3 පරිචිජේදය
ඛන්ධ, ආයතන, ධාතු විභාගය
භාරතීය බෝහෝ ආගමි මගින් වෙනස් නොවන සුළු යමක් මිනිසා තුළ ඇති බව ඉගැන් වු අතර එය ආත්ම නමින් හැදින්විනි. ඇතැමි ආගමි වලට අනුව ඊශ්වරයා විසින් මවන ලද ආත්මයක් එක් එක් පුද්ගලයා තුළ ඇත. මරණයෙන් පසු මැවුමිකාර දෙවියන්ගේ කැමැත්ත අනුව ස්වර්ගයෙහි හෝ නිරෙයහි හනෙිත්ය වාසය ලබයි.
මෙයින් අදහස් කරනු ලබන්නෙ පුද්ගලයා සතු ව පවත්නා කිසි කලෙක කිසි අයුරකින් වෙනස් නොවන විනාශයට පත් නොවන පරමාර්ථමය ආත්මයක් ඇති බවයි. පරමාර්ථමය පැවැත්ම යන්නේන් අදහස් කරන්නේනිත්ය අවිනිශ්වර පැවැත්මක් නමි, මම, පුද්ගලයා, සත්ත්වයා ආදි වශයෙන් ව්‍යවහාර කරනු ලබන දෙය එබදු පරමාර්ථමය පැවැත්මක් නොවන බව බුදු සමය පෙන්වා දෙයි. එහෙයින බුදු සමය ආත්ම දෘෂ්ටය ප්‍රතික්ෂේප කරයි.
බෞද්ධ ඉගැන් විමි වලට අනුව පෙනියන්නේ සත්ත්වයා, පුද්ගලයා, මම ආදි වශයෙන් කෙරෙන ව්‍යවහාර පරමාර්ථ වශයෙන් ගත් කල පිළිගත නොහැකි බවයි ඇත්තෙ ස්කන්ධ, ධාතු ආයතනයන්ගේ සමවායක් පමණි. වෙනත් ලෙසකින් දක්වතොත් බුදුසමයේ ස්කන්ධ, ධාතු, අයතන විභාගයෙන් සිදු කෙරෙනුයෙ සත්ත්වයා පිළිබද දෘෂිටි කෝණ තුනකින් කෙරෙන යථාර්ථ විග්රහයකි. එම විග්‍රහයෙන් අපේක්ෂා කරනුයෙ කලින් සදහන් කළ පරිදි අන්යදෘෂ්ටිකයන් ඉදිරිපත් කළ ආත්ම හෙවත් සදාකාලිකව පවතින පරිනාමයට පත් නොවන යමක් සත්ත්වයා තුළ පවතීය යන සාවද්‍ය දෘෂ්ටිය බැහැර කිරිමය.
ස්කන්ධ පංචකය , ආයතන දොළොස හා ධාතු දහ අට නිරන්තරයෙන් ම වෙනස් වන බව සහ දුකට හේතු වන බව බුදුරජාණන් වහන්සේ විවිධ දේශනා මගින් පෙන් වා වදාළ හ. ආත්මය යයි ගත හැකි කිසිවක් කොතනකවත් නැති බවත් එවැන්නක් ඇතැයි සිතීම සමිපුර්ණ මුලාවක් බවත් බුදුරජාණන් වහන්සේ මජ්ඣිම නිකායෙ අලගද්දුපම සුත්‍රයෙදි පැහැදිලිවම පෙන් වා වදාළ හ. සත්ත්වයා මේ පංච ස්කන්ධය වරදවා තේරුමි ගැනිම නිසා සංසාරයේ දුක් විදින බවත් එම ස්කන්ධ පංචකය විභාග කොට (පිරිසිද) දැන ගැනීමෙන් සසර තරණය කරන බවත් සංයුක්ත නිකායෙ සමිද්ධි සුත්‍රයෙ දී බුදුරජාණන් වහන්සේ වදාළ හ.
ඛන්ධ
ඛන්ධ යන වචනයෙහි ගොඩ , රාශිය යන අරුත් ඇත. බුදුසමයෙහි සත්ත්වයා පුද්ගලයා යන්න එවැනි මොහොතක් පාසා වෙනස් වන සුළු ඛන්ධ නමින් හැදින්වෙන රාශි හෙවත් ගොඩවල් පහකට මූලික වශයෙන් බේදා දැක්වෙයි.
(1) රූපක්ඛන්ධ (2) වේදනාක්ඛන්ධ
(3)සඤ්ඤාක්ඛන්ධ (4) සංඛාරක්ඛන්ධ
(5) විඤ්ඤාණක්ඛන්ධ
යනු එම ස්කන්ධ පසයි. එම ස්කන්ධ පස එකට එකතු කොට පංචස්කන්ධ යන පොදු නමකින් හැදින් වෙයි. මීළගට එම ස්කන්ධ පස වෙන වෙන ම ගෙන විමසා බලමු.
රූපක්ඛන්ධ
රූපක්ඛන්ධයට අයත් වන්නෙ නාම ගණයට නොවැටෙන පඨවි , ආපෝ, තේජෝ,වායෝ යන සතර මහා ගුතයන් හා ඒවා ඇසුරු කොට පවත්නා පදාර්ථ වු උපාදාය රූපයන් ය. ශීත, උෂ්ණ ආදි හේතුන් නිසා වෙනස් තත්ත්වයන්ට විනාශයට පත් වන හෙයින් ‘රූප’ යනුවෙන් හැදින් වේ. (යං කිචිචි සීතාදී හි රූප්පනලක්ඛණං ධමිමජාති සබිබං තං එකතෝ කත්වා රූපක්ඛනෙධාති වේදිතබිබෝ) පෙලෙහි සුත්‍ර වල රූපක්ඛන්ධය යන්න මෙසේ හදුන්වා ඇත.
“අතීත, අනාගත පචිචුප්පන්න යන කාල තුනට අයත් වු හෝ අධ්‍යාත්මීක වු හෝ බාහිර වු හෝ රළු වු හෝ සියුමි වු හෝ හීන වු හෝ ප්‍රණීත වු හෝ දුර වු හෝ සමීප වු හෝ රූප සියල්ල එක් කොට රූපක්ඛන්ධ යයි කියනු ලැබේ.’’
(යං කිචිචී රූපං අතීතානාගත පචිචුප්පන්නං අජඣත්තං වා බහිද්වා වා ඔලාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යංදුරේ සන්තිකෙ වා තදෙකජඣං අභිසංයුහිත්වා අභිසංඛිපිත්වා අයං වුචිචති රූප කඛනෙධා) (ම. නි. iii)
මෙම පාඨයට අනුව රූප, අතීත, වර්තමාන ,අනාගත වශයෙන්කාල තුනකට බේදා දක්වා ඇති අතර ලොව සියළුම වස්තුන් භෞතික වස්තුන් ගැනෙන පරිදි යුගල පද හතරකින් විස්තර කොට ඇත. ඒ අනුව අභ්‍යන්තර රූප වශයෙන් දැක්වෙන්නෙ තම ශරීරය හා සමිබන්ධ රූපයි. ශරීරයට අසමිබන්ධ සියළුම රූප බාහිර රූප වශයෙන් දැක්වෙ. දෙවනුව පංචඉන්ද්‍රියන්ට ගෝචර වන රූප ඔලාරික රූප වශයෙන් ද ඉන්ද්‍රීය ගෝචර නොවන රූප සියුමිරූප සුඛුම රූප වශයෙන් ද දක්වා ඇත. තුන්වැනිව උප්පත්ති ලෝක වල උසස් පහත් බව අනුව හීන ප්‍රණීත රූප වශයෙන් ද බේදා දැක්වෙයි.
මේ හැරුණු විට අපගේ ශරීරය විභාග කොට බැලිමෙදි රූප (28) විසි අටකට ප්‍රභේද කොට දක්වන අවස්ථාද ධර්මයෙහි දක්නට ලැබේයි. ඒ අනුව රූපකඛන්ධයට අයත් රූප සියල්ල ප්‍රධාන ප්‍රභේද දෙකකින් යුක්තය. එනමි,
(1) භූත රූප 4
(2) උපාදාය රූප 24 යනුවෙනි.
භූත රූප
පඨවි , ආපො, තේජෝ, වායෝ යනු භූත රූප හතරයි . සතර මහා භූත රූප ලෙස ද මේවා හැදින් වෙයි. මහත් ව දළ වශයෙන් පෙනෙන යන අර්ථයෙන් මේ සතරට මහා භූත රූප යන නම යෙදි ඇත.
පඨවි ධාතුව නමින් හැදින්වෙන මෘදු බව, තද බව, රළු බව, ලක්ෂණ කොට පවත්නා ධර්මතාවයකි . ශරීරයෙ පවත්නා කෙස්, ලොමි, නිය, දත්,සමි, මස්, නහර,ඇට ආදි වශයෙන් සැලකෙන තද බැවින් , ඝන බවින් යුතු යමි ස්වභාවයක් ඇත් ද, ඒ සියල්ල පඨවි ගනයෙහි ලා සලකනු ලැබේ. පඨව් ධාතු බහුලත්වය හේතු කොට ගෙන බාහිර වශයෙන් හෝ එවැනි තද ගතියක් ඇත්නමි ඒ සියල්ල ද පඨවි ගණයට අයත් ය.
වැගිරෙන ස්වභාවය ආපෝ ධාතුවෙහි ලක්ෂණයයි. එහෙයින් වැගිරෙන ගතියෙන් යුත් සියල්ල ආපෝ ධාතු බහුලත්වය හේතුවෙන් ආපෝ වශයෙන් හැදින්වෙයි. අපේ ශරීරය හා සමිබන්ධ කොට දක්වන විට පිත, සෙම,සැරව, ලේ, ඩහදිය, කදුළු , කෙල, මුත්‍ර, මේද තෙල් ආදිය හෝ වෙයමි ද්‍රව හෝ ද්‍රව බවට පත් වු යමක් ඇත්නම් ඒ සියල්ල ආපෝ ධාතු ගණයට අයත් ය.
උණුසුමි ස්වභාවය , දැවෙන ගතිය, සිහිල් බව, තේජෝ ධාතුවයි. අනුභව කළ, පානය කළ දේ යම් ස්වභාවයක් නිසා දැවීමට , දීරීමට , පැසවීමට පත් වේද එය අපේ ශරීරය සමිබන්ධයෙන් සැලකෙන තේජෝ ධාතුවෙහි ක්‍රියාකාරිත්වයයි.
ඉන්ද්‍රීය සමිබන්ධ වු හෝ නොවු කොතැනක හෝ පවතින සැලෙන ගතිය, පිපෙන ගතිය වායෝ ධාතුව නමි. ශරීරය සමිබන්ධයෙන් සලකන විට අශ්වාස, ප්‍රශ්වාස කරන වාතය උදරයෙ ඇති වාතය ආදි මේ වායෝ ධාතු ගණයට අයත් ය.
භෞතික ලෝකයේ ජීව අජීව සියල්ලම සැදී ඇත්තේ මේ භූත රූප සතර මුල් කොට ගෙනය. මෙම භූත රූප සතරෙහි සංයුතිය සැකසී ඇත්තේ ද අන්‍යොන්‍ය සාපේක්ෂක සමිබන්ධය ඇතිවය. එහි ප්‍රධාන විශේෂත්වය නමි ප්‍රධාන භූත රූපය අනෙක් භූත රූප අභිබවා පෙනී සිටීමය. එනමි තද ගතියෙන් (පඨවි) යුත් රූපයක් තුළ ආපෝ , තේජෝ, වායෝයන සතර භූත රූප කිසියමි ප්‍රමාණයකට ඇත. සෙසු භූත රූප පිළිබදවද එම ස්වශාවය එලෙසින් ම පවතීයි.
උපාදාය රූප 24
භූතරූප සතර ඇසුරු කොට ගෙන පවත්නා රූප විසි හතර උපාදාය රූප වශයෙන් හැදින්වේ. භූූත රූප නිසා පවත්නි යන අරුතින් මේවාට උපාදාය රූප යනුවෙන් ව්‍යවහාර කෙරේ. ලෝකයේ පවත්නා ජීව අජීව වස්තු වල විශේත්වය වෙනස හදුනා ගත හැකිවෙනුයේ මේ උපාදාය රූපයන් නිසාය. එම උපාදාය රූප මෙසේ ය.
(1) චක්ඛු (චකඛුප්පසාද රූපය ) ඇසේ තිබෙන ඔපය(2) සෝත (සොතප්පසාද රූපය) කනේ තිබේන ඔපය
(3) ඝාණ (ඝාණප්පසාද රුපය) නාසයෙ තිබේන ඔපය
(4) ජිව්හා (ජිවිහාප්පසාද රූපය) දිවේ තිබේන ඔපය
(5) කාය (කායප්පසාද රූපය) කයේ තිබේන ඔපය
(6) රූප (ඇට ගෝචර වන රූපය)
(7) සද්ද (කණේ ගෝචරය)
(8) ගන්ධ (නාසයේ ගෝචරය)
(9) රස( දිවේ ගෝචරය
(10) ඉත්ථි භාව (ස්ත්‍රී ස්වභාවය ගන්වන රූපය)
(11) පුරිස භාව (පුරුෂ ස්වභාවය ගන්වන රූපය)
(12) ජීවිත රූපය( රූප ජීවත් කරවිමේ ශක්තිය)
(13) හදයවත්ථු (හදය වත්ථු රූපය)
(14) කාය විඤ්ඤත්ති (ශරීරය හසුරවන බල වේගය
(15) වචී විඤ්ඤත්ති (වචන හසුරවන බල වේග)
(16) ආකාශ ධාතු (ඉඩ ප්‍රමාණය)
(17) රූපස්ස ලහුතා ( රූපයේ සැහැල්ලු බව)
(18) රූපස්ස මුදුතා(රූපයෙ මොලොක් බව)
(19) රූපස්ස කම්මඤ්ඤතා (රූපයේ කාර්ය යෝග්‍ය බව,)
(20) රූපස්ස උපචය (රූපයේ මුල් ම හට ගැනිම)
(21) රූපස්ස සන්තති(නැති වන රූපය වෙනුවට රූප හට ගන්නා අවස්ථාව)
(22) රූපස්ස ජරතා (රූපයේ දීරීමි ස්වභාවය )
(23) රූපස්ස අනිචිචතා (රූපයෙ භංගය)
(24) කබලීකාර ආහාර (අනුභව කරන ආහාරයෙහි සාරය)
මෙම උපාදාය රූප සමහරක් ( 1-5 හා 10-15) ජීවීන්ට පමණක් සීමා වන බව විමසා බැලිමෙන් තේරුම් ගත හැකි ය. ඒවා හැර සෙසු උපාදය රූප ජීව අඣිව දෙක්ෂයටම පොදු වන බව පේනේ . මේ පිළිබද වැඩි විස්තර විභාග අභිධර්මයෙහි රූප කාණ්ඩය ඇසුරෙන් ඔබට හැදැරීට හැකි වෙයි.
වේදනාකඛන්ධය
ස්කන්ධ විභාගයෙ දෙවැන්න නමි වේදනාකඛන්ධයයි. වීදීමි ස්වභාවය ලක්ෂණ නකාට ඇති ලක්ෂණ කොට ඇති මානසික අවස්ථා සියල්ල වේදනාකඛන්දයට ඇතුළත් වෙයි. වේදනා නමි වීදීමයි. මෙහි වීදීම යනුවෙන් අදහස ්කරන්නේ අරමූණූ වල රස වීදීමයි . කායික, මානසික ඉන්ද්‍රියන් බාහිර ලෝකය සමග ස්පර්ශයට පැමිණිම හේතු කොට ගෙන ඇති වන සුඛ වේදනා , දු:ඛ වේදනා අදු:ඛමසුඛ වේදනා යන සියල්ල මේ වේදනා ගණයට අයත් වෙයි. එබදු වේදනා හෙවත් වීදීමි ඇති වනුයේ ක්‍රම හයකින් ඉන්ද්රියයන් බාහිර ලෝකය සමග ස්පර්ශයට පැමිණීමෙනි. ඒ මෙසේයි.
ඇස රූපය සමග ස්පර්ශයට පැමිණිමෙන් නැහැය ගන්ධය සමග ස්පර්ශයට පැමිණීමෙන් දිව රසය සමග ස්පර්ශයට පැමිණීමෙන් කය(ශරීරය) ස්පර්ශනීය ධර්ම සමග ස්පර්ශයට පැමිණීමෙන් මනස(හිත) සිතිවිලි චෛතසික, අදහස් සමග ස්පර්ශයට පැමිණිමෙන් යන සය ක්‍රමයෙනි. මේ අන්දමට ඇති වන කායික මානසික වේදනා සියල්ල වේදනාක්ඛන්ධයට අයත් වෙයි. මේ සියලු වේදනාවන් ද්‍රව්‍යයක් නොවන බවත් , හුදෙක් එක සැටියකින් නොපවත්නා වෙනස් වන සුලු ශක්ති ව්ශේයක් හැටියටත් තේරුමි ගත යුතු ය.
සඤ්ඤාකඛන්ධය
තුන් වන රාශය සඤ්ඤාකඛන්ධය යි. යමි යමි දේ හදුනා ගැනිම සදහා භාවිතා කරන මේ සඤ්ඤා නමින් හැදින් වේ. වෙනත් ලෙසකින් කිව හොත් සඤ්ඤා නමි හැදිනිමයි. හැදීනීම සමුහය සඤ්ඤාකඛන්ධය යන්නෙහි තේරුමයි . කලින් සදහන් කළ වේදනාව මෙන් ම සංඥාව ද ඇස ද , කණ ආදීඉන්ද්රීය සයට ගෝචරවන රූප ,ශබිද ආදී අරමුණු සය අනුව සවෑදෑරුමි වෙයි.
ඇස රූපය සමග ගැටිමෙන් හෙවත් ස්පර්ශ වාමෙන් මේ අසවල් රූපය යයි හැදීනීම ඇති වේ. කන ශබිදය සමග ස්පර්ශයට පැමිණිමෙන් මේ අසවල් ශබිදය යයි ශබිදය හැදීනීම ඇති වෙයි . නැහැය ගද සුවද සමග ස්පර්ශයට පැමිණීමෙන් මේ න් මේ අසවල් ගන්ධය යයි හැදීනීම ඇති වෙයි. දිව රසය සමග ස්පර්ශ විමෙන් මෙ අසුවල් ස්පර්ශය යයි හැදිනිම ඇති වේ . මනස , චෛතසික සිතුවිලි, අදහස් සමග ස්පර්ශ විමෙන් මේ මෙබදු සිතිවිල්ලකැයි හැදීනීම ඇති වේ. මෙසේ සිදු වන හැදීනීම ද හුදෙක් ක්‍රියා ශක්තියක් පමණී.
සංඛාරකඛන්ධය
බුදු සමයෙහි සංඛාර යන වචනයෙහි අර්ථ කිපයක යෙදි ඇත. “අනිචිචාවත සංඛාරා’’ යනතන්හි සංස්කාර යනුවෙන් ගැනෙන්නෙ ප්‍රත්‍යයෙන් හට ගත් දෙයි. පංචස්කන්ධයෙන්අයත් සියල්ලම ප්‍රත්‍යයෙන් හට ගන්නා ධර්ම බැවින් අනිච්චාවත සංඛාර යන තන්හි සංඛාර ශබිදයෙන් පංචස්කන්ධයම කියවේ. අවිජ්ජා පචිචයා සංඛාරා යන තන් හි සංඛාර ශබිදයෙන් කුසල් අකුසල් ප්‍රකාශ වෙයි. මෙහි පංචස්කන්ධයෙහි ලා සංඛාරකඛන්ධය යන තන්හි සංඛාර නාමයෙන් ගැනෙන්නෙ වේදනා සංඥා යන වෛතසික දෙක හැර ඉතිරි වු චෛතසික පනසය. වෙනත් ලෙසකින් කිම හෝත් සිත තුළ ඇති වන චෛතසික ධර්මයන්ගෙ අභිසංස්කරණ හෙවත් විවිධ පෙළ ගැස්විමි මෙහි සංඛාර යනුවෙන් අදහස් කෙරේ.
විඤ්ඤාණකඛන්ධය
පස්වැන්න විඤ්ඤාණකඛන්ධයයිවිජානය හෙවත් දැන ගැනිම කරන බැවින් විඤ්ඤාණය නමි වෙයි. වෙනත් ලෙසකින් කිව හොත් රූප, ශබිද , ගන්ධ, ආදි වශයෙන් අරමුණක් ඇති බව දැන ගැනීම විඤ්ඤාණය යි. එහෙත් අරමුණ කිනම් අරමුණක් දැයි හදුනා ගැනීමක් විඤ්ඤාණයෙන් නොකෙරෙයි. එය කෙරෙනුයෙ කලින් සදහන් කළ සඤ්ඤාවෙනි. උදාහරනයක් මගින් පැහැදිලි කරතොත් මෙසෙ යි. ඇස නිල් පාට සමග ගැටෙයි. මෙහි දි පහළ වන චක්ඛු විඤ්ඤාණය පාටක් බව දැන ගනි. නමුත් එය නිල් පාට බව හදුනා ගන්නෙ සඤ්ඤාවෙනි.
මේ අනුව ඇස, කණ, නැහැය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රීය සය මුල්කොට ගෙන රූප , ශබිද, ගන්ධ, රස, ස්පර්ශ , ධර්ම යන අරමුණු සය දැනීම, විඤ්ඤාණය වශයෙන් තේරුම් ගත යුතු ය. එය ද කලින් සදහන් කළ වේදනා , සඤ්ඤා දෙක මෙන් ම සය වැදෑරුමි ය.
ඇස ආශ්‍රය කොට රූපය අරමුණු කොට චක්ඛු විඤ්ඤාණය පහළ වේ. චක්ඛු විඤ්ඤාණය යනු ඇසෙහි උපදින සිත හෝ ඇස ඇසුරෙන් ලබන දැනුමයි. කණ ආශ්‍රය කොට ශබිදය අරමුණු කොට ගෙන සොත විඤ්ඤාණය පහළ වේ. සොත විඤ්ඤාණය යනු කනෙහි උපදින සිත හෝ කණ නිසා ලබන දැනුමයි. නැහැය ඇසුරු කොට ගන්ධය ඇසුරු කොට ඝාන විඤ්ඤාණය පහළ වේ. එනමි නාසයෙහි උපදින සිත හෝ නාසය නිසා ලබන දැනීම ය. දිව ඇසුරු කොට රසය අරමුණු කොට ජිව්හා විඤ්ඤාණය පහළ වේ. එනමි දිවේහි උපදින සිත හෝ දිව නිසා ලපන දැනීම යි. කය ඇසුරු කොට ස්පර්ෂය අරමුණු කොට කාය විඤ්ඤාණය පහළ වේ. එනමි කයෙහි උපදින සිත හෝ කය නිසා ලපන දැනීම යි. මනස ඇසුරු ෙකාට ධර්ම අරමුණු කොට “මනො විඤ්ඤාණය” පහළ වේ. මනසෙහි පහළ වන සිත හෝ මනස නිසා ලබන දැනීම යනු එහි තේරුමයි. මේ අන්දමවෙන විඤ්ඤාණ රාශීය විඤ්ඤාණඛන්ධයට අයත් වන අතර ඒ ද ද්‍රව්‍යයෙන් තොර ශක්ති විශේෂයක් පමණි.
ස්කන්ධ විභාබයෙහි ලා සැලකෙන ස්කන්ධ පංචකය මෙතෙක් තකටියන් පැහැදිලි කෙරිණි. මේ කොටස් පස ද අස්ථීර වු වෙනස් වන සුළු වු ශක්ති විශේෂ බව තේරුමි ගත යුතු ය. සත්ත්වයා වශයෙන් ව්‍යවහාර කෙරෙන මේ කොටස් පහේ පවත්නා අස්ථීර බව ප්‍රකට කරමින් මෙවැනි උපමා පහක් මෙසේ දක්වා ඇත.
රූපස්කන්ධය පෙන පිඩුවක් වැනි ය. නිසරු ය. බුබුලක් වැනිය. බිදෙන සුලු ය. සඤ්ඤාණස්කන්ධය මිරිගුවක් වැනි ය. රවටන සුළු ය. සංඛාරස්ඛන්ධය කෙසෙල් කදක් වැනි ය. අරටුවක් නැති නිසා ය. විඤ්ඤාණස්කන්ධය මායාවක් වැනි ය. නැති දේ ඇති සැටියෙන් දක්වන්නක් නිසා ය.
පෙන පිණ්ඩූපමං රූපං වේදනා
බුබිබුලුපමා
මරචිකූපමා සඤ්ඤා සංඛාරාකදලුපමා
මායුපමංච විඤ්ඤාණං දීපිකාදිචිච බන්ධුතා
(සංයුක්ත නිකාය)
ආයතන
ආත්ම සංකල්පය ප්‍රතික්ෂේප කරන බුදු සමය පුද්ගලයා යන්න ස්කන්ධ වශයෙන් පමණක් නොව තව දුරටත් ආයතන වශයෙන් ද බෙදා විභාග කොට දක්වයි . බෞද්ධ ඉගැන් විමෙදි ආයතන නමින් හදුන්වනුයෙ පුද්ගලයා බාහිර ලෝකය හා සමිබන්ධ කරන චක්ඛූ ආයතන සය හා එමගින් බාහිර ලෝකයෙන් ගන්නා ආදි අරමුණු හය යි.
ශරීරය ක්‍රියාත්මක විමෙදි චිත්ත චෛතසක දෙක ප්‍රධාන කාර්යයක් උසුලන බව අපි දනිමු. යමි ලෙසකින් මෙම ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වය නවතා දැමුව හෝත් කුමක් සුදු වේද?
• ඇසේ ක්‍රියාකාරීත්වය නැවැත්වුව හොත් රූප දෙස බැලිය නොහැකි ය.
• රූප දෙස නොබැලුව හොත් දැකීමේ සිත පහළ නොවේ.
• දැකීමේ සිත පහළ නොවුව හොත් ඒ ඇසුරින් ඇති වන සිතිවිලි ඇති නොවේ.
• සිතිවිලි පහළ නොවුව හොත් කායික වාචසික මානසික ක්‍රියාකාරීත්වය ඇති නොවේ.
සෙසු සෝත, ඝාණ ආදි ඉන්ද්රියයන් පිළිබද තත්ත්යව ද එසේ මය. මේ අනුව ඉන්ද්‍රීය හා අරමුණු මගින් ඉටු කරන ප්‍රධාන කාර්ය වනුයේ චිත්ත චෛතසික ක්‍රියාකාරීත්වය ඇති කිරිම හා පවත්වා ගැනිමයි.
“චකඛු ච පටිචිච රූපෙ ච උප්පජ්ජති
චකඛු විඤ්ඤාණං තිණ්ණ සංගති එසෙසා.”
“ඇස නිසා ද රූප නිසා ද චක්ඛු විඤ්ඤාණය උපදී. එම ඇස, රූපය, චක්ඛූ විඤ්ඤාණය යන තුන එක් විමෙන් ඵස්ස සිතිවිල්ල උපදී.”
යනුවෙන් බුදු රදුන් දැක්වුයෙ චක්ඛු , සොත ආදී අභ්‍යන්තර ආයතනත් රූපත්, ශබිද ආදි බාහිර ආයතනත් නිසා චිත්ත චෛතසික හට ගෙන පවත්නා ආකාරයයි. එම අභ්‍යන්තර හා බාහිර ආයතන සියල්ල දොළසක් හැටියට මෙසේ දැක්වෙයි.
ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන
1. චක්ඛායතන 1. රූපායතන
2. සොතායතන 2. සද්දායතන
3. ඝාණයතන 3. ගන්ධායතන
4. 4. රසායතන
5. ඝාණයතන ඵොටිඨායතන
6. ජිව්හායතන 6. ධමිමායතන
කායායතන
මෙහි දැක්වෙන අධ්‍යාත්මික ආයතන ඉන්ද්‍රීය ආයතන වශයෙන් ද , බාහිර ආයතන ආරමිමණ ආයතන වශයෙන් ද ඇතැමි විට ධර්මයෙහි හදුන්වා ඇත.
ආයතන යන නම යෙදී ඇත්තෙ කුමක් නිසා ද?
ඇස (චක්ඛු) ආදි දොරටු සයවත් රූප ආදි අරමුණු සයටත් ආයකන යන නම යෙදි ඇත්තේ ඇයි ද යන්න ප්රශ්නයකි. ඇස ආදි දොරටුවත් , රූප ආදි අරමුණුත් නිසා චක්ඛු විඤ්ඤාණය, සොත විඤ්ඤාණය ආදි විඤ්ඤාණ සය උපදී. විඤ්ඤාණයක් පහළ වන විට හුදෙක් සිත පමණක් නොව ඒ හා සමිබන්ධ චෛතසික ද පහළ වේ. මේ චිත්ත චෛතසික වල ස්වභාවය නමි සත්ත්වයා අනන්ත සසර ගමන් කරවිමය. එසේ සසර ගමන් කර විමට චිත්ත චෛතසික ධර්ම උත්සාහ ගන්නා නිසාත් , ඒ අනුව සසර දිගින් දිගට ගමන් කරවන නිසාත් චක්ඛු ආදි දොළසට ආයතන යන නම යොදා ඇත.
මේ හැරුනු විට චිත්ත චෛතසික ධර්මවලට චක්ඛු, සොත ආදිය වාසස්ථානයක් යන අරුතිනි ද , චිත්ත චෛතසික ධර්ම හටගන්නා යන අරුතින් ද , චිත්ත චෛතසික ධර්ම රැස්විමට සුදුසු ස්ථාන වන බැවින් ද , චිත්ත වෛතසික ධර්මයන් ඇති විමට හේතු වනවාය යන අරුතින් ද චක්ඛු ආදියට ආයතන නම යෙදෙන බව ධර්මයෙහි විස්තර වෙයි.
ස්කන්ධ පංචකය තවදුරටත් බෙදා දැක්විමකි
ආයතන විභාගයෙන් කෙරෙනුයේ ස්කන්ධ පංචකය තව දුරටත් විග්රහ කොට දැක්විමක් සේ ද සිතිය හැකි ය. පංචස්කන්ධය නාම - රූප වශයෙන් කොටස් දෙකකට බෙෙදයි.වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන්න නාම කොටසටත්, රූපය යන්න රූප කොටසටද අයත් වේ.
ආයතන විභාගයෙදි සිදු වන්නෙ එය තව දුරටත් බෙදි යාමකි. අධ්‍යාත්මික ආයතන හැටියට දැක්වෙන චක්ඛායතන , සොතායතන, ඝාණායතන, ජිව්හායතන, කායායතන යන කොටස් පහත් බාහිර ආයතන වශයෙන් දැක්වෙන රූප, ශබිද, ගන්ධ, රස, ඵොටිඨබිබ යන කොටස් පහත් රූප කොටසට අයත් වෙයි. මනායතන නාම කොටසට අයත් ය. ධමිමායතන කොටසක් ද එම නාම කොටසට ම ඇතුළත්වෙයි. මේ අනුව රූපස්කන්ධය ආයතන දහයක් හැටියට ද , නාමස්කන්ධ ආයතන දෙකක් වශයෙන් ද බෙදෙ බව කිව හැකි ය.
මේ චක්ඛු ආදි අභ්‍යන්තර (අඡඣත්තිකා) ආයතන මෙන් ම රූපාදි බාහිර ආයතන ද අනිත්‍ය, දු:ඛ, අනාත්ම වශයෙන් බැලිය යුතු බව ධර්මයෙහි ඉගැන්වේ. එසේ බැලිමෙදි ඇස ආදි කිසිවක් මගෙ යයි (ආත්ම වශයෙන්) ගත යුත්ක් නැති බව නුවනින් දැකිය හැකි වන බවත් දැක්වෙයි. එවිට ඇස ආදිය කෙරෙහි කළ කිරෙයි. නො ඇලෙයි, මිදෙයි, මිදුණු පසු ඒ පිළිබද නුවණ පහළ වෙයි. රහත් බව පිනිස කළයුතු අනෙකක් නැති බව ද දැන ගනි.
සතිපට්ඨාන සුත්‍රයෙදි ද මේ ආයතන ධර්ම දෙස සිහියෙන් යුතුව බැලිමට උගන්වා ඇත. සංයෝජන නැමැති කෙලෙස් මෙම අභ්‍යන්තර බාහිර ආයතන ඔස්සේ උපදනා ආකාරයත් , එම ආයතන තුළදී ම ඒවා නැති වන ආකාරයත් , නැති කළ සංයෝජන එම ආයතන තුළ නුපදනා ආකාරයත් දෙස බැලිම සිහියෙන් කරන බැලිම හැටියට හදුන්වා දී ඇත. ඒසේ බලන විට එහි ඇත්තේ හුදු ආයතනික ක්‍රියාවලියක් විනා ආත්ම වැනි කල්පිත බලවේගයක මෙහෙය විමක් නොවන බව ද වටහා ගත හැකි බව එහිලා ඉදිරිපත් කෙරෙන හරයයි.
ධාතු
බුදු සහමෙහි ඉගැන්වෙන ධාතු විභාගය අනුව ‘ධාතු’ කොටස් (18) දහ අටකට බෙදා දැක්වෙයි. මෙය කලින් දක්වන ලද චක්ඛායතන, සොතායතන, ආදි ආයතන පිළිබදව විග්‍රහය තවදුරටත් විභාග කොට විශ්ලේශනය ෙකාට දැක් විමක් වශයෙන් හදුන්වා දිය හැකිය. කලින් සදහන් වු ආයතන වලින් දක්වා ඇත්තේ ඉන්ද්‍රීය හා ආරමිමණ පමණි. මෙහි දි ඉන්ද්‍රීය විඤ්ඤානය ද ඇතුළත් කොට ඇති ආකාරය පහත දැක්වෙන අටළොස් ධාතු පිළිබද ලේඛනය විමසා බැලිමෙන් තේරුමි ගත හැකි ය.
ඉන්ද්‍රීය ආරමිමණ ඉන්ද්‍රීය විඤ්ඤාණය
1. චක්ඛු ධාතු 2. රූප ධාතු 3. චක්ඛු විඤ්ඤාණ ධාතු
4. සොත ධාතු 5. සද්ද ධාතු 6. සොත විඤ්ඤාණ ධාතු
7. ඝාණ ධාතු 8. ගන්ධ ධාතු 9. ඝාණ විඤ්ඤාණ ධාතු
10. ජිවිහා ධාතු 11. රස ධාතු 12. ජිවිහා විඤ්ඤාණ ධාතු
13. කාය ධාතු 14. ඵොටිඨබිබ ධාතු 15. කාය විඤ්ඤාණ ධාතු
16. මනො ධාතු 17. ධමිම ධාතු 18. මනො විඤ්ඤාණ ධාතු
මෙම ධාතු පිළිබද ඉගැන්විමෙහි ඉන්ද්‍රීය, ආරමිමණ, ඉන්ද්‍රීය විඤ්ඤාණය යන අංශ තුන ඇතුළත් වන බව යෙින් පැහැදිලි වෙයි.
ධාතු යන වචනයෙහි තේරුම සත්ත්වයකු නොවන පුද්ගලයකු නොවන දෙය යනු යි. චක්ඛුප්පසාදය සත්ත්වයකු පුද්ගලයකු නොවන ස්වශාවයක් වන බැවින් චක්ඛු ධාතු නමි වේ. සොත ධාත ආදියත් ශ්රොතාදී ප්‍රසාද රූපයෝ ම ය. වර්ණ රූපය ම සත්ත්ව පුද්ගල නොවන බැවින් රූප ධාතු නමි . සද්ද, ගන්ධ, රස ඵොටිටබිබ ධාතු ද පිළලෙින් සද්ද, ගන්ධ, රස, ඵොටිඨබිබ ධර්මයන් මය. එකම මනායන ධාතු සතකට බෙදා තිබේ.
මේවාට ධාතු යන නම යෙදි ඇත්තේ ඇයි ද යන්න පැන නගින ප්‍රශ්නයක්. ධර්ම ග්රන්ථයන් හි ධාතු යන වචනය යොදා ඇති අර්ථ කීපයක් සදහන් වෙයි. ඉන් එක් අර්ථයක් නමි උසුලන ධරණ අර්ථයෙන් ධාතු යන්න යෙදි ඇති බවයි. ඒ අනුව සත්වයා විසින් මේ චක්ඛු ආදි ධාතු උසුලන ධරන බැවින් ධාතු නමි වන බව සදහන් වෙයි. ඒ හැරැනු විට මේ ධාතුන් සත්ත්වයාට සසර දුක ඇති කරවන වාය යන අරුතින් ද ධාතු යනුවෙන් ද ව්‍යවහාර කෙරේ.
මෙහි ධාතු වශයෙන් අටලොසකට බෙදා තිබෙන්නෙ ද ආයතන වශයෙන් දොලසකට බෙදන ලද ධර්ම සමුහය මය. ආයතන විභාගයෙ දී එකක් වශයෙන් සදහන් වු මනායතන ධාතු විභාගයෙදි සතකට බේදා තිබේ. එනමි,
(1) චක්ඛු විඤ්ඤාණ ධාතු
(2) සොත විඤ්ඤාණ ධාතු
(3) ඝාණ විඤ්ඤාණ ධාතු
(4) ජිව්හා විඤ්ඤාණ ධාතු
(5) කාය විඤ්ඤාණ ධාතු
(6) මනො ධාතු
(7) මනො විඤ්ඤාණ ධාතු
යනු යි.
ආයතන හා ධාතු යන දෙවර්ගයෙහි පවත්නා ප්‍රධාන වෙනස එයයි. ඇතැමි කෙනෙකු තුළ විඤ්ඤාණයෙහි ආත්ම සංඥාවක් දැඩි ව ඇත. බුද්ධ කාලයෙ සිටි සාති භික්ෂුව එවැනි හැගීමකින් යුතුව සිටියෙකි. එවැනි කෙනෙකු ට (විඤ්ඤාණය පිළබද විශ්ලේශනයක් , විභාග කිරිමක් නැති) ආයතන ක්‍රමයක් විදර්ශනාවට වැඩිමෙන් ඔහුගේ ආත්ම සංඥාව දුරු නොවේ. එබැවින් විඤ්ඤාණයෙහි තදින් ආත්ම සංඥාව දුරු කර ගැනිමට පහසු වනු පිනිස විඤ්ඤාණය තව දුරටත් විශ්ලේශනය කොට දැක්වෙන මෙම ධාතු විභාගය දේශනා කොට ඇත.
බුද්ධකාලීන ඇතැමි ආගමික සමිප්රදායන් පංචස්කන්ධයෙ ක්‍රියාකාරීත්වය ආත්මය මුල් කොට ගෙන සිදු වන්නක් ලෙස සිතු අයුරැ අනන්ත ලක්ඛන , චූලසච්චක වැනි සුත්‍ර වලින් ප්‍රකට වේ. එම ආත්ම වාදීහු ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වය එම ආත්මය මගින් සිදු වන්නක් බව පැවසුහ. පංචස්කන්ධය ක්‍රියාත්මක මනුයෙ සත්ව, ජීව නමින් හැදින්වෙන ආත්මයක මෙහෙය විමෙන් නොව නාම - රූප ධර්මයන්ගේ සාපේක්ෂ හේතු - ඵල සම්බන්ධයෙන් බව බුදුරජාණන් වහන්සේ වදිළ හ. මෙම ධාතු විභාගයෙන් ද බුදු රජාණන් වහන්සේ අපේක්ෂා කලේ නිස්සන්ත, නිජ්ජව භාවය ප්‍රකට කිරිම ය.