බුදු පිළිමය
බුදු පිළිමය උද්දේසික වශයෙන් බුදුරදුන් පිදීම සදහා ගනු ලැබේ. එහෙත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් පහක් පමණ ගත වන තුරු බුදු පිළිමය නිර්මාණය කර නොතිබිණි. බෞද්ධයක් ප්‍රතිමා වන්දනාවට හුරු වූයේ පසු කලක බව පෙනේ. මුලදී බෞද්ධයන් තම කැටයම් වල බුදුරජාණන් වහන්සේ වෙනුවට යෙදුයේ බෝධිය, වජ්රාසනය, ත්‍රිරත්නය, සිරිපතුල වැනි සංකේතයි. එහෙත් ක්‍රිස්තු වර්ෂයෙන් ප්‍රථම ශතකයෙ සිට බුදුරුව භාවිතයට පැමිණ ඇත.
මුල් බුදුරූ
මුල් ම බුද්ධ රූප වශයෙන් සාමාන්‍යයෙන් සැලකෙන්නේ කණිෂ්ක රජුගේ කාසි වල හා ඔහු විසින් ම නිර්මාණය කරවූ ෂා - ජී - කී ඪෙරිහි තුබු ධාතු කරඩුවේ ඇති බුදු රූය. කණිෂ්ක රජතුමා සර්වාසතිවාද බෞද්ධයෙකි. සර්වාස්තිවාදය ශ්රාවකයානට අයත් බෞද්ධ සම්ප්‍රධායකි. එබැවින් මුලින් ම බුදුරුව නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ ශ්රාවකයානී බෞද්ධයන්ටය. බුදුපිළිමය මහායාන බෞද්ධයන්ගෙන් ගත්තක් සේ අපෙ ඇතැමුන් අතර පවත්නා මතය සපුරා සාවද්‍ය ය.
ගන්ධාර - මථුරා බුදු පිළිම
කණිෂ්ක රාජ්‍ය සමයේ ගාන්ධාරයේ ඇති වූ බුදු පිළිමය ග්‍රීක - රෝම කළාවේ ආභාසය ඇතිව, විශේෂයෙන් ම ඇපලෝ දේව රූපය ගුරු තන්හි තබා ගෙන නිර්මාණය කළ බව සිතනු ලැබේ. ලෝක සත්ත්වයා වෙත කරුණා බරිතව, අධ්‍යාත්මික බල මහිමයෙන් පිරිපුන් දෙවියකුගේ ස්වරූපය නිරූපණය කරන තරුණ කුමාරයක්ගේ හැඩරුව සිත්හි තබා ගනිමින් ගන්ධාර බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරන්න ඇතැ’යි අයෙක් සිතති.ග්‍රීක කලාකරුවන්ගේ සිතේ තැන්පත් ව පැවතියේ ඇපලෝ දෙවිදුගේ රූ සටහනය. පිරිපුන් නව යොවුන් බවෙන් හෙබි, කඩවසම් මනුෂ්‍ය රූපාකෘතියට අත්‍යන්තයෙන් අනුරූප වූ ඒ ඇපලෝ රුව බුද්ධ ප්‍රතිමාවට ආරෝපණය කරන ලද බව පිලිගැනේ. එහි ලා සම්බුදු රදුන්ගේ ශාරීරික ඉරියව් හා දෑතින් නිරූපණය වූ අභිනයන් කෙසේ දැක්විය යුතු ද යන ගැටළුවට බෞද්ධ කලා කරුවා මුහුණ පෑවේ ය. කෙසේ වුව ද බුදුරජාණන් වහන්සේ අත්‍යුත්කෘෂ්ට මහාපුරුෂයකු ාස් වටහා ගත් ගන්ධාර ප්‍රතිමා ශිල්පියා ඒ සදහා යෙදිය හැකි සියළු ලක්ෂණ සිය බුද්ධ ප්‍රතිමාවට ආරෝපණය කළ බව අපට වටහා ගත හැකි ය.
මීට සමකාලීනව මථුරාවල ද බුදුසමය නිර්මාණය ආරම්භ වී තිබිණි. මේ ස්ථතතාන දෙකින් කවරක මුලින්ම මේ කාර්යය ආරම්භ වී දැයි නිශ්චිතව කිරීමට නුපුළුවන. මථුරා කළ ශිල්පියා භාරතීය කළා මාර්ගය අනුගමනය කළ බව පෙනේ. මෙ කළ විසූ භාරතීය කලා කරුවෝ යක්ෂණි , නාලිනී රූබ නෙලීමෙහි ප්රවීනතා දැක්වූවෝ ය. බුද්ධ ප්රතිමානෙළීමේ කාර්යය පැවරුණේද පිරිසට ම ය. බුදුරජාණන් වහන්සේ අධිපති දෙවියකු හෝ චක්‍රවර්තී රජකු හෝ වශයෙන් සැලකූ මථුරා ප්‍රතිමා ශිල්පියා තමාට සුපුරුදු දේව ප්‍රතිමා හැඩ ද තල ද උපයෝගී කොට ගනිමින් බුදුරුව නිර්මාණය කළේ ය. එ බැවින් මථුරා ශිල්පියා අතින් ඔවුන්ට සුපුරුදු ලොකු ඇස් ඇති, තරබාරු බවින් යුත් යක්ෂරූප වල ශරීර ලක්ෂණ ද බුදුපිළිමයට එකතු කෙරිණි. එසේ වුව ද ඔහු බුදු පිළිමය සංකීර්ණ මෝස්තර වලින් විසිතුරු කොට ඇත.
මේ සමුප්රධාය දෙකට අයත් බුද්ධ රූප පැහැදිළිව වෙන්කොට හදුනා ගත හැකිය. ඒවා තැන්පත්ව වදාරණ කළ පහත දැක්වෙන විශේෂතා දක්නට ලැබේ.
ගන්ධාර බුදුරුව මථුරා බුදුරුව
1.මහා කාරුණික ලීලාව ශාක්‍යසිංහ ලීලාව දක්ව යි.
දක්වයි. ඇතැම් පාමුල සිංහරුවක්
දැක්වෙයි.
2.ආභංග හෙවත් මදක් නැමුණු සමභංග හෙවත් සෘජු මදක්
කෝමල සිරුර අසංවර ලෙස දෙපා පැත්ත
ට තබාගත් ලීලාව
3. අත් සංවර ව සිරුරට ලංව ඇත. දෑත් සිරුරට ඈත් ය.
සමහර විට ඉණට දෑත් ගසා ගත්
විලාසය ඇත.
4.නෙත් අඩවන් ය.තොල් සිහින්ය. නෙත් විවෘතය. තොල් මහත්ය.
පරිමාණානුකූල කම්බුල් කම්බුල් පිම්බී ඇත.
5. හිස කෙස් ස්වාභාවිකය. හිස කෙස් ශෛලීගත ක්‍රමයට
කැරළි ගැසී ඇත.
6. සිවුර ග්‍රීක ටෝගාවකට සමා ය. විනිවිධ පෙනනෙ තරම් දුහුල්
රැළි ස්වාභාවිකය. සිවුරකි. රැළි ශෛලිගතය.
7. පද්මාසනය කුඩා නෙළුම් මලක් පද්මාසනය නෙළුම්මල වැඩ
මත දුෂ්කරව වැඩ සිටින විලාශයකි. සිටීම පහසු පරිදි සකස් වී
තිබේ.
මේ සම්ප්‍රධායන් දෙක පසු කලෙක එකට හමු වූ බවත් ගන්ධාර ආභාසයෙන් මථුරා රූප වඩා සංවර හා කලාත්මක වේෂයක් ලත් බවක් දක්නට ලැබෙ යි. සතර වැනි හා පස් වැනි සියවස් වල දී ලැබෙන බුද්ධරූප මේ සංකලනයෙහි ප්‍රතිඵල වෙ යි. යක්ෂා රූප වල දළ දඩු, ගොරහැඩි ගතිය වෙනුවට ගාන්ධාර බුදුපිළිමයේ කාරුණිකත්වය පිවිසුණු රූපයක් සේ සාරානාත්හි ධර්ම චක්‍ර ප්‍රතිමාව දැක්විය හැකිය. එහි සිවුර හා හිස කෙස් පැරණි මථුරා ක්‍රමයට යෙදී ඇත.
ආන්ධ්‍ර බුදු පිළිමය
දකුණු ඉන්දියාවේ ආන්ධ්‍ර කලා සම්ප්‍රධායට අයත් බුද්ධ ප්‍රතිමා ද මථුරා ආභිසය ලැබුව ද යම් යම් සුවාධීන ලක්ෂණ ඇති ව වර්ධනය වූ සේ සැලකෙයි. ක්‍රි.පූ. දෙවන සියවසේ පමණ පටන් බෞද්ධ ශිෂ්ටාචාරය මේ ප්‍රදේශයේ පැතිර තිබිණි. ආන්ධ්‍ර කලා ශිල්පීහු මථුරා සම්ප්‍රධාය මගින් සමහර ගාන්ධාර ලක්ෂණ ද උරුම කොට ගෙන බුද්ධ ප්‍රතිමා නිර්මාණය ආරම්භ කලහ. ආන්ධ්‍ර බුද්ධ ප්‍රතිමාවේ මථුරා බුදු පිළිමයේ මෙන් ම රවුම් මුහුණ , ඖදාරික සිනහව හා විවෘත නෙත් දක්නා ලැබෙයි. සිවුරු ක්‍රමය මදක් වෙනස් වූ එක් පොටක් අල්ලා ගෙන සිටින විලාසයක් ඇත. ඒකාංශ පාරුපණය හා උභයාංශ පාරුපණය යන දෙ විධියේ ම සිවුරු දක්නා ලැබෙ යි. හිදි පිළිම වල සිවුරෙහි ඉදිරි කොට අතක් අතරෙන් පසු පසට යැවීම එක් අපූර්ව ලක්ෂණයකි. හිදි පිළිම වීරාසනයේ මූලික අවස්ථාවක් දැක්වීම තවත් විශේෂතාවකි.
සැම බුදු පිළිමයක් ම මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ වෙත පැවති මහාකරුණාවෙත් මහා ප්‍රඥාවේත් සුසංයෝගය නිරූපණය කරයි. හිංදු සම්ප්‍රධායට අනුව ප්‍රකෘති- පුරුෂ වෙන් වෙන් වශයෙන් නොව එකටම පවත්නා බව පිළිගැනේ. එලෙසම බුදු පිළිමයේ ද මහාකරුණාව හා මහා ප්‍රඥාව හැමවිටම ඒකබූතව පවතියි. ශ්‍රී ලංකාවේ බුදු පිළිමයෙහි මහා කරුණාවත් මහා ප්රඥාවත්දෙකම මැනවින් නිරූපණය වෙයි.
දස පාරමිතා පිරීමේ අවසාන ප්‍රතිඵලය සම්මා සම්බුදු පදවියට පත්වීම යැයි ථෙරවාදීහු විශ්වාස කරති. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ කායික සෞන්දර්යයට හා මහාපුරුෂභාවයට පෙර කළ පින් හේතු වී ඇති බව පෙනෙයි. ප්‍රතිමා ශිල්පියා විසින් දස පාරමිතා ද බුදු පිළිම තුලින් නිරූපණය කිරීමට යත්ක දරා ඇත.
ථෙරවාදීන්ගේ බුදු පිළිම වල අත නිදහස් ය. මිටට ගත් කිසිවක් නැත. එය සමාධි ගත වූ විට දිගු කළ ඇගිලි ඇතිව අත්ල පිට අත්ල තබා නිරාලය ව හිදී . හිටි පිළිමය ද අභය වැනි යම් කිසි අදහසක් ඉහල මුද්‍රාවකින් යුක්ත වනු මිස මිටට ගත් කිසිවකින් යුක්ත නොවේ. බුදුරදුන් තුළ ගුරු මුෂ්ටියක් නොමැති බවත් අභයදානය කරන බවත් එයින් නිරූපණය කෙරේ. ඉදිරියට පෑ අත්ල හෝ පසු පසට හැරවූ අත්ල පරිත්‍යාගශීලි නිරාලය භාවය මූර්තිමත් කරයි.
බෝසතුන්ගේ මහාභිණිෂ්ක්‍රමණය , දුෂ්කර ක්‍රියා සමග ආදිය බෞද්ධ ශිල්පියා අතින් නිර්මානය වී ඇත. බුදුරදුන්ගේ වීර්යය, අධිෂ්ඨානය , ක්ෂාන්තිය වැනි ගුණාජග මූර්තිමත් කරන බුචුපිළිම විවිධ බුද්ධ ප්‍රතිමා අතර දක්නට ලැබෙයි. මෙ වැනි ගුණ සමුදායක් බුදු පිළිමයක් මගින් අවශ්‍යයෙන් ම නිරූපණය විය යුතු ය. එයින් සැදැහැතියා තුළ ද යෝගාවචරයා තුළ ද එවැනිම ගුණ ඇති කර ගැනීමේ අපේක්ෂාව ජනිත වෙයි.
ශ්‍රී ලංකා බුදු පිළිම
ථෙරවාද බෞද්ධ සම්ප්‍රධායට අයත් විශිෂ්ඨ ගණයේ බුද්ධ ප්‍රතිමා ලැබෙන්නේ ශ්‍රී ලංකාවෙනි. ලංකා බුදු පිළිමය ආන්ධ්‍ර ශෛලියේ ආභිසය ලබා ප්රභවය වුවක් සාමාන්‍යය පිළිගැනීමයි. එසේ වුව ද බුදු පිලිමය මුලින්ම පහළ වූයේ භාරතයේ නොව ශ්‍රී ලංකාවේ යයි ද එහෙයින් එය ස්වාධීන කෘතියක් යයි ද සිතන්නෝ ද වෙති. එහෙත් දැනට ලැබෙන පැරණිම ප්‍රතිමා වන මහ ඉලුප්පල්ලම හිටි පිළිමය, අභයගිරියේ ආසනඝර පෙදෙසෙන් ලැබී අනුරාධපුර කෞතුකාගාරයේ තබා ඇති හිදි පිළිමය වැනි බුද්ධරූප භාරතීය ලක්ෂණ මැනවින් දක්වයි. දැනට කොළඹ කෞතුකාගාරයේ ඇති තොළුවිල සමාධි පිළිමය ගුප්ත බලපෑම් දක්වයි.ලංකා කලා කරුවාගේ නිර්මාණ ශක්තිය අගය කළ හැක්කේ බුදුසමයට ඔහු මුලින් ම තැනූ නිසා නොව භාරතීය ආභාසය ලැබ ඇරඹු බුදු පිළිම නිර්මාණ තුලින් ඔහු දැක් වූ ස්වීයත්වය හා ප්‍රකාහන ශක්තිය නිසාය.
සිංහල බුද්ධ ප්‍රතිමා ශිල්පීහු සිය නිර්මාණයන්ට දේශියත්වය සමාරෝපණය කලහ. මුල් යුගයේ සිට දහ වැනි සියවස දක්වා ශ්‍රී ලංකාවේ නෙලන ලද බුදු පිළිම වලින් අධිකතර සංඛාවක් සිංහල ශිල්මාන ශිල්පීන්ගේ නිර්මාණ ශිල්පීන්ගේ යයි වෙසෙසා හැදින්වීමට ප්‍රමාණවත් දේශීය ලක්ෂණ වලින් පරිපෝෂිත ය. මුල් අවධියේ ලක්දිව බුදු පිළිම වලට මහායාන ආභාසය ලැබී ඇත්තේ අල්ප වශයෙනි. මෙයට ප්‍රභල හේතුව එ කළ අනුරාධපුර විහාර සම්ප්‍රධාය අතිශයින් ප්‍රභල ව පැවතීම ය. මහාවිහාරය සම්ප්‍රධාය මහායානය දැඩිව ප්‍රතික්ෂේප කළේය. පොළොන්නරු අවධියේ සිට මහායාන බලපෑම වැඩි වැඩියෙන් සිදු වීම නිසා බුදුපිළිම විෂයෙහි ද ඒ ආභාසය දක්නට ලැබේ.එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ ප්රතිමාවල විදේශීය ලක්ෂණ ද දක්නට ලැබෙයි.
පිලිම වර්ග
ශ්‍රී ලංකාවේ නිමවුණු බුදුපිළිම ඒවායේ ඉරියව් අනුව ප්‍රධාන කොටස් තුනකට වෙන්කළ හැකිය. ඒ හිදි පිළිම, හිටි පිළිම හා සැතපෙන පිළිම යනුවෙනි. මේ ඉරියව් තුන අතුරින් සැතපෙන පිළිම කුමණ අදහසක් ඇතිව නිර්මාළණය කල දජනප්රිය ව්‍යවහාරය අනුව ඒවා සම්බුද්ධ පරිනිර්වාණය ප්‍රතිමා යැයි අදහස් කෙරේ. ගලින් මෙන් ම ගඩොලින් හා බදාමයෙන් ද නිමවූ සැතපෙන පිළිම විශාලව ද දකුණු ඇලයෙන් සැතපෙන (=සිංහසෙය්‍යාවෙන්) ආකාරයෙන් ද තනන ලදි.
සිංහල බුදුපිළිම අතර සැතපෙන පිළිම පහළ වුයේ පස්වැනි සියවසේ දී යයි සැලකේ . පැරණිම සැතපෙන පිළිමය සීගිරියේ පිදුරංගල විහාරයේ ඇති පිලිම වශයෙන් පිළිගැනේ. ගඩොළුවලින් කළ මේ පිළිමය සීගිරි සමයට සම්බන්ධතා ඇති බව නිගමනය කර ඇත. රුහුණේ ඔක්කම්පිටියට නුහුරු ව පිහිටි හබැස්ස පිළිමය දෙවැන්නයි. එය ගඩොළු වලින් තනා බදාමයෙන් පිරියම් කොට තිබේ. තැනින් තැන කැඩී ඇති එය සැතපෙන පිළිමයකි. එය පිදුරංගල පිලිමයට වඩාමෑත සමයකට අයත්ය.
මුද්‍රා
හිදි පිළිමය තැනීමෙ දී අනෙක් බෞද්ධ රට වල මුද්‍රා (=අත් හා ඇගිලි ශෛලීගත ව නිරූපණය කරන ආකාරය) කිහිපයක් ම යොදා ගැනුන ද ලංකාවේ භාවිත වූයේ සීමිත මුද්‍රා ගණනකි. මෙහි ඉතා ජනප්‍රිය වූයේ ධ්‍යාන මුද්‍රාවයි. එනම් නැමූ වම් කකුල මත දකුණු කකුල තබා , නැමූ දකුණු වමත මත දකුණු අත්ල තබාගෙන සිටින අයුරින් දැක්වෙන මුද්‍රාවයි. මෙයින් භාවනානුයෝගීව වැඩවසනා බුදුරදුන් නිරූපණය කිරීම සිදු විය. අනුරාධපුරයෙහි හා පොළොන්නරුවෙහි දක්නට ලැබෙන හිදි පිළිම වැඩි ප්‍රමාණයක් මෙසේ නිමවන ලද ඒවා ය. මීට වෙනස් මුද්රාවකින්ද මෙරට බුදුපිළිම තැනූ බවට අනුරාධපුරයේ පන්කුලියේ අශෝකාරාමයෙහි පිළිමය සාක්ෂ්‍ය දරයි. එහි යෙදී ඇත්තේ විතර්ඛ හා අභය යන මුද්‍රා දෙකින් එකකි. අභය මුද්‍රාවේ දී දකුණ ුඅත්ල ඉදිරියට හැරෙන සේ දකුණත වැලමිටින් ඉහලට ඔසවා සිටින ආකාරය දැක්වෙයි. විතර්ක මුද්‍රාවේ දී දකුණු අත්ල ඉදිරියට හරවා දබරගිල්ල නවා මහපට ගිල්ල මත තබා ගෙන සිටින ආකාරය දැක්වෙයි. ලංකාවේදී විතර්ක මුද්‍රාවේ දී දකුණු අත්ල ඉදිරියට හරවා දබර ඇගිල්ල නවා මහපට ඇගිල්ල මත තබා ගෙන සිටින ආකාරය දැක්වෙයි. ලංකාවේ විතර්ත මුද්‍රාවෙන් නිර්මිත කුඩා ලෝකඩ පිළිම ගණනාවක් ලැබී ඇත. මෙබදු කුඩා ප්‍රතිමා විදේශික කලා කරුවන් විසින් මෙම රටට ගෙනෙන ලද්දේ වීද, නොඑසේ නම් මෙහි ම නිමවන ලද්දේ ද යන්න අවිනිශ්චිත ය. ඉන්දියාවේ දී හිදි පිළිම තැනීමේ දී නම් වරද මුද්‍රාවත් භූමි ස්පර්ශ මුද්‍රාවත් බහුලව භාවිත වෙයි. ත්‍රිවිධ ශික්ෂාවන්ට මුල් තැන දුන් මෙරට බෞද්ධයන් භාවනානුයෝගී බුදුරදුන් සිහිපත් වන ආකාරායෙන් බුදුරුව නිමවා ගැනීමට රුචි විය යුතුය. හිදි පිළිම තැනීමේ දී මේ රටේ භාවිත වුණු තවත් ක්‍රමයක් නම් බුදුරදුන් මුචලින්ද නාග දරනයෙහි ආවරණය ලබා ස වැනි සතිය ගෙවූ ආකාරය දැක්වීම ය. මෙහි දී ධ්‍යන මුද්‍රාවෙන් වැඩ සිටිනා ප්‍රතිමාවක් නාග දරන ආකාරයෙන් හා නාපෙන ගොබ (සාමාන්‍යයෙන් නමයක් හෝ හතක්) පිළිමයේ හිස මතින් ඊට ආවරණය සපයන පරිදි දැක්වෙන සේ සැකසීම කරන ලදි. සේරුවාවිල මේගණයට අයත් පිළිමයක් දක්නට ලැබේ. කැළණියේ වූ මේ ගණයේ පිළිමයක් පිළිබද තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ සැළලිහිණි සංදේශයෙහි සදහන් කරති. හිදි පිළිම මෙරට බහුලව දක්නට ලැබෙන ධ්‍යාන මුද්‍රාවෙන් හා වීරාසනයෙන් යුත් සමාධි ප්‍රතිමාව ශ්‍රී ලාංකික මුර්ති ශිල්පීන්ගේ විශිෂ්ටතම නිර්මාණය විය. තොළුවිල බුදුපිළිමයත් අභයගිරි පෙදෙසේ ඇති ලෝක ප්‍රකට සමාධි ප්රතිමාවත් මේ අතර ඉතා ශ්‍රේෂ්ඨ නිර්මාණ සේ දැක්විය හැකිය.
හිටි පිළිමදී තැනීමේ දී බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණිකත්වය හා දස බල ආදී ලක්ෂණයත් පිළිඹිබු කිරීම අපේක්ෂා කරන ලදැ’යි සිතිය හැකි ය. ඒ සදහා අභය මුද්‍රාව භාවිත වූ අතර, පිළිම වල ප්‍රමාණයද සාමාන්‍යයෙන් විශාල විය. 5 – 8 ශතක අතර තනන ලදැ’යි සැලකෙන අභය මුද්‍රාවෙන් යුක්ත සුප්‍රකට අවුකන බුදු පිළිමය අඩි 39 ක් උසය. එය පිහිටි ගලෙන් ම සම්පූර්ණයෙන් පරිවර්තයෙන් වෙන් නොවන සේ ආභද්දව නෙලා ඇත.
පොළොන්නරුවේ ලංකා තිලකයේ ගඩොළුවලින් හා බදාමයෙන් ගොඩනංවන ලද තිවංක බුද්ධ ප්‍රතිමාව ශ්‍රී ලංකාවේ මූර්ති ශිල්පීන් දැවැන්ත බුදු පිළිම තැනීමට දැක් වූ කැමැත්ත හා දක්ෂතාව පිළිඹිබු කරයි. මේ හැර අනුරාධපුරයේ රුවන්වැලි සෑයෙන් , මන්නාරමින්, මහඉලුප්පල්ලමින් , කුච්චවේලියෙන් හා පොළොන්නරුවේ ථූපාරාමයෙන් යන විවිධ තැන් වලින් හමු වී ඇති ගලින් කළ හිටි පිළිම රාශියකි. දැනට මේවා බොහොමයක අත් කැඩී ගොස් ඇතත් ඒවායින් වැඩි ප්‍රමාණය අභය මුද්‍රාවෙන් නිමවා තිබෙන්නට ඇතැ’යි සිතා ගන්න ඉඩ ඇත.
තිවංක පිළිමය
සාමාන්‍ය හිටි පිළිම වලට වඩා වෙනස් වූ හිටි පිළිම විශේෂයක් පැරණි ලක්දිව වූ බවට පොළොන්නැරුවෙන් නිදසුනක් ඉදිරිපත් කළ හැකිය. පහසු ලීලාවෙන් වැඩ සිටින ආකාරයෙන් දණ හිස , ඉගටිය හා ගෙළ යන තුන් තැනින් සිරුර නැමෙන අයුරින් නිරූපණය කෙරෙන ප්‍රතිමා විශේෂයක් වූ මේවා මෙරට නිම වන ලද බව සිතා ගත හැකි ය. මේ ප්‍රතිමා ත්‍රිභංග හෝ තිවංක යන නමු වලින් හැදින්වෙ යි.මෙබදු තිවංක පිළිමයක් පොළොන්නරුවේ පැරණි වේළුවනාරාම ප්රතිමාඝරයෙකි ගඩොළුවලින් හා බදාම වලින් තනා තිබී අද ද නෂ්ටාවශේෂ වශයෙන් දක්නට ලැබෙයි. මේ ඉරියව්වෙන් ප්‍රතිමා තැනීම මෙරට ශිල්පීන් අතර කාලාන්තරයක් තිස්සේ සිදු වුණු බව සැළලිහිණි සංදේයෙහි ඒ ගැන සදහන් වීමෙන් ප්‍රකට වෙයි.
අමුද්‍රව්‍ය
ලංකාවේ බුදු පිළිම (1) කළු ගලින් පිහිටි පරුවතයේ ම නෙලීමෙන් ද, (2) වෙන් කර ගත් ගල් කුට්ටි වලින් නෙලීමෙන් ද, (3) ගඩොළුවලින් හා බදාම වලින් ද , (4) ඇත් දළින් ද, (5) විවිධ ලෝහ වලින් ද, නිමවන ලදි. ඒ පිළිම උස ප්‍රමාණයෙන් අගල් කිහිපයක සිට අබි සතළිසක් පමණ දැවැන්ත ප්‍රමාණය දක්වා විවිධ විය. අතීතයෙහි දී මෙන් ම මෑත කාලයෙහි ද මෙසේ තැනුනු බුදු පිළිම අතර ඇතැමෙක බුදුරජාණන් වහන්සේගේ ශාරීරරික ධාතූන් ද තැන්පත් කර ඒවා හුදෙක් උද්දේසික නොව ඔාරීරික පූජා වස්තූන් ගණයට ද වැටෙන සේ නිමකර ගන්නා ලදි. ප්‍රතිමා පිළිම ගෙවල් වල, බෝධිඝර, ආසනඝර හා ස්තූපඝර යන ගොඩනැගිලි වල ප්‍රමාණයෙන් බුදු පිළිම කළෙ නිදන් කිරීම පිණිස ය.
බුදු පිළිමය හා බැදුණු මුද්‍රා කිහිපයක් පිළිබද වද අපේ අවධානය යොමු විය යුතුය. සැම බුදු පිළිමයක් ම කිසියමු මුද්‍රාවකට අනුව නිම කොට ඇත. කලාතුරකින් ප්‍රතිමාවක මුද්‍රා ලක්ෂණ දෙකක් ද දැක ගැනීමට පුළුවණ. සාම්ප්‍රධායික වශයෙන් පොදු සම්මුතියට පත් මුද්‍රා සංඛ්‍යාව හයකි.
සමාධි මුද්‍රාව
ඒවා අතර සමාධි මුද්‍රාවට ප්රමුඛ ස්ථානය හිමි වෙයි. ධ්‍යාන මුද්‍රාව යනුවෙන් හදුන්වන්නේ ද මේ මුද්‍රාවයි. වීරාසන හා පද්මාසන ශෛලියෙන් හිද උඩ අතට හැර වූ වම් අත්ල මත දකුණු අත්ල පිහිටුවා වැඩ සිටීම ධ්‍යාන මුද්‍රාවයි. පෙළ පොත්වල “නිසීදත් පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතිං උපට්ටපෙත්වා” පළක් බැද උඩු කය කෙළින් පිහිටුවා කමටහකට අභිමුඛව සිටී යයි සදහන් වන්නේ මේ මුද්‍රාවෙන් වැඩ සිටීමට ය. මෙහි ඇතුළත් ලක්ෂණ තුනකි.
(අ) පා නමා ගෙන දකුණු පතුළ උඩට හරවා වමු කලවය මතත්, වමු පතුල උඩට හරවා දකුණු කළවය මතත් සිටින සේ වාඩි වීම
(ආ) උඩුකය කෙළින් තබා ගැනීම
(ඇ) කමටහනට සිත යොමු කිරීම මුධි මුද්‍රාවෙන් සංකේතවත් කරන්නේ බුද්ධත්වයයි.බුදුබව යනු මහා කරුණාවේත්, මහා ප්‍රඥාවේත් උත්තරීතර අවස්ථාවයි. එබැවින් සමාධි මුද්‍රාවෙන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව හා මහා ප්‍රඥාව මූර්තිමත් කෙරේ. ශ්‍රී ලංකාවේ බුදු පිළිම අතර සමාධි මුද්‍රාව සහිත බුදු පිළිම බෙහෙවින් ජනප්‍රිය වූ බව දක්නට ලැබෙයි.
බුදුරජාණන් වහන්ටස්ගේ ධර්ම දේශනා විලාසය සංකේතවත් කරනු ලබන මුද්‍රාව ධර්ම චක්‍ර ම්ද්රාව නමින් හැදින්වෙ යි. දකුණු අතුල පිටතට හරවා පපුවේ මට්ටමට තබා ගෙන, එහි දබර ඇගිල්ලෙන් හා මහපට ඇගිල්ලෙන් ස්පර්ශ කරන අයුරින් පැවතීම ධර්ම චක්‍ර මුද්‍රාවේ ප්‍රධාන ලක්ෂණය වෙයි.
ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නිරූපණය වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව බව පොදු පිළි ගැනීමයි. දකුණු අත උඩට නවා, ඇගිලි සම්පූර්ණයෙන් ම දිග හැර , අත්ල ඉදිරි පසට සිටින සේ විවෘතව තැබීම අභය මුද්‍රාවේ සාමාන්‍ය ලක්ෂණය යි. ඉතා මද වශයෙන් සම්පූර්ණයෙන් දිග හැරුණු අවස්ථා ද පිළම වල දක්නට ලැබේ. අත උඩට ඔසවා අත්ල හරහට සිටින සේ නිමවූ පිළිම ද දක්නට ලැබේ. මේ මුද්‍රාව ද ධර්ම දේශනා ඉරියව්ව සංකේතවත් කරයි. එහි සංකේතාර්තය නිර්භයත්වය හෝ අභය දීමය.
විතර්ක මුද්‍රාව
මුද්‍රාව අතර විතර්ක මුද්‍රාව ද බෙහෙවින් ජනප්‍රිය ය. අත්ල පපු පෙදෙසට ප්‍රමාණ වන පරිදි අත උඩට දමා දඩර ඇගිල්ල උඩට කවයක් ඇති වන ආකාරයෙන් තබා සිටීම මෙහි ලක්ෂණය වෙයි. එසේම අත්ල ඉදිරිපසට විවෘත ව ඉතිරි ඇගිලි තුන දිග හැර තිබීම ද ලක්ෂණයකි. සමහර අවස්ථාවල දබර ඇගිල්ල වෙනුවට මැදගිල්ල නමා තිබීම ද දක්නට ලැබේ. බුදුරජාණන් වහන්ටස්ගේ ධර්ම දේශනා විලාශයක් වශයෙන් විතර්ක මුද්‍රාව බුදු පිළිමය හා බැදී පවති. බුදුරදුන් විවිධ පුද්ගලයන් සමග වාද විවාධ පැවැත්වු අවස්ථා මෙයින් සංකේත වත් කළ බවප්රකට වෙයි.
භූමිස්පර්ශ මුද්‍රාව
භූමිස්පර්ශ මුද්‍රාවෙහි වචනාර්තය නම් පොළොව ස්පර්ශ කිරීම යන්න ය. මේ බුද්ධ හා බෝධිසත්ව ප්රතිමාවලට පමණක් සීමා වූ මුද්‍රාවකි. බුදු පිළිම වල හිදි පිළිම වල පමණක් මෙය දක්නට ලැබේ. දකුණු අත දකුණු දණහිස විසින් අත්ල ඇතුලට සිටින අයුරින් සියළු ඇගිළි දිග හැර පහතට යොමුව තිබීම මෙහි ලක්ෂණය යි. මෙසේ නිර්මාණය කළ පිළිම වල වමු අතුල දක්නට ලැබෙන්නේ උකුල මත අත්ල සිටින පරිදි ය. පසුකාලීන ප්‍රතිමා වල මේ ලක්ෂණය වෙනස්ව ද දක්නට ලැබේ. බුදුසිරිත හා මැදුරු මාර පරාජයේ දී බුදුරජාණන් වහන්සේ මිහිකත වෙත අත දිගු කොට සාක්ෂ්‍ය එළ වූ අයුරු මෙයින් ප්‍රකාශිත වේ යයි සාම්ප්‍රධායික පිළිගැනීම ය.
වරද මුද්‍රාව වරද මුද්‍රාව බොහෝ රට වල බුදු පිළම වල දක්නට ඇත. සකුනත පහත් කොට, ඉදිරියට දිගහැර, අත්ල ඉදිරියට හරවා, ඇගිලි දිගහැර තිබීම මෙ ම මුද්‍රාවේ ලක්ෂණය යි. වරද මුද්‍රාව බෙහෙවින් දක්නට ලැබෙන්නේ හිටි පිළිම වල ය.
ශ්‍රී ලාංකික බුදු පිළිම අතර වරද මුද්රාවදක්නට නොලැබෙන බව වියතුන්ගේ මතය යි. එහෙත් ගඩළාදෙණිය විහාරයේ ඇති ලෝකඩ බුද්ධ ප්‍රතිමාවේ වම් අත දැක්වෙන්නෙන වරද මුද්‍රාවෙනි. මේ හැර වරද මුද්‍රාව සහිත ලෝකඩ බෝධිසත්ව ප්‍රතිමා කිහිපයක් ද ලංකාවේ නිර්මාණ වශයෙන් හමු වී ඇත.
ආසන
බුදු පිළිම නෙලීමේ දී භාවිත කළ ආසන කිහිපයක් ද වෙයි. විශේෂයෙන් ම හිදි පිළිම සදහා මේ ආසන උපයෝගී කොට ගෙන ඇත.
1.පද්මාසනය 3. භද්‍රාසනය
2.වීරාසනය 4. වජ්රාසනය
යන සතර පිළිබද අවබෝධයක් අප විසින් ලබා ගත යුතු ය.
පද්මයක් ආකාරයට හිද ගැනීම පද්මාසනයයි. දණහිස නමා පතුල් උඩ අතට හැරුණු පරිදි දකුණු පාදය වම් කලවය උඩත් සිටින ආකාරයෙන් හිදීම පද්මාසනය යි. ධ්යානාසනය හා කමලාසනය යන නම් ද මේ සදහා භාවිත කෙරේ.
කලවා එකට තැබූ විට වම් පාදය දකුණු පාදය යටින් හා දකුණු පාදය වම් පාදය උඩින් සිටින සේ තබා හිද ගැනීම වීරාසනය වෙයි. දකුණු ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ බුදු පිළිම අතර එය බහුල ව දක්නට ලැබේ. හෙළ කලාකරු පද්මාසනයට වඩා වීරාසනයට ප්‍රිය කළ බවක් එයින් හැගෙයි.
යහපත් වූ සුභ අසුභ යන අරුත ඇති භද්‍රාසනය ද බුදු පිළිම විශයෙහි යොදා ගෙන ඇත. තරමක් උසට තනන ලද විශේෂ ආසනයක් මත හිද කලවා දෙපසට විහිදුවා ආසනයෙන් පහත වැටෙන පා දෙක පීඨයක මත සිටින අයුරින් නිරූපණය කොට ඇත්තේ භද්‍රාසනය යි. විවිධ බෞද්ධ රට වල මෙබදු බුදු පිළිම ලැබී ඇතත්, ශ්‍රී ලංකාවේ දුබල ය. අම්බලන්තොට රිදියගම විහාර භූමියෙන් භද්‍රාසන සහිත ලෝහ ප්‍රතිමාවක් ලැබී ඇත. එය විදේශයකින් ලෙනෙන ලද්දකි’යි විචාරකයෝ විශ්වාස කරති.
වජ්රාසනය ප්‍රතිභා කලාවෙහි බෙහෙවින් ප්‍රචලිතය. දණහිස නවා, දෙ පතුල් උඩු අතට දෙ කලවා මත තබා, ඒ මත දෙඅත්ල තබා සිටීම වජ්රාසන ක්‍රමය යි. මෙයින් භාවනානුයෝගී ස්වරූපය සංකේතවත් කරයි. මෙය බොහෝ දුරට පද්මාසනයට සමාන වෙයි. දැඩි අධිෂ්ඨානය , අත්යාවබෝධය, බෝ රුකය පිට දී වැඩ සිටීම වැනි ආකාර මෙයින් ප්‍රදර්ශණය කැරිණි. බුදු පිළිම විශයෙහි මේ ආසන ක්‍රම දක්නට ලැබෙන බව බෞද්ධ ප්‍රතිමා කළාව අධ්‍යන කරන විට ප්‍රකට වෙයි.
ප්‍රතිමාඝර
අපි ‘බුදුගෙය’ හැදින්වීමට ‘විහාරය’ හෙවත් ‘විහාරගේ’ යන්න භාවිත කරමු. එය පෙර කළ හැදින් වූයේ ‘ප්‍රතිමාඝර’ නමිනි. පැරණි කාලයේ භික්ෂු ආවාස සේ භාවිතා වූණු ලෙන් ගුහා බොහොමයක් පසුකළක ප්‍රතිමාඝර බවට පත්විය. අද ද දඹුල්ල වැනි පැරණි සිද්ධස්ථාන වලට බෞද්ධ සැදැහැවතුන් ඇදී යන්නේ ඒවායේ ඇති ප්‍රතිමාඝර බවට පත් විය. අද ද දඹුල්ල වැනි පැරණි සිද්ධස්ථාන වලට බෞද්ධ සැදැහැවතුන් ඇදී යන්නේ ඒවායේ ඇති ප්‍රතිමාඝර හැටියට භාවිත වන ලෙන්ගුහා නිසා ය. භාරතයේ මෙන් ගල් පර්වත කණිමින්,තමන්ට අවශ්‍ය සැලැස්මකට හා ආකෘතියකට අනුව, පිහිටි පර්වතයනෙලීමෙන් තනා ගත් ලෙන් මෙන් නොව ලාංකික කලා ශිල්පියා ස්වාභාවික තෝරා ගෙන, විහාර තැනී ය. දොර කවුළු ආදිය සහිතව ඉදිරිපස බිත්තිය තනා පර්වත පාදයක් ඇතුළත බිත්ති සේ බදාමෙන් පිරියම් කොට , ඒ තුල බුදු පිළිම එකක් හෝ වැඩි ගණනක් පිහිටු වන ලදි. මෙලෙස තනා ගන්නට පෙර ඒවා භික්ෂුන් වහන්සේලාගේ වාසස්ථාන ලෙස භාවිතා කර ඇත. ශිල්පීය ප්‍රාගුණ්‍යයත් සග මේ ලෙන් ගුහා පිළිම ගෙවල් බවට පත් කර ගැනීම දියුණු විය.
ප්‍රතිමා ශිල්පීහු දැවැන්ත පර්වත ප්‍රාන්ත වල පිහිට ගලෙන් ම ඉදිරියට නෙරා සිටින ආකාරයෙන් විශාල ප්‍රමාණයේ බුදු පිළිම තැනූ හ. මෙසේ තැනූ පිළිම සදහා ආවරණ ලෙස ප්‍රතිමාඝර තැනීමේ දී පර්වත ප්‍රාන්තය පසු පස බිත්තිය සේ සිටින අයුරින්පරිවර්තනය ඉදිරියෙන් ප්‍රතිමාඝර තනන ලදි. අවුකන, පොළොන්නරුවේ ගල් විහාරය, වැල්ලවාය අසල බුදුරුවගල වැනි ස්ථාන වල මේ වර්ගයට අයත් ප්‍රතිමාඝර ගොඩනංවන ලදි. මේ ස්ථාන වල වූ ප්‍රතිමාගෘහ කාලයාගේ ඇවෑමෙන් විනාශයට පත් ව ඇත. එහෙත් දැනට ඉතිරිව ඇති නටඹුන් නිරීක්ෂණයෙන් ප්‍රකට වන්නේ මේවා යේ ප්‍රතිමාඝර තුබූ බවය. අවුකන පිළිමයෙහි තවමත් ඉතිරිව ඇති දැවැන්ත ශිලාමය පාද වලින් පෙනී යන්නේ ඒ මත ගොබ නැං වූ බිත්ති හා වහළ මුළුමනින් ම ගඩොළු වලින් තනා තිබෙන්න ඇති බව ය. ගඩොළු වලින් කළ ආරුක්නු ක්රමයේ වහලක් වෙනුවට දැවයෙන් හා උළුයෙන් තැනූ වහලක් සහිත පිළිම ගෙයක් අනුරාධපුරයේ ඉසුරුමුණි විහාරයේ අද ද දක්නට ලැබේ.
පර්වත ආශ්‍රිතව ගොඩනැංවූ මේ පිළිම ගෙවල් හැරුණු විට එළිමහනේ මුළුමනින් ම බිත්ත බැද ගොඩනැංවූ ප්‍රතිමාඝර ද මේ රටේ තන ලදි. මේ අතුරින් නටබුන් ව ගිය ගොඩනැගිලි මෙන් ම තාමත් හොදින් ඉතිරිව ඇති ගොඩනැගිලි ද දක්නට ලැබේ. අනුරාධපුරයේ පැරණි ඇතුළු නගරයේ මහාපාලි දන්සල අසල ගෙඩිගේ නමින් හදුන්වනු ලැබෙන ගොඩනැගිල්ලත්, ජනප්‍රිය ව්‍යවහාරයේ අභයගිරි විහාරය නමින් හැදින්වෙන පැරණි ජේතවනාරාම ස්තූපය අසබඩ පාදම හා ද්වාර ශිලා ස්ථම්භ වල කොටස් පමණක් ශේෂව ඇති පිළිමගෙයත්, පොළොන්නරුවේ ථූපාරාමය හා ලංකාතිලකය මෙතෙක් සුරක්ෂිතව පවත්නා ප්‍රතිමාගෘහ වෙයි. මුළුමනින් ම ගඩොළු වලින් තැනූ මේ ගොඩනැගිලි නිමවීමේ දී උස් බිත්ති මෙන් ම ඒ මතු පිට සෑහෙන තරම් පුළුල් ප්‍රමාණයෙන් සකසන ලද වහල ද ගඩොළු හා බදාම පමණක් භාවිත කරමින් නිම කිරීමට ඉතා දියුණු ගොඩනැගිලි ශිල්ප ක්‍රමයක් අවශ්‍ය ය. මෙසේ තැනූ ගොඩනැගිලි ඇතුළේ සුණු පිරියම් කරන ලද බිත්ති වල හා වහලෙහි ඇතුළු පැති සිතුවම් වලින් අලංකාර කර තිබිණි. මේ සිතුවම් වල වස්තු විෂය වශයෙන් බුදු සිරිත හා වෙනත් බෞද්ධ කථා වසතු යොදා ගන්නා ලදි. මේ ප්‍රතිමා ගෘහ වල තැන්පත් කළ ප්‍රතිමා වර්ණ කර තිබුණු බව පෙනේ.
ප්‍රතිමාඝර තැනීමේ දී තනි ගඩොළු වලින් නිම කළ කෘතීන් මෙන් ම මුළුමනින් ම ගලින් තැනූ කෘතීන් ද පැවති බවට සාක්ෂ්‍ය ඇත. නිශ්චිතව කාලය නිර්මාණය කළ නොහැකි නාලන්දා ගෙඩි ගෙය ද ගම්පොළ රජ සමයට අයත් ගඩලාදෙණි විහාරයේ පිළිම ගෙය ද මේ ගණයට ඇතුළත් වෙයි.
බුදු පිළිමය _බුදු පිළිමය උද්දේසික වශයෙන් බුදුරදුන් පිදීම සදහා ගනු ලැබේ. එහෙත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් පහක් පමණ ගත වන තුරු බුදු පිළිමය නිර්මාණය කර නොතිබිණි. බෞද්ධයක් ප්‍රතිමා වන්දනාවට හුරු වූයේ පසු කලක බව පෙනේ. මුලදී බෞද්ධයන් තම කැටයම් වල බුදුරජාණන් වහන්සේ වෙනුවට යෙදුයේ බෝධිය, වජ්රාසනය, ත්‍රිරත්නය, සිරිපතුල වැනි සංකේතයි. එහෙත් ක්‍රිස්තු වර්ෂයෙන් ප්‍රථම ශතකයෙ සිට බුදුරුව භාවිතයට පැමිණ ඇත.

දකුණු ඉන්දියාවේ ආන්ධ්‍ර කලා සම්ප්‍රධායට අයත් බුද්ධ ප්‍රතිමා ද මථුරා ආභිසය ලැබුව ද යම් යම් සුවාධීන ලක්ෂණ ඇති ව වර්ධනය වූ සේ සැලකෙයි. ක්‍රි.පූ. දෙවන සියවසේ පමණ පටන් බෞද්ධ ශිෂ්ටාචාරය මේ ප්‍රදේශයේ පැතිර තිබිණි. ආන්ධ්‍ර කලා ශිල්පීහු මථුරා සම්ප්‍රධාය මගින් සමහර ගාන්ධාර ලක්ෂණ ද උරුම කොට ගෙන බුද්ධ ප්‍රතිමා නිර්මාණය ආරම්භ කලහ.
ආන්ධ්‍ර බුද්ධ ප්‍රතිමාවේ මථුරා බුදු පිළිමයේ මෙන් ම රවුම් මුහුණ , ඖදාරික සිනහව හා විවෘත නෙත් දක්නා ලැබෙයි. සිවුරු ක්‍රමය මදක් වෙනස් වූ එක් පොටක් අල්ලා ගෙන සිටින විලාසයක් ඇත. ඒකාංශ පාරුපණය හා උභයාංශ පාරුපණය යන දෙ විධියේ ම සිවුරු දක්නා ලැබෙ යි. හිදි පිළිම වල සිවුරෙහි ඉදිරි කොට අතක් අතරෙන් පසු පසට යැවීම එක් අපූර්ව ලක්ෂණයකි. හිදි පිළිම වීරාසනයේ මූලික අවස්ථාවක් දැක්වීම තවත් විශේෂතාවකි.

ථෙරවාදීන්ගේ බුදු පිළිම වල අත නිදහස් ය. මිටට ගත් කිසිවක් නැත. එය සමාධි ගත වූ විට දිගු කළ ඇගිලි ඇතිව අත්ල පිට අත්ල තබා නිරාලය ව හිදී . හිටි පිළිමය ද අභය වැනි යම් කිසි අදහසක් ඉහල මුද්‍රාවකින් යුක්ත වනු මිස මිටට ගත් කිසිවකින් යුක්ත නොවේ. බුදුරදුන් තුළ ගුරු මුෂ්ටියක් නොමැති බවත් අභයදානය කරන බවත් එයින් නිරූපණය කෙරේ. ඉදිරියට පෑ අත්ල හෝ පසු පසට හැරවූ අත්ල පරිත්‍යාගශීලි නිරාලය භාවය මූර්තිමත් කරයි. බෝසතුන්ගේ මහාභිණිෂ්ක්‍රමණය , දුෂ්කර ක්‍රියා සමග ආදිය බෞද්ධ ශිල්පියා අතින් නිර්මානය වී ඇත. බුදුරදුන්ගේ වීර්යය, අධිෂ්ඨානය , ක්ෂාන්තිය වැනි ගුණාජග මූර්තිමත් කරන බුචුපිළිම විවිධ බුද්ධ ප්‍රතිමා අතර දක්නට ලැබෙයි. මෙ වැනි ගුණ සමුදායක් බුදු පිළිමයක් මගින් අවශ්‍යයෙන් ම නිරූපණය විය යුතු ය. එයින් සැදැහැතියා තුළ ද යෝගාවචරයා තුළ ද එවැනිම ගුණ ඇති කර ගැනීමේ අපේක්ෂාව ජනිත වෙයි.
ශ්‍රී ලංකා බුදු පිළිම
ථෙරවාද බෞද්ධ සම්ප්‍රධායට අයත් විශිෂ්ඨ ගණයේ බුද්ධ ප්‍රතිමා ලැබෙන්නේ ශ්‍රී ලංකාවෙනි. ලංකා බුදු පිළිමය ආන්ධ්‍ර ශෛලියේ ආභිසය ලබා ප්රභවය වුවක් සාමාන්‍යය පිළිගැනීමයි. එසේ වුව ද බුදු පිලිමය මුලින්ම පහළ වූයේ භාරතයේ නොව ශ්‍රී ලංකාවේ යයි ද එහෙයින් එය ස්වාධීන කෘතියක් යයි ද සිතන්නෝ ද වෙති. එහෙත් දැනට ලැබෙන පැරණිම ප්‍රතිමා වන මහ ඉලුප්පල්ලම හිටි පිළිමය, අභයගිරියේ ආසනඝර පෙදෙසෙන් ලැබී අනුරාධපුර කෞතුකාගාරයේ තබා ඇති හිදි පිළිමය වැනි බුද්ධරූප භාරතීය ලක්ෂණ මැනවින් දක්වයි. දැනට කොළඹ කෞතුකාගාරයේ ඇති තොළුවිල සමාධි පිළිමය ගුප්ත බලපෑම් දක්වයි.ලංකා කලා කරුවාගේ නිර්මාණ ශක්තිය අගය කළ හැක්කේ බුදුසමයට ඔහු මුලින් ම තැනූ නිසා නොව භාරතීය ආභාසය ලැබ ඇරඹු බුදු පිළිම නිර්මාණ තුලින් ඔහු දැක් වූ ස්වීයත්වය හා ප්‍රකාහන ශක්තිය නිසාය. සිංහල බුද්ධ ප්‍රතිමා ශිල්පීහු සිය නිර්මාණයන්ට දේශියත්වය සමාරෝපණය කලහ. මුල් යුගයේ සිට දහ වැනි සියවස දක්වා ශ්‍රී ලංකාවේ නෙලන ලද බුදු පිළිම වලින් අධිකතර සංඛාවක් සිංහල ශිල්මාන ශිල්පීන්ගේ නිර්මාණ ශිල්පීන්ගේ යයි වෙසෙසා හැදින්වීමට ප්‍රමාණවත් දේශීය ලක්ෂණ වලින් පරිපෝෂිත ය. මුල් අවධියේ ලක්දිව බුදු පිළිම වලට මහායාන ආභාසය ලැබී ඇත්තේ අල්ප වශයෙනි. මෙයට ප්‍රභල හේතුව එ කළ අනුරාධපුර විහාර සම්ප්‍රධාය අතිශයින් ප්‍රභල ව පැවතීම ය. මහාවිහාරය සම්ප්‍රධාය මහායානය දැඩිව ප්‍රතික්ෂේප කළේය. පොළොන්නරු අවධියේ සිට මහායාන බලපෑම වැඩි වැඩියෙන් සිදු වීම නිසා බුදුපිළිම විෂයෙහි ද ඒ ආභාසය දක්නට ලැබේ.එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ ප්රතිමාවල විදේශීය ලක්ෂණ ද දක්නට ලැබෙයි.

හිටි පිළිමදී තැනීමේ දී බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණිකත්වය හා දස බල ආදී ලක්ෂණයත් පිළිඹිබු කිරීම අපේක්ෂා කරන ලදැ’යි සිතිය හැකි ය. ඒ සදහා අභය මුද්‍රාව භාවිත වූ අතර, පිළිම වල ප්‍රමාණයද සාමාන්‍යයෙන් විශාල විය. 5 – 8 ශතක අතර තනන ලදැ’යි සැලකෙන අභය මුද්‍රාවෙන් යුක්ත සුප්‍රකට අවුකන බුදු පිළිමය අඩි 39 ක් උසය. එය පිහිටි ගලෙන් ම සම්පූර්ණයෙන් පරිවර්තයෙන් වෙන් නොවන සේ ආභද්දව නෙලා ඇත. පොළොන්නරුවේ ලංකා තිලකයේ ගඩොළුවලින් හා බදාමයෙන් ගොඩනංවන ලද තිවංක බුද්ධ ප්‍රතිමාව ශ්‍රී ලංකාවේ මූර්ති ශිල්පීන් දැවැන්ත බුදු පිළිම තැනීමට දැක් වූ කැමැත්ත හා දක්ෂතාව පිළිඹිබු කරයි. මේ හැර අනුරාධපුරයේ රුවන්වැලි සෑයෙන් , මන්නාරමින්, මහඉලුප්පල්ලමින් , කුච්චවේලියෙන් හා පොළොන්නරුවේ ථූපාරාමයෙන් යන විවිධ තැන් වලින් හමු වී ඇති ගලින් කළ හිටි පිළිම රාශියකි. දැනට මේවා බොහොමයක අත් කැඩී ගොස් ඇතත් ඒවායින් වැඩි ප්‍රමාණය අභය මුද්‍රාවෙන් නිමවා තිබෙන්නට ඇතැ’යි සිතා ගන්න ඉඩ ඇත.

(ඇ) කමටහනට සිත යොමු කිරීම සමුධි මුද්‍රාවෙන් සංකේතවත් කරන්නේ බුද්ධත්වයයි.බුදුබව යනු මහා කරුණාවේත්, මහා ප්‍රඥාවේත් උත්තරීතර අවස්ථාවයි. එබැවින් සමාධි මුද්‍රාවෙන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව හා මහා ප්‍රඥාව මූර්තිමත් කෙරේ. ශ්‍රී ලංකාවේ බුදු පිළිම අතර සමාධි මුද්‍රාව සහිත බුදු පිළිම බෙහෙවින් ජනප්‍රිය වූ බව දක්නට ලැබෙයි.

ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නිරූපණය වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව බව පොදු පිළි ගැනීමයි.
දකුණු අත උඩට නවා, ඇගිලි සම්පූර්ණයෙන් ම දිග හැර , අත්ල ඉදිරි පසට සිටින සේ විවෘතව තැබීම අභය මුද්‍රාවේ සාමාන්‍ය ලක්ෂණය යි. ඉතා මද වශයෙන් සම්පූර්ණයෙන් දිග හැරුණු අවස්ථා ද පිළම වල දක්නට ලැබේ. අත උඩට ඔසවා අත්ල හරහට සිටින සේ නිමවූ පිළිම ද දක්නට ලැබේ. මේ මුද්‍රාව ද ධර්ම දේශනා ඉරියව්ව සංකේතවත් කරයි. එහි සංකේතාර්තය නිර්භයත්වය හෝ අභය දීමය.

වරද මුද්‍රාව
වරද මුද්‍රාව බොහෝ රට වල බුදු පිළම වල දක්නට ඇත. සකුනත පහත් කොට, ඉදිරියට දිගහැර, අත්ල ඉදිරියට හරවා, ඇගිලි දිගහැර තිබීම මෙ ම මුද්‍රාවේ ලක්ෂණය යි. වරද මුද්‍රාව බෙහෙවින් දක්නට ලැබෙන්නේ හිටි පිළිම වල ය. ශ්‍රී ලාංකික බුදු පිළිම අතර වරද මුද්රාවදක්නට නොලැබෙන බව වියතුන්ගේ මතය යි. එහෙත් ගඩළාදෙණිය විහාරයේ ඇති ලෝකඩ බුද්ධ ප්‍රතිමාවේ වම් අත දැක්වෙන්නෙන වරද මුද්‍රාවෙනි. මේ හැර වරද මුද්‍රාව සහිත ලෝකඩ බෝධිසත්ව ප්‍රතිමා කිහිපයක් ද ලංකාවේ නිර්මාණ වශයෙන් හමු වී ඇත.

වජ්රාසනය ප්‍රතිභා කලාවෙහි බෙහෙවින් ප්‍රචලිතය. දණහිස නවා, දෙ පතුල් උඩු අතට දෙ කලවා මත තබා, ඒ මත දෙඅත්ල තබා සිටීම වජ්රාසන ක්‍රමය යි. මෙයින් භාවනානුයෝගී ස්වරූපය සංකේතවත් කරයි. මෙය බොහෝ දුරට පද්මාසනයට සමාන වෙයි. දැඩි අධිෂ්ඨානය , අත්යාවබෝධය, බෝ රුකය පිට දී වැඩ සිටීම වැනි ආකාර මෙයින් ප්‍රදර්ශණය කැරිණි.
බුදු පිළිම විශයෙහි මේ ආසන ක්‍රම දක්නට ලැබෙන බව බෞද්ධ ප්‍රතිමා කළාව අධ්‍යන කරන විට ප්‍රකට වෙයි.