10 පරිච්ඡේදය
භාවනා
සමථ භාවනා විදර්ශනා භාවනා වශයෙන් භාවනා ක්‍රම දෙකක් ගැන බුදු සමයෙහි ඉගැන්වේ. එයින් සමථ භාවනා නමි කාමච්ඡන්න්ද ආදි පංච නීවරණ නමින් හැදින්වෙන් අකුසල් ධර්ම පහක් සමනය කර ගැනිමට ඉවහල් වන භාවනාවයි. (නීවරණානි සමථෙතී-සමථො) සිත එක අරමූණක මැනවින් පිහිටුවා ගැනිමෙන් කෙරෙන භාවනාවක් බැවින් මෙය චිත්ත භාවනා, සමාධි භාවනා යන නමි වලින් හැදින් වෙයි. කුසල් (දක්ෂතා) ඇති කර ගැනීමට පංච නීවරණ බාධකය . එම බාධක සංසිදුවා සිත තැන්පත් බවට පමුණුවා සිත දියුණු කරලීම මෙම භාවනාවෙනක් සිදු වේ. ධ්‍යාන උපදවා ගැනිමට උදවු වන භාවනාවකි.
සමථ භාවනා ක්‍රමයට සමාන භාවනා ක්‍රමයක් පැරණි භාරතයේ පැවතුණි. එකල දඹදිව විසු බමුණන් පංච අභිඥා , අෂ්ට සමාපත්ති උපදවා ගත්තේ එව භාවනා ක්‍රමයෙනි. එහෙත් බෞද්ධ සමථ භාවනාවෙහි විශේෂත්වයක් ඇත. එනමි ප්‍රථම ධ්‍යාන ආදි ධ්‍යාන උපදවා ගැනීම ඉක්මවා ප්‍රඥාව (විදර්ශනා ප්‍රඥාව) උපදවා ගැනිමට පදනම වැටෙන අයුරින් කායගතාසති ආදී කමටහන් යොදා තිබිමයි. එමෙන් ම විදර්ශනා භායනාවෙන් සිදු කෙරෙන්නේ කෙලෙසුන් නසා ලීමට අවශ්‍යවන අභ්‍යාසයක් ද බෞද්ධ සම¨භාවනාවෙන් සිදු වෙයි.
සමථ කර්මස්ථාන
භවනාව සදහා අරමූනූ කර ගත යුතු (නිමිති) කරුණු කර්මස්ථාන නමින් හැදින්වෙයි. සමථ භාවනාවට අරමුණු වශයෙන් ගත හැකි කර්මස්ථාන හතලිහකි. කසිණදසය, අසුභදසය, අනුස්සති දසය, අප්පමඤ්ඤා සතර, ආහාරේ පට්ටකුල සඤ්ඤායව, චතුධාතු වවත්ථානය, ආරුප්ප සත.ර යනු එම සමථ කර්මස්ථාන සතලිසයි.
දස කසිණ
(1) පඨවි කසිණය
(2) ආපො කසිණය
(3) තේජො කසිණය
(4) වායෝ කසිණය
(5) නීල කසිණය
(6) පීත කසිණය
(7) ලෝහිත කසිණය
(8) ඕදාත කසිණය
(9) ආකාශ කසිණය
(10) ආලෝක කසිණය
භාවනාවේ යෙදෙන්නා විසින් සිත පිහිටුවා ගැනිම සදහා භාවිතයට ගන්නා වු මැටියෙන් ඔප මට්ටමි කොට බෙර ඇසක් මෙන් තනාගත් මණ්ඩලය පඨවි කසිණයයි මෙම මණ්ඩල යටත් පිරිසෙන් එක්වියත් සතර අගලයක් පමණ හෝ විශාල කොට ගන්නේ නමි කුඩයක් පමණ හෝ නමතක් පමණ හෝ වීම සුදුසු ය.
මණ්ඩලාකාරයෙන් පිහිටි ජලය ආපෝ කසිණයයි . අමුතු පැහැයක් ඇති ජලය හෝ කැළඹුන ජලය ඒ සදහා නොගත යුතු ය. පාත්‍රයක් වැනි රවුමි මුව ඇති භාජනයකට ජලය පුරවාගෙන විවේක ඇති තැනක තබා සිතින් එය අරමුණු කොට ගෙන භාවනා කළ යුතු ය.
මණ්ඩලාකාරයෙන් පෙනෙන ගින්න තෙජො කසිණයයි. දරවලින් ගිනි ලගාඩක් පිළියෙළ කොට ගෙන වියතකුත් අගල් හතරක් පමණ කාවාකාර සිදුරක් ඇති තහඩුවකන් ඒ ගිනින සමීපයෙහි තබා ර් ගින්න අරමුණු කොට ගෙන තෙජෝ කසිණ භාවනාව කළ හැකි ය.
සුළග කැපී සෙලවෙන පෙනෙන යමක් අනුව තමාගේ සිතින් ම වායුධාරාවක් ඇති සැටියෙන් සිතාගෙන හෝ යමි කිසි සිදුරකින් අවුත් තමාගේ ශඍීරයෙහි හැපෙන වාතය සිහි කිරිමෙන් හෝ වායෝ කසීණ භාවනාව කළහැකි ය. එය වායෝ කසිණයයි.
නිල්පාට ඇති මණ්ඩල නීල කසිණසයි. කහපාට ඇති මණ්ඩල පීත කසිණයයි. රතු පාට ඇති මණ්ඩලය ලෝහිත කසිණයයි. සුදු පාට ඇති මණ්ඩල ඕදාත කසිණයයි. ඒ ඒ පාට ඇති සායමි කිසිවක ආලේප කොට වර්ණ කසිණ මණ්ඩල සදා ගත හැකි ය.
ආකාශ මණ්ඩල ආලෝක කසිණසයි.යම් කිසිවක වියතකුත් සතර අගලක් තරමි සිදුරක් සදා එම සිදුර තුළින් ආකාශය මෙනෙහි කිරිමි වශයෙන් හෝ ආකාස කසිණ භාවනාව කළ හැකි ය.
ආලෝක මණ්ඩලය ආලෝක කසිණසයි. බීමට හෝ බිත්ති යම් තැනකට හෝ වියතකුත් අගල් සතරක් පමණ වු සිදුරකින් ආලෝක වැටෙන්නකට සලස්වා ඒ ආලෝකය බලාගෙක භාවනා කිරිම ආලෝක කසිණයයි. මෙසේ කුඩා සිදුරකින් වැටෙන හිරු එළිය , සද එළිය හෝ පහනක ආලෝකය වශයෙන් ලැබෙන ආලෝන මණ්ඩලය අරමූණු කොට ගෙන භාවනා කිරිම ආලෝක කසිණ භාවනාව යනුවෙන් අදහස් කෙරෙයි.
දස අසුභය
මෘත ශරිරයක විවිධ අවස්ථා අරමූණු කොට ගෙන භාවනා කිරිම දස අසුභ ලෙස සදහන් වෙයි.
(1) උද්ධු මාතක - ඉදීමී ගිය මළ සිරුර
(2) විනීලක - ඉදිමී නිල්වන් වු මළ සිරුර
(3) විපුබ්බක - ඒ ඒ තැනින් සැරව ගලන සිරුර
(4) විචිඡිද්දක - යුද්ධ භුමි ආදියෙදි දී දෙකට කපා දැමු (සිදුරු සහිත) මළ සිරුර
(5) වික්ඛායිතක - බලු , සිවල් ආදි සතුන් විසින් තැනින් තැන කා දමන ලද සිරුර
(6) වික්ඛිත්තක - බලු සිවල් ආදි සතුන් විසින් අත් පා ආදි අවයව තැන් තැන් වලට ඇද දැමු පිළිකුල් සහිත මළ සිරුර
(7) හත වික්ඛිත්තක - ආයුධ වලින් ඇග පසග කැබලි, කැබලි වලට කපා තැන තැන විසුරුවා ලු මළ සිරුර
(8) ලෝහිතක - ලේ වැගිරෙන පිළිකුල් සහිත මළ සිරුර
(9) පුලවක - පණුවන් ගැසුන මළ සිරුර
(10) අට්ඨික - ලේ මස් නැති ඇට සමුහය හෙවත් ඇටසැකිල්ල
අනුස්සති දසය
නැවත නැවත උපදින සිහිය හෙවත් අනුස්සති නමි වේ. භාවනාවේ යෙදෙන්නකුට අනුකූල වු සිහිය හෙවත් සුදුසු සිහිය හෝ අනුස්සති නම් වේ. භාවනා අරමූණ වශයෙන් දැක්වෙන අනුස්සති දසය ගැන අංගුත්තර නිකාය ආදි ත්‍රිපිටක ග්රන්ථ වලද , විශුද්ධි මාර්ගයෙහි ද සදහන් වෙයි.
(1) බුද්ධානුස්සති
(2) ධම්මානුස්සති
(3) සංඝානුස්සති
(4) සීලානුස්සති
(5) චාගානුස්සති
(6) දේවතානුස්සති
(7) ආනාපානසති
(8) මරණානුස්සති
(9) කායගතාසති
(10) උපසමානුස්සති
යනු එම අනුස්සති දහයයි.
බුදුරජාණන් වහන්සේ අරහං ආදි ගුණ අරමුණු කොට ගෙන සිතේ උපදින සිහිය බුද්ධානුස්සතියයි. ස්වාක්ඛාත ආදි ධර්ම ගුණ නැවත නැවත සිතන විට සිත තුළ උපදින සිහිය ධම්මානුස්සතියයි. සුපිටිපන්න ආදි සංඝ ගුණ සිහි කරන්නාගේ සිත තුළ උපදින සිහිය සංඝානුස්සතියයි. තමාගේ සීලය නොබීදි , නොකෙලෙසී, පිරිසිදුව පවතින්නේ යැයි සිතන විට සිත තුළ උපදින සිහිය සීලානුස්සති වේ. තමාගේ ත්‍යාග ගුණය මසුරු මළ නැති බව ගැන සිතන විට සිත තුළ උපදින සිහිය චාගානුස්සති නමිවේ. තමාගේ ශ්රද්දාදී ගුණ ඡර්ම පරසිත් දන්නා දෙව්වරුන් පවා දැන ගතියි සිතන විට හෙවත් ගුණ ධර්ම පිරිමේදි දෙවියන් කාය සාක්ෂි වෙතියි සිතන විට තමාගේ ශ්‍රද්ධාදි ගුණ ධර්ම අරමුණු කොට ගෙන උපදින සිහිය දේවානුස්සති නමි වේ. හුස්ම හෙලීම ගැනීම දෙක අරමුණු කොට ගෙන සිහිය දියුණු කර ගන්නා විට ඇති වන සිහිය ආනාපානසතිය වේ. මරණය කාටත් සාධාරණය, මම ද මරණයට ගොදුරු වෙමි යනාදි වශයෙන් මරණය අරමුණු කොට වඩන සිහිය මරණානුස්සති නමි වෙයි. මේ ශරීරයෙහි ක්ලේශ ආදී දෙතිස් කුණප කොටස් ඇත. මේ කය බිදෙන සුළු ය. ආත්වමාදි වශයෙන් ගත යුතු , සුභ, සුඛාදි වශයෙන් ගත යුත යමක් නැත ආදි වශයෙන් සිතන විට උපදින සිහිය කායගකතානුසති නමි වේ. සියලු කෙලෙස් සංසිදෙන නිවන අරමුණු කොට ගෙන උපදවා ගන්නා සිහිය උපමානුස්සති නමි.
අප්පමඤ්ඤා සතර
මෛත්‍රි , කරුණා, මුදිතා, උපේක්ෂා යනු අප්පමඤ්ඤා සතරයි. අප්‍රමාණ සත්වයන් කෙරෙහි පැතිර විය යුතු බැවින් මෙය අප්‍රමාණ්‍ය නමින් හැදින් වේ. මෙය සතර බ්‍රහ්ම විහරණ නමින් ද හැදින් වෙයි.
ආහාරෙ පටිකුල සඤ්ඤාව
කබලීකාර ආහාර ,ඵස්ස ආහාර , මනොසංචේතනික ආහාර, විඤ්ඤාණආහාර යුවෙන් ආහාර සතර වැදැරුමි ය. එයින් මෙහි කියෙවෙන්නේ කබලීකාර ආහාරයයි. (විකා කන ආහාර) එම ආහාරය කටට ගත් තැන් සිට කෙළ ආදිය සමග මිශ්‍ර විමෙන් ක්‍රමයෙන් පිළිකුල් සහගත තත්ත්වයට පත් වන අන්දම නුවණින් සලකා බැලීම මෙයින් සිදු කෙරේ.
චතුධාතු වවත්ථාන
ධාතු මනසිකාර යනුවෙන් ද මෙය හැදින් වේ. මේ ශරීරය පඨවි, ආපෝ, තෙජෝ, වායෝ යනුවෙන් ධාතු වශයෙන් වෙන් කොට නැවත බෙදෙමින් යොන්සෝ මනසිකාරයෙන් බැලීම මෙයින් අදහස් කෙරේ.
සතර ආරුප්ප
ආකාසානඤ්චයාතන, විඤ්ඤාණඤ්චායතන, ආඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූප ධ්‍යාන සතර අරමුණු වශයෙන් ගැනිම සතර ආරුප්ප නමි.
පඨවි ආදි කසිණ අරමුණක් ඇතිව භාවනාවෙහි යෙදීමෙන් රූපාවචර චතුර්ධ්‍යාන ලැබු තැනැත්තා ආරුප්ප භාවනාවෙහි යෙදීමට සමත් වෙයි. චතුර්ධ්‍යානය ලැබු තඅනඅත්තා ආරුප්ප භාවනාවෙහි යෙදීමට සමත් වෙයි. චතුර්ධ්යානලාභීයා තමා ලබා ඇති කසිණාලෝකය අනන්තය ලෙස මනොමය අහසෙහි පතුරවයි. ඊට පසු ඒ ආලෝකය අතුරුදහන් වන ලෙස අධිෂ්ඨාන කොට ඉන් පසුව පෙනෙන හිස් (කසිණ එළිය උගුල්ලා දැමීමෙන් ලසු පෙනෙන) මනොමය අහස අරමුණු කොට එහි සිත රදවා තැබීම තැත් කරයි. එහි සිත එකගව තහවුරු වු පසු ැතිවන සිතේ එකග බව ආකාසානඤ්චයාතන නමි. ඉන් සිත බොහෝ දුරට සියුමි වේ. තව දුරටත් භාවනාවේ යෙදෙමින් ඉතිරි විඤ්ඤාණඤ්චායතන, ආඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන සමාධි ලැබේ.
ත්‍රිවිධ නිමිති
මෙතෙක් දක්වන ලද්දේ කර්මස්ථාන සතලිසයි. මෙයින් එකක් අනුව භාවනා කරන විට තුන් ආකාරයකින් අවස්ථා තුනකින් නිමිති ගැනීම සිදු වෙයි. සිත එක අරමුණක පිහිටුවා ගැනිම භාවනාවකින් කළයුතු මූලික කාර්යයකි. එහෙත් අපේ සිත නානාවිධ කර්මාදි විතර්ක වලින් ලෙඩ වෙමින් පවති. සත එකග කර ගැනිමට, භාවනාව තෙරෙහි ප්‍රිය තාවය ඇති කර ගැනීමට බාධක වන විට විතර්ක සිත තුළින් බැහැර කිරීමටත් , භාවනාවේ නියම ඵල, ලබා ගැනීමටත් හැකි වන්නේ සිත එක අරමුණක ස්ථීරව කලක් පිහිටුවා ගැනිමෙනි. පරිකර්ම නිමිත්ත, උද්ග්‍රහ නිමිත්ත, හා ප්‍රතිභා නිමිත්ත යන තුන් ආකාරය නිමිති වලින් එම කාර්යය ඉටු වේ.
පරිකර්ම නිමිත්ත
සතලිස් කර්මස්ථාන ඇසුරෙන් තමාගේ චරිතයට ගැළපෙන කර්මස්ථානයක් අරමුණු කොට ගෙන පළමුව භාවනා කරන්නේ නමි එය පරිකර්ම නිමිත්ත නමි වෙයි. නිදසුනක් ලෙස කිව හොත් පඨවි කසිණය අරමුණු කොට ගෙන භාවනාවේ යෙදෙන යෝගාවචරයා විසින් සුදුසු පරිදි පිළියෙළ කර ගත් ඒ කසිණ මණ්ඩලය පරිකර්ම නිමිත්තයි.
උද්ග්‍රහ නිමිත්ත
පරිකර්ම නිමිත්ත ඉදිරියේ තබා ගෙන (පඨවි, පඨවී ආදි වශයෙන් හෝ ආලොකො , ආලොකො ආදී වශයෙන් කියමින් ) භාවනා කරන විට යමි නිමිති සටහනක් සිතට අරමුණු නමි හෝ ඇස පියා ගෙන බැලු කල්හිත් පරිකර්ම නිමිත්තනි ප්රතිබිමිභයක් මනසට නැගේ නමි , වැටහේ නමි එය උද්ග්‍රහ නිමිත්ත නමි වේ. මෙය පරිකර්ම නිමිත්තෙහි දියුණු අවස්ථාවක් හැටියටය ද හැදින් විය හැකි ය.
ප්‍රතිභාග නිමිත්ත
උද්ග්‍රහ නිමිත්ත අරමුණු කොට ගෙන භාවනා කරන විට නීවරණයන් තව දුරටත් දුරු වී යාමෙන් සිත පිරිසිදු වී භාවනා නිමිත්ත වඩාත් පිරිසිදු වී සිතට පෙනෙන්නට පටන් ගනී. ඒ භාවනා නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත නමි වේ. වළාගැබකින් නික්මෙන පුන්සද මඩලක් මෙන් ද, පසුබිමිබියක් තඅළින් ගනු ලබන පිරිසිදු කණ්ණාඩියක් මෙන් ද, උද්ග්රහත නිමිත්ත විවෘත කරගෙන ඇතිවන සියුමි ආලෝක ප්‍රතිභාව නිමිත්ත හැටියටද හදුන්වා ඇත.
ත්‍රිවිධ භාවනා
පරිකර්ම භාවනා, උපචාර භාවනා, අර්පණා භාවනකා යනුවෙන් භාවනා කරන පිළිවෙළ අනුව භායනාව තුන් ආකාර වෙයි.
පරිකර්ම භාවනාව යනු මූලික භාවනාවයි. සතලිස් කර්මස්ථාන ඇසුරෙන් යමක් අරමුණු කොට ගෙන කලින් සදහන් කළ පරිදි ප්‍රතිභා නිමිත්ත ලැබෙන තෙක් සිත ඒ අරමුණෙහි ම නැවත නැවතත් යොදවන ඒ භාවනාව පරිකර්ම භාවනා නමි.
නීවරණයන් යටපත් කොට කමිණ ආලෝකය උපදවා ගත් තැන් පටන් එයම ක්‍රමයෙන් අර්පණා චිත්තය (ධ්‍යාන) ඇති වීමට ලං වන තුරු පවත්වන භාවනාව උපචාර භාවනා නමි. වෙනත් ලෙසකින් කිව හොත් ප්‍රථම ධ්‍යාන ලබා ගැනීමට ආසන්න , සමීප භාවනාව හැටියටද මෙය හැදින් වෙයි. මෙය පරිකර්ම භාවනාවේ දියුණු අවස්ථාවයි.
උපචාර භාවනාවෙන් උපදවා ගත් ප්‍රතිභා නිමිත්ත නොනවත්වාම මෙවනහි කර ගෙන යන කල්හි සිත ප්‍රතිභා නිමිත්තෙහි ගැඹුරට කිදා බැස ගියාක් මෙන් සිතෙහි නිශ්චලතාවක් , ස්ථීරභාවයක් ඇති වේ. එම චිත්ත සමාධිය අර්පණා නමි.
චරිතවලට ගැළපෙන කර්මස්ථාන
පුද්ගලාගේ විවිධ හැසීරිම් ස්වභාවයන් අවුව චරිත වර්ග කිරීමක් බුදු සමයෙහි දක්නට ලැබෙයි. ඒ අනුව විවිධ චරිත වලට ගැළපෙන භාවනා ක්‍රම පැවති බවත් , ඒ ඒ චරිතයට ගැළපෙන භාවනාවක්ම තොරා ගැනීමට බුදුරජාණන් වහන්සේ මෙන් ම සෙසු බෞද්ධ ආචාර්යයන් වහන්සේ ලා ද උපදෙස් දී ඇති බව පෙලෙහි එන සුත්‍ර විමසා බැලීමෙන් පෙනේ.
ප්‍රධන් වීර්ය වැඩීම සදහා අඹ වනයට ගාය මේඝිය තෙරණුවෝ කාම, ව්‍යාපාද, විහිංසා සිතිවලින් පීඩාවට පැමිණ තම අරමුණු ඉටු කර ගැනීමට නොහැකිව බුදුරජාණන් වහන්සේ ,වෙත පැමිණියහ. ඒ අවස්ථාවේ දි බුදුරජාණන් වහන්සේ, රාගය දුරු කිරිම පිණිස,අසුභ භාවනාවත් ව්‍යාපාදය චදුරු කිරිම පිනිස මෛත්‍රි භාවනාවත් , මානය නසනු පිණිස අනිත්‍ය සංඥාවත් , වඩන ලෙසට මේඝිය තෙරණුන්ට උපදෙස් දුන් අන්දම උදාන පාළියේ මේඝිය සුත්‍රයෙන් ප්‍රකට වෙයි.සතර බ්‍රහ්ම විහරණය, අසුභය, කායගතාසතිය, හා අනාපානසතිය යන කමටහන් රාහුල තෙරණුවන්ට භාවනාව සදහා සුදුසු කර්මස්ථාන වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ බව මහා රාහුලෝවාද සුත්‍රයෙන් පැහැදිපි වෙයි. භාවනාව හා චරිතය පිළිබදව මෙයින් විශේෂ කරුණක් ප්‍රකට වෙයි. එනමි පුද්ගලයා එක් අයෙක් වුවද ඔහු තුළ රාග, දෝෂ, මෝහ ආදි විවිධ කෙලෙසුන් මතු විය හැකි ය. ඒ බැවින් ඒ එක් කිලුටක් හිස ඔසවා තදින් බලපාන අවස්ථාවේදි ඒ ඒ කෙලෙස් යටකර දමා ඉන් සිත පිරිසිදු කර ගැනිමට අවශ්‍ය වු කර්මස්ථාන ඒඒ භාවනාවම ඉදිරියට ගෙන වැඩිය යුතු බවයි. මේ අනවු විවිධ කර්මස්ථාන ඇසුරෙන් තම චරිතයට ගැළපෙන කර්මස්ථානයක් , භාවනා අරමුණක් තොරා ගැනීම පිළිබදව ද භාවනිනුයෝගියා සැළකිලිමත් විය යුතු ය. මේ සදහා භාවනා ආචාර්යවරයකුගේ (කල්යාන මිතුයකුගේ ) උපදෙස් අවශ්‍යය.
පුද්ගලයකුගේ විවිධ හැසිරීමි , ගතිපැවතුමි අනුව විවිධ ගතිලක්ෂණ ඇති බව පෙනෙයි. එහෙත් ඒ අතුරෙන් බහුලව දක්නට ලැබෙන ගති ලක්ෂණයන් අනුව රාග චරිත, දෝස චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත, විතරික චරිත යනුවෙන් ප්‍රධාන වර්ග හයක් පිළිබදව චරිත වර්ග හයක් පිළිබදව බෞද්ධ ග්රන්ථ වල සදහන් වෙයි. එමෙන් ම මේ අතර එකිනෙකට සමානව යෙදෙන චරිත ඇති බව ද සදහන් වෙයි. ඒ අනුව රාග චර්තයා තුළ පවත්නා ලක්ෂණ ශ්‍රද්ධා චරිතයා තුළ ත්, දෝස චරිතයා ගැන කියවෙන ලක්ෂණ බුද්ධි චරිතයා තුළත් මෝහ චරිතයා තුළ පවත්වන ලක්ෂණ විතර්ක චරිතයා තුළත් ඇතැමි කරුණු වලින් සමානව යෙදෙන බව ද විස්තර වෙයි.
හැම භාවනාවක්ම , කර්මස්ථානයක්ම රාගාදි කෙලෙසුන් යටලත් කරයි. ශ්‍රද්ධාදී ගුණ ධර්ම වැඩිදියුණු කරයි. එ බැවින් කිනමි කර්මස්ථානයක් වුවද භාවනා සදහා තෝරා ගැනීමට බාධාවක් නැත. එහෙත් භාවනවෛන් වඩාත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වන පරිදි ඒ ඒ චර්තයාට යෝග්‍ය භාවනා හෙවත් කර්මස්ථාන ද සුවිශේෂි කොට ධර්මයෙහි සදහන් වෙයි.
චරිත හා කමටහන්
රාග චරිතයා
රාගය අධික තැනැත්තා රාගාදි චරිතයායි. රාගය යනු ලෝභයයි. මානය ද ලෝභය හා එක්ව පවත්නා බැවින් රාග චරිතයාට ද ලෝභයක් ඇත. පුද්ගලයාට හා වස්තුන්ට තදින් ඇලුමි කරන බව කොතෙක් ලැබුණත් සෑහීමකට පත් නොවන බව, දකින්න්ගේ ප්‍රසාදය ඇති වන අන්දමට කරන කියන වැඩ කටයුතු ලස්සනට පිරිසිදු කරන බව ආදිය රාග චරිතයාගේ ලක්ෂණයි.
රාග චරිතයා හොද දේ ව ලස්සන දේට ප්‍රිය කරන බැවින් ඇලුමි කරන්නෙකු බැවින් ඔහුට සුදුසු වන්නේ අවලස්සන, පිළිකුල්, අප්‍රිය උපදවන අරමුණු ය. එය ඔහුට කෙලෙස් නුපදිමට හේතු වෙයි. එබැවින් රාග චරිතයාට සුදුසු වන්නේ දස අසුභය හා කායගතා සතිය යන කමටහන් එකොළසය. මේවා පිළිකුල් නිසා රාග චරිතයාගේ රාගය දුරු වීමට හේතු වෙයි. ඹහුට සුදුසු ඉරියව්ව නමි සීටීම හො සක්මනයි. මෙසේ වු විට ඔහුගේ සාර්ථක වෙයි.
දෝස චරිතයා
නිතර අනුන්ට ද්වේශ කරන ද්වේශ බහුල පුද්ගලයා ද්වේශ චර්තයායි. නිතර කෝපයට පත් වන බව , අනුන් හා වැඩිකල් මිත්‍රව නොවිසියහැකි බව සෑම ක්රියානකදීම කලබලවන බව බිය වන බව , ඉක්මනින් වෙනස් වන බව , කටුක ආහාර වලට කැමති බව ද්වේශ චරිතයාගේ ලක්ෂණයයි.
ද්වේෂ චරිතයා සුළු අමිහිරක් දැකත් සුළු වරදක් දැකත් ගැටෙන ස්වභාවයෙන් යුක්ත නිසා ඔහුට හැම විටම ප්‍රිය අරමුණක් ප්‍රසන්න පරිසරයක් ම යෝග්‍යය. රාග චරිතයාට කී කරුණු වල අනෙක් පැත්ත ද්වේෂ චරිතයාට සුදුසු ය. මෙත්තා, නරුණා, උපේක්ෂා, මුදිත යන අප්පමඤ්ඤතා සතරක් , නීල, පීත, ලෝහිත, ඕදාත යන වර්ණ කසීණ සතරක් භාවනාව සදහා සුදුසු ය. මෙවන් ප්‍රිය අරමූණු ඔහුගේ ද්වේෂය දුරු වීමට ඉවහල් වෙයි. ඔහුට සුදුසු ඉරියව්ව නමි හෙවීම (ශයනය) හෝ නිදීමයි. මෙයින් ඔහුගේ භාවනාව සාර්ථක වේ.
මෝහ චරිතයා
මෝහය බලවත්ව ඇති පුද්ගලයා මෝහ චරිතයායි. ථීනමිද්ධය, උද්ධච්ච කුක්කුච්චය, විච්කිච්ඡා යන මේ නීවරණ ද මෝහ චරිතයාට අධිකව ඇත. ගැඹුරු කරුණු තේරුමි ගැනීමට අසමත් බව, රැවටෙන සුළු බව, අනුන්ගේ කීම් අනුව යුතු අයුතු කමි හොද නරක සළකන බව , පිළිගත් වැරදි හැගිමි මගහරවන්නට දුෂ්කර බව , කවර දෙයක් වුවද හරියට කිරිමට නොසමත් බව යනාදිය මෝහ චරිතයාගේ ලක්ෂණයි. මෝහ චරිතයාගේ සතර ඉරියව්ව ම අවුල් සහිත ය, පැවතුමි පිරිසිදු කම්න් තොරය. කිසිවකින් මුවා නොවු විවෘත වු එළිමහන් සෙනසුන් ඔහුට සුදුසු ය. ඹහුට සුදුසු ම ඉරියව්ව නමි සක්මනයි. ප්‍රකෘතියෙන් ම පමා බවින් යුක්ත හෙයින්
ඔහුට අනාපානසතිය සුදුසු ය. මෝහය දුරු කර ගැනීමට ඔහුට එය උපකාඑ වෙයි. කසිණ භාවනා වඩන්නේ නමි කුඩා කසිණ මණ්ඩලය නොව ලොකු කසිණ මණ්ඩලය සුදුසු ය.
සද්ධා චරිතයා
ශ්‍රද්ධාව අධික තැනැත්තා ශ්‍රද්ධා චරිතයායි. පරිත්‍යගශීලී බව, ගුණවතුන් දකිනු කැමති බව , දහමි අසනු කැමති බව, ප්‍රිතී ය බහුල අදි බව යනාදිය ශ්‍රද්ධා චරිතයාගේ ලක්ෂණයයි. ඇතැමි කරුණු වලින් ශ්‍රද්ධා චරිතයා රාග චරිතයාට සමාන ය. බුද්ධානුස්සති ආදි අනුස්සති ශ්‍රද්ධා චරිතයාට සුදුසු ය.
බුද්ධි චරිතයා
නුවණ වැඩි තැනැත්තා බුද්ධි චරිතයායි. සුවච බව කළන මිතුරන් ඇති බව, සිහි නුවණ ඇති බව, ගැඹුරු දේ තේරුමි ගැනීමේ සමත් බව , අනුන් කී පමණින් නොපිළි ගන්නා බ ව, හැම වැඩක්ම ක්‍රමානුකූලව කරන බව යනාදිය බුද්ධි චරිතයාගේ ලක්ෂණයයි. ප්රඥවෙන් හා වීර්යයෙන් කටයුතු කරයි, ඇතැමි කරුණු වලින් බුද්ධි චරිතයා ද්වේෂ චරිතයාට සමානය. බුද්ධි චරිතයාට සෙනසුන් ආදියෙහි නුසුදුසු කිසිවක් නැත. මරණානුස්සතිය, උපමානුස්සතිය, ආහාරෙ පටික්කුල සංඥාව, චතුර්ධාතු ව්‍යවස්ථානය යන ගැඹුරු කමටහන් බුද්ධි චරිතයාට සුදුසු ය.
විතර්ක චරිතයා
විතර්කය බහුල තඅනඅත්තා විතර්ක චරිතයාය. නිතර දොඩමලු ස්වභාවයෙන් යුක්ත ය. නිතර පිරිස් ඇතිව වීසීමට ප්‍රිය කරයි. නොයෙක් දේ නිතර කල්පනා කරයි. කුසල් කිරිමෙහි එත.රමි සතුටක් නැත. ඉක්මනින් අදහස් වෙනස් කරයි. දිගටම එක දෙයක් කිරිමට ශක්තියක් නැත. දිගටම එක දෙයක් කිරිමට ශක්තියක් නැත. ඇතැමි කරුණු වලින් විතර්ක චරිතයා මොහ චරිතයාට සමාන ය. පරිවත විවරයෙහි වනයෙන් මුවා වු ග්‍රහා ආදිය ඔහුට සෙනසුන් වශයෙන් සුදුසු ය. ඔහුට ද ආනාපාන සතිය විශේෂයෙන් ම සුදුසු ය. අරමුණෙන් අරමුණට දුවන අභාවිත සිත භාවිත සිතක් බවට පත් කිරිමට ඔහුට අනාපාන සතිය උපකාර වෙයි. කසිණ භාවනා වඩන්නේ ඔහුට වඩාත් යෝග්‍ය වන්නේ කුඩා කසීණ මණ්ඩලයයි.
මේ අන්දමට ඒ ඒ චරිතයාට සුදුසු නුසුදු කමටහන් පිළිබදව ද ධර්මයෙහි විස්තර වෙයි. භාවනා උපදේශක ආචාර්ය තුමන්ගේ ද උපදෙස් ඇතිව තමාට යෝග්‍ය කමටහනක් තොරා ගැනීමටද භාවනා යෝගීයා සැළකිලිමත් විය යුතු ය.
සුදුසු ස්ථානයක්
භාවනාසන සදහා විශේෂයෙන් ම තොරා ගත් ස්ථානයක් අවශය්‍ය යන ප්රශ්නය කෙනෙකුට පැන නගිය හැකි ය. කවර ස්ථානයක වුව ද භාවනා කළ හැකි ය. එහෙත් වඩා ඵලදායි වීමට නමි භාවනාව පුරුදු කිරිමට ආරමිභ කිරිමේදි ඊට යෝග්‍ය පරිසරයක් ඇති ස්ථානයක් තොරා ගත යුතු ය. ක්‍රමයෙන් භාවනාවට හුරු වු පසු දෛනික ජීවිතයේ කරන ක්‍රියාවන්ට ද භාවනාව සමිබන්ධ කර ගැනීමට උනන්දු විය යුතු ය.
අරඤඤගතෝවා, රුක්ඛමූල ගතෝවා, සූඤ්ඤාගාර ගතෝවා ආදී වශයෙන් සතිපට්ඨා සුතුය වැනි දේශනා කිහිපයකම භාවනාවට යෝග්‍ය ස්ථාන දක්වා තිබේ. භාවනාව සදහා අවශ්‍ය වන කාය චිත්ත සංවරය පිණිස බාහිර අරමුණු වලින් ඈත් විය යුතු ය. බාහිර අරමුණු නිසා සිතට අදහස් ගලා එයි. එයින් සිත අසංවර වෙයි. එබැවින් ආරණ්‍ය භාවනාවට සුදුසු ස්ථානයකි. එහෙත් හැම කෙනෙකුටම ආරන්ය යෝග්‍ය නොවෙයි. විශේෂයෙන් ම බිය ඇති කෙනෙකුට ආරණ්‍ය භාවනාව සදහා සුදුසු තැනක් නොවේ.
රුක් මුල් ද භාවනාව සදහා සුදුසු ය. වනයෙහි ඇති රුක් මුල් ම නොවුවත් එතරමි ජනතාව නො හැසිරෙන උයන්වල ඇති ගස් යට භාවනා කිරිමට යෝග්‍යය. අබ්භොකාසය ද භාවනාට සුදුසු ස්ථානයකි. අබ්භෝකාසය යනු ඉඩකඩ ඇති ස්ථානයකි. ගෙවල් නැති ස්ථානයකි. පට්ටනි, විශාල වෙල් එළි ආදිය එවන් තැන් ය. පරිසරයේ ඇති නිහඩියාවත් ගැඹුරු බවත් නිසා එවැනි ස්ථාන භවනාව සදහා සිත සකස් කර ගැනීමට පහසු කරවයි. එමෙ න් ම ශරීරයේ පවමත්නා ඈලී මැලී කමි ද නැති ව යයි.
ක්ෂණිකව මාර්ගඵල අවබෝධ කළ හැකි පුද්ගලයාට මෙබදු අමුතු තැන් භාවනාව සදහා අවශ්‍ය නොවේ. පා සේදු වතුර ගලා බන අන්දම අරමුණු කොට ගෙන රහත් ඵලයට පත් වුවන් ගැන ද ධර්මයෙහි සදහවෙයි. එහෙත් අද සිටින සෑම කෙනෙකුම එවැනි මානසික දියුණුවක් නැති හෙයින් භාවනාව සදහා ( මුල් අවස්ථාවේදි හෝ) විවේකී ස්ථානයක් තෝරා ගැනීම සුදුසු ය.
එහෙත් එවැනි ස්ථානයත් නැති නිසා භාවනාව අත්හල යුතු නොවේ. ගිහි ගෙවල සිටිමින් මත් භාවනා කළ අය ගැන සදහන් වෙයි. රහාගතෝ, පාසාදවරගතො, වැනි යෙදූමි වලින් පෙනී යන්නේ ඇතැමි විට රජවරු වැනි අය මාළිගාවන්හි උඩු මහල පවා භාවනාව සදහා යොදා ගෙන තිබේ. තම නිවසේ කාමර ප්‍රයෝජනයට ගත් බවයි. ජනාකීර්ණ ඇතැමි නගර වල විසු ඇතැමි තෙරවරු භාවනාව සදහා වෙනම ගෙවල් ඉදි කර ගත් බවට ද සාධක තිබේ. අනුරාධපුර යුගයේ ඉදි කළ එවැනි ගොඩනැගිලි පව නටබුන් අද දක්නට ලැබෙයි. පියන්ගල් (පධානඝර) නමින් එවා හැදින් වෙයි. භාවනා ගෙවල් යනු එහි තේරුමයි. භාවනාව සදහා තොරා ගන්නා ස්ථානය පිරිසිදු ස්ථානයක් විය යුතු ය. එසේ නොවීම සෞඛ්‍යයට අහිතකර විය හැකි ය.
සීලයක පිහිටිම
සීසය භාවනාවේ පදනමයි. (සීලෙ පතිට්ඨාය) එබැවින් භාවනා කරන කවරකු වුව ද විසින් වුවද පළමුව සීලයක පිහිටිම අවශ්‍ය වෙයි. විශේෂයෙන්ම භාවනාවට අවශ්‍ය චිත්ත සපංවරය ඇති කර ගත හැකි වන්නේ සීලයෙනි. පැවිද්දෙකු විසින් නමි පළමු කොටම සිව් පිරිසිදු සිල්හි පිහිටිය යුතු ය. එනමි :-
(1) ප්රාතිමොක්ෂ සංවර ශීලය
(ප්රාතිමෝක්ෂය නමැති විනය ග්රන්ථයෙහි වදාළ තාක් ප සමුහය අරක්ෂා කිරිමයි.)
(2) ඉන්ද්රිය සංවර ශීලය
(චක්ඛු, සොත, ඝාන, ජිව්හා, කාය, මන යන සවෑදෑරුමි ඉන්ද්රියයන් රූප, ශබ්ද ආදි අරමුණු වලගැටීමෙන් කෙලෙස් උපදවා ගැනීමෙන් වැළකීම)
(3) අජීව පාරිශුද්ධ ශීලය
(ආජීවය කෙලසන වෙදකමි ආදි ශ්‍රමණ සාරුප්‍ය නොවන හෙවත් මහණ කමට නො ගැළපෙන සෙයින් වැළකීම)
(4) ප්‍රත්‍ය සන්නි ශ්‍රිත සීලය
(චීවර, පිණ්ඩපාත, සේනාසන ගිලානප්‍රත්‍ය යන සිවි පසය පරිභෝග කිරිමේදි එකක් පසා නුවණින් සලකා බලා බුක්ති වීදීම) යනු යි
භවනා ආරම්භ කරන තැනැත්තා ගිහියෙකු නම් ගිහියාට සුදුසු පන්සිල්, අටසිල්, දසසිල්, ආජීව අට්ඨමක සිල් ආදි සීලයක පිහිටිම යුතු ය. ගිහි උවැසි උවැසියනට වුවද ඉන්ද්‍රීය සංවර සීලයත් , තමන් පරිහණය කරන ඇදුම් පැළදුම් , ආහාර පාන, ගෙවල් දොරවල් ආදිය ගිජු කමින් තොරව ප්රඥානුකූලව බුක්ති විදීම නමි වු ප්‍රත්‍ය සන්නිශීත සීලයත් සපරාලීම සුදුසු ය.
පිරිසිදු සීලයක පිහිටි තැනැත්තාට පසුතැවිල්ල නමි වු , කුක්කුච්චය ඇති නොවේ. අනු ක්‍රමයෙන් පීතී, පස්සද්ධි ආදි ධර්ම පහළ වෙයි. පංච නීවරණයෝ යටපත් වෙයි. සමාධිය ඇති වෙයි. සමාධියෙන් එකග වු සිත් ඇත්තාට විදර්ශනා ඥානය උපදවා ගැනීමට අවශ්‍ය ශක්තිය ගොඩ නැගෙයි.
සමථ භාවනාවේ ප්‍රතිඵල
සමථ භාවනාවෙන් සිත එක අරමුණක පිහිටිවා ගැනිමට හැකි වෙයි. උසස් සමාධියක් ඇති කොට ගනීමට හැකි වෙයි. කාමච්ඡන්ඡ ආදි පංච නීවරණ යටපත් කිරිමෙන් උපදවා ගත හැකි රූපාවචර ධ්‍යාන සතරත්,අරූපවාචර ධ්‍යාන සතරත් යන අෂ්ට සමාපත්ති ප්රතිලාභ සමථ භාවනාවෙන් ලැබෙන උසස්ම ප්‍රතිඵල හැටියට ධර්මයෙහි විස්තර වෙයි. රූපාවචර සිවිවන ධ්‍යානය තෙක් සිත දියුණු කළ විට
(1) ඉද්ධවිධ ඤාණ(විවිධ සෘද්ධි ප්රාතිහාර්ය පෑමේ නුවණ)
(2) දිබ්බසොත ඤාණ (පියවි කනින් ඇසිය නොහැකි ශබ්ද ඇසීමේ නුවණ)
(3) පරචිත්ත විජානන ඤාණ (පරසිත් දන්නා නුවණ)
(4) පුබ්බේ නිවාසානුස්සති ඤාණ (පෙර විසු කද පිළිවෙළ දක්නා නුවණ)
(5) දිබ්බ චක්ඛු ඤාණ (පියවි ඇසින් දැකිය නොහැකි දේ දැකීමේ නුවණ)
යන පස් වැදැරුම් අභිඥා උපදවා ගත හැකි ය.
අෂ්ට සමාපත්ති පංච අභිඥා උපදවා ගැනීම නමි වු අධ්‍යාත්මික ප්‍රතිඵල හැරුණු විට සමථ භාවනාවෙන් ලෞකික ජීවිතයටද ප්‍රයෝජනයක් සැලසෙයි. විශේෂයෙන්ම අලස කමින් ඈත්ව සිතේ ඇති වන නොසන්සුන් බව , පසුතැවිල්ල දුරු කොට ගෙන සහනයෙන් හා මානසික ප්රබොධයකින් ජීවත් වීමටදස සමථ භාවනාව ඉවහල් වෙයි.
විදර්ශනා භාවනාව
ධ්‍යාන, අභිඥා උපදවා ගැනීමි ආදියට ඉවබල් වන සමථ භාවනාවෙන් පමණක් සැහීමකට පත් විම බෞද්ධ භාවනා මාර්ගයෙන් අපේක්ෂා නොකරේ. නිර්වාණ අවබෝධය සදහා ක්‍රියාත්මක වීම බෞද්ධ භාවනාවේ අවසාන අරමුණයි. ඒ සදහා විශේෂයෙන් ම ඉවහල් වන්නේ විදර්ශනා භාවනාවයි.
විදර්ශනා භාවනාව යනු පංචස්කන්ධය පිළිබදව අනිත්‍යාදි වශයෙන් විශේෂයෙන් බැලීමයි. වෙනත් ලෙසකින් කිව හොත් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව , දු:ඛ , අනාත්ම වශයෙන් ත්රිලක්ෂණයට නගා විශේෂයෙන් දැකීම පුහුණු විම විදර්ශනා භාවනාව නමි. ප්‍රඥාව දියුණු කර ගැනීමට ඉවහල් වන බැවින් ප්‍රඥා භාවනා නමින් ද මේ භාවනා ක්‍රමය හැදින් වෙයි. හොද සිහියත්, මනා දැකීමත්, අප්රමායත්, සියුමි නිරීක්ෂණයත් , මුල් කොට ඇති ව්ශලේශණ ක්‍රමයත් හැටියට ද මේ භාවනා කුමය හැදින් විය හැකි ය.
නාම රූප ස්කන්ධ සමුහය සමාන්‍ය ලෞකික ජනයා දකින්නේ ස්ත්‍රි පුරුෂ වශයෙන් මෙන් ම නිත්‍ය, සුඛ, ආත්ම වශයෙනි. එහෙත් විදර්ශනාව වඩන්නාවු ඒ සියලු සංඛත ධර්මයන් අනිත්‍යාදි වශයෙන් ඇති සැටියෙන් දකියි.
විදර්ශනා වඩා නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයින් දෙවර්ගයක් ගැන ධර්මයෙහි විස්තර වෙයි. එනමි සමථයානික හා විපස්සනායික යනු යි. කලින් විස්තර කළ සමථ භාවනාව පදනමි කොට ගෙන පසු ව විදර්ශනා භාවනාවක යෙදී (විදර්ශනා වඩා) නිවන් පසක් කර ගන්නා තැනැත්තා සමථයානික නමි. සමථ භාවනාව පදනමි කොට නොගෙන හුදු විදරිශනාවෙන් ම ආරමිභ කොට විදර්ශනාවෙහි යෙදී නිවන් පසක් කර ගන්නා තැනැත්තා විපස්සනායානික නමි.
සත්ත විසුද්ධි, ත්රිලක්ෂණය, ත්‍රිවිධ අනුපස්සනා, දශ විදර්ශනා ඤාණ, විමොක්ෂ තුන, විමොක්ෂ මුඛ තුන කරුණ පිළිබදව මූලික අවබොධයත් විදර්ශානා භාවනාව ආරමසි්භ කරනව යෝගාවචරයකු විසින් ලබා සිටිය යුතු ය.
සත්ත විසුද්ධිය
සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කංඛාවිතාරණ විසුද්ධි, මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධි, පටිපදා ඤාණ දස්සන විසුද්ධි, ඤාණ දස්සන විසුද්ධි, යනු
විසුද්ධි සතරයි.
සීල විසුද්ධිය
පිරිසිදු සීලයම සීලවිසුද්ධිය නමි. ගිහියන්ට අයත් පන්සිල් ආදි කිසියම් සීලයක පිහිටිම , ගිහියාගේ සීල විසුද්ධියයි. ප්රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්රිය සංවර සීලය, ආජීව පාරිසුද්ධි සීලය, හා ප්‍රත්‍ය සන්නි ශිත සීලයයන සිවි පිරිසිදු ශීලය පැවිද්දන්ගේ සීල විසුද්ධියයි. දුශ්හීල භාවය ධ්‍යාන ආදියට ආවරණයකි. එබැවින් උසස් අධ්‍යාත්මික තත්ත්වයකට පත් වීමේ බලාපෝරොත්තුවෙන් භාවනාව ආරමි්භ කරන තැනැත්තකු විසින් සිල් පිරිසිදු කොට ගෙන,සීලයක පිහිටිම භාවනාව ආරමිභ කළ යුතු ය. මෙය සීලවිසුද්ධියයි. මේ සීලවිසුද්ධිය චිත්ත විසුද්ධියට උපකාර වෙයි.
චිත්ත විසුද්ධිය
සිත ලිලිටි කරන කාමචිචන්ද ආදි නීවරණයන්ට සිතට ඇතුළුවන්නට ඉඩ නොදී සිත භාවනා අරමුණෙහිම පවත්වා ගැනීමට උපකාරිවන බලවත් සමාධිය චිත්ත විසුද්ධියයි.
උපචාර සමාධි, අර්පණ සමාධි යනුවෙන් සමාධිය දෙවැදැරුමිය . උපචාර සමාධිය නමි , රූපාවචර ධ්‍යාන සතරත් , අරූපාවචර ධ්‍යාන සතරත් යන අෂ්ට සමාපත්තිහු ය. චිත්ත විසුද්ධිය යමි ප්‍රමාණයකට හෝ ඇති විමට නමි උපචාර සමාධියක්වත් තිබිය යුතු ය. සම්පුර්ණ චිත්ත විසුද්ධියත් ඇති වීමට අර්පණා සමාධිය අවශ්‍යය.
සමථ භාවනාවෙන් ලබන උපචාර හා අර්පණ සමාධි සමථයාභිකයාගේ චිත්ත විසුද්ධියයි. විදර්ශනා වඩන විපස්ස යානිකයාට එයින් ම එක්තරා සමාධියක් ලැබේ. ඒ සමාධිය යෝගාවචරයාගේ සිත බැහැර නොගෙස් භාවනා අරමුණේහි පිහිටුවා ගැනිමට උදවි වෙයි. එය විදර්ශනා යානිකයාගේ චිත්ත විසුද්ධියයි.
භාවනා කරන්නාගේ සිතට වරින් වර කාමච්චන්ද ආදි නීවරණ අතුඵ වි එය අපිරිසිදු කරයි. එහෙත් ඉහති කී අන්මමේ බලවත් සමාධියක් ඇති විට එසේ නොවී භාවනාමය සිත් පරපුර නොබිදි පවති. එයින් ම සිත පිරිසිදුව තබන බැවින් එම සමාධිය චිත්ත විසුද්ධිය නමි කෙරෙයි. මේ චිත්ත විසුද්ධිය ඊළග දිට්ඨි විසුද්ධියට උපකාර වෙයි.
දිට්ඨි විසුද්ධිය
පංචස්කන්ධය හෙවත් නාම රූප ධර්මයන් ඇති සැටියෙන් දකින්නාවු එමෙන් ම ආත්ම දෘෂ්ටිය දුරු කරන්නාවු ඤාණය දිට්ඨි විසුද්ධියයි. සී විසුද්ධියෙන් සිල් වත්ව , චිත්ත විසුද්ධියෙන් සමාහිතව සිටින යෝගාවචරයාගේ භාවනාව වසර්ශනාවට යොමු වන්නේ මේ දිට්ඨි විසුද්ධියෙනි.
යෝගාවචරයා මේ වන විට පංචස්කන්ධනාම, රූප, වශයෙන් ස්කන්ධ , ධාතු ආයතන වශයෙන් පිරිසිද, විශ්ලේශණය කොට දැකීමට නැඹුරු වෙයි. එසේ නාම රූප ධර්මයන් පිරිසිද දකිමින් භාවනා කරන විට, නාමරූප ධර්ම සත්වයන් , පුද්ගලයන් වනාවන බවක් වැටහෙයි. ඒ සමගම සත්ත්ව පුද්ගල වශයෙන් පැවති පිළි ගැනිම දුරු වෙයි. සත්ත්වයා , පුද්ගලයා යනු ස්කන්ධ ධාතු , ආයතන යන ධර්ම මාත්‍රයන් යන සමිමා දිට්ඨිය පහළ වෙයි. මේ දිට්ඨි විසුද්ධිය කංඛාවිතරණ විසුද්ධිය ඇති කර ගැනිමට උදව් වෙයි.
කංඛාවිතරණ විසුද්ධිය
දක්ෂ වෛද්‍යවරයෙක් රෝගයක් දැක එහි නිධානය සොයන්නනනා සේ විදර්ශනා භාවනාව වඩන යෝගාවචරයවා විසින් ද නාම රූප ධර්මයන්ගේ හේතු ප්‍රත්‍ය සෙවීමෙහිද යෙදිය යුතු ය.
චක්ෂුර් ආදි (ඉන්ද්රිය ප්‍රසාද රූප) වස්තුන් නිසා චක්ෂුර්විඥානාදි නාම ඇති වන බවද , චිත්ත, සෘතු, ආහාර නිසා රූප ඇති වන බවද අවිද්‍ය, තෘෂ්ණා, උපාදාන, කර්ම යන මෙවා නිසා නාම - රූප දෙකොටසම ඇති වන බවද ආදි වශයෙන් විමසා දැකීම නාමරූප ධර්මයන්ගේ ප්‍රත්‍ය සෙවීමයි. මෙසේ බලන විට මේ පඤචස්කන්ධය අතීතයෙහි වීද, අනාගතයෙකත් වන්නේ ද ආදි වශයෙන් පවත්නා සැක දුරු වෙයි. එය කංඛාවිතරණ විසුද්ධියයි.
මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධිය
විදර්ශනා භාවනාවෙහි යෙදි සිටින යෝගවචරයාට ආලොක ආදි උපක්ලේශයන් පහළ වීමෙන් නිර්වාණගාමී මාර්ගය වැරදිය හැකි ය. එහෙත් මේ ආලොක ආදිය උපක්ලෙශ මිස නිවන මග නොවේ යයි සළකා , ඒවාට නොරැවටී තව දුරටත් , ඒ ආලෝක ආදි උපක්ලේශයන් ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බලමින් භාවනා කරන විට විදර්ශනා ඥානය දියුණු වෙයි. ඔහුට නිර්වාණගාමී මාර්ගය කුමක් ද? අමාර්මය කුමක් දැයි වැටහෙයි. ආලෝක ආදියට මුළා නොවෙයි. මෙය මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධියයි.
පටිපදා ඤාණ දස්සන විසුද්ධිය
සමිමස්ස ඤාණය, උදයබ්බය ඤාණය, භඩ්ගානුපස්සනා ඤාණය, භයතුපට්ඨාන ඤාණය, ආදිනවානුපස්සනා ඤාණය, නිබ්බිද්රනුපස්සනා ඤාණය, මුඤචිතු කම්‍යතා ඤාණය, පටිසඩ්ඛානු පස්සනා ඤාණය, සඩ්ඛරුපෙක්ඛා ඤාණය, සච්චනුලෝම ඤාණය යනුවෙන් විදර්ශනා ඤාණ දහයක් ඇත. සත්ත විසුද්ධියෙහි අවසාන විසුද්ධිය වන ඤාණ දස්සන විසුද්ධියට පටිපදා වශයෙන් පවතින බැවින් ඉහත කී ඤාණයන් පටිපදා ඤාණ දස්සන විසුද්ධිය නමි වෙයි.
ඤාණ දස්සන විසුද්ධිය
සවැදෑරුමි විසුද්ධි වැඩීවමන් උපදවා ගත යුතු වු සෝවාන් මාර්මය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය, යන සතර මාර්ගයෙන් චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ කිරිම ඤාණ දස්සන විසුද්ධි නමි.
සුඤ්ඤත විමෙක්ඛ, අනිමිත්ත විමොක්ඛ, අප්පණිහිත විමොක්ඛ යන තුනු වැදෑරුමි විමොක්ෂයන් ය. කෙලෙසුන්ගෙන් මුළුමනින්ම මීදීම විමොක්ෂ (විමොක්ඛ) නමි.
සූඤ්ඤත විමොක්ඛ මුඛ, අනිමිත්ත විමොක්ඛමුඛ, අප්රණීහිත විමොක්ඛ මුඛ යනු කෙළෙසුන්ගෙන් මිදෙන දොරටුවයි.