ශ්‍රී ලංකා සංස්කෘතිය කෙරෙහි බුදුසමයේ ආභාසය
මහින්දාගමනයේ සිට අද දක්වා වූ අතිදීර්ඝ කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ සාමාජික , ආර්ථික , දේශපාලන , හා සංස්කෘතික යනාදී විවිද අංශ කෙරෙහි බුදුසමයේ බලපෑම දක්නට ලැබෙයි. මිහිදු මාහිමියන් එදා ලාංකික ජනතාවට ඉදිරිපත් කළ සාමාජික, ආර්ථික , දේශපාලන, හා සංස්කෘතික ඉගැනිවීම් ජනතාවගේ ඇට, මස්, ලේ , නහර තුලට කාවැදී අද දක්වාත් නොනැසී, නොසිදී පැවත එයි.විශිෂ්ට පදනමක පිහිටා සිට බුදුසමය ලක්වැසියාට හදුන්වාදෙනු ලැබූ බැවින් එම ජනතාව සිය දිවි දෙවනි කොට බුදුසමය සුරකිමින් පවත්වාගෙන එයි එම නිසා ලාංකික ජනතාවගේ සමස්ථ ආත්මය පුරාම බුදුසමයේ බලපෑම දක්නට ලැබෙ යි.
බුදුසමයේ සම්ප්රාප්තියත් සමග ලක්වැසි ජනතාවගේ ජීවිත ආලෝකවත් විය. ඉහත දී අප සාකච්ඡා කළ පරිදි ප්‍රාථමික සමාජ වල පැවති ඇදහිලි හා විශ්වාසවලින් ගහණ වූ ජීවිත වලට බුදුසමය උසස් ජීවන පරමාර්ථයක් පෙන්වා දුන්නේ ය. මිහිදු හිම්යන් දෙසූ චුල්ලහත්ථිපදෝපම , දේවදූත, සච්ච සංයුක්ත, බාල, පණ්ඩිත ආදී දේශනා මගින් උසස් පරමාර්ථ විෂයෙහි ලක්වැසියාගේ මනස යොමු කරන ලදි. ඉහත සදහන් සම්බුද්ධ දේශනා මගින් මිනිසාට සිතීමට අවස්ථාව උදා විය; බඩට දැනෙන කුසගින්න නිවාගෙන ගස් ගල් පර්වත වලට ඇද වැටුණු මිනිසුන්ට ඊට වඩා ගැඹුරට කරුණු සිතීමට අවස්ථාව උදා විය. බුදුදහමේ උපරිම ඵලය වූ ප්‍රඥා ප්‍රතිලාභය පිළිබද හැගීම් ලාංකික ජනතාව තුළ වගා වත්ම ඔහුවු නව බුද්ධිමය ප්රබෝධයකින් ජීවය ලදහ. බුදුදහම එලොවට පමණක් දෙසූ දහමක් නොවේ. එලොව - මෙලොව- දෙලොව ම වැඩ සාදන දහමකි. බුදු වදන උතුම් ලෝකුත්තර දර්ශනයක් ඉදිරිපත් කරන්නාක් මෙන් ම පොදු ජනතාවගේ මෙලොව ලෞකික ජීවිතය සාරවත් කර ගැනීමට ඉවහල් වන සදාචාරාත්මක සමාජ ධර්ම පද්ධතියකින් ද සැචුම් ලද්දේ වෙයි. මංගල, පරාභව, වසල, සිගාලෝවාද ,ව්යග්ඝපජ්ජ, අග්ගඤ්ඤ, චක්කවත්තී සීහනාද , කූටදත්ත වැනි සූත්‍ර ධර්ම මෙලොව ජීවිතය සැපවත් කර ගන්නා දහම් කරුණු වලින් පෝෂිත ය. සංවරශීලි ජන ජීවිතයකට මාර්ගෝපදේශකත්වය දෙන බුදුදහම අධ්‍යාත්මික ගුණ වගාවන් ස්වකීය ජීවිතය ආලෝක කර ගැනීමට මග පාදයි. බුද්ධිමත් භාවය ද ආධ්‍යාත්මික ගුණ වගාව ද අතින් ලාංකිකයා සෙසු ජාතීන් අතර කැපී පෙනෙන්නේ එ බැවිනි.
මිහිදු මහ රහතන් වහන්සේ බුදුරදුන් වදාළ කාළාම සූත්‍රය, වීමංසක සූත්‍රය ආදිය ලක්වැසියාට ඉගැන්වූ හ. එමගින් නිදහස් නිවහල් චින්තනයට මාර්ගය සලසා දෙන ලදි. ස්වාදීන ස්වතන්ත්‍ර චින්තනය හේතු කොට ගෙන වහල් බව පිළිකුල් කරන ජාතියක් බිහිවිය. සෑම අතින් ම ජාතිය ගොඩනැගීමට මේ ස්වතන්ත්‍ර චින්තනය මූල ප්‍රතිෂ්ඨාව වූයේය.
තෙරුවන
මිහිදු මාහිමියෝ මිස්සක පව්ව මත දී,
සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
තවේ’ව අනුකම්පාය - ජම්බුදීපා ඉධා ගතා’යි
තිස්ස රජුට සිය පිරිස හදුන්වා දුන්හ. මෙ මගින් ශ්‍රී ලාංකිකයන්ට බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ යාම පළමුවෙන් ම හදුන්වා දුන් බව පැවසෙයි. ‘සරණ යෑම’ යන්නේ සාමාන්‍ය අදහස නම් බුදුරජාණන් වහන්සේත්, උන්වහන්සේගේ ධර්මයත්, ඒ අනුව මගට පිළිපන් ආර්ය මහා සංඝ රත්නයත් සරණ කොට යාමෙන් නිවන් සුව ලැබිය හැකිය බවත්, වෙනත් ශාස්තෘවරුන් හෝ වක්තෘවරුන් හෝ සරණ යාමෙන් එය ලබා ගත නොහැකි බවත් ය. ගෝත්‍රික විශ්වාස හා සරළ ඇදහිළි වලට හුරුව සිටි ප්‍රාග්මහින්ද සමාජයේ ජනතාවට ඊට වඩා ගැඹුරු වූත්, දාර්ශනික වූත් අර්ථ ගැබ් වූ තෙරුවන් සරණ යාම හදුන්වා දීමෙන් එය ලාංකික ජන ජීවිතයට කාවද්දන ලදි. සිංහල සාහිත්‍ය ග්රන්ථ තුනක් වන බුත්සරණ, දහම්සරණ, සග සරණ යනුවෙන් ත්‍රිවිධ රත්නයෙහි ගුණ මහත්වය ශාස්ත්‍රීය ග්රන්ථ මගින් ප්‍රකාශ කොට ඇත. එ මගින් පැරණි ලාංකික ජනතාව තෙරුවන හිස් මුදුනින් පිළිගත් බව මනාව ප්‍රකට වෙයි. පොදු ජන ජීවිතයේ දී තෙරුවන් සරණ යාම සමාජ චාරිග්ර ධර්මයක් සේ වර්ධනය වූයේ ය.
පන්සිල්
බුදුසමය , සත්ව කරුණාව, අන්සතු දෑ පැහැර නොගැනීම, කාමයෙහි වරදවා නොහැසිරීම, ඇත්ත කථා කිරීම, මධ්‍යසාරයෙන් තොර වීම යන මූලික සමාජ ධර්ම පසක් සිය ශ්‍රාවකයන් වෙත ඉදිරිපත් කොට, ඔවුන් ලවා ප්‍රගුණ කරව යි. පන්සිල් සමාදන් වීම මගින් යහපත් වූත් විශිෂ්ට සම්පන්න වූත් පුරවැසියකු බිහිකිරීමට මූලික ශික්ෂණය ලබා දෙයි. මිහ්දු මාහිමියෝ ශ්‍රී ලාංකිකයන්ට පංචශීලය හදුන්වා දුන්හ. පංචශීලය රැකීම හේතුවෙන් සමස්ථ ලාංකික සමාජය ම ගුණ සපුවෙන් බැබළුණේ ය.
පරපණ නැසීමෙන් වැළකීම යනු සමාජ ජීවිතයේදී ඔවුන්නොවුන්ගේ ජීවිත සංරක්ෂණ පිළිබද සහතික කිරීමකි. පෞද්ගලික ව අප සියළු දෙනා අපේ ජීවිත වලට කැමැත්තෙමු; මරණයට අකමැත්තෙමු. ඒ අනුව තමා උපමාවට ගනිමින් සෙසු සාමාජිකයන් දෙස බැලිය යුතුය. පරපණ නැස්මෙන් වැළකීමත් සමග සත්ත්ව කරුණාව උපදි යි. අනුන් කෙරෙහි කාරුණික වීම, මානව භක්තිය ඒ අනුව ජනතාව තුළ රෝපණය වෙ යි.
සමාජ ජීවිතයේ දී සැම පුද්ගලයකුට ම තමන් සතු වස්තුවෙහි සුරක්ෂිතතාව කෙරෙහි සහතිකයක් අවශ්‍ය වෙ යි. අන්සතු දේ පැහැර නො ගැනීම මගින් බුදුසමය මෙම සහතිකය ලාංකික පුරවැසියන් තුළ වර්ධනය කළේ ය. රජබිය, සොරසතුරු බිය ඈ සියල් බියෙන් තොරව වස්තුව පරිභෝජනය කිරීමට බුදුසමය ලාංකික ජනතාවට ඉගැන් වූයේ ය.
ලිංගික ජීවිතය තෘප්තිමත් වත් නිවරදිවත් පැවතීම බුදුසමය අනුමත කරයි. සිය බිරිද නොඉක්මවා යන සැමියකුත්, සිය සැමියා නොඉක්මවා යන බිරියකුත් මානසික ශික්ෂණය මගින් බිහි කිරීමට බුදුසමය උපදෙස් දෙයි. කාමයෙහි වරදවා නොහැසිරීම මගින් යහපත් අඹු - සැමි සබදතාව සහතික කරයි. යහපත් පවුලක් සැකසීම ට සරිලන දහම් කරුණු සියල්ල උගන්වයි.
පුද්ගලයා ප්‍රකාශ කරන සැම වචනයකට ඔහු වගකීම භාර ගත යුතු ය. බොරු කීමෙන් වැළකීම යන්නෙන් තමා පවසන වචනයේ වගකීම පුද්ගලයා දරන බව ඇගවෙ යි.ඔවුන්නොවුන් අතර ගරුත්වය හා විශ්වාසය රැකෙන යහපත් සමාජ පැවැත්මක් සදහා බොරු නොකීම ඉතා වැදගත් ය.
මධ්‍යසාර භාවිතය කායික මානසික ව්‍යවසන ඇති කරයි. කායික හා මානසික ලෙඩුන්ගෙන් පිරි සමාජයකට ජාතියක් පෝෂණය කළ නොහැකි ය. බීමත් පුද්ගලයාගේ සන්තානය මිනිස් දම් වියකී ගිය කතරකි; බේබද්දා වෙතින් ආචාර ධර්ම හා සමාජ ධර්ම දුරින්දුර යෙ යි. යහපත් සමාජයක් ගොඩනැගීමට මත්පැන බාධකයකි. එබැවින් බුදුසමය එය සපුරා ප්‍රතික්ෂේප කරයි.
තිසරණ සරණ සහිත පන්සිල් ආරක්ෂා කිරීම මගින් කවර කලෙක වුව ද, කවර රටක වුව ද ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනගා ගත හැකි වෙ යි. එබදු ගුණාංග සමුදායක් බුදුසමය ශ්‍රී ලාංකිකයන් ට පුරුදු පුහුණු කළේ ය. මේ නිසා ලාංකිකයන්ගේ සමාජ ජීවිතය නව මගකට පිළිපන්නේ ය. ලාංකික රජවරුත් රටවැසියාත් පඤ්චශීලයෙන් මනා ශික්ෂණයක් ලැබූ හ. එම නිසා රජවරුත් රටවැසියාත් සමාජ හිතකාමී වූහ.
මාඝාතනය
ආමණ්ඩ ගාමිණි අභය (19 - 29) රජ ශ්‍රී ලංකාව පුරා සතුන් මැරීමේ තහනම් නියෝගය (මාඝාතය) පැනවීය. පළමුවෙනි පරාක්‍රමබාහු (1153 - 1186) සතර පෝය දින වල ගොඩ බිම සතුන්ට මෙන්ම ජලචර සතුන්ට ද අභය දානය දුනේය. සත්ත්ව නුරණාව වෙත රජවරු විශේෂ අවධානය යොමු කළ හ. පාලකයන් අනුව ගිය පොදු මහ ජනතාව ද සත්ත්ව කරුණාවෙන් භරිත වූ හද ඇත්තෝ වූහ. කුඩා සතෙකු වුවද මැරීම බරපතල වරදක් ලෙස සැලකීමට ජනතාව පුරුදුව ඇත්තේ මේ ශික්ෂණය නිසා ය. සතුන් මැරීම පමණක් නොව, සතුන්ට හිරිහැර කිරීම , පීඩා කිරීම, හිංසා කිරීම පවා වරදක් ලෙස ඔවුන් සලකති. සතෙකුට හිරිහැර කරන කුඩා දරුවක් දුටු විගස වැඩිහිටියෝ ඔවුන් එයින් වළකති. අතීත ලාංකිකි සමාජයෙහි සොරකම සමාජ විරෝධී ක්‍රියාවක් විය. සිරිසගබෝ රජතුමා (247 - 249) සොරකම් කරන්නන්ට මරණ දඩුවම පැනවී ය. එහෙත් දැහැමි රජෙකු වූ සිරිසගබෝ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට කෙසේවත් පෙළඹී නැත. නීතිය අනුව සොරකම් කළ වුන් අල්ලාගෙන අවුත් අවවාද කොට රහසිගතව නිදහස් කළේ ය; මහජනතාවට සොරකම් කළවුන් ය’යි අගවා අමුසොහොනෙන් ගෙනා මළ මිනී පුළුස්සා දැම්මවී ය. සොරකම, වංචාව, මංපැහැරීම, දූෂණය ආදී සමාජවිරෝධ පිළිල කිසිවක් එදා නොවූයේ ය. ලංකාවේ මෑතක් වන තුරු ගම්බද පලාත්වල ධන ධාන්‍ය ගව මහීෂ ආදී සම්පත් මුරකාවල් හා ආරක්ෂා සංවිධාන යටතේ නොපැවතිණි. මිදුලේ වී බිස්ස වූයේ ය. ගව මහීෂ ආදීහු නිදැල්ලේ හැසිරුණා හ. අයිතිකරුවන්ගෙන් නොවිමසා පළතුරු ගෙඩියක්වත් කෙනෙක් සොරකම් නොකළේ ය.
අතීත සමාජය කාමය වරදවා හැසිරීම, බොරුනීම හා සුරාපානය සමාජ විරෝධී ක්‍රියා ලෙස පිළිගෙන තිබිණි. මහුනුවර රජ කළ පළමු වැනි විමලධර්ම සූරිය (1592 - 1604) විදේශීය නියෝජිතයන්පිරිසක් ඉදිරියේ “මත්පැන් පානය කරන්නා කිසිම දෙයකට නොහොබනේ” යි සෘජුව ම ප්‍රකාශ කොට ඇත. සුරාපාය පිළිබද සිංහලයාගේ ආකල්ප කෙබදු දැයි කෙබදු දැයි මෙයින් ප්‍රකට වෙයි. රජවරුන් මදුපානෝත්සව පැවැත් වූබව සත්‍යයකි. එහෙත් මධ්‍යසාර භාවිතය සාධු සම්මත සමාජ ධර්මයක් ලෙස කිසිදිනක ලක්දිව සම්මුතිය ලබා නැත. බුදුසමයෙ ආභාසය නිසා ලාංකික ජන ජීවිතයේ එදිනෙදා ක්‍රියාත්මක චාරිත්‍ර ධැර්ම සමුදායක් දක්නට ලැබෙයි. බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන් ආචාර සම්පන්න ජීවිතයකට නැඹුරු කළහ; ශිෂ්ට සම්පන්න ඇවතුම් පැවත්ම් වල යෙදවූහ. බුදුසමය වැළදගැනීමෙන් පසු මේ ආචාර ධර්ම වලට ශ්‍රී ලාංකිකයෝ ද උරුමකරුවෝ වූහ. මිහිදු මාහිමියන් ප්‍රම්ඛ ධර්ම දූත පිරිස මේවා ලාංකිකයන්ට ඉගැන් වූහ.
දෛනික ජීවිතය ; චාරිත්‍ර වාරිත්‍ර
“ආහාර අනුභව කරන කළ එළඹි සිහියෙන් යුතුව එය කළ යුතුය. බතට සරිලන පමණට ව්‍යඤ්ජන ගත යුතුය. මුවට ගනු ලබන බත්පිඩ ම්ඛයට ලං වීමට පෙරාතුව මුඛය විවෘත නොකළ යුතු ය. මුවට ගත් බත් පිඩ විකා, අවසන ගිලින තුරු කතා නොකළ යුතු ය. ආහාර අනුභව කරන කළ ආහාර තැවරුණ ුඅත ගසා නොදැමිය යුතු ය. ‘සුරු සුරු’ හඩ නංවමින් හෝ ‘චවු චවු’ යන හඩ නංවමින් හෝ ආහාර අනුභව නොකළ යුතු ය. ඉදුල් සහිත අතින් අන් භාජන නොඇල්ලිය යුතු ය. අත ලෙව කෑම නොකළ යුතු ය. ලමන් අනුභව කරන භාජනය ලෙව කෑම නොකළ යුතු ය.”
භික්ෂුන් සදහා බුදුන් වදාළ මේ සේඛියා ධර්මය දෛනික ආචාරීණ ජීවිතය හැඩගස්සාලයි. අතීත ලාංකික භික්ෂු සමාජය මගින් මේ ඉගැන්වීම් ගිහි ජනතාව අතරට ගෙන ගියේ ය. දරුවන්ට ආචාර ධර්ම උගන්වන මුල් ගුරුවරුන් වන ලාංකික ෙදගුරුහු පරම්පරාවෙන්පරම්පරාවට මේ ඉගැන්වීම් සිය දූ - දරුවන්ට ලබා දුන්හ. අද දවසේ පවා ආහාර ගැනීමේ දී මේ සිරිත් ප්‍රදර්ශණය වෙ යි.
ඇදුම් ඇදීම පිළිබද මෙබදු ඉගැන්වීම් දක්ට ඇත;
“අදිනා වස්ත්‍රය ඒ ඒ තැන් වලින් කොන් එල්ලෙන අයුරින් නොහැදිය යුතු ය. මනාව ඇග වැසෙන සේ ඇදගෙන ගමන් බිමන් යා යුතුය. වස්ත්‍රය කැසපට ගන්වාගෙන මහමග ගමන් නොකළ යුතු ය. කැසපට ගන්වාගෙන කෙබදු ස්ථානයක වුව නොහිදිය යුතු ය.”
භික්ෂූන් වහන්සේ සදහා වදාළ මේ ඉගැන්වීම් අපේ ගිහි සමාජයට ආදර්ශ සැපයී ය. ලාංකික පිරිමියෙකු හෝ ස්ත්‍රියක හෝ ඇදුමක් අදින කළ ශරීරය මනාව ආවරණය වන සේ අදිනු ලබයි. ඇදුම විලාසිතාවක් නොව සිවරශීලි ආවරණයක් සේ සැළකිණි. එසේ වුව ද විවිධ ආභරණ පැළදීමට බුදුසමය තහජචි නොපැනවී ය.ගමන් බිමන් යාමේදී අනුදත් පිළිවෙල මෙසේ යි;
“මහමග ගමන් කරන කළ සංවරව ගමන් කළ යුතු ය. මහහඩින් සිනාසෙමින් කථා බස් කරමින්, ගෙයින් පිටත නොයා යුතු ය. ගමනේ දී අත, පය, හිස ආදී ශරීරාංග සොලවමින් ගමන් ඉරියව් නොකළ යුතු ය. ”
වැඩි වශයෙන් පයින් ගමන් කළ එදා දවසට අනුරූපීව දෙසූ මේ පිළිවෙත් යාන වාහන බහුල අද දවසට ද වලංගු ය.
භික්ෂු ජීවිතය චාම් ය; සරල ය. සිවුපසය විශේෂයෙන් භික්ෂුවගේ ගිජු බවක් නොමැත. දිවි පැවැත්මට ප්‍රමාණවත් පරිදි සිවුපසය පිළගැනීම භික්ෂු පිළිවෙත ය. භක්ෂුව සාටෝප සාඩම්බර ජීවිතයට ගුරූපදේශ නොලබ යි. සැහැල්ලු දිවි පැවැත්ම හා සීමාසහිත අපේක්ෂාවන්ගෙන් යුක්ත වීම, ලද දෙයින් සතුටු වීම හා පහසුවෙන් පෝෂණය කළ හැකි වීම භික්ෂු ජීවිතයේ විශිෂ්ඨ ලක්ෂණය . බුදුරදුන් අනුදත් ඒ භික්ෂු පිළිවෙත ලාංකික භික්ෂුහු ද පිළිගත් හ. මෙරට භික්ෂුව රටේ පාලකයන්ටත්, පොදු මහ ජනතාවටත් ඒ ගැන ප්‍රකාශ කළ අතර ආදර්ශයන් ද දැක් වී ය. මෙේසියල්ල එකට කැටි වී ලාංකිකයන්ගේ චාම් දිවි පැවැත්ම තුළ මූර්තිමත් විය .ජීවිත පැවැත්ම, ඇදුම් පැළදුම්, උත්සව සැරසිළි, ආවාහ - විවාහ, මංගල - අවමංගල මේ ආදි සියළු ක්‍රියාවන් තුළ ම චාම් ලක්ෂණ දැක ගත හැකි ය. නිරරිථ සේ ධනය වැය නොකිරීමටත්, කාලය නිකරුණේ ගත නොකිරීමටත් ලක්වැසියා හුරු පුරුදු වූයේ බුදුසමයේ ආභාසයෙනි.
දින චරියාව
බුද්ධ චර්යාව දින චර්යාවකට අනුව පැවති බව අපි දනිමු. භික්ෂු ජීවිතයේ දෛනික කටයුතු ද කාලසටහනකට අනුව සිදු විය. විහාරස්ථාන වල වැඩ කටයුතු සංවිධානාත්මක ව සිදු විය. මේ ආදර්ශය ගිහි ජනතාව වෙත ද ගලා ගියේ ය. අතීත හෙළ දරුවා හැදුණේ වැඩුණේ ගමේ පන්සල ඇසුරෙනි. මේ අධ්‍යාපන මධ්‍යස්ථානය මගින් පොදු ජනතාවට අවශ්‍ය වූ උපදෙස් නොඅඩුව ලැබුණි. විධිමත් දෛනික දිවි පැවැත්ම කාලය අපතේ නොයැවීම පිණිස ආධාර වූයේ ය. එ මගින් තමාගෙන් ඉටුවිය යුතු දෑ අතපසු නොවී ඉටු වූයේ ය. මේ ජීවිත පැවැත්ම ලාංකික ජීවිත තුලට පිවිසි අයුරු සාහිත්‍ය පොතපතින් පවා සනාථ වෙයි. දෙවැනි පරාක්‍රමභාහු (1236 - 1279) රජුගේ දින චරියාව පවසන කදවුරු සිරිත මීට නිදසුනකි.
සංවිධානාත්මක ලෙස කටයුතු කිරීම පිළිබද අගනා තොරතුරු රැසක් බදුළු සෙල්ලිපියෙන් ප්‍රකට වෙ යි. එහි වෙළද පොළක පරිපාලනය පිළිබද ව විස්තර වෙ යි. එම පොළේ බුලත්, පුවක්, එළවලු වැනි දෑ වෙන වෙනම තැබිය යුතු කඩපිල් පැවතිණි. ඒ ඒ අමුද්‍රව්‍ය හා ඒවා නියමිත වූ ස්ථාන වල පමණක් තබා විකිණිය යුතු විය. එසේ නොකරන අයට දඩ ගැසීමට නියෝග පනවා තිබිණි. වෙලෙද පොළට රැගෙන එන ද්‍රව්‍ය කිරීමටත්, මැනීමටත් ස්ථාන නියම වූයේ ය. ඒවා නොඉක්මවා ක්‍රියා කිරීමට නීතිමය විධිවිධාන යොදා තිබිණි. මෙයින් ප්‍රකට වන්නේඈත රජ දවස සිට ම සිංහල වර්ගයාට සංවිධානාත්මක ව කටයුතු කිරීමට බුදුසමය මාර්ගෝපදේශකත්වය සැලසූ බවයි.
ධාර්මික ධනෝපාර්ජනය
බුදුසමය දැහැමි දිවි පෙවෙත පමණක් අගය කරයි; ගුණ වර්ණණා කරයි. පෞද්ගලික හා සමාජ යන අංශ දෙකෙහිදී ම දැහැමි බව හුවා දක්වයි. තමාට හා සමාජයට බරක් නොවන සේ ජීවත් වීම බෞද්ධයකුගේ පරම යුතුකම ය. නිවරදිව ජීවත් වීම පුද්ගලයා නීතිගරුක විය යුතු ය. නිවරදි දිවි පෙවෙත සුවයක් (අනවජ්ජසුඛං) සේ දක්වන්නේ එ බැවිණි. අධර්මයෙන් හා අයුක්තියෙන් ජීවත් වීම සමාජයට විපතකි. බෞද්ධ ඉගැන්වීමට අනුව මිනිසා විසින් නිශ්පාදනය කරනු ලබන දේ දැහැමි විය යුතු ය. (ධම්මිකා). එසේම නිශ්පාදනයෙන් උපයන ලාභය ද දැහැමින් ලද දෙයක් (ධම්මලද්දා) විය යුතු ය. මේ ඉගැන්වීම අතීත ශ්‍රී ලංකාවේ පාලක පන්තිය ද පොදු ජනයා ද ආරක්ෂා කළහ. ඔවුහු සොරකම, මංපැහැරීම, දූෂණය, අල්ලස පිටු දැක්කා හ. දහඩිය මුගුරු වගුරා , දෑතේ වෙර වීරියෙන්, ධාර්මිකව උපයා සපයා ගත් දැයින් ජීවත් වූහ.
ශ්‍රී ලංකාව දිවයින කි. බහුතරය වූ සිංහල බෞද්ධයන්ට අතිරේකව වෙනත් ජාති වලට හා අාගම් වලට අයත් ජන කොට්ඨාශ ද වාසය කළේ ය. මෙබදු සමාජ පසුබිමක විවිධ මතවාද, අදහස් - උදහස් පහළ වෙයි. බුදුරදුන් ඉගැන් වූ ආගමික සහනශීලතාව පිළිබද පුරුදුතා ඇති ලාංකිකයෝ අනුන්ගේ මතවාද, අදහස් - උදහස් ඇදහිලි, විශ්වාස ඉසිලූහ. එබැවින් විවිධ ආගමික හා විවිධ ජාතික ශ්‍රී ලාංකිකයෝ එක මවකගේ දරු කැලක් සෙයින් ඒකීය අරමුණක් කරා ගමන් කලහ.
පවුල් සංස්ථාව
මව , පියා සහ දූ- දරුවන් මූලික වශයෙන් අයත් ශ්‍රී ලාංකික පවුලේ ප්‍රධානියා පියා ය. පවුලේ පරිපාලනය මව සතු විය . පියා සහ මව සම තත්ත්වයක වාසය කළ අතර ඔවුන්ගේ කාර්යාවලියෙහිදී අවස්ථානුකූලව පළමු වැනි දෙ වැනි වශයෙන් සැළකිණි. දරුවන් අතර මේ දෙදෙනා ම සම තත්ත්වයක් උසුලති. දූ දරුවන්ගේ ආවාහ විවාහයන් නිසා පවුල වරුධනය වෙයි. පුතා සරණ බදන තරුණියත් , දුව විවාහ කර ගන්නා තරුණයාත් ඥාතීත්වයෙන් පවුලට බැදෙති. බෑනාගේ හා ලේලියගේ දෙගුරුහු ද සහෝදර සහෝදරියෝ ද විවාහය මගින් පවුලට සමීප වෙති. විවාහයෙන් ජනිත වන මුණුපුරු මිණිපිරියෝ ද ඊට අනිවාර්යයෙන් ම ඇතුළත් වෙති. පවුලට කිට්ටුවන්තම නෑයෝ ‘ලග ලේ නෑයෝ’යි. දුරින් සම්බන්ධ වන්නෝ ‘දුර නෑයෝ’යි.
ලාංකික පවුල් ජීවිතය යුතුකම් හා වගකීම් මත ක්‍රියාත්මක වෙයි. මේ යුතුකම් හා වගකීම් බෞද්ධ ඉගැන්වීම් පදනම් කොට ගෙන සැකැසී ඇත. ලංකා සමාජයෙහි මවට සහ පියාට ඉහළ ම තැන හිමි වෙයි. දරුවන්ට මවත් පියාත් පූජනීය පුද්ගලයෝ වෙති. VIII අග්බෝ (804 - 815) රජු සිය මෑණියන් ට සියතින් ම උවටැන් කළ බව මහාවංසය සදහන් කරයි. රජවරුන් පමණක් නොව භික්ෂූන් වහන්සේලා ද රෝගී වූ දෙමාපියන් ට සැගකූ බව අටුවා කතා වල සදහන් වෙයි. පොදු ජනතාව මෙපදු යහගුණ අනුගමනය කිරීම අනිවාර්යයෙන්ම බගාපොරොත්තු විය යුත්තකි. සිගාලෝවාද සූත්‍රය මවු - පිය, දූ දරු සබදතාව පැහැදිළි ව දක්වයි. අද දක්වාත් ඒ ඉගැන්වීම් ලාංකික සමාජය අනුගමනය කරයි.
විවාහකයෝ සිය නැන්දාට සහ මාමාට දෙගුරුන්ට සේ සළකති. පවුලේ සහෝදර සහෝදරියන් අතර පවත්නා සම්බන්ධතාව ද ප්‍රභල ය.
සිගාලෝවාද සූත්‍රය අඹු - සැමි යුතුකම් හා වගකීම් මනාව දක්වා ඇත. සැමියා භාර්යාවට තම සමාජයෙහි ගෞරවයත් ලබා දිය යුතු ය. ඇය ඉකිමවා නොහැසිරිය යුතු ය. ඇගේ අවශ්‍යතා සපුරාලිය යුතු ය. අවමන් නොකළ යුතු ය. සැප සම්පත් ලබාදිය යුතු ය.
භර්යාව සැමියාට හොදින් කටයුතු පිළියෙළ කර දිය යුතු ය. සැමියා ඉකිමවා නොහැසිරිය යුතු ය. අනලස්ව කටයුතු කළ යුතු ය. උපයන වස්තුව ආරක්ෂා කළ යුතුය. සේවකයන්ට සැලකිය යුතු ය . මෙ ලෙස දැක් වූ අඹු- සැමි සබදතා වලට අද මේ දක්වා ලාංකික සමාජය ගරු කොට ඇත. මේ නිසා පවුල් ජීවිතය දිනෙන් දින ශක්තිමත් වෙයි. අන්‍යෝන්‍ය බැදුම වර්ධනය වෙයි.
බුදුසමය මිත්‍ර, සේව්‍ය - සේවක , ආචාර්ය ශිෂ්‍ය, ශ්‍රමණ- බ්‍රාහ්මණ- දායක යන සමාජ කොටස් අතර ද අන්‍යෝන්‍ය සබදතා නිර්දේශ කරයි. මේ ජන කොටස් අතර යහපත් සබදතා නිර්දෙශ කරයි. මෙ ජන කොටස් අතර යහපත් සම්බන්ධතා සමාජ යහ පැවැත්මට අත්‍යවශ්‍යය. ඒ සබදතා යුතුකම් හා වගකීම් මත ක්‍රියාත්මක වෙයි. එබැවින් ලාංකික ජන කොටස් එකිනෙකාට සබදතා ඇති කරගනිමින් සහෝදරත්වයෙන් හා සහජීවනයෙන් කල් ගෙවූ බව පැහැදිලිය.
ශ්‍රී ලංකාවේ ගිහි පැවිදි සම්බන්ධතාව මහාමහිමින්ද යුගය දක්වා ඈතට විහිදෙ යි. භික්සූන් වහන්සේ ගිහියාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කලහ. සමාජය යහමගට යොමු කලහ. ලාංකික භික්ෂුව ජාතියේ මුර දේවතා බවට පත් වූයේ එ හෙයිනි. ලාංකික භික්ෂුහු සිය දායකයන් වෙනුවෙන් අනුපමේය සේවාවක් ඉටු කළහ. අධ්‍යත්මික වශයෙන් , ආර්ථික වශයෙන්, සෞන්දර්යාත්මක වශයෙන් උත්තුංග බවට පැමිණිමට භික්සූහු ලාංකිකයන්ට උපදෙස් දුන්හ. මේ නිසා ගිහි දායකයෝ කිසිම අවස්ථාවක භික්ෂූ්න් වහන්සේ අමතක නොකළහ.
සුභසාධක සේවා
වැඩවසම් සමාජ- ආර්ථිකයක් පැවති පැරණි ශ්‍රී ලංකාවේ දුගී - මගී යාචකාදීන් ද විකලාංග පුද්ගලයන් ද අනාථයන් ද ගිලනුන් ද වාසය කළ බව මූලාශ්‍ර වලින් හෙලි වෙයි. මේ අය වෙනුවෙන් පාලකයන් හා සමාජය විවිධ සහන සේවා සපයා තිබිණි. II කිත්සිරි මෙවන් (551 - 569) , IVමහින්ද (956 - 972) , I පරාක්‍රමබාහු (1153-1186) , නිශ්ශංකමල්ල (1187-1196) වැනි රජ වරුන්ද ලීලාවතී (1197- 1200)රැජිණ ද දන්සල් ඉදිකොට දුගී- මගී ජනතාවට දන්දුන් බව මහාවංසය වාර්ථා කරයි. රටේ පාලකයෝ රට වැසියා සුඛිත මුදිත කිරීම ද සිය වගකීම හා වගකීම8 සේ සැලකූහ. අසරණයන්ට ආහාරපාන, වසුත්ර ආදිය පරිත්‍යාග කොට ඔවුන් නඩත්තු කලහ.වෛද්‍යවරයකු වූ බුද්ධදාස රජතුමා (337-365) රෝගීන් සදහා රෝහල් ඉදි කළේය. රෝගීන්ට සියතින් ම උවටැන් කළෙ ය.ඔහු මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද වෙදකම් කළ බව සදහන් වෙයි. මිහිදු රජ දිවයිනේ සියළුම රෝගීන්ට ප්‍රතිකාර හා සත්කාර කළ යුතු යයි නියෝග කළේ ය. දප්පුල (797-801)දිවයින පුරා සෞඛ්‍ය පහසුකම් වර්ධනය කළේය. මේ පාලකයෝ ජාතිය නීරෝගවත් කිරීම රජයේ යුතුකම සේ පිළිගත්හ.
බුදුසමය ආගන්තුක සතුකාරය අගය කරයි. තමා වෙත පැමිණෙන් ඕනෑම හදුනන හෝ නොහදුනන කෙනෙකුට තමාට යැකි පමණින් සැලකීම ලාංකිකයන් සතු විශිෂ්ඨ ගුණයකි. බුදුරදුන්ගේ ඉගැන්වීමෙ හි අතිථිබලි(ආගන්තුක සංග්‍රහය) යන්නෙන් මෙය දක්වා ඇත. තමා වෙතට එන ආගන්තුකයාට සංග්‍රහ කළ යුත්තේ පරාර්ථය සලකා ගෙනය; අනාගත බලාපොත්තුවක් නොමැතිව ය. සිංහල ජනතාව අද පවා ආගන්තුක සත්කාර අතින් ලොව අද්විතීය තැනක් උසුලයි.ඈත අතීතයේ සිට ම මේ උතුම් ගුණාංගය ජාතියේ හදවතට කාවැදී තිබිණි.
අතීත ලාංකික සමාජය හුදු ආත්මාර්ථකාමී ආකල්ප පිටු දැක සාමුහික ජීවන ප්‍රතිපදාවක් අනුගමනය කළේ ය. පොදු ජනතාව අතර මැනවින් ස්ථාපිතව තිබිණි. තමා ගැන පමණක් සලකා ජීවත් වීම ගර්භාවට ලක්විය. පොදු වශයෙන් රටට සේවය කිරීම මගින් විශාල ආත්ම තෘප්තියක් ලදහ. දුටුගැමුණ , මහසෙන්, 1 විජයබාහු , 1 පරාක්‍රමබාහු යන ප්‍රධාන පෙලේ රජවරු ජීවිත පරිත්‍යාගයෙන් ජනතාවට සේවය කලහ. දුටුගැමුණු හා පළමු වැනි විජයබාහු ආගමික පූජනීය ස්ථාන ගොඩනගා ජනතාවගේ සදාචාරාත්මක ජීවිතය පෝෂණය කලහ. මහසෙන් හා පළමුවෙනි පරාකුමබාහු වැව් අමුණු බැද, ආර්ථික අංශයෙන් ජනතාවගේ සමෘද්ධිය උදා කලහ. මංමාවත් ඉදි කිරීම, ගිලන්හල් තැනීම, රෝහල් ඉදි කිරීම ,ළිං , වැව් පොකුණු තැනීම, දන්සල් පැවැත්වීම යන විවිධ සමාජයම ය සුභසාධන කාර්යයන්හි නියළුණහ. බුදුසමය උයන් වතු වගිව , පාලමු හෙදඩු තැනීම, මගීන්ගේ සුභසෙත සදහා ළිං පැන් තැනවීම, විශ්‍රාමශාලා තැනවීම ආදී පොදු ජන සුභසාධන කටයුතු අනුගමනය කළේ ය. එහි ගුණවර්ණනා කළේ ය. පොදු ජනතාව පරාර්ථයට වඩ වඩා ලං වූයේ මේ ඉගැන්වීම් නිසා ය.
පොදු හැගුම
යථෝක්ත ගුණාංග නිසා ජනතාව තුළ පොදු හැගුම වර්ධනය විය . එහි ප්‍රතිඵලයක් වශයෙන් ජාතික වස්තූන්සුරක්ෂිතව ආරක්ෂා කොට රැක බලා ගැනීම සිදු විය. ජනතාව වෙහෙර විහාර මෙන් ම වැවු අමුණු ද ආරක්ෂා කළේ ය. ජාතික දෙය මංකොල්ල කෑමට , ඒවාට හානි පැමිනවීමට ඔවුහු උත්සාහ නොකළහ. ජනතාව සතු ඉඩම් වැව් , පොකුණු , කැළෑ, ගංගා, ඇළ දොළ, ස්වාභාවික සම්පත් , වෙහෙර විහාර ආදී සියල්ල පොදු පරිහරණයට අයත් සේ සලකා ඒවා කවුරුත් ආරක්ෂා කළහ. පොදුවේ පරිභෝජනයට ගත් හ. මෙවැනි ආකල්පයකට බෞද්ධ සාංඝික ක්‍රමය පූර්වාදර්ශය වන්නට ඇත. සාර්ථ සමාජ ජීවිතයක් සදහා සාමුහිකත්වය ඉවහල් වන්නට ඇත.
බුදුසමය දැහැමි රැකියාවන්හි යෙදීම අවධාරනය කරයි. වෙළෙදාම පිළිබද ව දක්වා ඇති තොරතුරු වලින් මෙය මනාව ප්‍රකට වෙයි. තරාදියෙන් වංචා කිරීම (තුලාතූට), සේරුව ආදියෙන් වංචා කිරීම(කංසකූට) , කෝදු ආදියෙන් වංචා කිරීම (මානකූට), පාරිභෝගිකයන් රැවටීම (වඤ්චන) , වටිනා දේ ලෙස නොවටිනා දේ දීම (නිකතසා විභෝගා) ආදී වෙළෙදාම් බෞද්ධ ව්‍යාපාරිකයන් ට තහනම් ය. බුදුසමය බැහැර කළ මේ වෙළෙදාම් බෞද්ධ සමාජය විසින් ද ප්‍රතික්ෂේප කරන ලදි. අතීත ලාංකිකයෝ මේ වෙළෙදාම් පිටු දැක්කා හ. දැහැමි ජීවිත සදහා කෘෂිකර්මය, රාජ්‍ය සේවය, පශු පාලනය වැනි අංශ තෝරා ගෙන ඇත.
උත්සව
මහින්දාගනයත් සමග විධිමත් ආගමික චින්තනයන් හා පුද සිරිත්, උත්සව ආදිය හැඩගැසිණි. බුදුසමය පදනම් කොට ගත් ඒ පුදසිරිත් හා ආගමික උත්සව සාමුහික විනෝදාස්වායට ද අවස්ථාව උදා කළේ ය. දානමය පුණ්‍ය ක්‍රියා , ධර්ම දේශනා ආදිය මගින් සාමිස ප්‍රීතියට වඩා නිරාමිස ප්රිතියටජනතාව හුරු කරනු ලැබිණි. දළදා වහන්සේ ලංකාවට වැඩම කළ අවධියේ සිට වාර්ෂික පුණෝත්සවයක් පැවති බව දක්නට ලැබේ. දළදා පෙරහැර හා දළදා පුජෝත්සවය ලක්දිව පැවති අතිඋත්කර්ෂවත් පිංකම් ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කළ දින සිට ඒ හා බැදුණු පුද සිරිත් හා පිංකම් රැසක් ද වෙ යි. දළදා වහන්සේත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේත් ලාංකික ජන ජීවිතයට මහත් සේ බලපා ඇත. ස්ථූප පූජාව ද බෞද්ධයෝ ඉමහත් ගෞරවයෙන් සිදු කරති. වෙසක් උත්සවය, පොසොන් උත්සවය, ඇසළ උත්සවය, පිරිත් කීම , යුගාසන ධර්මදේශණා ආදිය ද බෞද්ධ ශිෂ්ටාචාරය අනුව ලාංකිකයන්ට උරුම වූ උත්සව හා පිංකම් ය. බුදුසමය ලක්වැසියාට හදුන්වාදුන් පසු එම ධර්මයට හා ශිෂ්ටාචාරයට ගැළපෙන පරිදි සමාජ කටයුතු සමූහයක් ඇති වූ බව මේ අනුව ප්‍රකට වෙයි. ලාංකික ගෘහයක පැවැත්වෙන උත්සව - දොරට වැඩීම , රන්කිරි කටගෑම, අකුරු කියවීම, විවාහය ආදී ජීවිතය සම්බන්ධ සියළු ම උත්සව ආගමට මුල් ගැන දි සිදු විය. ඈත අතීතයේ සිටම එම නම්‍යතාව දක්නට ලැබෙයි. ගිහියාගේ ධාර්මික ප්‍රීතිය, විනෝදය හා කළා රසාස්වාදනය බුදුසමය අනුමත කරයි. එබැවින් බෞද්ධ ඉගැනිවීම් ජනතාවගේ සමාජ ප්‍රගතියට මිස පරිහානියට තුඩු දුන්නේ නැත. මිහිදු මාහිමියන් ලක්වැසියාට හදුන්වා දුන් බෞද්ධ සංස්කෘතිය ලංකාවේ පෙර පැවති අරුත් සුන් චාරිත්‍ර වාරිත්‍ර බැහැරලා අභිනව සංස්කෘතියක් ඇති කළේ ය. සුඛනම්‍ය ගුණයෙන් යුත් සංස්කෘතිය සමාජ පරිණාමයත් සමග සකස් වෙමින් අද දක්වාත් පැවත එයි