලිපියක් ද යන්න නිශ්චිත නැත.
කෙසේ නමුත් අපගේ අවධානයට යොමුවන ප්‍රධාන ලිපිය අක්ෂර පේළි 5කින් යුක්තය. ලිපියෙහි මුල් අක්ෂර පේළි 4 දිග අඩි 4 අ`ගල් 4ක් පමණ වන අතර පස්වැනි පේළිය හෙවත් අවසන් පෙළ දිගින් අඩි 1ක් පමණ වේ. සම්පූර්ණ ලිපියෙහි පළල අඩි 1 අගල් 6 කි. ලිපියෙහි අකුරක ප්‍රමාණය දළ වශයෙන් අ`ගල් 3ක් පමණ වේ.

මෙම ලිපිය මීට ප්‍රථම කිසිවෙකුත් විසින් පිටපත්කොට පෙළ හෝ අර්ථ ඉදිරිපත්කොට නොමැත. එහෙත් එල්ලාවල මේධානන්ද ස්වාමීන්වහන්සේ තම වාර්තාවේ පර්වතයේ කොටනලද සෙල්ලිපියක් විනාශවෙමින් පවත්නා බව වාර්තාකොට ඇත්තේ මෙය විය හැකිය. (එම( 279) ඇතැම් වියතුන්ගේ මතය නම් තොප්පිගල රක්ෂිත, පරිශ්‍රයේ පුරාවිද්‍යාත්මක අවශේෂ හා ඉදිකිරීම් දක්නට තිබුණ ද එහි ඉතිහාසය කාල නිර්ණය කරගත හැකි සෙල්ලිපි දක්නට නොලැබෙන බවයි. දශක තුනකට ආසන්න කාලයක් මෙම ප්‍රදේශයේ පැවැති යුදමය වාතාවරණය හා මෙතෙක් පුරාවිද්‍යාත්මක පර්යේෂණ ප්‍රමාණවත් පරිදි සිදු නොවීම එවැනි නිගමනයන් කරා එළඹීම ට පාදක වී තිබේ.
ලිපියේ පෙළ
1. සිදධම ··යොනලයහ පුත රටිය කණඋපලය (පටි)
2. බනයෙහි වෙව මහ පෙතය තුමහ ලබනක එක මහතර වෙ
3. (ව) කළක මහ විහරටය බමදෙය කොටු මහ පවටහි දිනි පුවි
4. ය මපරුමක සරිසගබොය මහරජ අපයහ චත ලෙගිත ති
5. නවනක වසහි
අර්ථය
යහපතක් වේවා. යොනලය ගේ පුත්‍ර වූ රටික කණඋපලය නමැත්තා පටිබන නම් ස්ථානයෙහි වැවෙහි ප්‍රධාන බද්ද ද තමා සන්තක ඒකමාතර වැව කළකමහාවිහාරයෙහි ප්‍රධාන මුළුතැන්ගෙට බ්‍රහ්මදේය කොට දෙන ලදී. (මෙය) පෘථිවිශ්වර මහා ප්රමුඛ සිරිසඟබෝ මහ රජු ඡත්‍ර නැංවූ තුන්වන වර්ෂයේ දී (දෙන ලදී.)
උක්ත ස`දහනට අනුව කණඋපල නමි රටිකයෙකු හෙවත් ප්‍රාදේශීය පාලකයෙකු විසින් පටිබණ නම් ස්ථානයෙහි වැවක බදු හා තමාට අයිති ඒක මාතර නම් වැවේ බදු කළකමහවිහාරයේ මු`ථතැන් ගෙයට පරිත්‍යාග කිරීම පිළිබ`දව මෙහි කරුණු කෙටුම්පත් වී ඇත.
විමර්ශනය
උක්ත ලිපියෙහි කාලය හා ලිපියෙහි ස`දහන් රාජ්‍ය පාලකයා හ`දුනා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. මේ ස`දහා ක්‍රම තුකක් භාවිත කළ හැකිය.
1. ලිපියේ අක්ෂර ලක්ෂණවල කාලය පිළිබ`ද සැලකිළිමත් වීම.
2. රජුගේ නම පිළිබ`දව සැළකිළිමත් වීම.
3. ලිපියෙහි අන්තර්ගතය පිළිබ`දව සැළකිළිමත් වීම.
ලිපියේ අක්ෂර ලක්ෂණවල කාලය පිළිබ`ද සැලකිළිමත්වීමේ දී විශේෂයෙන් අක්ෂර හැඩ කීපයක ක්රමික වර්ධනය අවධානයට ලක්කළ හැකිය. අ, ක, ත, ද, ම, ඉන් ප්‍රධාන වේ.
රජුගේ නම පිළිබ`දව සැළකිලිමත්වීමේදී සරිසඟබොය මහරජ යනු කවරෙක් දැයි සොයා බැලිය යුතුය. මෙය සඥානාමයක් ලෙස භාවිත කළ පළමු පාලකයා වන්නේ ක්‍රි. ව. 251-253 අතර සමයේ අනුරාධපුරයේ රාජ්‍යයත්වයට පැමිණි සිරි සංඝබෝධි හෙවත් සිරිස`ගබෝ රජතුමා වන්නේය. ධාර්මික පාලකයකු වූ මොහු පංචසීලය රක්ෂා කරමින් වර්ෂ දෙකක් පමණ රාජ්‍යය පාලනය කරමින් සිටියදී දෙවන ගෝඨාභය රජය ආක්‍රමණය කළ නිසාවෙන් රජු වනගත විය. අවසානයේ ඔහුට ජීවිතය අහිමි විය. මහාවංශයේ රජු දුගියෙකුට තම හිස දන්දුන් බව පැවසේ. (මහාවංශය 1955: 36,72-97) අක්ෂර ලක්ෂණ අනුව මෙය කෙසේවත් එම රජුගේ සමයට අයත්වන්නේ නැත. භාවිත අකුරු මෙන්ම මෙම ලිපියේ රජතුමා හඳුන්වා දීමට යොදා ඇති ඇතැම් විරුද නාම ද වැඩි සංවර්ධනීය ලක්ෂණ ප්‍රකට කරයි. උදාහරණයක් ලෙස සරිසගබොය මහරජ යන යෙදුමට පූර්වයෙන් යෙදී ඇති පුවිය මපරුමක යන දෙපදය හා උක්ත යෙදුමට පසුව යෙදී ඇති අපය යන විරුදනාම පිළිබ`දව සැලකීමේ දී පුවියපදය පළමුව ශිලා ලේඛනයක යෙදී තිබෙන්නේ මහල්ලක නාග රජු ගේ පුත්‍ර 2 වන භාතික තිස්ස (143-167) රජුට අයත් අනුරාධපුර යුගයට අයත් කොක්එබේ ලිපියකය. (Ic,Vol,ii,374)
එය පුවය ලෙස එම ලිපියේ යෙදී ඇත. ඒ අනුව මෙම විරුද නාමයේ මුල් ස්වරූපය පුවය බව පෙනී යයි. එම පදය පුවිය වශයෙන් සංවර්ධනීය ලක්ෂණ සහිතව යෙදෙන පළමු අවස්ථාව වන්නේ මහසෙන් රජුගේ පුත්‍ර සිරිමේඝවර්ණ (301-328)රාජ්‍ය සමයේ දීය. ඒ අනුව මෙය සිරිස`ගබෝ රජුට අයත්විය නොහැකිය. නිකොලස් මහතා පෙන්වාදෙන පරිදි පළමු වතාවට මපරුමක යන යෙදුම යෙදී ඇත්තේ කණිට්ඨතිස්ස රජුට අයත් තම්මනකන්ද ශිලා ලේඛනයෙහිය. (නිකොලස් 1967( 147) මපරුමක යන විරුදය සිරිස`ගබො රජුට පෙර යෙදී ඇතත් මෙහි යෙදී ඇති අනෙක් විරුද නාමයවන අපය යන්න පළමුවරට ශිලා ලේඛනයක යෙදී ඇත්තේ ද කිත්සිරිමෙවන් (301-328) රාජ්‍ය සමයට අයත් කරඹගල ලිපියකය. එහි ස`දහන්ව ඇත්තේ පුවය මපුරුමක මහසෙන මහ රජහ පුත සිරිමෙක----- රජ අපය යනුවෙනි.(EZ, Vol iv,224) මේ අනුව අපය යන අභිධානය ශිලාලේඛනවල යෙදෙන්නට වී ඇත්තේ ද ඉහත සඳහන් කළ සිරිස`ගබෝ රජුගේ රාජ්‍යත්වයෙන් වසර 50කට පමණ පසුවය.එසේම කාල නිර්ණය සඳහා උපකාරවන තවත් ඉතා වැදගත් පදයක් වන්නේ මෙහි එන බමදෙය යන පදයයි. මෙතෙක් ප්‍රකාශිත කිසිදු ලේඛනයක ක්‍රි( ව( 9වන සියවසට පෙර ශිලා ලේඛනයක මෙම පදය යෙදුනු බවට සාධක නොමැත. ඒ අනුව තොප්පිගල ලිපිය බමදෙය යන පදය භාවිත පැරණිම ලිපිය වීමට බෙහෙවින් ඉඩකඩ ඇත. එසේ නම් තොප්පිගල ලිපියෙහි සඳහන් සිරිසගබොය අභිෂේක නාමය දැරු රජු කවුරුන්දැයි සොයාබැලිය යුතුය.
කල්යත්ම මෙම ස`ගබෝ රජු ජන සමාජය තුළ පරමාදර්ශී චරිතයක් වූ බව පෙනීයයි. ඔහුගේ රාජ්‍ය පාලන සමයේ කළ දැහැමි ක්‍රියා, ගැටුමකට නොගොස් රාජ්‍ය අත්හැරීම, දුගියෙකුට හිස දන්දීම ආදී කරුණු මේ සඳහා බලපාන්නට ඇත.
මේ අනුව ක්‍රි.ව. 7 වැනි සියවස පමණ වනවිට රාජ්‍යයත්වයට පත් බොහෝ පාලකයන් ජනතා පක්ෂපාතිත්වය හා ප්‍රසාදය ඇති කර ගැනීම සඳහා විටින් විට 'සිරිස`ගබෝ' නාමය අභිෂේක නාමය ලෙස ආදේශ කර ගත් බව මූලාශ්රවල සඳහන් වේ. (ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසය, 1964,1.1.185)
වංශකතා සාධකවලට අනුව සිරිස`ගබෝ රජතුමාට පසුව මෙය විරුදයක්ලෙස ප්‍රථමයෙන්ම ආරූඪ කරගත් රජු වන්නේ iii වන අග්ගබෝධි (ක්‍රි.ව. 624-640) රජතුමාය. (මහාවංශය 1955,42,370) (පූජාවලිය, 1986,34,780) මෙතුමාගේ පළමුවන රාජ්‍ය කාලය මාස 6කට පමණක් සීමාවන අතර දෙවනවරට රජවන iii වන අග්ගබෝධි හෙවත් සිරිසගබෝ වර්ෂ 16ක් පමණ රාජ්‍යය විචාරනු ලබයි. (ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසය 1964, 1,1,299) දෙවන වර රජවීමෙන් පසුව සිරිස`ගබෝ අභිධානය ආදේශ කරගත් මෙතුමා පිළිබඳව වාර්තාකර ඇත්තේ රජුගේ පාලන කාලය තුළමුල් වර්ෂ 12 ඇතුළත යම් යම් ආගමික සත් ක්‍රියාවන්වල නිරත වූව ද පසුකාලීනව අවස්ථා කිහිපයක දී අභියෝග ගණනාවකට මුහුණ දීමට රජුට සිදුවූ බවය. (මහාවංශය 1955, 42, 370-371) එම දේශපාලනික අස්ථාවර කාලපරිච්රේදය තුළ රජු තම රාජධානිය ආශ්‍රිතව යම් යම් ආගමික ඉදිකිරීම් හා පරිත්‍යාගයන් සිදු කළ ද දිවයිනේ සෙසු ප්‍රදේශවල එවැනි ඉදිකිරීමක් සිදු කළ බවක් වංශ කතාවල සඳහන් නොවේ. ඒ අනුව මෙතුමා අගනුවරින් දුරස්ථ ආගමික ස්ථාන පිළිබඳව අවධානය යොමු කළ බව උපකල්පනය කිරීම යුක්ති සහගත නොවේ.
සිරිස`ගබොය අභිෂේක නාමය ආරූඪ කර ගත් අනෙක් පාලකයා වන්නේ iv වන අග්ගබෝධි (ක්‍රි.ව.673-689) රජතුමාය. තම අභිෂේකයෙන් පසුව සිරිස`ගබෝ නාමය ආදේශ කරගත් මෙතුමා වර්ෂ 16 ක් පමණ කාලයක් සාර්ථක හා ධාර්මික පාලකයකු ලෙස පාලන බලය මෙහෙය වු බව සඳහන් වේ. (මහාවංශය 1955,44,378) (පූජාවලිය 1986,34,780) අතිශයින් ධාර්මිකයකු වු මෙතුමා දිවයිනේ නොයෙක් ප්‍රදේශවල වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රත්‍යය පහසුකම් පූරණය කළ පාලකයකි. තවද මහාවිහාරය ප්‍රතිසංස්කරණය කළ මෙතුමා දාඨාසිව නම් තෙරුන් වහන්සේ නමකට භාවනා ගෘහයක් කරවා භික්ෂුන්ගේ ප්‍රත්‍ය පහසුකම් සඳහා භරත්තල, කිහිම්බිල, කතක, තුලාධාර ආදි භෝග උපදනා ගම් පූජා කර ඇත. එසේම තුන් නිකායික භික්ෂුන්ගේ ආරාම සඳහා ගම් දහසකට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කළ බව සඳහන් වේ. (මහාවංශය 1933, 44, 378)
එපමණක් ද නොව රජතුමාගේ පාලන ව්‍යහයට සම්බන්ධ මණ්ඩාලාධිපතීන් හෙවත් ප්‍රධාන රාජ්‍යය නිලධාරීන් ඒ ඒ ප්‍රදේශවල රජ අණ පරිදි විහාර ආරාමය කරවා යම් යම් පරිත්‍යාග සිදු කිරීම විශේෂ වේ. (ලංකා විශ්වවිද්‍යාලය ලංකා ඉතිහාසය 1964,1,1,301) රාජ්‍ය පරිපාලන කටයුතු සඳහා සහය දැක්වු දමිල සෙන්පතියෝ ද ඒ ඒ ප්‍රදේශවල ආරාම තනවා භික්ෂුන් වහන්සේලාගේ සිව්පසය පිණිස නියම් ගම්, වැව් හා දාසියන් පරිත්‍යාග කළ බව සඳහන් වේ. (මහාවංශය 1955,44,378-379) මේ අනුව iii වන හා iv වන අග්ගබෝධි යන රජවරු දෙපළම මෙම අභිධාන නාමය භාවිතයට ගෙන ඇති හෙයින් මෙය ඉන් කවරෙකුට අයත්විය හැකිදැයි මදක් ගැට`ථ සහගතය මෙම රජවරු දෙදෙනා අතර කාල පරතරය වන්නේ ද වසර 28ක් පමණය. එහෙත් අපගේ වැඩි විශ්වාසය වන්නේ තොප්පිගල ශිලාලේඛනයෙහි ස`දහන් පුවිය මපරුමක සරිස`ගබොය මහරජ අපයයනු iv වන අග්ගබෝධි රජු වියහැකි බවය. රජතුමාගේ පාලන ව්‍යහයට සම්බන්ධ මණ්ඩාලාධිපතීන් හෙවත් ප්‍රධාන රාජ්‍යය නිලධාරීන් ඒ ඒ ප්‍රදේශවල රජ අණ පරිදි විහාර ආරාමය කරවූ බව වංශකථා තහවුරු කිරීම මෙම නිගමනයට වැඩි සාධක සපයයි. පහත කරුණ ඉන් ප්‍රධාන වේ.
රටිය කණඋපලය
මෙම සෙල්ලිපියෙහි සඳහන් අනෙක් ප්‍රධාන පුද්ගල චරිතය වන්නේ රටිය කණඋපලය නම් තැනැත්තාය. මෙහි යෙදී ඇති රටිය යනු තනතුරු නාමයක් වන අතර කණඋපලය යනු පුද්ගල නාමයක් බව පැහැදිළි වේ. සී. ඩබ්ලිව්. නිකොලස් පෙන්වාදෙන පරිදි ක්‍රි( ව( 1 වැනි සියවසේ දී මෙය පළමුව ශිලාලේඛනවල රටික වශයෙන් යෙදී තිබී පසුව ක්‍රි( ව( 2වන සියවසෙහි කිසියම් අවධියකදී රටිය වශයෙන් සෙල්ලිවල යෙදී ඇත. ක්‍රි( ව( 4,5 සියවස්වල සෙල්ලිපිවල මෙම තනතුර වඩාත් යෙදෙනබව දක්වන නිකුලස් මෙයින් රට නම් පාලන ඒකකයන් පාලනය කළ නිලධාරියෙකු අර්ථවත වන බව කියයි. (නිකොලස් 1967( 167) කෙසේ නමුත් රට නමින් හැ`දින්වුණු පරිපාලන කොට්ඨාශවල රාජ්‍යය සේවාවෙහි නිරතව සිටි රාජ්‍යය පරිපාලන ව්‍යහයට සම්බන්ධ නිලධාරියකු මින් කියෑවෙන බව පැහැදිලිය. Ic,Vol,v,ii,36,B25) ක්‍රි. ව. 2-7 සියවස්වලට අයත් ලිපිවල රටි යන වචනය සඳහන් වේ. (Ic,
Vol,ii 74 ඒ අනුව කණඋපලය යන සංඥා නාමය ඇති මෙම පුද්ගලයා වංශකතාවල සඳහන් වන පරිදි සිව්වැනි අග්ගබෝධි රජු විසින් පත්කළ මණ්ඩලාධිපතියෙකු විය හැකිය. මෙම තොප්පිගල ලිපියේ සාධකවලට අනුව කණඋපලයගේ පියා යොනල නම් තැනැත්තෙකි.
පුවිය
මෙය පුවිය, පුවය, පුවිහ යන විවිධ රූප කිහිපයකින් යෙදේ. භූපක ශබ්දයෙන් භින්න යයි ද, භෝජ්‍ය ශබ්දයෙන් භූමිය කියා ප්රාකෘතව පරිණාමය වී පුවිය වූ බව සඳහන් වේ. තව ද පුර්විය, පුර්වජ ශබ්දවලින් පැමිණි යෑයි ද මතයකි. එසේම රාජ්‍ය අර්ථයෙන් යෙදුණු පර්යාය නාමයක් ලෙස ද කියෑවේ. (අමරවංශ 1969,140) ක්‍රි.ව.3-5 සියවස්වල නියෝජනය කරන සෙල්ලිපිවල බහුලව දක්නට ලැබෙන මෙම වචනය, දිනය හෝ කාලය හඟවන බව ද පිළිගත් තවත් මතයකි. (Ic, Vol,ii 37)
මපරුමක
මහා ප්රමුඛඝමපරුමුක > මපුරුමුක> මපුරුමුය >මපුරුම යනුවෙන් නිෂ්පන්න ය. රජුන් හා වෙනත් ප්‍රභූන් හැඳින්වීම සඳහා විශේෂ වශයෙන් මෙම විරුදනාමය සෙල්ලිපිවල දක්නට ලැබේ. (Ic.Vol. ii,91-7) පරුමක යන්න ප්‍රාදේශිය නිලධාරීන්ටත් මපුරුමක යන්න රජවරුන්ටත් භාවිත කළ බව පෙනේ. (අමරවංශ 1969, 202)
ලෙගිත
මූල සිංහල භාෂාවට (ක්‍රි.පූ.3-ක්‍රි.ව.1) ලගික වශයෙන් විකාශය වන්නට ඇතැයි විශ්වාස කරන මෙම රූපය මුල්වරට පුරාණ සිංහල යුගය (ක්‍රි.ව.2-7) නියෝජනය කරන සෙල්ලිපිවල දක්නට ලැබේ. ලගිතක, ලෙගිතක ආදි රූප කිහිපයක් දක්නට ලැබෙන අතර 'ක' ප්‍රත්‍යය අධික ප්‍රත්‍යයක් ලෙස ද සඳහන් වේ. මධ්‍යකාලීන සිංහල යුගය (ක්‍රි.ව.7-13) වනවිට ලගික > ලෙගික වීම ද දක්නට ලැබේ. (ඩයස් 1996,45)
තිනවනක වසහි
තුනට පැමිණි වර්ෂයෙහි යන අර්ථය දෙයි. (සිරිසඟබෝ රජු සේසත් එසවූ වර්ෂයෙන් තෙවැන්නට පැමිණි වර්ෂයෙහි) තින අවනක එක්වීමෙන් තිනවනක ශබ්දය සෑදී ඇත. අවනක ශබ්දය වුව ද ආදි ලෝපයෙන් තින+අවනක තිනවනක විය හැකිය. (විමලකිත්ති, 2004,102)
ආගමික තොරතුරු
තොප්පිගල ශිලා ලේඛනයෙහි ඇතුළත් කරුණු අතර තත්කාලීන සමාජය තුළ පැවැති කලාපීය ආගමික පසුබිම පිළිබඳව කරුණු ද විශේෂ වේ. විශේෂයෙන්ම ලිපිය පිහිටු වීමෙහි මූලික අරමුණ වන්නේ ද, කළක මහාවිහාරයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාගේ සිව්පසය පවත්වාගෙන යාම සඳහා කටයුතු සම්පාදනය කිරීමයි. එය කළක මහ විහරටය බමදෙය කොටු මහ පවටහි දිනි යන යෙදුමෙන් පැහැදිලි වේ.
වර්තමානයේ තොප්පිගල ලෙස ප්‍රසිද්ධියට පත් ස්ථානය ක්‍රි.ව. 7 වන සියවස පමණ වන විට 'කළක මහ වෙහෙරැනමින් ව්‍යවහර වන්නට ඇත. ප්‍රධාන ආගමික ආයතනය ලෙස ක්‍රියාත්මක මෙය රාජ්‍ය පාලකයන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වන්නට ඇත. ඒ අනුව වර්තමාන තොප්පිගල පුදබිම ලෙස හ`දුන්වන විහාරයේ පැරණි නාමය කළක මහ විහාරය විය හැකිය.
බමදෙය
බ්රහ්මදෙය්යය වශයෙන් ආපසු පවරාගත නොහැකි අයුරින් දෙන දීමනාව යන අරුත් දෙයි. මෙම පදය ඇතැම් ලේඛනවල යෙදී ඇත්තේ බම්බදෙයෙන් යනුවෙනි. අත්තාණි පරිහාර දීමනාවල සුලභව මෙම යෙදුම දැකගත හැකි වේ. (EZ, Vol,iv,8,D6-9)
මහපවට
මහපවට මහපාකවට්ට යන වචනයෙහි අරුත් කිහිපයකි. මහ මුළුතැන්ගෙය හෝ මුළුතැන්ගෙයි පිසීම සඳහා යන වියදම මහ පවට නම් වේ. (EZ,Vol,vi,42,8-9) තවද පා.මහා- පත්ත වට්ටම් 'විශාල පාත්‍රය' යන අර්ථය මහ පා යන්නෙන් ලැබේ. විශාල ප්‍රමාණයෙන් යුතු විහාරයක තබන ලද පාත්රයකට පිසීමට වුවමනා කරන හාල් ආදිය තැන්පත් කිරීමට යොදාගත් භාජනය මහ පවට යනුවෙන් හදුන්වා ඇත. (මුදියන්සේ, 2000,290)
ආර්ථික තොරතුරු
තත්කාලීන කලාපීය ජනජීවිතයේ පැවති ආර්ථික රටාව පිළිබඳව ද තොප්පිගල ශිලා ලිපියෙහි දැක්වේ. විශේෂයෙන්ම ක්‍රි.ව. 7වන සියවස වන විට කලාපීය ආර්ථිකය පෝෂණය කළ පටිබනය හා ඒකමාතර වාරිපද්ධති දෙකක් පිළිබඳව ලිපියෙහි තොරතුරු අන්තර්ගතය. සෘජු රාජ්‍යය අනුග්‍රහය යටතේ සක්‍රීයව පැවති වාරි කර්මාන්තය පිළිබඳව කරුණු සඳහන් වන අතරම විහාර ආරාමවලට පරිත්‍යාග කිරීමට පවා ප්‍රමාණවත් දියුණු ආර්ථික පද්ධතියක් පැවති බව ද වක්‍රව කියෑවේ.
ඊට අමතරව සමකාලීන වාණිජ කටයුතු සඳහා භාවිත කළ 'මහ පෙතය' හෙවත් වැව්වලින් ලබා ගන්නා ප්‍රධාන බද්දක් පිළිබඳව ද කරුණු අන්තර්ගතය. (In.Vol. ii,41,5,51,3) එසේම තමාට අයිති තමා සන්තක කොටස හැ`දින්වීම ස`දහා ද පෙතය යන යෙදුම යොදා ඇති බව ද තවත් මතයකි. (In.Vol. ii,103.1)
සාමාජීය තොරතුරු
තොප්පිගල ශිලා ලිපියෙහි තත්කාලීන ජන ජීවිතය හා සම්බන්ධ තොරතුරු ඇතුළත්ව තිබීම ද විශේෂ වේ. පොදුවේ සමකාලින සමාජයේ පැවැති දේශපාලනික, ආගමික, ආර්ථික, සංස්කෘතික, සමාජ ස්ථරයන් හා සම්බන්ධ තොරතුරු අඩු වැඩි වශයෙන් ලිපියෙහි අන්තර්ගත වේ. විශේෂයෙන්ම යොනලයහ, රටිය, කණඋපලය, මපරුක ආදි සමකාලීන කුල හා පුද්ගල නාම සඳහන් වනවා සේම කළක, බනයෙහි, ඒකමාතරි ආදි ස්ථාන නාම පිළිබඳව ද තොරතුරු අන්තර්ගත වේ.
විශේෂයෙන්ම ප්‍රාදේශීය පාලන ව්යqහයක් යටතේ කලාපීය කෘෂිකර්මාන්තය මත පදනම් වූ සමාජ හා පුද්ගල ජීවිතය පෝෂණය වූවා සේම අධ්‍යාත්මික ජීවිතයට අදාළ සම්පත් සාධනයෙහිලා පාලකයාගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා සියලුම සමාජ ඒකකයන් යොමු වන්නට ඇත. එය හුදෙක්ම සමකාලීන සමාජයේ පැවති ස්ථාවර දේශපාලන පසුබිම හා බෞද්ධ ප්රබෝධය මත සිදුවන්නට ඇති බව උපකල්පනය කිරීම යුක්ති සහගතය.
ආශ්රිත ග්රන්ථ නාමාවලිය
අභිලේඛන 1990, වෝථම 1, සංස්: නන්දදේව විඡේසේකර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
අමරවංශ හිමි, කොත්මලේ, 1969, ලක්දිව සෙල්ලිපි, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.
ඩයස් මාලනි, 1996, ශිලා ලිපි සංග්‍රහය, වෙළුම 111, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
නිකොලස්, සී. ඩබ්ලිව්. 1967: තනතුරු සහ නිලනාම කීපයක් සාහිත්‍ය මණ්ඩලීය ලිපිමාලා සරසවි මුද්‍රණාලය, ගම්පහ.
පූජාවලිය 1986, මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ
මහාවංශය, 1959, බුද්ධ දත්ත මහ තෙරුන් වහන්සේ, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.
මුදියන්සේ නන්දසේන 2000, සිංහල ශිලාලේඛන සංග්‍රහය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.
ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, 1964, වෝථම 1, කාණ්ඩය 1, සංස්, මහාචාර්ය හේම චන්ද්රරාය, ඇතුළු පිරිස, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය.
විමලකිත්ති හිමි මැදඋයන්ගොඩ 1954, ශිලාලේඛන සංග්‍රහය, වෙළුම III දොඩන්ගොඩ සහ සමාගම, මොරටුව
විමලකිත්ති හිමි මැදඋයන්ගොඩ 2004, ශිලාලේඛන සංග්‍රහය, වෝථම 1, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10
සමරසිංහ ශ්‍යාමා, 2014, හයවන කලාපය, 'ආදිපාද හිස් වැස්ම සොයා ගිය ගමනක්', සංස්. ශ්‍යාම් සමරසිංහ 'මිහිතුරු', එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම, කොළඹ.
සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, 2004, සංස්. සිරිමල්රණවැල්ල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ 07
Epigraphia Zeylanica, Volumes, II, III, IV, VI Published for the government of Ceylon by Humphrey Mil Ford Oxford University Press Amen House. Inscriptions of Ceylon, Volumes, I,II, V Department of Archaeological Survey පිළිබඳව කරුණු සඳහන් වන අතරම විහාර ආරාමවලට පරිත්‍යාග කිරීමට පවා ප්‍රමාණවත් දියුණු ආර්ථික පද්ධතියක් පැවති බව ද වක්‍රව කියෑවේ.