යුද්ධය හා සාමය
යුද්ධය ජීවිත විනාශයට හා සම්පත් විනාශයට හේතුවන මහත් අනර්ථකාරී දෙයක් බව හා සාමය අතිශයින් ප්‍රසන්න වූත් සංවර්ධනයට හිතකර වූත් සුන්දර දෙයක් බව අනිවාර්යෙන් ම පිළගත යුතුව ඇත. භෞතික වස්තූන් පිළිබඳ වූ අසීමිත තෘෂ්ණාව යුද්ධය පසු පස ඇති අප්‍රසන්න හා හානිකර චේතනාව බව ද වෛරය පළිගැනීම එම මානසික තත්ත්වය ඇසුරෙන් ම ජනිත වන බව ද පැහැදිලි ය. එමෙන් ම තම වර්ගය හෝ තමා අන්‍ය වර්ගයන්ට හෝ අන්‍යයනට වඩා උසස් යැයි සිතා ගන්නා මානය ද යුද්ධයට පදනම් වන චේතනාවකි.
බුදුදහම යුද්ධයෙහි නිරර්ථක බව හා සාමයෙහි අගය සිත් ගන්නා සුළු අයුරින් ලොව හමුවේ පැහැදිලි කරයි. යුද්ධ කරන්නේ ප්‍රීතිය හා සොම්නස ලබා ගන්නට නම්, එම අරමුණ යුද්ධයෙන් ඉටු නොවන බව බුදුදහම පෙන්වා දෙයි.
ජයං වෙරං පවසති
දුක්ඛං සෙති පරාජිතො
(ධම්මපදය)
යුද්ධය කරන්නෙකු ජය ගැනීමෙන් ඇත්තටම ජයග්‍රහණයක් කරනවා දැයි විමසා බලන්නට බුදුසමය අපට ඇරයුම් කරයි. එක් අයකු ජය ගන්නා විට තව අයකු පරදියි. පරාජයෙන් අවමානයට හා සන්තාපයට පත්වන තැනැත්තාගේ සිත් තුළ ජනිත වන්නේ ඊර්ෂ්‍යාව, වෛරය හා පළිගැනීමේ චේතනාවයි. එහෙයින් ජය ලැබූ තැනැත්තා ලබන අස්වැන්න නම් වෛරය යි. වෛරය නම්වූ අතිශයින් අනර්ථකර විපත්තිකර දෙය ප්‍රසව කරන ජයග්‍රහණය ඇතතෙන් ම ජයග්‍රහණයක් ද? ජීවිතයක ආස්වාදය නම් ඊර්ෂ්‍යා,ක්‍රෝධ, වෛර ජනනය නොවන සාමකාමි සහජීවන සමාජයක ම විඳ ගත යුත්තක් නොවේ ද? එහෙයින් ජයග්‍රහණ ඇත්ත වශයෙන් ම ජයග්‍රහණයක් නොව පරාජයකි. පරාජිතයා ද දුක සේ, වේදනාවෙන් සමතුලිත බව ඇද වැටෙන හෙයින් සොම්නසක් නොලබයි. පරාජය සොම්නසින් බාර ගැනීම මෙයට පිළියම යැයි යමකු යෝජනා කළ හැකි වුව ද එය හුදු වචනයට පමණක් සීමිත ප්‍රායෝගික නොවන විසඳුමකි. කවර සංග්‍රාමයකට වුව ද කවර ම අයකු වුවත් පරාජය පිළිගැනීමේ අභිලාෂයක් නො එළඹෙයි. සටන් කරන්නේ ජයග්‍රහණය පිළිබඳ ඒකායන අපේක්ෂාවෙනි. එහෙයින් පරාජය සතුටෙන් පිළිගත හැකි දෙයක්නොවේ.කවර දා හෝ දිනා ගනිමි’යි පරාජිතයා අධිෂ්ඨාන කරගන්නේ ද වෛර පූර්වංගම චේතනාවෙනි. එහෙයින් යුද්ධයෙන් වැළකී, සාමකාමි ඉවසිල්ල පූර්වංග ම කරගත් සමාජයක් නිර්මාණය කර ගැනීම වඩා වැදගත් ය. ජයත් පරාජයත් යන දෙක ම ප්රත්ක්ෂේප කරමින් සටන් නොකර සිටීම වඩාත් වැදගත් බව ජාතක කතාවක එන සිංහයකු අසු වී ගත පුරා තවරාගෙන සටනට පිවිසි ඌරකුට “ජය ඔබට ම දෙමි මිතුර” (ජයං දද්රමි තෙ) යි පවසා සටනින් ඉවත් වීමේ පුවතින් පෙනේ. සටන් නොකර සිටීම සටන් කර පරාජය භාර ගැනීම මෙන් ම වේදනා කර අත්දැකීමක් නොවේ.
සටනින් ඈත් ව සිටීමට නම් උසස් මානසිකත්වයක් අවශ්‍යය. එබඳු උසස් මානසිකත්වයක් ලබා හැක්කේ බුද්ධිමත් ලෙස කල්පනා කිරීමෙන් ලබන භාවනාමය ශික්ෂණයක ප්‍රතිඵලයක් වශයෙනි. ඒ සඳහා යථාර්ථය වටහා ගැනීමට උත්සාහ කළ යුතුව තිබේ. බෞද්ධ ධර්ම ග්රන්ථ ඒ සඳහා උපකාරී වන වැදගත් සංකල්පන වලින් පොහොසත් ය.
මේ සඳහා මිනිස් තෘෂ්ණාවේ ස්වභාවය මෙනෙහි කිරීම ඉතා වැදගත් ය. යුද්ධ කරන්නේ යමක් දිනා ගැනීමට හෝ හිමි කර ගැනීමට නම්, එම දේ ලබා ගත් පසු අපට තෘප්තිය ලැබේදැයි සිතා බැලිය යුතුය. කාම ජාතකය මේ සදහා අනඟි අදහස් පෙළක් අප හමුවේ තබයි.
“මිනිසෙකු යම් අපේක්ෂාවක් ඇති කර ගත් විට එය ඉෂ්ට වුයේ නම් එයින් ප්‍රීතියක් වන නමුත්, තවත් අළුත් ආශාවක් ඇති කරගෙන ග්‍රීෂ්ම කාලයෙහි වැඩි වන පිපාසය මෙන් තෘෂ්ණාව දැඩි කරගනියි. නොලබන දේ ගැන ආශාව තව තවත් වැඩෙන්නේ වස්සකුගේ අං වැවෙන ස්වරූ පයෙනි. පොළවෙහි ඇති සියළු ම හැල් කෙත්, යව කෙත්, ගවයන්,අශ්වයන් හා දාසයන් එක ම මිනිසෙකු ට අයත් කර දුන්නත් ඒ පුද්ගලයා ගේ තෘෂ්ණාව නිමවීමක් නැත. මුළු පොළවම දිනා ගත් රජෙක් වුවද දැන් ඇතැයි නොසිතෙයි.” මේ අදහස් වල සනාතන අගය වර්තමානෙය් ලොව පුරා බලකාමය හේතුවෙන් ඇවිලෙන අරගල ගැන සිතන විට වටහා ගත හැකිය. තෘෂ්ණාවෙහි ම වන බලකාමය මිනිසුන් අතර අතිශය භයංකර ගැටුම් ඇති කරයි. මේ ගැටුම් වල විපාකය වන්නේ මානව සංහතියේ ම විනාශය යි. තෘෂ්ණාවෙහි ආදීනව මෙනෙහි කිරීම මෙන් ම මානයේ නිරර්ථකත්වය මෙනෙහි කිරීම ද යුද්ධයෙන් වැළකී සාමය ප්‍රගුණ කිරීම පිණිස හිතකර ක්‍රියා මාර්ගයකි. තමන්ට වඩා අන් අය උසස් යැයි සිතුමෙන් මෙන් ම තමන් අනුන්ට වඩා උසස් යැයි සිතුමෙන් ද සමාන යැයි සිතුමෙන් ද ත්රිවිධප මානය ජනිත වෙයි. ඒවා පිළිවෙලින් හීනමානය, සෙය්‍යමානය හා සදිසමානය ලෙස නම් කෙරේ. තම වර්ගයා අන්‍යයන්ට වඩා උසස් ව ඉහළින් තබා ගනු වස් ආධිපත්‍ය දිනා ගැනීමට හා පවත්වා ගැනීමට මිනිස්සු යුද වදිති. ඇතැම් විට අන්‍යය වර්ගයන් සමූල ඝාතනය කිරීමට සැලසුම් යොදති. ඇතැම් ආගමික සංකල්ප පවා මෙබඳු හැඟීම් පෝෂණය කරයි. බුදුසමය මානව වර්ගයාගේ ඒකත්ව උගන්වන නිහතමානය වර්ණා කරන දහමක් හෙයින් බෞද්ධයනට මානයෙහි ආදීනව මෙනෙහි කිරිම දුෂ්කර නැත. එමඟින් කිසිවෙක් කිසිටවකු අභිබවා නොයන ප්‍රියංකර සහජීවනයක් සඳහා සිතුවිලි සකස් කරගත හැකි වෙයි. මානය පිළිබඳ මිථ්‍යා කල්පනය දුරලා සමානත්ව ධර්මය ප්‍රගුණ කළ විට උනුන් අභිබවා යාම සඳහා සටන් මඟට බැසීම අනවශ්‍ය වෙයි.
එකට එක කීම හෙවත් පළිගැනීම තවත් ඉවත හළ යුතු අහිතකර දුර්ගුණයකි.බොහෝ යුද්ධ ඇති වන්නේ මෙම අවිචාරවත් ක්‍රියාව නිසාය. කෙනෙකු කළ දෙයක් වරදක් සේ අපට හඳුන්වන්නට හැකි වන්නේ අප එය නොකරනවා නම් පමණි. අප ද එය කරනවා නම් එහි තේරුම එය නිවැරදි ක්‍රියාවක් සේ අප පිළිගන්නා බවය. එසේ නම්, එවැන්නක් කිරිම සම්බන්ධයෙන් අනුන්ට චෝදනා කිරිමට අපට අයිතියක් නැත එහෙයින් පළිගැනීම සඳහා අපට හිරිහැර කළවුන්ට අප ද හිරිහැර කිරිම අඥාන ක්‍රියාවක් බව අප තේරුම් ගත යුතුය. ක්‍රෝධය හා වෛරය වර්ධනය වන්නේ “මට බැන්නේය, වධ හිංසා කළේ ය, මා පැරදවීය, මට අලාභ හානි කළේය” යි හිතේ පැසවීමෙනි. එසේ නොකරන්නේ නම් වෛරය නොසංසිදෙන බව ධම්ම පදයේ ඉගැන්වෙයි. වෛරයෙන් වෛරය නො සංසිදේ. වෛරය සංසිදෙන්නේ වෛර නොකිරීමෙනි. මෙය සනාතන ධර්මතාවක් බව ධම්මපදයේ ඉගැන්වෙයි.
නහි වෙරෙන වෙරානි - සම්මන්තිධ කුද්රචනං
අවෙරෙන ච සම්මන්ති - එස ධම්මෝ සනත්තතො”
(ධම්මපද 1- 3)
දිගින් දිගට ම පළිගැනීමට සිතීමෙන් වන්නේ ලෝකය ම එකම රණ පිටියක් වීමය. එවැන්නක ජීවත් වීම දුෂ්කරය. එහෙයින් බුදුරදුන් තම ශ්‍රාවකයනට අවවාද කරන්නේ දරුණු පල් හොරුන් අප අල්ලා කියතකින් ඉරන විට දී වුවත් ක්‍රෝධ සිතකින් වෛර චේතනාවක් නැතිව ඉවසීම ප්‍රගුණ කරන සේය.ප්‍රායෝගික වශයෙන් මෙය දුෂ්කර යැයි කෙනෙකුට හැඟී ගිය ද මෙය පරමාදර්ශ කර ගත් විට ජීවිතයේ බොහෝ අර්බුද විසදා ගත හැකි වෙයි. චූල්ලබෝධි ජාතකයේ දී වෛරයෙන් හා පළිගැනීමෙන් මිනිසුන් විනාශයට ප ත් වන ආකාරය උපමා කර ඇත්තේ ලීයක් තව ලීයක ගැටීමෙන් හට ගන්නා ගින්න ලීයම දවාලන ස්වභාවයට ය. ලීවල ගැටුමෙන් හටගන්නා ගින්න දවාලන පරිද්දෙන් මිනිස්සු එකට එක කීම හෙවත් සාරම්භය නම් වූ ගැටීමෙන් හට ගන්නා ක්රෝධාග්නිය ඔවුන් වනසාලයි.
අරගලකාරීව අනුන් පරදවා ජය ගැනීමේ අදහසින් කලී කළහ වාද විවාද කරන්නවුන් තුළ පවත්නා පුධාන දුර්වලතාවක් ලෙස බුදුදහම දකින්නේ ඔවුන් තමන් අජරාමරයන් සේ සිතා ගන්නා බවයි. තමන් මැරෙන සුළු බව ද දනිත් නම් කළහ එයින් සංසිදෙන බව බුදුහු වදාළ හ.
පරේ ච න විජානත්ති -මයමෙත්ථ යධාමසෙ
යෙ ච තත්ථ විජානත්ති - තතො සම්මන්ති මෙධගා
මේ අන්ව මරණානුස්සති භාවනාව වැඩීම සාමය සඳහා අතිශයින් ම උපකාරී වන ක්‍රියා මාර්ගයක් බව වැටහෙයි.
සියළු සත්ත්වයන් තමන්සේ ම දඬුවමට බය, මරණයට අකමැති අය බව තේරුම් ගෙන තමාට විපත් පැමිණවීමට ඇති අකමැත්ත අනුව විමසා තමන්ට පැමිණෙන අතවර ඉවසමින් සියළු සත්ත්වයන් කෙරේ අභයදානය දීම බෞද්ධ ප්රතිපත්තියයි.
ලෝක සාමය කෙරේ ඇති එකම මාර්ගයද එය යි. සරභංග ජාතකයේ දක්වා ඇති පරිදි ඉවසීම ප්‍රගුණ කරන ඇති පරිදි ඉවසීම ප්‍රගුණ කරන සත්පුරුෂයා එමගින් සතුරන් නැති කර ගනියි. එම සැනසීම යුද හමුදාවක් ජය ලබන රජකුට ලැබෙන්නේ නැත. එහෙයින් සියළු ප්‍රාණ භූතයන් කෙරේ දයාන්විතව පිළිපදින බෞද්ධයෝ අවි ආයුධ අතහැර දඬුවම් නොදී ජය ලබති. (නිහීත දණෙඩා නිහීත සත්ථො සබ්බ පාණ භූත හිතානුකම්පි) කාගේ වුවද ජීවිත අගනා බව ඔවූහු දනිති. සුරාසුර සංග්‍රාමයේදී ශක්‍රයා තම ගමනින් ගුරුළු පැටවුන් විනාශයට පත්වීම වළකන්නට අසුරයන් සිටින පැත්තට රිය හරවා ගොස් ඔවුනතින් පැරදුණේ ජීවිතවල වටිනාකම දත් හෙයිනි. ජීවිත රැකදීම සඳහා කැපවීම තුළින් ලබන පරාජය ද ජයග්‍රහණයකි.
මෙම ආකල්පය බෞද්ධ ඉතිහාසයේ නිරූපණය වූ ආකාරය ජෝන් වෝල්ටර්ස් නම් ලේඛකයා නොසැලෙන මනස නම් ග්‍රන්ථයේ අගය කරන්නේ මෙසේය.
“බෞද්ධයෝ තම ආගම වෙනුවෙන් කිසි විටෙක යුද නොවැදුණහ. මිත්‍යා දෘෂ්ටීන් නැති කිරීම අන්‍ය ලබ්ධිකයනට වධ බන්ධන කිරීම හෝ බලයෙන් තම ආගමට බඳවා ගැනීම හෝ කිසි විටෙක සිදු නොවීය. එය නිතර අන් අදහස් ඉවසන සුළු විය. නියම බෞද්ධයාට සතුරාගේත් මිතුරාගේත් ජීවිත එකය. හැම දරුණු ක්‍රියාවකින් ම වැළකී සිටිය යුතුය. හොඳම පලිගැනීමේ මාර්ගය නම් කරුණාවන්ත සිතුවිලි ය.”