මිහිදු මාහිමියන් හදුන්වා දුන් බුදුසමය
ලකක්වැසි බෞද්ධයෝ ථෙරවාද විභජ්ජවාද පාලි සම්පුධාය පිළිගන්නෝ වෙති. මිහිදු මාහිමියන්ගේ සම්ප්රාප්තියත්, දේවානම්පියතිස්ස් රජ ඇතුළු ලක්වැසියන් උන්වහන්සේ වදාළ දහම පිළිගැනීමත් සමග ථෙරවාද විභජ්ජවාද පාලි සම්ප්‍රධාය ලක්දිව ස්ථාපිතව වර්ධනය වූ බව ඓතිහාසික සාධක අනුව ඉතා පැහැදිළි ය. දීපවංසය,මහාවංසය, සමන්තපාසාදිකා, සුමංගල විලාසීනි ආදී ඓතිහාසික තොරතුරු සපයන පාලි මූලාශ්රයන්ගෙන් එ බැවු ප්‍රකට වෙයි. ශිලා ලිපි, භාර්හුත් හා සාංචි කැටයම් ද මේ සිද්ධිය වාර්ථා කරනු ලබන ඓතිහාසික මූලාශ්රයෝ ය. එ බැවින් මිහිදු මාහිමියන් ලක්වැසියන්ට හදුන්වා දුන් බුදුසමය කවරක් දැයි වටහා ගැනීම අර්ථ සම්පන්න ය.
ධර්ම විවරණ
මිහිදු මාහිමියන් පාලි ත්‍රිපිටකය හා එහි අටුවා ද රැගෙන මෙහි වැඩම කළ බව ථෙරවාද සම්ප්‍රධාය විසින් පිළිගනු ලැබ ඇත. මජ්ඣිම හා සංයුක්ත නිකාය ග්රන්ථ දෙකේ අට්ඨකථා වල ආරම්භයෙහි දී බුදච්ධඝෝෂ හිමියෝ මේ බව සටහන් කරති. මෙහි අරැ්ථය අටුවා ග්රන්ථ මෙරටට ආ බව විය නොහැකි ය. බුද්ධ කාලයේ සිටම බුදුන් වදාළ ධර්මයට අර්ථ ව්‍යාඛ්‍යාන සපයන සම්ප්‍රධායක් වැඩෙමින් පැවති බව පාලි සූත්‍රාන්ත වලින් ම හෙළි වෙයි. බුදුරදුන් ජීවමානව සිටි කාලයේ දීම උන්වහන්සේ සංක්ෂිප්තව (සංඛිත්තේන) දේශනා කළ ධර්මය මහා ශ්‍රාවකයකු ලවා විස්තර වශයෙන් (විත්තාරේන) අසා දැන ගැනීමේ සිරිතක් පැවතියේ ය. පාලි සූත්‍ර ධර්මයට අනුව විශේෂයෙන් මෙ බදු අර්ථ ව්‍යාඛ්‍යාන කළේ සාරිපුත්ත හා කච්චායන යන හිමිවරුන් දෙපළ ය. මේ ව්‍යාඛ්‍යාන සම්ප්‍රධාය පසුව අංග සම්පූර්ණ ව්‍යාඛ්‍යාන කිරීමේ ශික්ෂණයක් බවට පරිවර්ථනය වන්නට ඇත. මෙහි මං සළකුණක් සේ පාලි චූලනිද්දේස හා මහානිද්දේස වැනි අටුවාරූපී පාලි ග්රන්ථ දැක්විය හැකි ය. මේ විශේෂ ශික්ෂණයෙහි භාවිත ශිල්ප විධි පිළිබද සංග්‍රහ ග්රන්ථයක් පිළියෙළ කිරිමට ගත් උත්සහයක් සේ පාලි නෙත්තිප්පකරණය හදුනා ගත හැකි ය. මේ අයුරින් සංවර්ධනය වු අටුවා වාචනා මාර්ගය මිහිදු මාහිමියන් ලක්වැසියනට හදුන්වා දෙන්න ඇත. හෙළටුවා සකස් වන්නට ඇත්තේ මේ ගුරුපදේශ මුල් තන්හි තබාගෙන විය යුතු ය.
ථෙරීය සම්ප්‍රධායට අනුව භාරතයේ දී සිද් වූ ධර්ම සංගායනා තුනක් මගින් ස්ථාවර බවට පත් කළ පාලි ත්‍රිපිටකය මිහිදු මාහිමි ප්‍රම්ඛ ධර්ම දුත පිරිස මෙහි ගෙන එනු ලැබිණි. පාලි ත්‍රිපිටකයේ විනය කොටස් වලට නව පරිච්ඡේද එකතු කිරීම දෙවන ධර්ම සංගීතියෙන් නතර වී යැයි චුල්ලවග්ගයේ දොළොස් වන ඛන්ධකය දෙවන ධර්ම සංගීති වාර්ථාව වීමෙන් වටහා ගත හැකි ය. එසේ ම පාලි අභිධර්ම පිටකයේ වර්ධනය තුන් වන ධර්ම සංගීතිය දක්වා ම පැවති බව අශෝක රජු දවස සිදු වූ ධර්ම සංගීතියේ දී පාලිකථාවත්තුප්පකරණය රචනා කොට ඊට එකතු කිරීමෙන් පෙනී යයි. කෙසේ වුව ද මෙයින් පසු පාලි ත්‍රිපිටකයේ වර්ධනය නතර වූ බව සිතීමට අපමණ සාධක තිබේ. ශ්‍රී ලංකාවේ තොරතුරු කිසිවක් ත්‍රිපිටක පෙළට ඇතුළත් ව නොතිබීම ඉතිමත් වැදගත් කරුණකි. එමෙන් ම ථෙරවාද බෞද්ධාචාර්යවරුන් ත්‍රිපිටකයට කරුණු එකතු නොකොට එය යථා තත්ත්වයෙන් පවත්වාගෙන ඒමට ගත් උත්සාහායට කදිම සාධකය චීන ත්‍රිපිටකය සමග පාලි ත්‍රිපිටකය සංසන්දනය කිරීමෙන් වියතුන් විසින් හෙළිදැරැවු කොට ගෙන ඇත. ඒ අනුව චීන ආචාර්යවරුන් අතිරේක කරුණු ත්‍රිපිටකයට ම ඈදා ඇති බවත්, එ බදු අවස්ථා උදුගත වූ විට ථෙරවාද ආචාර්යවරුන් ඒවා සූත්‍ර වලට ඇතුළත් නොකොට සිය අටුවා වලට එකතු කළ බවත් පැහැදිළි ව පෙනෙ යි. බුදුගොස් හිමි ආචාරියවාද, අත්තනෝමති යන ශීර්ෂ යටතේ මේ කරුණු අටුවා වල සංග්‍රහ කොට ඇත. මේ ප්‍රතිපත්තිය ආරම්භ වූයේ කවර දා දැයි අපට නිශ්චිත ව තීරණය කිරීමට හැකියාවක් නොමැත. එ මෙන් ම ථෙරවාදෘන්ගේ පාලි ත්‍රිපිටකය ද කිසියම් වර්ධනයක් නිරූපණය කරන බව ශාස්ත්‍රීය නියමයන් හි පිහිටා පිළිගත යුතු ය. එ ලෙස පිළිගැනීම ථෙරවාද පාලි සම්ප්‍රධාය පිළිගන්නවුන් ට කෙරනෛ මදි පුංචිකමක් ද නොවේ. පාලි ත්‍රිපිටකයේ වර්ධනය පිළිබද ව සියයට සියයක් ම නිවරදි තක්සේරුවක් කිරීමට අපහසු අතර, දළ වශයෙන් අශෝක කාලීන ධර්ම සංගීතියේ දී සාපේක්ෂ ස්ථාවරත්වයට පාලි ත්‍රිපිටකය පත් වූ බව නිගමනය කිරීම අසාධාරණ නැත.
බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ කවර භාෂාවකින් දැයි විනිශ්චය කිරීම ඉතා අපහසු ය. ථෙරවාද විභජ්ජවාද පාලි සම්ප්‍රධාය බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ පාලි භාෂාවෙන් යැයි පිළිගනි යි. කෙසේ වුව ද දැනට ලැබී ඇති සාධක අනුව පාලි භාෂාවේන බුද්ධධර්මය පවත්වා ගෙන ඒම භාරතයෙහි අවන්ති ප්‍රදේශයෙහි භික්සූන් විසින් කළ බව සිතීමට සාධක ඇත. පාලි ව්‍යාකරණයේ කර්තෘත්වය මේ ප්‍රදෙශයේ වැඩ සිටි මහාකච්චායන හිමියන් වෙත පවරනු ලැබේ. මහාකච්චාන තෙරණුවන් ථෙරවාද බුද්ධධර්මයෙහි විකාශය විශයෙහි ලා වැදගත් ස්ථානයක් උසුලන බව පාලි සම්ප්‍රධාය පිළිගන්නා බෞද්ධයන්ගේ පාරමුපරික කථා වල සදහන් වෙයි. පාලි අටුවා සම්ප්‍රධායේ පුරෝගාමීත්වය ද මහාකච්චායන තෙරණුවන් වෙත පවරා ඇත. නෙත්තිප්පකරණයෙහි කර්තෘත්වය ද එතුමන් ට ආරෝපිත ය. මෙයින් පෙනී යන්නේ ථෙරවාද විභජ්ජවාදය සේ අප පිළඝිගන්නා බෞද්ධ සම්ප්‍රධායේ ප්රමුඛ ස්ථානයක් අවන්ති දක්ෂිනා පථයේ භික්සූන් වහන්සෙලාට උරුම බවයි. දෙවන ධර්ම සංගායනාවේ දී මතභේදයන්ට තුඩු දුන් අකැප දස වස්තු මතු වූ අවස්ථාවේ දී පාවෙය්‍යක භික්සූන් වහන්සේලා සමග මූලික විනය ආරක්ෂා කිරීම පිණිස නැගී සිටියේ මේ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා ය. අශෝක සමයේ සිදු වූ තුන්වන ධර්ම සංගීතිය ද මේ තෙරවරුන්ගේ ම කාර්යයක් බව සිතීමට කරුණු ඇත.
ථෙරවාදය
මිහිදුමාහිමියන්ගේ මෑණියන්ගේ උපත ලත් විදීසා (= වේදිසා) පෙදසෙ අවන්තියට අයත් වෙයි. අශෝක යුව රජ තනතුර දරන සමයෙහි පාලනය කළේ ද මෙම ප්‍රදේශ යි. මිහිදු මාහිමියෝ ශ්‍රී ලංකාවට වැඩම කිරීමට පෙරාතුව අවන්තියට වැඩම කළහ. එ හෙයින් මහින්ද රහතන් වහන්සේ හා අවන්ති ප්‍රදේශය අතර පැහැදිළි සම්බන්ධතාවක් දක්නට ලැබේ. එ සෙම පැළලුප් නුවර තීර්තකාධි අන්යලබ්දීන් වර්ධනය විම ගැන දොම්නසට පත් අශෝකාරාමයේ මොග්ගලීපුත්ත තෙරණුවන් එය අත්හැර දමා වැඩම කළේ අහෝගංගා තීරයට ය. එ බැවින් තෙවන ධර්ම සංගීතිය ථෙරවාද පාලි සම්ප්‍රධායේ මධ්‍යස්ථානයක් වූ අවන්තා දක්ෂිණා පථයට සම්බන්ධ ය. අශෝක අධිරාජයාගේ රාජකීය අනුග්‍රහය නිසා පාඨලීපුත්‍රයෙහි දී සංගීතිය පැවැත් වූවද ධර්ම දූත තෙරණුවන්ගේ ධාතු නිධානය පවා සාංචියෙහි තැන්පත් කර තිබීමෙන් මෙ කරුණු ස්ථිර වෙයි. පාඨලීපුත්‍රයේ කුක්කුටාරාමයේ පැවතියේ මහාදේව හිමියන් ප්රමුඛ මහාසංගිකයන්ගේ බලය බව අන්‍ය බෞද්ධ සම්ප්රධායවල සදහන් වන්නේ මේ නිසා විය හැකි ය. කෙසේ වුව ද මහින්ද මාහිමියන් මේ රටට ගෙන ආවේ ඉහත සදහන් ථෙරවාද පරපුර විසින් සංස්කරණය කොට, ධර්ම සංගීති මගින් ස්ථාවර කරගත් බුදුසමය බව නිසැක ය. ථෙරවාද බුදුසමය ලෙස සිරිලක් වැසියන් හදුන්වන්නේ එසේ රැගෙන විත් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් ථෙරවාද බුදුසමය යි.
විනයවාදීත්වය
ථෙරවාද බුදුසමයේ සුවිශේෂ ලක්ෂණ සමූහයක් වෙ යි. ඒ අතුරින් වඩාත් මූලික ලක්ෂණය වශයෙන් කැපී පෙනෙන්නේ දැඩි විනයවාදීත්වය ය. දෙ වන ධර්ම සංගායනාවේ දී මොවුන් වජ්ජිපුත්තක තෙරුන්ගේ දස අකැප වස්තූන් පිළිබද ගැටළු නිරාකරණය කළේ පාලි විනය ප්රඥප්තීන්ට සෘජුව ම යොමු කොට අතිශය සංරක්ෂණවාදී විලාසයෙනි. පැරණි විනය සම්ප්‍රධාය එලෙස ම ආරක්ෂා කර ගැනීමට ථෙරවාදීහු දැඩි ලෙස උද්යෝගයක් දැක් වූ හ. ශ්‍රී ලංකාවට පැමිණියාට පසුව ද මෙම තත්ත්වය ඒ අය්රින් ම පැවත ගෙන ආ බව ලක්දිව ශාසන වංසකථාවෙන් ප්‍රකට වෙයි. දිනක් දේවානම් පියතිස්ස රජතුමා බුදුසසුන ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූයේ දැ’යි මිහිදු මාහිමියන්ගෙන් විමසී ය. සමන්තපාසාදිකාවේ දැක්වෙන ඒ පිළිබද වාර්ථාව බුදුසමය ශ්‍රී ලාංකිකකරණයෙහි ලා අතිශය වැදගත් වෙයි.
රජ ; “ස්වාමීනි, සිරි ලක්දිව බුදුසස්න පිහි ටි යේ වේ ද?”
මිහිදු හිමි ; එසේ ය, මහරජ සස්න නම් පිහිටියේ ය.එහෙත් තහම එය මුල් බැස නොගත්තේ ය.
රජ ; ස්වාමීනි, මුල් බැස්සා නම් වන්නේ කවර කලකින් ද?
මිහිදු හිමි ; මහරජ, යම් දවසක ලක්දිවම උපන් දරුවෙක් , ලක්දිවම පැවිද , ලක්දිවම විනය දහම් උගන්වා , කියවා නම් එදවස මෙ රට සස්න මුල් බැස්සා නම් වන්නේ ය.
මේ ප්‍රකාශයෙන් ගම්‍යමාන මූලික හරය වන්නේ මිහිදු හිමියන් විනයෙහි ඇති වැදගත්කම දැඩි ව අවධාරණය කළ බව යි. “විනයෝ නාම සාසනස්ස ආයූ, විනයේ ඨිතේ සාසනං ඨිතං හෝති” (සමන්තපාසාදිකා විනය අටුවාව) යනුවෙන් විනය සසුනේ ආයුෂ ලෙස අවධාරණය කිරීමෙන් විනය නොමැති කළ සසුන විනාශ වන බව පැවසීමෙන් එය වඩාත් තීව්ර ව ප්‍රකට වන්නේය. අටුවා යුගයෙහි පවා මේ සැළකිල්ල මනාව දක්නට ලැබෙයි. ශාස්ත්‍රීය වශයෙන් පරීක්ෂා කරන කළ අනුරාධපුර මහා විහාඑය හා අභයගිරිය හා අතර උද්ගතව ඇති මතභේද සියල්ලලක් ම පාහේ විනය හා සම්බන්ධ ප්‍රශ්ණ වෙයි. අද වුව ද ශ්‍රී ලාංකික භික්සූන් අතර බොහෝ විවාද ඇති වන්නේ විනය ශික්ෂා පද නිසා මිස ධර්මය හා සම්බන්ධ සිද්ධාන්ත පිළිබද නිසා නොවෙ යි. භික්සූන් වහන්සේ පමණක් නොව ගිහි බෞද්ධයා පවා යම් යම් මතවාද ප්‍රකාශ කරන්නේ භික්ෂූන්ගේ විනය ශික්ෂා පද පිළිබදව ය.
ථෙරැවාද භික්ෂු පරපුර විනයවාදී පමණක් නොව විභජ්ජවාදී ද වෙයි. තුන්වන ධර්ම සංගීතියේ දී ධර්මවාදීන් වශයෙන් පිළිගනු ලැබූයේ බුදුරජාණන් වහන්සේ විභජ්ජවාදී ලෙස ප්‍රකාශ කළ අය පමණි. මිහිදු මාහිමියන් දේවානම්පියතිස්ස් රජුගේ බුද්ධිමය භාවය පරීක්ෂා කිරීමට විමසූ ප්‍රශ්ණ දෙක ම (අඹ පැනය හා ඥාති ප්රශ්නය) පෞද්ගලිකත්වය වෙත සිත යොමු කරයි. සමාජය මෙන් ම පුද්ගලයා ශ්රාවකයාන බුදුසමයෙහි වැදගත් වෙයි. මෙහි ඇර්ථය වන්නේ ආත්මවාදය කරට ගැනීම නොව ස්වං විමුක්තිය පිළිබද සංකල්පය අවධාරණය කිරීම යි.
පොදු ජන විශ්වාස
ථෙරවාද බෞද්ධ සම්ප්‍රධාය දාර්ශනික අංශයෙන් මූලික රටාව තුළ ම රැදී සිටීමට ප්රයත්න දැරූව ද ශතවර්ෂ කිහිපයක් පොදු ජනතාව හා බැදී පැවතීම නිසා එක්කරගත් ජනප්‍රිය අංග වලින් තොර නොවී ය. එයින් මූලික වශයෙන් කැපී පෙනෙන්නේ ප්‍රේතයන්, දෙවියන් හා යකුන් පිළිබද අදහස් වලට වඩා අබෞද්ධ සමාජ පසුබිමෙහි එන පොදු ජන විශ්වාස වලට නෑකම් කියන අදහස් පේතවත්තු හා විමානවත්තු වැනි ග්රන්ථ වල අන්තර්ගතව ඇත. ආරම්භයෙහිදී ම මිහිදු මාහියන් ශ්‍රී ලාංකික පොදු මහජනතාවට දේශනා කළ වදාළේ මෙ වන් ඉගැන්වීම් ඇතුළත් ධර්ම කොට්ඨාසයන් ය . ධර්මාශෝක රජතුමා ද ප්‍රේතාත්ම හා දිව්‍යාත්ම ලත් අයගේ දර්ශන සෘද්ධිබලය ඇත්තවුන්ගේ උපකාරයෙන් දැකගන්න උත්සාහ ගත් බව මහාවංසයේ සදහන් වෙයි. සාංචි හා භාර්හුත් කැටයම් වල ඇති යක්ෂ - යක්ෂණී රූප ඒ කාලය වන විට බුදුසමය එබදු ජන විශ්වාස වලින් ආභාශය ලබා තුබූ බව ප්‍රකට වෙ යි. මේ ක්රමයේ විශ්වාසය ලක් වැසියන්ගේ යක්ෂ- භූත ඇදහිලි සමග අත්‍යන්තයෙන් ගැලපිණි.
වෘක්ෂ වන්දනාවට හුරුපුරුදුව සිටි ජනතාවට අවශ්‍ය වන පරිදි බෝධි වන්දනාව මෙහි ගෙන ආ බුදුසමයෙහි ඇතුළත් ව පැවතිණි. බෝධිය වැදගත් බව පැවසීමට පිණිස මීට පෙරාතුව බුදු වූ බුදුන්ගේ බෝධි වෘක්ෂ ද වැඩම කර වූ ව වාර්ථා කර තිබේ. ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධි ශාඛාව ගෙන ඒම සාංචි කැටයම් පුවරුවක සිතුවමට නගා ඇත.
ධාතු පූජාව හා ස්තූප හා ස්තූප වන්දනාව ද මිහිදු හිමියන් ලක්දිවට ගෙන ආ බුදුසමයේ විශේෂත්වයක් දරයි. බුදුරජාණන් වහන්සේ දැක ගන්නේ නැති වඅනාථව වාසය කිරීම මහත් දොම්නසක් බව පළ කළ මිහිදු මහරහතන් වහන්සේ සර්වඥ ධාතූන් වහන්සේලා දැක ගන්නට ඇත්නම් බුදුරදුන් දැක්කා හා සමාන බව දේවානම් පියතිස්ස රජුට දන්වා ඇත. එ වදන් සවන් කළ රජතුමා සුමන හිමියන් ලවා ඉන්දියාවෙන් ධාතූන් වහන්සේලා වැඩමවා කරගෙන අවුත් ස්ථූපයක් ගොඩනැංවී ය. එම ස්ථූපය නම් ථූපාරාමය යි.
සිංහල බෞද්ධයන් අතර අද මේ දක්වා පවත්නා අතපැන් වත්කිරීම මෙසේ ආ බුදුසමයේ ජනප්‍රිය ලක්ෂණයක් ලෙස හැදින්විය හැකි ය. අනේපිඩුසිටු තුමා ජේතවනය බුදුපාමොක් මහසගනට පූජා කොට ඇත්තේ අතපැන් වත්කිරීමෙන් බව භාර්හුත් කැටයම් වල නිරූපණය කර ඇත. බුදුසමය පැමිණිමෙන් පසු අවස්ථා කිහිපයක ම මෙ ලෙස අතපැන් වත්කර ආරාම ආදිය ගරුතර මහාසංඝ රත්නයට පූජා කළ බව මහාවංසය වාර්ථා කරයි. මේ ක්‍රමය අද දක්වාත් ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතියෙහි පවත්වාගෙන එනු ලැබෙ යි.
මිහිදු මාහිමියන් විසින් හදුන්වා දුන් සංස්කෘතිය ශ්‍රී ලංකාවේ තව දුරටත් ස්ථාපනය වූ යේ දසට කුලයක ශිල්ප ශ්‍රේණි ගෙන්වා මෙහි විවිධ බෞද්ධ ගෘහ නිර්මාණ , කළා ශිල්ප ආදිය ව්‍යාප්ත කිරීමෙනි. ලංකාවේ ප්‍රාග්මහින්ද යුගයේ ඉදි කළ ස්ථාවර ගොඩනැගිලි කිසිවක් ලැබී නොමැත. ස්ථාවර අමුද්‍රව්‍ය භාවිතයක් නොතිබීම හා ශිල්පඥානයේ සිදු වූ දුර්වලතා මීට මූලික හේතුව වන්නට ඇත. එසේ වුවද භාරතයේ උසස් ගෘහනිර්මාණ ප්‍රතිමා හා කැටයම් කෞෂල්‍යයන් වර්ධනය කොටගෙන තිබූ අවන්ති දක්ෂිනාපථ බෞද්ධ සම්ප්‍රධාය මෙහි ව්‍යාප්ත වීමත් සමග ම මෙරට ශිල්ප කලාවන් හි නවෝදයක් ඇති වූයේ ය.