අභිධර්ම පිටකය තුල විනය සහ සූත්‍ර පිටක පිලිබදව අර්ථදක්වන අයුරු මෙම පහත සඳහන් පොතේ පිටු 14ම සම්පුර්ණයෙන් කියවා අවබෝධ කරගන්න
පහත සදහන් මුලාශ්‍ර තුලින් විනය සහ සූත්‍ර පිටකයන්ගේ අභිධර්මය පිලිබදව සදහන් වන ආකාරය විග්රහ කර ඇත ..!
දෙව්ලොව අභිධර්මය දේශනා කරන අතරතුර පිණ්ඩපාතය පිණිස මනු ලොවන වැඩමවන තථාගතයන් වහන්සේ එම දේශනාව සංක්ෂේප කොට මාතිකා වශයෙන් සාරිපුත්තයන් වහන්සේ වෙත වදාලහ. එයින් ප්රකරණ සයක් උන්වහන්සේ විදාරණය කර දක්වමින් සිය සිසු පරපුර වෙත උගන්වා වදාලා. අභිධර්මය සම්බන්ධව නොයෙකුත් සසුන් ප්‍රතිරූපකයන්ගේ මතයන් බිඳිනු පිණිස ද, ධර්මයාගේ දිගු කල් පැවැත්ම පිණිස දනිසි කල් එළැඹි කල්හි මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ විසින් සත්වන ප්‍රකරණය ද ප්‍රශ්නෝත්තර ක්‍රමයට දේශනා කොට වදාලා.
ප්රකරණ සතම බුද්ධ භාෂිතම බැව් විනය පිටකයේ
පැහැදිලිවම දක්වා තිබෙනවා.
විනය පිටකය, පරිවාර පාලිය
" කෙ සික්ඛිතසික්ඛාති? අරහන්තො සික්ඛිතසික්ඛා . කත්ථ ඨිතන්ති? සික්ඛාකාමෙසු ඨිතං. කෙ ධාරෙන්තීති? යෙසං වත්තති තෙ ධාරෙන්ති. කස්ස වචනන්ති? භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. කෙනාභතන්ති? පරම්පරාභතං –
3.
උපාලි දාසකො චෙව, සොණකො සිග්ගවො තථා;
මොග්ගලිපුත්තෙන පඤ්චමා, එතෙ ජම්බුසිරිව්හයෙ.
තතො මහින්දො ඉට්ටියො , උත්තියො සම්බලො තථා;
භද්දනාමො ච පණ්ඩිතො.
එතෙ නාගා මහාපඤ්ඤා, ජම්බුදීපා ඉධාගතා;
විනයං තෙ වාචයිංසු, පිටකං තම්බපණ්ණියා.
නිකායෙ පඤ්ච වාචෙසුං, සත්ත චෙව පකරණෙ;
තතො අරිට්ඨො මෙධාවී, තිස්සදත්තො ච පණ්ඩිතො."
මෙහි පළමු මහා සංගායනාවේ උපාලි මහ රහතන් වහන්සේගේ සිට සංගෘහිත විනය සූත්‍ර හා අභිධර්ම පිටකය මහා මහින්ද මහ රහතන් වහන්සේ ලංකාවට වැඩමවන තෙත් දරාගෙන පැමිණි ආකාරය පැහැදිලිවම කියවේ.
*******
"කස්ස වචනන්ති? භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස"
*******
01. දීඝ නිකාය - පාථික වග්ග - “සංගීති සුත්ත” (දසකය) සහ එහි ම “දසුන්තර සුත්ත” (දස ධම්මා)
පෙළ
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො, අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො [උළාරපාමුජ්ජො (සී. පී.), ඔළාරපාමොජ්ජො (ස්‍යා. කං.)]. යංපාවුසො, භික්ඛු ධම්මකාමො හොති…පෙ.… උළාරපාමොජ්ජො [උළාරපාමුජ්ජො (සී. පී.), ඔළාරපාමොජ්ජො (ස්‍යා. කං.)]. අයම්පි ධම්මො නාථකරණො.
සිංහල
මහණ තෙම ධර්මය කැමති වෙයි. ප්‍රිය සමුදාහාර ඇත්තේ වෙයි. අභිධර්මයෙහි, අභිවිනයෙහි බහුල ප්‍රමෝදය ඇත්තේ වෙයි. ඇවැත්නි, මහණ තෙමේ ධර්මය කැමැත්තේ වෙයි.... අභිධර්මයෙහි, අභිවිනයෙහි බහුල ප්‍රමෝදය ඇත්තේ වෙයි යන යමෙක් ඇද්ද, මෙය නාථ කරණ ධර්මයෙක.
02. මජ්ඣිම නිකාය - මජ්ඣිම පණණාසක - භික්ඛු වග්ග - ගුලිස්සානි සුත්ත
පෙළ
‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා අභිධම්මෙ අභිවිනයෙ යොගො කරණීයො. සන්තාවුසො, ආරඤ්ඤිකං භික්ඛුං අභිධම්මෙ අභිවිනයෙ පඤ්හං පුච්ඡිතාරො. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු අභිධම්මෙ අභිවිනයෙ පඤ්හං පුට්ඨො න සම්පායති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා අභිධම්මෙ අභිවිනයෙ පඤ්හං පුට්ඨො න සම්පායතී’ති – තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා අභිධම්මෙ අභිවිනයෙ යොගො කරණීයො.
සිංහල
ඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් අභිධර්මයෙහි ද අභිවිනයෙහි ද යෝග කටයුතු ය. ඇවැත්නි, ආරණ්‍යක මහණහු අභිධර්මයෙහි ද අභිවිනයෙහි ද පැන පුළුවුස්නාහු ඇත. ඉදින් ඇවැත්නි ආරණ්‍යක මහණ අභිධර්මයෙහි, අභිවිනයෙහි පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කියයි ද, එකල් හි ඔහුට නුගුණ කියන්නාහු වෙති : "මේ ආයුෂ්මත් ආරණ්‍යක සමඟ එක්ව ආරණ්‍ය වාසයෙන් කිම? මේ ආයුෂ්මත් අභිධර්මයේ අභිවිනයේ පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කියන්නේ ය", යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් අභිධර්මයෙහි, අභිවිනයෙහි යෝග කටයුතු ය.
03. මජ්ඣිම නිකාය - උපරි පණණාසක - දෙව්දහ වග්ග - කින්ති සුත්ත
පෙළ
….තෙසඤ්ච වො, භික්ඛවෙ, සමග්ගානං සම්මොදමානානං අවිවදමානානං සික්ඛතං සියංසු [සියුං (සී. ස්‍යා. කං.) සද්දනීති ඔලොකෙතබ්බා] ද්වෙ භික්ඛූ අභිධම්මෙ නානාවාදා…
සිංහල
තව ද මහණෙනි, සමගිව සතුටු වෙමින්, විවාද නො කරමින්, හික්මෙන ඒ තොප අතුරින් භික්ෂුහු දෙදෙනෙක් ඒ අභිධර්මයෙහි නා නා වාද ඇත්තෝ වෙති.
04. අංගුත්තර නිකාය - නික නිපාත - යෝධාජීව වග්ග - අස්සඛලුංක සුත්ත (8 වෙනි සූත්‍රය)
පෙළ
ඉධ, භික්ඛවෙ, භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති…පෙ.… ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති, නො සංසාදෙති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. ලාභී ඛො පන හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො, භික්ඛවෙ, පුරිසඛළුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච.
සිංහල
මහණෙනි, මේ සස්නෙහි මහණ "මේ දුක ය" යි යතාභූතයෙන් දනී..-පෙ-... "මේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව" යි යතාභූතයෙන් දනී. මේ ඔහුගේ ඥානජවය යි කියමි. අභිධර්මයේ, අභිවිනයේ ප්‍රශ්න විචාරන ලදුයේ විසඳයි. අවසාදනය නො කෙරෙයි. මේ ඔහුගේ වර්ණය වෙති යි කියමි. චීවර, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත්, පරිෂ්කාර ලබන සුළු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිනාහ සම්පත්තිය වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරිස් ගුණ්ඩයා ජවසම්පන්නත් වෙයි, වර්ණ සම්පන්නත් වෙයි, ආරෝහපරිනාහ සම්පන්නත් වෙයි.
05. අංගුත්තර නිකාය - තික නිපාත - යෝධාජීව වග්ග - අස්සපරස්ස සුත්ත (9 වෙනි සූත්‍රය)
පෙළ
ඉධ, භික්ඛවෙ, භික්ඛු පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති, නො සංසාදෙති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. ලාභී ඛො පන හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො, භික්ඛවෙ, පුරිසපරස්සො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච.
සිංහල
මහණෙනි, මේ සස්නෙහි පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹ ලොවින් නැවත නො එන ස්වභාව ඇත්තේ ඒ බඹලොව ම පිරින්වන් පායි. මේ ඔහිගේ ඥානජවය යි කියමි. අභිධර්මයේ අභිවිනයේ ප්‍රශ්න විචාරන ලදුයේ විසඳයි, අවසාදනය නො කෙරෙයි. මේ ඔහුගේ වර්ණ සම්පත්තිය යි කියමි. චීවර, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත්, පරිෂ්කාර ලබන සුළු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිනාහ සම්පත්තිය වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරුෂසද්ශවයා ජවසම්පන්නත් වෙයි, වර්ණ සම්පන්නත් වෙයි, ආරෝහපරිනාහ සම්පන්නත් වෙයි.
06. එසේ ම මෙහි යෝධාජීව වග්ගයේ 10 වෙනි සූත්‍රය (අස්සාජානීය සුත්ත) ද බලන්න.
07. අංගුත්තර නිකායේ - නවක නිපාතයේ - සත්තාවාස වග්ගයේ - ඛලුංක සූත්‍රය තුළ ද මෙවැනි ම විස්තර කිරීමක් දේශිත ය.
08. අංගුත්තර නිකායේ - දසක නිපාතයේ - නාථ වග්ගයේ - ප්‍රථම නාථ සූත්‍රය
පෙළ
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො, අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො. යම්පි, භික්ඛවෙ, භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො, අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො, අයම්පි ධම්මො නාථකරණො.
සිංහල
තවද, මහණෙනි, ධර්මයට කැමතියේ පරහට දහම් දෙසනු කැමතියේ අභිධර්මයෙහි, අභිවිනයෙහි මහත් ප්‍රමෝදය ඇතිවනුයේ වෙයි. මහණෙනි, යම් හෙයකින් මහණ දහම් කැමතියේ, පරහට දහම් දෙසනු කැමතියේ, අභිධර්මයෙහි, අභිවිනයෙහි මහත් ප්‍රමෝදය ඇතියේ වී නම් මේ ද නාථකරණ ධර්මයෙකි.
09. / 10. අංගුත්තර නිකායේ - දසක නිපාතයේ - නාථ වග්ගයේ - දුතිය නාථ සූත්‍රය තුළත්, එහි ම අක්කොසවග්ගයේ - භණඩන සූත්‍රය තුළත් මෙවැනි ම විස්තරයක් දේශිත ය.
11. අංගුත්තර නිකායේ - දසක නිපාතයේ - උපාලි වග්ගයේ - ථෙර සුත්‍රය තුළත් මෙවැනි ම විස්තරයක් දේශිත ය.
12. අංගුත්තර නිකාය - එකාදසකනිපාත - අනුස්සතිවග්ග - සුභූති සුත්ත
පෙළ
‘‘පුන චපරං, සුභූති, භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො. යම්පි, සුභූති, භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො, ඉදම්පි, සුභූති, සද්ධස්ස සද්ධාපදානං හොති.
සිංහල
තවද, සුභූතියෙනි, ධර්මයට කැමතියේ පරහට දහම් දෙසනු කැමතියේ අභිධර්මයෙහි, අභිවිනයෙහි මහත් ප්‍රමෝදය ඇතියේ වෙයි. සුභූතියෙනි, යම් හෙයකින් මහණ දහම් කැමතියේ, පරහට දහම් දෙසනු කැමතියේ, අභිධර්මයෙහි, අභිවිනයෙහි මහත් ප්‍රමෝදය ඇතියේ වී නම් සුභූතියෙනි මෙ ද ශ්‍රද්ධාවන්තයාගේ ශ්‍රද්ධාපදාන වෙයි.
පෙළ
‘‘අයං, භන්තෙ, භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො.
සිංහල
වහන්ස, මෙ මහණ ප්‍රිය සමුදාහාර ඇතියේ අභිධර්මයෙහි, අභිවිනයෙහි මහත් ප්‍රමෝද්‍ය ඇතියේ ධර්මකාමී වෙයි.
13. විනය පිටකය - පරිවාර පාලි - එකුත්තරික ඛාණ්ඩය - (6 වෙනි කොටස)
පෙළ
අපරෙහිපි ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං නිස්සයො දාතබ්බො සාමණෙරො උපට්ඨාපෙතබ්බො – පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා ආභිසමාචාරිකාය සික්ඛාය සික්ඛාපෙතුං, ආදිබ්රහ්මචාරියකාය සික්ඛාය විනෙතුං, අභිධම්මෙ විනෙතුං, අභිවිනයෙ විනෙතුං, උප්පන්නං දිට්ඨිගතං ධම්මතො විවෙචෙතුං, දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා.
සිංහල
අනෙකු දු අංග සයකින් යුත් මහණ විසින් උපසම්පදා කර්ම කළ යුතු ය. නිස දිය යුතු ය. සාමණේරයකු ලවා උවැටන් කරවිය යුතු ය. අතවැසියකු හෝ සද්ධි විහාරිකයකු අභිසමාවාරික ශික්ෂායෙහි හික්මවන්නට ප්‍රතිබල වෙයි. ආදී බ්‍රහ්මචරියක ශික්ෂායෙහි විනයන කරන්නට ප්‍රතිබල වෙයි. අභිධර්මයෙහි විනයන කරන්නට ප්‍රතිබල වෙයි. අභිවිනයෙහි විනයන කරන්නට ප්‍රතිබල වෙයි. උපන් මිත්‍යා දෘෂ්ටිය දැහැමින් බැහැර කරන්නට ප්‍රතිබල වෙයි. දසවස් ඇතියේ හෝ අතිරේක දසවස් ඇතියේ හෝ වෙයි.
14. විනය පිටකය - මහාවග්ග පාලි - මහාඛන්දක - උද්දාන ගාථා
පෙළ
පමුට්ඨම්හි ච සුත්තන්තෙ, අභිධම්මෙ ච තාවදෙ; විනයෙ අවිනට්ඨම්හි, පුන තිට්ඨති සාසනං.
සිංහල
සුත්‍ර පිටකය පිරිහී ගියත්, අභිධර්ම පිටක පිරිහී ගියත්, විනය පිටකය නො නැසී පවත්නා තාක් කල් ශාසනය පවත්නේ ය.
15. ඛුද්දක නිකාය - චුල්ල නිද්දේස පාලි - පාරයානවග්ග නිද්දෙසෝ - පොසාලමානවපුච්ඡා නිද්දෙසෝ
පෙළ
අධිමුත්තං තප්පරායණන්ති. අධිමුත්තන්ති ආකිඤ්චඤ්ඤායතනං. අධිමුත්තන්ති විමොක්ඛෙන ධිමුත්තං තත්රාධිමුත්තං තදධිමුත්තං තදාධිපතෙය්යං. අථ වා, භගවා ජානාති – ‘‘අයං පුග්ගලො රූපාධිමුත්තො සද්දාධිමුත්තො ගන්ධාධිමුත්තො රසාධිමුත්තො ඵොට්ඨබ්බාධිමුත්තො කුලාධිමුත්තො ගණාධිමුත්තො ආවාසාධිමුත්තො ලාභාධිමුත්තො යසාධිමුත්තො පසංසාධිමුත්තො සුඛාධිමුත්තො චීවරාධිමුත්තො පිණ්ඩපාතාධිමුත්තො සෙනාසනාධිමුත්තො ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාධිමුත්තො සුත්තන්තාධිමුත්තො විනයාධිමුත්තො අභිධම්මාධිමුත්තො ආරඤ්ඤකඞ්ගාධිමුත්තො පිණ්ඩපාතිකඞ්ගාධිමුත්තො පංසුකූලිකඞ්ගාධිමුත්තො තෙචීවරිකඞ්ගාධිමුත්තො සපදානචාරිකඞ්ගාධිමුත්තො ඛලුපච්ඡාභත්තිකඞ්ගාධිමුත්තො නෙසජ්ජිකඞ්ගාධිමුත්තො යථාසන්ථතිකඞ්ගාධිමුත්තො පඨමජ්ඣානාධිමුත්තො දුතියජ්ඣානාධිමුත්තො තතියජ්ඣානාධිමුත්තො චතුත්ථජ්ඣානාධිමුත්තොආකාසානඤ්චායතනසමාපත්තාධිමුත්තො විඤ්ඤාණඤ්චායතනසමාපත්තාධිමුත්තො ආකිඤ්චඤ්ඤායතනසමාපත්තාධිමුත්තො නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තාධිමුත්තො’’ති අධිමුත්තං.
සිංහල
අධිමුත්තං තප්පරායනං - "අධිමුත්තං" යනු: ආකිඤ්චඤ්ඤායතනයෙහි අධිමුක්ති විමොක්ෂයෙන් ඇලුණු ඒ සමාධියෙහි ඇලුනාහු, ඒ ධ්‍යානයෙහි ඇලුනාහු, ඒ ධ්‍යානය අධිපති කොට ඇත්තාහු. නොහොත් බුදුහු මේ පුද්ගල තෙම රූපයෙහි ඇලුනේ ය, ශබ්දයෙහි ඇලුනේය, ගන්ධයෙහි ඇලුනේය, රසයෙහි ඇලුනේය, ස්පර්ශයෙහි ඇලුනේය, කුලයෙහි ඇලුනේය, ගණයා කෙරෙහි ඇලුනේය, ආවාසයෙහි ඇලුනේය, ලාභයෙහි ඇලුනේය, යසසෙහි ඇලුනේය, ප්රශන්සාවෙහි ඇලුනේය, සුඛයෙහි ඇලුනේය, චීවරයෙහි ඇලුනේය, පිණ්ඩපාතයෙහි ඇලුනේය, සෙනසුනෙහි ඇලුනේය, ගිලන්පස බෙහෙත් පිරිකරෙහි ඇලුනේය, සූත්රාන්තරෙහි ඇලුනේය, විනයෙහි ඇලුනේය, අභිධර්මයෙහි ඇලුනේය, ආරණ්යකාංගයෙහි ඇලුනේය, පිණ්ඩපාතිකාංගයෙහි ඇලුනේය, පාන්ශුකූලිකාංගයෙහි ඇලුනේය, ත්රයිචීවරිකාංගයෙහි ඇලුනේය, සපදානචාරිකාංගයෙහිහි ඇලුනේය, ඛලුපච්චාභාත්තිකාංගයෙහි ඇලුනේය, නෙසජ්ජිකාංගයෙහිහි ඇලුනේය, යතාසන්තිකාංගයෙහි ඇලුනේය, ප්‍රථමධ්‍යානයෙහි ඇලුනේය, ද්වීතියධ්යානයෙහි ඇලුනේය, තෘතියධ්‍යානයෙහි ඇලුනේය, චතුර්ථධ්යානයෙහි ඇලුනේය, ආකාසානඤ්චායතනහි ඇලුනේය, විඤ්ඤාණඤ්චායතනහි ඇලුනේය, ආකිඤ්චඤ්ඤායතනහි ඇලුනේය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනහි ඇලුනේය යන්න අධිමුත්තං යනු වේ.
16.ඛුද්දක නිකාය - මහා නිද්දේස පාලි - පුරාභේද සුත්ත නිද්දෙසෝ
පෙළ
කථං න ලාභකම්යා සික්ඛති? ඉධ භික්ඛු න ලාභහෙතු, න ලාභපච්චයා, න ලාභකාරණා, න ලාභාභිනිබ්බත්තියා, න ලාභං පරිපාචෙන්තො, යාවදෙව අත්තදමත්ථාය අත්තසමත්ථාය අත්තපරිනිබ්බාපනත්ථාය සුත්තන්තං පරියාපුණාති, විනයං පරියාපුණාති, අභිධම්මං පරියාපුණාති. එවම්පි න ලාභකම්යා සික්ඛති.
සිංහල
කුමක් නිසා ලාභ ප්‍රාර්ථනාවෙන් නොහික්මේද යත්? මේ සස්නෙහි මහණ තෙම ලාභ හේතුයෙන් නොව ලාභය නිසා නොව, ලාභ කරුණෙන් නොව, ලාභ නූපදවනු පිණිස ලාභය නො නිපදෙනුයේ යම්තාක් ආත්මදමනය පිණිස ආත්මසමාධානය පිණිස ආත්ම පරිනිර්වාණය පිණිස සූත්‍රාන්තය, විනය, අභිධර්මය පුහුණු කෙරෙයි. මෙසේත් ලාභාප්රාර්තනාවෙන් නො හික්මෙයි...
17. විනය පිටකය - පාචිත්තිය පාලි - සහධම්මික වග්ග - විලේඛන සික්ඛාපද
පෙළ
අනාපත්ති න විවණ්ණෙතුකාමො, ‘‘ඉඞ්ඝ ත්වං සුත්තන්තෙ වා ගාථායො වා අභිධම්මං වා පරියාපුණස්සු, පච්ඡා විනයං පරියාපුණිස්සසී’’ති භණති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
සිංහල
නො ගරහනු කැමැත්තේ දැන් පළමුකොට සූත්‍රාන්තයන් හෝ ගාථා හෝ අභිධර්මය හෝ හදාරා පසුව විනය හදාරාවයි යි කියයි නම් ඇවැත් නො වේ. උම්මත්තක හට ආදිකම්මික හට ඇවැත් නැත.
18. ඛුද්දක නිකාය - ආපදාන පාලි (පඨම භාග) - ථෙරාපදානන් - උපාලි ථෙරාපදාන
පෙළ
‘‘සුත්තන්තං අභිධම්මඤ්ච, විනයඤ්චාපි කෙවලං; නවඞ්ගං බුද්ධවචනං, එසා ධම්මසභා තව.
සිංහල
සූත්‍රය, අභිධර්මය, විනය ය යන සියලු නවාංග බුද්ධ වචනය ඔබගේ ධර්මාධිකරණ සභාවයි.
19. විනය පිටකය - පාචිත්තිය පාලි - ඡත්තුපාහන වග්ග - ද්වාදසම (දොළොස් වැනි) සික්ඛාපද
පෙළ
පඤ්හං පුච්ඡෙය්යාති සුත්තන්තෙ ඔකාසං කාරාපෙත්වා විනයං වා අභිධම්මං වා පුච්ඡති, ආපත්ති පාචිත්තියස්ස. විනයෙ ඔකාසං කාරාපෙත්වා සුත්තන්තං වා අභිධම්මං වා පුච්ඡති, ආපත්ති පාචිත්තියස්ස. අභිධම්මෙ ඔකාසං කාරාපෙත්වා සුත්තන්තං වා විනයං වා පුච්ඡති, ආපත්ති පාචිත්තියස්ස.
සිංහල
පඤ්හං පුච්ඡෙය්යා යනු: සූත්‍රාන්තයෙහි අවකාශ කරවා විනය හෝ අභිධර්මය හෝ පිළිබඳව විමසයි නම් පචිති ඇවැත් වේ. විනයෙහි අවකාශ කරවා සූත්‍රාන්ත හෝ අභිධර්මය හෝ පිළිබඳව විමසයි නම් පචිති ඇවැත් වේ. අභිධර්මයෙහි අවකාශ කරවා විනය හෝ සූත්‍රාන්ත හෝ පිළිබඳව විමසයි නම් පචිති ඇවැත් වේ.

සප්තපකරණය (පකරණ සත පිලිබදව) කෙටි හැදින්වීමක් සහ හුදෙක් ආදුනිකයන් දැනුවත් කිරීම පිණිස කියවන්න.
ධම්මසංගණීප්පකරණය ථෙරවාදී අභිධර්මයෙහි කේන්ද්‍රීය ප්‍රකරණය බව කිව යුතු ය. එය අභිධර්මයේ මූලික ලක්ෂණය වන සංඛ්‍යාලේඛනයක් බඳු ප්‍රභේද කරණයක් විලාශයෙන් ධර්ම පිළිබඳ විභාගයක් ඉදිරිපත් කරයි. එය ආරම්භ වන්නේ ‘මාතිකා’ නමින් එැඳින්වෙන පූර්ණ මාතෘකා පෙළකිනි. මෙම මාතෘකා ධම්මසංගතියට පමණක් නොව සමස්ත අභිධර්ම පිටකයට ම පොදු බව සැළකිය යුතු ය. මාතෘකා එකසිය විසි දෙකක් වශයෙන් වර්ග වෙයි. එයින් මුල් විසිදෙක තීක නමින් හැඳින් වේ. ඉතිරිය දුක වශයෙන් හැඳින් වේ. ත්‍රික නමින් හඳුන්වන්නේ තුන බැගින් ඉදිරිපත් කළ හැකි ධර්මයෝ ය. නිදස්නක් වශයෙන් දක්වතහොත් කුසල, අකුසල,අව්‍යකත යන තුන කුශල ත්‍රිකය ලෙස දැක්වේ. සුඛ, දුක්ඛ. අදුක්ඛමසුඛ යන තුන වෙදනා ත්‍රිකය සේ දැක්වේ. මෙබඳු ත්‍රික විසිදෙකකි. දුක හෙවත් දෙකේ ගණවලට නිදසුන් සේ හේතු- නහේතු යන දෙක, හේතු දුකය ලෙස ද, සහේතුක, අහේතුක දෙක සහේතුක දුකය සේද දක්වා තිබීම පෙන්වා දිය හැක. මෙම ලැයිස්තු දෙක නිමවන්නේ සුත්තන්තමාතිකා නම් වූ ධර්ම ගණ හතලිස් දෙකකිනි . ඒවා අභිධර්මයට නොව සූත්‍රවලට අයත් ප්‍රභේද වුව ද සැරියුත් හිමියන් විසින් ඒවා ද ධම්මසංගනී මාතිකාවලට එක් කළ බව අටුවාවේ දැක් වේ.
මාතෘකාවලින් අනතුරුව ධම්මසංගණීය කාණ්ඩ හතරකින් අභිධර්මයෙහි මූලික විෂය පිළිබඳ කරුණු ඉදිරිපත් කරයි. එම කාණ්ඩ හතර නම්.
චිත්තුප්පාද කාණ්ඩය-චිත්ත හා චෛතසික ධර්ම පිළිබඳව කුසලා කුසල හා අවඨාකත වශයෙන් සළකා බලමින් ඒවායේ පහළවීම පිළිබඳව සාකච්ඡා කරයි. ඒවා කාමාවචර, රූපාවචර, අරූපාවචර,හා ලොකුත්තර භූමිවල පවත්නා ආකාරය ප්‍රශ්නෝත්තර වශයෙන් සාකච්ඡා වෙයි. අනතුරුව ඒවා කුසල, අකුසල, අහේතුක වශයෙන් කවර අයුරින් ප්‍රභේද වන්නේදැයි විග්රහ වෙයි. මේවා ධම්මවවත්ථානවාරයේදී මොහ්නස, දොම්නස වැනි කවර ගුණයක් තිබේදැයි දක්වනු ලැබේ. කොට්ඨාශවාරයේදී බන්ධ, ආයතන, ඡාතු ආදී කොටස් වර්ග කරනු ලැබේ. කොට්ඨාසවා, සූඤ්ඤතවාර වශයෙන් වඩාත් සියුම් ව විග්රහ කරනු ලැබේ.
රූප කාණ්ඩය- භෞතික රූප පිළිබඳ සාකච්ඡාව ද මාතෘකාවලදි දැක්වූ ප්‍රථම .ත්‍රිකය අනුව ම කෙරෙයි. චිත්තුප්පාදයේදී කෙටියෙන් දැක්වූ අව්‍යකත ධම්ම මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නේ රූප අයත් වන්නේ ඒ ගණයට හෙයිනි. රූප 28ක් සාකච්ඡාවට භාජන වෙයි.
නික්ඛේප කාණ්ඩය- මුලදී වර්ග කර ගන්නට නොලද පරිද්දෙන් ඒ ඒ මාතෘකාවන් අතුරින් එක් එක් පදයෙන් සංග්‍රහ කළ යුතු ධර්ම සංඛ්‍යාව මෙතෙකැයි වෙන්කර දැක්වීම මෙහිදී සිදුවෙයි.
අට්ඨකථා කාණ්ඩය- මෙය අතිරේක සංග්‍රහයකි. කුශල යනු කුමක් ද? අකුශල යනු කුමක් ද, ආදී වශයෙන් ප්‍රශ්න නගා පැහැදිලි කිරීම මෙයින් සිදුවෙයි.
විභංගප්රකරණය
ධර්ම පිළිබඳ විවිධ වර්ගීකරණ ඇතුළත් විභංගප්‍රකරණයෙහි මාතෘකා දහඅටක් න්‍යාය තුනකට අනුව විභාග කර දක්වනු ලැබේ. ඒ මාතෘකා දහඅට මෙසේ ය.
(1) බන්ධ (2) ආයතන
(3) ධාතු (4) සච්ච
(5)ඉන්ද්‍රීය (6) පටිච්චසමුප්පාද
(7) සතිපට්ඨාන (8) සම්මප්පධාන
(9) ඉද්ධිපාද (10) බොජ්ඣංග
(11) මග්ග (12) ඣාන
(13) අප්පමඤ්ඤා (14) සික්ඛාපද
(15) පටිසම්භිදා (16)ඥාණ
(17) බුද්දකවත්ථු (18) ධම්මපදය
මේවා මුලින්මසූත්ර පිටකයෙහි ඇතුළත් ක්‍රමයට අනුව විභාග කර එය සුත්තන්ත භාජනීය වශයෙන් හඳුන්වනු ලැබේ. එම පද ම අභිධර්මයෙහි ක්‍රමයට අනුව විග්රහ කරන විට අභිධම්ම භාජනීය නම් වේ. අනතුරුව ප්‍රශ්න නගා පිළිතුරු සැපයීමේ ක්රසයට සාකච්ඡා කෙරෙයි. එම න්‍යාය හඳුන්වන්නේ පඤහ පුච්ඡා වශයෙනි.
විභංගයෙහි සාකච්ඡා කෙරෙන කරුණු දහඅටෙන් මුල් 6 තුළ සත්වයන්ගේ මානසික හාකායික සංඝටක ඇතුළත් වන අතර එම සංඝටකයන් හසුරුවන ප්‍රධාන නියාම දෙක වශයෙන් අනිච්ච හා පටිච්ච සමුප්පාද දැක්වේ. හත්වැන්නේ සිට දොළොස්වැන්න දක්වා ඇති ධර්ම සත්වයන් සසරින් මුදවන මාර්ගයෙහි අංග වෙති. දහතුන් වැන්නේ සිට 18 වැන්න දක්වා ඇත්තේ මුල් කොටසේ කරුණු පිළිබඳ වඩාත් පරිපූර්ණ ලෙස කෙරෙන විග්රහ වෙති.
ධාතු කථා
මෙය මුල් පොත් දෙක හා එක්ව ගත්විට අභිධර්මය පිළිබඳ ගැඹුරු දැනුමට අදාළ ප්රමුඛ ග්‍රන්ථය වශයෙන් හැඳින්විය හැකියැයි විචාරකයෝ පවසති. මෙම කුඩා ප්‍රකරණයෙහි ධාතු පිළිබඳ විභංගයට ද වඩා ගැඹුරු විවරණයක් ඇතුළත් වෙයි. මෙහි උපයුක්ත විශ්ටල්ෂණ ක්‍රමය විභංග ක්‍රමයට වෙනස් ය. තික හා දුක ආදී මාතිකා වශයෙන් මුල් ග්‍රන්ථවලදී කැටැ කළ ධර්ම ධාතූ කථාවෙහි දී ස්කන්ධ, ධාතු හා ආයතන වශයෙන් බෙදා දහහතර ආකාරයට විශ්ලේෂණය කිරීම මෙහිදී සිදුවෙයි. එම දහහතර විධිය ග්‍රන්ථයේ පරිච්ඡේද දහහත බවට පත්වෙයි.
පුග්ගල පඤ්ඥත්ති
අභිධර්මයේදී ධර්ම විභාගයෙහි පදනම වශයෙන් සම්මුති හෙවත් පඤ්ඤත්ති වශයෙන් එක් ධර්ම වර්ගයක් ද පරමත්ථ වශයෙන් තවත් ධර්ම වර්ගයක් ද දක්වනු ලැබේ. පරමාර්ථ සත්‍යය වියුක්ත පද භාවිතය මගින් විග්රහ කිරීම අභිධර්මයේ මූලික අරමුණ වුවත් හුදෙක් පරමාර්ථ වශයෙන් පමණක් ධර්ම සාකච්ඡා කිරීම දුෂ්කර කටයුත්තකි. ශ්‍රාවකයනට කරුණු අවබෝධ කිරීම පිණිස ලෝක සම්මුතියට අනුව දෛනික ව්‍යවහාර පද හා සංකල්ප භාවිත කිරීමට සිදුවෙයි. අභිධර්මය දෙවිදියක ප්රඥප්ති ගැන කථාතරයි. ප්‍රථම වර්ගය ලොවසැබැවින්ම ඇති දේ ගැන ද සඳහන් කරන අතර දෙවන වර්ගය යථාර්ථ වශයෙන් නැති දේ ගැන සඳහන් කරයි. යථාර්ථ වශයෙන් ම විද්‍යාමාන ප්රඥප්ති ගණයට වැටෙන්නේ ස්කන්ධ, ධාතු, ආයතන හා ඉන්ද්‍රීය වැනි දේ ය. දෙවන වර්ගයට අයත් වන්නේ මිනිසා, ස්ත්‍රිය, දෙවියෝ, පුද්ගලයා වැනි යථාර්ථ වශයෙන් බලනවිට විද්‍යාමාන නැතත් සාමාන්‍ය ලෝක ව්‍යවහාරය සඳහා අවශ්‍ය හෙයින් පිළිගත යුතු ප්රඥප්තිය.
අභිධර්ම පිටකයෙහි මුල් ග්රන්ථ වූ ධම්මසංගනී, විභංග හා ධාතු කථා යන ග්‍රන්ථවලදී මුල් ගණයට වැටෙන ස්කන්ධ, ධාතු, ආයතන, සච්ඡ හා ඉන්ද්‍රීය පිළිබඳ සාකච්ඡා හා විශ්ලේෂණ ප්‍රමාණවත්ව සිදුකර ඇත. පුග්ගල පඤ්ඤත්ති ග්‍රන්ථය ඉතිරි ප්රඥප්ති පිළිබඳ සාකච්ඡා කිරීම අරමුණ කර ගත්තකි. එහෙත් පඤ්ඤත්ති පිළිබඳ සාකච්ඡාවක් අංග සම්පූර්ණ වීමට නම් පූර්වෝක්ත විද්‍යාමාන ප්රඥප්ති පිළිබඳ ව ද සඳහන් කිරීම අවශ්‍ය හෙයින් ඒවා පිළිබඳ ව ද කෙටියෙන් දක්වා ඇත. බන්ධ පඤ්ඤත්ති, ආයතන පඤ්ඤත්ති, ධාතු පඤ්ඤත්ති, සච්ඡ පඤ්ඤත්ති, ඉන්ද්‍රීය පඤ්ඤත්ති සහ පුග්ගල පඤ්ඤත්ති වශයෙන් මෙහි පරිච්ඡේද හයකි. හයවන පරිච්ඡේදයේ තම පොතෙහි නම වශයෙන් යොදා ඇත්තේ පොතෙහි මූලික අරමුණ පුද්ගල වශයෙන් ගත හැකි අවිද්‍යාමාන ප්රඥප්තීන් පිළිබඳ දීර්ඝ විග්‍රහයක් කරන හෙයිනි. මෙහි දී අංගුත්තර නිකායේ ද භාවිත ක්‍රමය වන උත්තරෝත්තර ක්‍රමයට සංඛ්‍යාගත කළ පුද්ගල වර්ග අනුපිළිවෙලින් දක්වා ඇත. එබඳු අනු ඛණ්ඩ දහයක් එම පරිච්ඡේදය තුළ දක්වා තිබේ.
කථාවත්ථුප්පකරණ
මෙම ග්‍රන්ථය (පුග්ගල පඤ්ඤත්තියමෙන් ම) සාමාන්‍ය පරමාර්ථ සත්‍ය විග්රහ ක්‍රමයෙන් බැහැරව ව්‍යවහාරික ගැටළුවක් වූ ධර්ම විරෝධී මතිමතාන්තර විවේචනය වෙනුවෙන් කැප වූවකි. “පුද්ගලයෙක් ඇත” “ආත්මයන් ඇත” වැනි ධර්මය විකෘති කරන සංකල්ප බෞද්ධ නිකායාන්තරයන් අතර ඇති වූ හෙයින් ඒවා නිසි සේ නිරාකරණය කොට ථෙරවාදී විභජ්ජවාදී ස්ථාවරය තහවුරු කරලනු පිණිස මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ විසින් ධර්මාශෝක රාජ සමයේදී මෙම ග්‍රන්ථය රචනා කරන ලදී. එහෙත් මේ සඳහා භාවිත කර ඇත්තේ බුදුරදුන් විසින්ම දෙන ලද න්‍යාය හෙයින් හෙය ද බුද්ධ වචන වශයෙන් ම සළකා ථෙරවාදී අභිධර්ම පිටකයට ඇතුළත් කර ඇත.
කථාවත්ථුප්පකරණයේ ඇතුළත් කරුණු සකවාද (තම පක්ෂයේ මතය) හා පරවාද (ප්‍රතිවාදින්ගේ මතය) වශයෙන් දෙවැදෑරුම් වෙයි. සකවාද පන්සියයක් ද පරවාද පන්සියයක් ද මෙහි ඇතුලත් ය. ඒවා ඉදිරිපත් කර ඇත්තේ ප්‍රතිවාදියකු හා මොග්ගලී පුත්තතිස්ස හිමියන් අතර ඇති වන විවාදයක විලාසය අනුගමනය කරමිනි. වාද ප්රතිවාද සාකච්ඡා රටාවෙන් ඉදිරිපත් කරන මෙම රීතිය වෙනත් අභිධර්ම ග්‍රන්ථවල රීතියට බෙහෙවින් වෙනස්ය. ඒ වන විට ඇතිව තිබූ මිත්‍යාමත මෙන් ම ඇති වෙතැ යි හැඟුණු මත ද මෙයට ඇතුළත් කර සාකච්ඡා කළ බව කියනු ලැබේ. මේ අදහස් කවර කවර නිකායයනට අයත්දැයි හඳුන්වා දෙනු ලබන්නේ කථාවත්ථු අටුවාවෙනි.
යමකප්පකරණ
බෞද්ධ තර්ක හෙවත් න්‍යාය ශාස්ත්රයේ මූල ග්රන්ථයක් ලෙස සැලකිය හැකි යැයි රිස් ඩේවිඩ්ස් පඬිතුමා විසින් හඳුන්වනු ලබන මේ ග්‍රන්ථය බෞද්ධ දාර්ශනික ගැටළු හා පාරිභාෂික පද පිළිබඳ විචක්ෂණයක් වගා කර ගැනීම පිණිස අදාල වන්නකි.
අභිධර්ම පිටකයට අයත් ඡම්මසංගණී, විභංග හා ධාතු කථා යන ග්රන්ථවලින් සංඛාර ලෝකයේ පවතින ධර්මයන් පිළිබඳ ව පැහැදිලි කරන ලදී. පුග්ගල පඤ්ඤත්තිහා කථාවත්ථු මගින් සත්ව ලෝකයහෙවත් පුද්ගලයන් හෝ ජීවින් විසින් නිරූපණය කරනු ලබන යථාර්ථ නොවූ එහෙත් යථාර්ථ වශයෙන් පෙනෙන ලෝකය පිළිබඳ ව සාකච්ඡා කරන ලදී. සංඛාර ලෝකය හා සත්ව ලෝකය පවතින්නේ එකට ය. මේ දෙක ම එක් කර ඔකාසලෝක (අවකාශ ලෝකය) වශයෙන් හැඳින්වේ. මෙම ලෝකත්‍රය ම එකට ගෙන එහි පවතින ධර්ම හා පුද්ගල අතර පවත්නා අන්තර් සම්බන්ධතා විශ්ලේෂණය කිරීම යමක මහා ප්‍රකරණයෙන් කරනු ලැබේ. යමකය මෙම කාර්යය ඉටු කරන්නේ ධර්ම යුගල වශයෙන් ගැනීමෙනි. එක් එක් පදයක සම්පූර්ණ වැදගත් කම හා සීමාවන් තීරණය කිරීම සඳහා අනුලෝම හා පටිලෝම යන තාර්කික ප්‍රතිපදා දෙක අනුව මෙම විමර්ශනය සිදු කෙරේ. මෙහිදී කිසියම් පදයක් පිළිබඳ සංශයක් ඇතිවීම වැළකීම සඳහා වෙනත් අර්ථ එයට නොගැලපෙන ආකාරය තහවුරු කිරීම ද කරනු ලැබේ. මේ කාර්යයන් ඉටුකර ගන්නේ ප්‍රශ්න නගා පිළිතුරු දීමේ රටාවෙනි.
නිදසුනක් වශයෙන් :-
සියළු රූප රූපස්කන්ධ ද? යන්නට පිළිතුරු වශයෙන් රූප යන්න ප්‍රිය රූප, මෙබඳු රූප වැනි වාක්‍යාංශ වල ද යෙදෙයි. එහෙත් ඒ තැන්හි රූප යන්නෙන් රූපස්කන්ධය නොහැඟේ යයි පවසා සියළු රූපස්කන්ධ රූප ද යන ප්රශෟනය නගා එයට රසේය’ යන පිළිතුර දෙනු ලැබේ. රූපස්කන්ධ යන්න පුළුල් අරුත් ඇති පදයක් හෙයින් එයට පියරූප-ඵවරූප වැනි පද ඇතුළත් වෙයි.
පට්ඨානප්පකරණ
මෙය විශාලතම අභිධර්ම ප්‍රකරණය වනඅතර අභිධර්ම පිටකයෙහි සංශෙලෂණ කාර්යය ඉටුකරන ග්‍රන්ථය සේ ද හැඳිනවෙයි. ධම්මසංගනියෙහි දැක්වූයේ ධර්ම විශෙලෂණය කරන ආකාරයයි. ධර්ම බෙදමින්, විග්රහ කරමින් කරනු ලබන විවරණ හේතුවෙන් අභිධර්මය නම් බහුත්ව වාසයකි යන මිත්‍යාදෘෂ්ටිය කිසිවකුට ඇති වුවහොත් එය දුරුවීමට ධර්ම සංශෙලෂණයක් වූ පට්ඨාන මහා ප්‍රකරණය උපකාර වෙයි. ධර්ම නම් එකිනෙකට අසම්බන්ධව පරිබාහිරව වියුක්තව පවතින දේ නොවෙති. ඒවා අතර අන්තර් සම්බන්ධතා පවතියි. ඒවා එකිනෙකට බැඳුණු සුසංයුක්ත ඒකක රාශියකි. කුඩා ම ධර්ම ඒකකය පවා අනිකුත් ධර්ම කෙරේ බලපාමින් ඒවායින් බලපෑම් ලබා ගනියි. මෙම සංශ්ලේෂී අන්‍යොන්‍ය සම්බන්ධතාජාලය අතිශය සියුම්, සංකීර්ණ හා ගැඹුරු එකකි. පට්ඨානය එම සම්බන්ධතා විසිහතර ආකාරයක්නි දක්වයි.ග්‍රන්ථය ප්‍රධාන කොටස් හතරකින් සමන්විත වෙයි.
අනුලෝම පට්ඨානය - ධර්ම අතර ප්‍රත්‍යය සම්බන්ධතාවන් පවත්නා ස්ථාන විග්රහ කරයි.
පච්චනීය පට්ඨාන - ධර්ම අතර ප්‍රත්‍යය සම්බන්ධතා නො පවත්වා සථාන විග්රහ කරයි.
අනුලෝමපච්චනීය පට්ඨාන - සමහර ප්‍රත්‍යය සම්බන්ධතා පවත්නා සහ සමහර සම්බන්ධතා නො පවත්නා තැන් පිළිබඳව දක්වයි.
පච්චනීය අනුලෝම පට්ඨාන - සමහර පච්චය සම්බන්ධතා නැති නමුත් සමහර ඒවා පවත්නා තැන දක්වයි.
පටිච්ච සමුප්පදායෙහි අංග අතර පවත්නා සූවිසි ප්‍රත්‍යයන් මෙම චතුර්විධ ප්‍රභේදය තුළ ආකාර හයකට ක්‍රියාත්මක වන බව දක්වා තිබේ.
තික පට්ඨාන - සූවිසි ප්‍රත්‍යය තික විසි හතරක් අනුව යෙදේ.
දුක පට්ඨාන - සූවිසි ප්‍රත්‍යය දුක සියයක් අනුව බෙදේ.
දුක - තික පට්ඨානය - දුක සියය තික විසි හතරට මිශ්‍රව යෙදේ.
තික - දුක පට්ඨාන - විසි හතරක් වූ තික, සයයක් වූ දුක හා මිශ්‍රව යෙදේ.
තික - තික පට්ඨාන - තික විසිහතර එකනෙක මිශ්‍රව යෙදේ.
දුක - දුක පට්ඨාන - සියයක් දුක සියයක් දුක හා එකිනෙක මිශ්‍රව යෙදේ.
(මෙහිදී දුක නමින් දෙකේ ගොඩ යන්න ද තික යන්නෙන් තුනේ ගොඩ යන්න ද අදහස් වෙයි.) මෙසේ සතරකාර සිවු පට්ඨානය ෂාඩාකාර සය පට්ඨානය හා මිශ්‍ර වූ විට කාණ්ඩ විසි හතරක් වන හෙයින් මහා ග්රන්ථයක් බවට පට්ඨානය පත්වෙයි. එහෙයින් ටිකානු ටිකාවන්හි එය අනන්තනය සමන්තපට්ඨාන ලෙස හඳුන්වා ඇත.
මෙම කොටස උපුටා ගැනීම:- ධම්මසංගණී ප්‍රකරණය
සැලකිය යතු :-
බලංගොඩ ආනන්ද මෛත්‍රි හිමිපාණන් වැලිවිට සෝරත ස්ථවිරයන් වැනි පණ්ඩිත හාමුදුරුවරුන් පනස් නමක් පමණ වසර 32 ක් පුරා මහන්සියෙන් කරන ලද සංස්කරණය පිරිසිදු සිංහල සහ ධර්මය. බුද්ධ ජයන්ති ග්‍රන්ථමාලාවේ එකදු පාලි වචනයක් පරිවර්තනය කිරෙමට ඇතැම් විට සති 3 - 4 පමණ ධම්ර්මධර, විනයධර ,භාවනායෝගී පින්වත් ස්වාමින්වහසේලා වෙහෙසී තිබෙන බව දැනගනිත්වා. තුන්පිටකයම පනමෙන් රැකගෙන පැමිණි මහසන්ඝරත්නයට නමස්කාර වේවා.
පාලි -සිංහල සම්මිශ්‍රණයකින් බුද්ධ ජයන්ති ග්රන්ථ මාලාව ඔබවෙත උරුමකර අප අතරින් වෙන්වී ගිය ඒ උතුම් මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරන්න. මෙහිදී කිසියම් ගැටලුවක් පැන නගීනම් පාලි - සිංහල ශබ්ධකෝෂය භාවිතයට ගන්න. එතකින්ද නිරාකරණය කිරීමට නොහැකි කොටස් අටුවාචාරීන්වහසේලගේ උපදෙස් අනුවම අවබෝධකරගන්න.
බුදුන් වහන්සේගේ දකුණත් අගසව් වන හා දහම් සෙන්පති ලෙස ප්‍රචලිත සැරියුත් මහ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රථමයෙන් පිරිනිවන් පෑමට අදහස් කොට තෙරුවන් සරණ යෑමෙන් වැළකී සිටි තම දයාබර මෑණියන් සසරින් එතෙර කරවීම සඳහා බුදුදහමේ හරය දේශනා කළ අතර, බුදු හිමිගේ අනන්ත වූ ගුණ සමුදාය ද සිහිපත් කර දීමෙන් පසු ඇය සෝවාන් ඵලයට පත්වූවා ය.
තම මෑණියන් සසරින් එතෙර කිරීමෙන් ඉමහත් සතුටට පත් සැරියුත් මහ තෙරණුවෝ තම පරිනිර්වාණය සඳහා තම මවුබිම වන මගධ රටේ නාලක ගමට වැඩියේද ඉල් පොහොය දිනයේදී ය. වස්සාන සෘතුවේ අවසන් දිනය ඉල් පොහෝ දිනයයි. ඉල් මාසය ‘කඨින චීවර මාසය’ ලෙසද බොහෝ දෙනා හඳුන්වති. සර්වඥයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් තමන් වහන්සේ කොටින් විචාළ ප්‍රශ්නයක් සැරියුත් තෙරුන් විසින් විස්තර වශයෙන් ප්‍රකාශ කිරීමක් වදාළ සේක.
සර්වඥයන් වහන්සේ සත්වන වස තව්තිසා දිව්‍ය ලෝකයෙහි වාසය කොට මාතෘ දිව්‍ය රාජයන්ට තුන්මසක් අභිධර්මය දේශනා කර වස් පවරා සංකස්ස නගරාද්වාරයට වැඩිය සේක් එහි වැඩ සිටි තම ශ්‍රාවකයන් දැක සැරියුත් තෙරණුවෝ මහත් වූ ප්‍රඥාවෙන් යුක්තය මා හැර මුන් හා සමාන වූ නුවණැති කෙනෙක් තුන්ලෝකයෙහිම නැත. එබැවින් මුන්ගේ ඥාණ ගුණය ලොවට ප්‍රකාශ කරමියි සිතා පළමු පෘථග්ජනයන්ට විෂය වූ ප්‍රශ්න විචාළ සේක. ඒ පෘථග්ජනයෝම විසඳුහ. මෙසේ ක්‍රමයෙන් සෝතාපන්න සකෘදාගාමි- අනාගාමි සහ මහශ්රාවක යන මොවුන්ට විෂය වන ප්‍රශ්න විචාළ සේක. ඒ ඒ ප්‍රශ්න ඒ ඒ තත්වයට පත් ශ්‍රාවකයන් විසින් විසඳු ඉක්බිති සැරියුත් තෙරුන් වහන්සේට විෂය වූ ප්‍රශ්න විචාළ සේක. ඒ පැන තෙරුන් වහන්සේ විසඳූ සේක.
සෙසු තැනැත්තෝ නොදත් සෙක. මහාජනයා බුදුන් සමඟ ප්‍රශ්න දක්ෂ ලෙස විසඳන මුන් වහන්සේ කවර කෙනෙකුන් වහන්සේදැයි විචාරා දම් සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ යයි අසා දැන ප්‍රඥාවක මහිම යයි ප්‍රසංසා කළහ. එතැන් පටන් දෙව් මිනිසුන් අතර සැරියුත් තෙරුන්ගේ ප්‍රඥා ගුණය ප්‍රසිද්ධ විය. මේ ගැන දිනක් දම් සභා මණ්ඩපයෙහි කථාවක් උපන් කල්හි මහණෙනි, පෙරත් සැරියුත් තෙරණුවෝ කෙටින් කියන ලද වචනයෙහි ඇර්ථ විස්තර වශයෙන් කීවෝ වේදැයි ඉකුත්වත වදාළ සේක.
යමෙක් මෙහි ඇති යම් ධර්ම ස්කන්ධයක් හෝ බැහැර කරන්නේ ද ඔහුට ධර්ම රත්නය හි පිහිට නොලැබෙනු ඇත. ත්‍රිවිධ රත්නය ම නො පිළිගන්නා පුද්ගලයා අසරණ ය. ඔවුනගේ නිවන තව බොහෝ දුර ඈත ය. කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතු ය.
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා. සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා. අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා.
චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං !

- අභිධර්ම පිටකය වැරදි ලෙස පිළිගැනීමෙන් , වැරදි ලෙස දේශනා කිරීමෙන් වැරදි ලෙස අනුගමනය කිරීමෙන්, උමතු බවට පත්ව අපාගත වීම.
- අභිධර්ම පිටකය නිවැරදි ලෙස පිළිගැනීමෙන් අනුගමනය කිරීමෙන්, සිව් පිළිසිඹියාව සහිත ෂඩ්අභිඥාද ඇතිව අරිහත්වය.