අභිධර්මය ප්‍රාඥයින්ට පමණක්ද ?
බුදුරජාණන් වහන්සේගේ ධර්මය සූත්‍ර, විනය, අභිධර්ම යයි පිටක වශයෙන් තුනකට බෙදා තිබේ. බුදුන් වහන්සේ ලෝකයාත්, සත්වයාත් පිළිබඳ යථා තත්ත්වය තත්ත්වාකාරයෙන් දේශනා කළහ. එය කිසිම සූත්‍රයක සඳහන් නොවේ. ඒ සා විශාල කාරණයක් සූත්‍රයක විස්තර කළ හැකිද නොවේ. සූත්‍රවල සඳහන් වන්නේ එක්තරා කොටසක් පමණකි. ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් එන එකම ධර්මය අභිධර්මයයි. අභිධර්මය උගත් කෙනෙකුට එහි හරි අවබෝධය ලැබුණු විට වැටහෙන කාරණයකි මේ. සූත්‍රයක් දෙකක් තුනක් උගත් පමණෙකින් ධර්මය පිළිබඳ හරි වැටහීමක් නො ලැබේ.
බුදුදහමේ එන හේතුඵල වාදය ඉතා විශිෂ්ට ධර්මයකි. බුද්ධිමත් ජනයාට බුදුදහම එක හිතින් අනුමත කළ හැක්කේ ද මේ හෙයිනි. ඒ හේතුඵල වාදයද ක්‍රම කීපයකින් දේශනා කර ඇත. එය ඉතාම කෙටියෙන් වදාළ ක්‍රමය චතුරාය¸ සත්‍ය ක්‍රමයයි. තීක්ෂණ ප්‍රඥාව ඇති තැනැත්තාට හේතුඵල ක්‍රමය අවබෝධ වීමට චතුරාය¸ සත්‍ය ක්‍රමය සෑහේ. පටිච්ච සමුප්පාදය තරමක් විස්තර කොට දෙසූ හේතු ඵල ක්‍රමය වෙයි. එයද ඉගෙනීම ලබන කෙනෙකුට ප්‍රසාදය ඇතිවන දහමකි.
පට්ඨානය සවිස්තර හේතුඵල ක්‍රමය වෙයි. ලෝකයෙහි ඇති සියලුම ඵල ධර්මයන්ට උපකාර වන ධර්ම මෙන්ම ඒ උපකාරක ධර්මයන්ගේ නා නා විධ උපකාර වන ආකාරයන්ද සවිස්තරව සර්ව සම්පූර්ණයෙන් දේශනා කර ඇත්තේ පට්ඨාන ධර්මයෙනි. එහි එන ණය ක්‍රමවල ගැඹුරු බව, පළල් බව, සම්පූර්ණ බව වැටහෙන්නේ එය උගත්විටය. ලොව ඇති උසස්ම දර්ශනය එය වෙයි. එහෙත් අභිධර්මය බුද්ධ දේශනාවක් නොවේය පසුව සකස් කර ගන්නා ලද දහමක් යයි විශ්වාස කරන හෙයින් එහි ඇති අගය නොවැටහීම ඉමහත් අභාග්‍යයකි. ඔවුන් ඒ අභාග්‍යයෙන් මිදවීමට කිසිකලක හැකි නොවේ. ඒ දෘෂ්ටියෙන් ඇති බරපතළ කම නිසා අත්හල හැකි නොවේ.
අභිධර්මයේ විස්තර වන කරුණු සතරකි. එනම්, චිත්ත චෛතසිකය, රූප, නිර්වාණ යන කරුණු සතරයි. එයින් මුල විෂය තුන ලෞකික වෙයි. නිවන, ;ලීකෝත්තර තත්ත්වයකි.
චිත්ත චෛතසික දෙක එකට ඇති වන එකටම සම්බන්ධ වී පවතින වෙන් කළ නොහැකි දහමක් හෙයින් ලෝකයෙහි නියම මානසික ශාස්ත්‍රය අභිධර්මය බව කිව හැකිය. අබිදහම ඇතැමෙකුට හලාහල විෂක් ලෙස පෙනුනත් එය සියලුම මානසික දුබලකම් නැති කොට මානසික ශක්තිය වර්ධනය කරන දහමක් ලෙස හැඳින්විය හැකිය.
හැම දෙනාටම යම් යම් මානසික දුබලකම් ඇත. ඒවා මානසික දුබලකම් නොව සමාජයේ හෝ ග්‍රහයන් ගේ හෝ වෙනයම් කෙනෙකුගේ වරදක් ලෙස පෙනෙන හෙයින් ඔවුනට කිසිකලක ඒ මානසික දුබලකමින් ගොඩවිය හැකි නොවේ.
මිනිසුන්ගෙන් සියයට වැඩි කොටසකට එක හිතින් ස්ථිර අධිෂ්ඨානයෙන් වැඩක් කළ හැක්කේ කීයෙන් කී දෙනාටද, නිතර වෙනස්වන සිතිවිලි ඇති අධිෂ්ඨාන ශක්තියක් නැති ඔවුන්ට “ගහෙන් ගහට ගිය මිනිසා තෙමී නසී” යන කියමන අනුව පිරිහීමට පත්වීමට සිදුවේ. ඔවුනට ඒ දුබලකම මඟහරවා ගෙන මිනිසකු වශයෙන් ඉදිරියට යාමට හැකිවීම අභිධර්මය ඉගෙනීමෙන් සිදුවන ආශ්චර්යමත් දෙයකි.
මිනිස් ජීවිතය තරම් වටිනා අන් ජිවිතයක් නැත. එයට සමාන කළ හැකි අන් කිසිවක් නැත. මිනිස් දිවිය අසාර්ථක දෙයක් වී ඇත්තේ තමා පිළිබඳව නොදත් හෙයිනි. ජීවිතයෙන් ලැබිය හැකි උපරිම ප්‍රයෝජනය ලැබීමට තමා පිළිබඳව උගත යුතුය. තමා පිළිබඳ යථා තත්ත්වය අභිධර්මයේ හැර අන් කිසිම දර්ශනයක නැත. ලොව අන් හැම දාර්ශනිකයකුටම පෙනී ගියේ එයින් කොටසකි. නැතහොත් වෙනමම දෙයකි.
අභිධර්මයේ උගන්වන පරිදි සිත් සියල්ලම සොම්නස්, දොම්නස්, උපේක්ෂා හෙවත් මැදහත් වශයෙන් තුනකට බෙදිය හැකිය. අප නිතර සිටින්නේ සිතිවිලිවලිනි. ඒ සිත් නොදන්නා හෙයින් සොම්නසින් කාලය ගෙවීමේ භාග්‍යය නො ලැබී තිබේ. බාහිර පරිසරය සකස් කිරීමෙන් පී‍්‍රතිය සොම්නස ලබා ගැනීමේ අදහසින් පරිසරය සකස් කිරීමටම ආයු කාලය ගෙවී යයි. එනිසා ලොව විසූ කිවියන්, කලා කාරයන්, දාර්ශනිකයන්, විද්‍යාඥයන්, තැවි තැවී නොසතුටින් මරණයට පත් වූ බව සත්‍යයකි. ලොවට පරමාණු බෝම්බය නිපද වූ විද්‍යාඥයෝ පවා සිත් තැවුලෙන් මරණයට පත් වූහ. සෙස්සන් ගැන කියනුම කීම ? සොම්නස් දොම්නස් මැදිහත් සිත් හැඳින ගත්විට සොම්නස් සිත්වලින් යුක්තවී සතුටින් විසිය හැකිය. බැරිම නම් මැදහත්ව විසිය හැකිය. සොම්නස්, මැදහත් සිත් කොතෙකුත් තිබිය දී දොම්නස් සිත්වලින් සිත නරක් කරගෙන සිටීමට වරදකරුවෝ කවරහුද ?
අපේ ඇස්, කන්, නාසාදී ඉන්ද්රියයන් පිහිටා ඇත්තේ බාහිර දේ බැලීම දැනීම සඳහා වෙයි. ඒ ස්වාභාවික බලය නිතර අනුන් ගැන සොයයි. අනුන් ගුණ දොස් ගැනම හාරා අවුස්සා බලයි. වරදක් කොතැනක හෝ අසුවන තුරා හොය හොයා ගොස් වරද දුටු තැන සතුටු වෙයි. ඇති අපමණ ගුණ පසෙක දමා වරදෙහිම රැඳෙයි. ඒ නිසාම තමා හිස් පුද්ගලයෙකු වන බව නොදැනීම මහා පුදුමයකි. අනුන් ගැනම සිතන කතා කරන පුද්ගලයා තුළ කිසි කලක ගුණය තැන්පත් නොවේ. තමා ගුණවත් වීමට තමා ගැන සිතිය යුතුය. තමා දෙස බලා තම අධ්‍යාත්මය සකස් කර ගැනීමට අභිධර්මයේ එන මානසික විග්‍රහය බොහෝ දුරට උපකාරී වේ.
අභිධර්මයේ එන ප්‍රධාන සිත් කොටස් දෙකකි. ආශාව හා තරහවයි. කෙනෙකුට ආශා කරයි. තවෙකෙකුට තරහ වෙයි. ආශා කරන තැනැත්තා ඈත් වී තරහ වූ තැනැන්තා ලංවෙයි. මේ නිසා පි‍්‍රය විප්‍රයෝග දුක්ඛයෙන් අපි‍්‍රය සම්ප්‍රයෝග දුක්ඛයෙන් නිතර පීඩාවට පත් වෙයි. අභිධර්මයේ එම මානසික විග්‍රහය මේ දුක් දෙන ක්‍රමයෙන් අඩුකර ගැනීමට මඟපෙන්වයි.
මිනිසා විසින් උගත යුතු දේ එමට තිබේ. සමාජයේ ජීවත්ව මිනිස් ඇසුර ලබාගෙන ඔවුනොවුන් සමඟ සහයෝගයෙන් ජීවත්වීමට පුහුණුවීම පළමුවන ඉගෙනීම වෙයි. ඇතැම් මහ පඬිවරුණට සමාජය ඇසුරු කළ හැකි නොවේ. අන්තිමට සමාජය අපි‍්‍රය වී තනි වී දුකින් තැවි තැවී මරණයට පත් වන්නට සිදු වේ. ඒ බව ඔහුට කිසිකලක තේරුම් ගත හැක නොවේ. ඒ නිසා එම දුබලකමින් මිදිය හැකිද නොවේ.
අභිධර්මය උගෙන තමා පිළිබඳ අවබෝධය ලැබීම සමාජයේ පි‍්‍රය පුද්ගලයෙකු වී සමාජ ගෞරවය සැලකිලි ලබා පී‍්‍රතිමත් ජීවිතයක් ගෙවීමට මඟ පෙන්වයි. මිනිස් දිවිය ආලෝකමත් කරන මිනිසා යහමග ගෙන යන අබිදහම අතැමුනට අපි‍්‍රය වූයේ ඇයිද යන්න විසඳා ගත නොහැකි ප්‍රශ්නයක් වී තිබේ.
මේ තුන්ලොව සව්ස ත
මෙත් සිත් කැර උනුන් වෙ ත
වැඩෙමින් ඇති සැප ත
නිදුක් වෙත්වා ලැබ නිවන් සෙ ත
සඳහම් පවති වා
යෙහෙන් රජ රට රකි වා
කලට වැසි වසි වා
ලොවැසි සැමහට දිගාවේ වා
සිරි රහල් හිමි,
අනුරාධපුර බුද්ධශ්රාවක ධර්ම පීඨයේ,
අභිධර්මය පිළිබඳ කථිකාචාර්ය.
කොඩිකාරආරච්චි