බුදු සමයේ දේශාන්තර ව්‍යාප්තිය - II
චීනය චීනයට බුදුසමය හදුන්වා දෙන අවධියේ දී කොන්පියුසියස් හා තාඕ යන ආගම් දෙක චීනයේ ජාතික ආගම් විය. ආදිකාලීන චීන ජනතාවගේ චින්තනයත්, සංස්කෘතියත් පූර්වෝක්ත ආගමික ඉගැන්වීම් අනුව හැඩ ගැසී තිබිණි. මේ ආගම් දෙකට අතිරේක වශයෙන් බැහැරින් පැමිණායේ බුදුසමය යි. ඉන්දියාවේ සහ නැගෙනහිර සිට ගෝබී කාන්තාරය හරහා වෙළෙද මාර්ග ඔස්සේ මහායාන බුදුසමය චීනය වෙත ලගා වූයේ ය.
වෙළෙදුන් හා සංචාරකයන් මගින් ක්‍රි.පූ. ප්‍රථම ශතකයේ දී චීන ජනතාව බුදුසමය පිළිබද දැණුමක් ඇති ව සිටි බව පෙනෙ යි.ක්‍රි.ව. 62 දී කාශ්‍යප මාතංග නමැති භික්ෂුව චීනයට බුදුසමය ගෙන ගිය බව විශ්වාස කරේ. උන්වහන්සේට පසුව චූපාලන් නමැති යතිවරයා චීනයට ගිය බව සදහන් වෙයි. චීන බෞද්ධයන් අතර පවත්නා සාප්‍රදායික විශ්වාසය මීට වෙනස් ය. රන්වන් පිළිරුවක් ගුවනින් සියරටට පැමිණෙනු මිං අධිරාජයා සිහිනෙන් දුටුවේ ය.
පසුදින උදේ රජවාසලට පැමිණි කාශ්‍යප මාතංග හා ධර්මාරක්ෂ යන හිමිවරුන් දෙනදගෙන් ඒ රුව බුදුරුව බවත්, බුදුදහම දඹදිවින් ගෙන්වා ගත හැකිබවත් අසා ඉන්දියාවට අටළොස් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් නිළ වශයෙන් යවා බුදුසමය ගෙන්වා ගනු ලැබුවේ ය යනු පාරම්පරික මතය වෙයි. මේ දූත පිරිස ඉන්දියාවේ වසර එකොළොසක් වෙසෙමින් බුදුදහම හදාරා ඇත. පෙරළා චීනයට ගෙන යාම සදහා ඉන්දියාවේ පැවති බෞද්ධ ධර්ම ග්රන්ථ සමූහයක් මොවුහු එක්රැස් කර ගත්හ. පසුව බුදුපිළිම කිහිපයක් රැගෙන භික්ෂූන් වහන්සේලා දෙනමක් ද කැටුව මේ පිරිස චීනයට ගියේ ය. මොවුහු චීනයේ බෞද්ධ අධ්‍යාපනයේ මධ්‍යස්ථානයක් වූ ශ්වේතඅශ්ව විහාරයේ පදිංචි ව, ඉන්දියාවෙන් පැමිණි භික්ෂූන්ගෙන් ද ආධාර ඇතිව වර්ෂ ගණනක් සංස්කෘතයෙන් වූ මහායාන සූත්‍ර චීන බසට පෙරළීමෙහි නිරත ව සිටියහ. ධර්ම ග්රන්ථ චීන බසට පරිවර්ථනය කිරීමේ කාර්යයේ පුරෝගාමී වූයේ මේ පිරිස ය. මොවුන්ගෙන් ඇරඹි පරිවර්ථන කාර්යයට භාරතීය බෞද්ධ පඩිවරුන්ගෙන් නො මද සහාය ලැබිණි.
මෙයින් පසුව ද බොහෝ දීන භික්ෂුහු ධර්ම ග්රන්ථ ලබා ගැනීම පිණිස භාරතයට ගියහ. ඉන්දීය භික්ෂූහු පසුව පැමිණි චීන භික්ෂූන්ට නවාතැන් පහසුකම් හා ආහාරපාන සපයා දී මහායන බෞද්ධ සූත්‍ර පිටපත් කර ගැනීමට පහසුකම් සැළසූහ. මේ කාර්යය එකල සිදු වූ විශිෂ්ට ධර්මශාස්ත්‍රීය සේවයක් සේ සැලකිය හැකි ය. මුස්ලිම් ආක්‍රමණිකයන් විසින් නාලන්දා වැනි බෞද්ධ විශ්වවිද්‍යාල ගිනිබත් කල බැවින් එහි වූ ලක්ෂ සංඛ්‍යාත දහම් පොත් වැනසී ගියේ ය. එහෙත් බෞද්ධ ලෝකයාගේ භාග්‍යයකට මෙන් ඒ ග්රන්ථ වල චීන පරිවර්ථන අද දක්වාත් ‘බෞද්ධ චීන’ නමින් හැදින්වෙන පැරණි චීන භාෂාවෙන් පවති යි. බෞද්ධ චීන භාෂව හදාළ උගත්තු මේ පොත් පරිවර්තන මගින් හදාරති. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුළුමනින් ම ලෝකයෙන් තුරන් වීමට ඉඩ තිබූ ඥාන සම්භාරය ලෝකයාට අවෙඕෂ විය. මේ ක්‍රියා පිළිවෙත හේතු කොට ගෙන ශතවර්ෂ තුනක් ඇතුළත ග්රන්ථ 350 කට අධික ප්‍රමාණයක් චීන බසට පරිවර්ථනය වී ඇති බව වාර්ථා වෙයි. චීනයේ බුදුසමයේ ව්‍යාප්තයත්, බෞද්ධ ග්රන්ථ පරිවර්ථනයත් එක විටම මෙන් සිදු විය .
චීන ජනතාව බුදුසමය පිළිබද මනා අවබෝධයක් ලබා ගත්තේ ක්‍රි.ව. සිව්වන ශතකයේ සිට යැයි කිව හැකි ය. එකල විසූ තඕ - ආන් භික්ෂුව සුප්‍රකට ධර්ම දේශකයාණ කෙනෙක් වූහ. උන්වහන්සෙගේ මග පෙන්වීම ඔස්සේ බොහෝ බෞද්ධ පොත් චීන බසට පරිවර්ථනය වී ඇත.
ක්‍රිස්තු වර්ෂයෙන් පස් වැනි ශතකයේ දී චීන අධිරාජයාගේ ආඥාවකට අනුව මධ්යාසියාවේ වාසය කළ කාශ්මීර ජාතික කුමාරජීව නමැති පණ්ඩිත භික්ෂුව චීනයේ ධර්ම ප්රචාරක කටයුතු වල යෙදවීම සදහා කැදවාගෙන එන ලදි. වියත් භික්ෂුවක් වූ කුමාරජීව තෙරණුවෝ චීන පඩිවරුන්ගේ ආධාරය ඇතිව බෞද්ධ සංස්කෘත ග්රන්ථ සම්භාවනීය චීන ශෛලියට අනුව පරිවර්ථනය කළහ. ඒ ග්රන්ථ අද දකිවාම දක්නට ලැබේ. චීන බසට පොත් පෙරලු අය අතර කුමාරජීව තෙරණුවෝ දක්ෂතම පරිවර්තකයා ලෙස වියතුන්ගෙන් බුහුමන් ලබති. එතුමන් අතින් ලියවුණු අශ්වඝෝෂ හා නාගාර්ජුන දෙනමගේ ජීවිත කතා චීනයේ විශිෂ්ට ග්රන්ථ ලෙස සැලකෙ යි. එ තුමා සද්ධර්මපුණ්ඩරීකයට කර පරිවර්ථනය කලින් කර තිබූ පරිවර්ථන අභිභවා ගියේ භාෂා ශෛලයේ විශිෂ්ටත්වය නිසා ය. චීන ෙබෟද්ධ ඉතිහාසයෙහි මේ පරිවර්ථන අත්‍යන්තයෙන් සම්භාව්‍ය ස්ථානයක් උසුල යි. කුමාරජීව තෙරුන්ගේ ශිෂ්‍ය ෆාහියන් භික්ෂුව ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට ගොස් දැනට බෞද්ධ ඉතිහාසඥයන් විසින් ප්‍රධාන මූලාශ්‍රයක් සේ සලකනු ලබන තමන්ගේ ගමන් වාර්ථාව ලීවේ ය.
චීන ජාතික හියුං සියෑං තෙරණුවෝ ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ වසර ගණනාවක් සිපුසතර හදාළහ. විශ්වවිද්‍යාලයීය පුස්තකාලයට වී ධර්ම ග්රන්ථ සමුදායක් දීන බසට නැගූහ. උන්වහන්සේ බෞද්ධ ග්රන්ථ 1335 ක් චීන බසට නැගූ බව සදහන් වේ. එතුමගෙේගමන් විස්තරයෙන් එකල භාරතයේ පැවති බෞද්ධ තත්ත්වය මැනවින් විවරණය වෙයි. එම කෘතිය ඓතිහාසික අගයෙන් හෙබි මාහැගි වාර්ථාවක් සේ බෞද්ධලෝකයා අද ද මහත් හරසරින් පිළිගනි යි.
ක්‍රි.ව. හත්වන ශතකයේ මැද භබාගයේ දී පමණ තිබ්බතීය බෞද්ධ සම්ප්‍රධාය ද චීනයේ පැතිර ගියේ ය. ඉක්බිතිව ටිබෙටයත්, චීනයත් අතර ඇති කර ගත් සබදතා නිසා දෙරට අතර භික්ෂූන් වහන්සේලාගේ ගමන් බිමන් නිතර නිතර සිදු විය .ඒ නිසා දෙරට අතර අන්තර් සංස්කෘතික සබදතා වර්ධනය විය.
ජාවා රට බුදුසමයට හැර වූ භාරතීය බෞද්ධ විද්වතකු වූ ගුණවර්මන් හිමියෝ චීන අධිරාජයාගේ ආරාධනාවක් පරිදි චීනයට වැඩම කොට සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය පතුරුවාලූ හ. උන්වහන්සේ එරට භික්ෂුණී ශාසනය පිහිටුවාලීමට ද අනුග්‍රහ කළහ.
ක්‍රි.ව. ස වන සියවසේ දී ශ්‍රේෂ්ට බෞද්ධ උත්තමයකු වූ බෝධි ධර්ම තෙරණුවෝ චීන දේශයට සම්ප්‍රාප්ත වූහ. උන්වහන්සේ සමස්ත චීන දේශය ම ආධ්‍යාත්මික ශක්තියෙන් ප්රබුද්ධ කලහ. බෝධි ධර්ම හිමියන්ගේ ශ්‍රී නාමය අද දක්වාම ආගමික ජීවිතයෙහි ලා සම්භාවනීයත්වයෙන් සලකනු ලබන්නේ ‘සෙන්’ නමින් හැදින්වෙන ධ්‍යාන භාවනා ක්‍රමය උන්වහන්සේ ඈත පෙරදිගට හදුන්වා දුන් නිසා ය.
වාර්තාගතව ඇති පරිදි චීනයට වැඩම කළ අන්තිම භාරතීය ධර්මදූතයා නම් නාලන්දා විශ්වවිද්‍යාලයේ සුප්‍රකට තාර්කිකයකු වූ ඥාන ශ්‍රී හිමියෝ ය. උන්වහන්සේ චීනයට වැඩම කළේ ක්‍රි.ව. එකොළොස් වන ශතනයේ දී මැද භාගයේ දීය. මුස්ලිම් ආක්‍රමණ හේතුවෙන් භාරතීය ධර්ම දූත සේවා මුළුමනින් ම ඇණ හිටිණි. මින් පසු භබාරතයෙන් චීනයට ධර්ම දූතයන් ගමන් කල බවක් සදහන් නොවෙ යි. මේ දීර්ඝ කාල සීමාව ඇතුළත චීන බුදුසමය ධර්මික රජවරුන්ගේ ආදර සංග්‍රහ ලබමින් ද කෲර පාලකයන්ගේ වද හිංසාවන්ට ගොදුරු වෙමින් පැවැතිණි.
චීනයත්, ඉන්දියාවත් අතර සබදතාව වසර දෙදහසක් තරම් පැරණි ය.එහෙත් භාරතීය ආභාසය චීන සංස්කෘතියේ සටහන් වූයේ බුදුසහම නිසා ය. බෞද්ධ දර්ම ග්රන්ථ චීන බසට නැගීම නිසා අළුත් අදහස් සාහිත්‍යට ඇතුළත් විය. බෞද්ධ චරණ ධර්ම අනුව චීන ජන ජීවිතයද හැඩගැස්විණි. ඉන්දියානු කලාවත්, ගෘහ නිර්මාණ ශිල්පයත් චීන දේශය කෙරෙහි බලපෑවේ ය. බෞද්ධ කලාව චීනයට ගිය අවසිථාවේ දී චීනයේ ජාතික කලාව අභිභවා බෞද්ධ කලාව ඉස්මතු විය. ඒ අනුව සියවස් ගණනාවක් යන තුරු බෞද්ධ කලාවේ ආභාසය චීනයට ලැබුණි. එමගින් කලාවේ සංවර්ධනය උදෙසා නව ජීවයක් ලැබිණි. ගෘහ නිර්මාණ ශිල්පයේත්, මූර්ති කලාවේත් දියුණුව විදහා පාමින් චීන දේශයේ පන්සල්, ස්ථූප හා ප්‍රතිමා ඉදිවිණි. බෞද්ධ පන්සල් , ස්ථූප හා ගල් ගුහා ආදිය චීන ගෘහ නිර්මාණ ශිල්පයේ නව අංග සේ සැළකිය හැකි ය.දීනයේ බුදුපිළිම නෙළීම වංශ රාජ්‍ය සමයේ ආරම්භ වූවා සේ සැළකේ. පිළිම නෙළීමේදී විවිධ ද්‍රව්‍ය භාවිත කොට ඇත; විවිධ ක්‍රම භාවිත කොට ඇත. දැන් ලැබී ඇති පිළිම අතර දැව, ශිලා,ඇත්දත්, රන්, රිදී, ලෝහ, මැටි, පිගන් මැටි ආදිය භාවිත කොට ඇති බව පෙනේ. ගන්ධාර , මථුරා ආදී කලා සම්ප්රධායයන්හි ආභාසය ද දක්නට ලැබේ. බුදුසමය නිසා චීන චිත්‍ර කලාව ද අළුත් මුහුණුවරක් ගත්තේ ය. පන්සල් වල ඇති බිතුසිතුවම් මහත් රාශියක් භාරතීය කලා සම්ප්රධායයන්ගේ ආභාසය විදහා දක්වන බව පිළිගැනේ. චීනයේ චිත්‍ර ශිල්පීන් වැඩි දෙනා බෞද්ධ විහාරාරාම ඇසුරින් ජීවත්ව ඔවුන් විවේකය ලත් හැම විටක ම බුද්ධ චරිතය නිරූපණය කරමින් බිතු සිතුවම් ඇන්ද බව සිතිය හැකිය. ඔවුන් තුළ වූ ස්වභාව සෞන්දර්ය ප්‍රියත්වය චිත්රවලට නව ජීවයක් ලබා දුන්නාට සැක නැත.
කොරියාව
බුදුසමය ව්‍යාප්ත වූ තවත් ඈත පෙරදිග දේශයක් ලෙස කොරියාව හැදින්විය හැක. ක්‍රි.ව. 372 දී පමණ චීනය විසින් එරටට බුදුසමය හදුන්වා දෙන ලදි. බුදුසමය චීනයෙන් කොරියාවට ටගන යන ලද්දේ මැංචුරියාව හා යාලු නදිය මරහා බුදුපිළිම හා අගනා දහම් පොත් රැගෙන එහි ගිය ධර්ම දූතයන් විසිනි. කොරියාවට පළමුවෙන් ම වැඩම කළේ චීන ජාතික සුන්දෝ යි හිමිපාණෝ යි. උන්වහන්සේ චීන බසින් ලියැවුණු ධර්ම පුස්තක ද රැගෙන කොරියාවට වැඩම කළහ. එකල කොරියාවේ පාලකයා වූ කෝරයි රජ සුන්දෝ හිමියන් හරසර දක්වා පිළිගත්තේ ය. උන්වහන්සේගේ වාසය සදහා ආරාම දෙකක් ද ඉදි කර දුන්නේ ය. මේ දෙකින් එකක සුන්දෝ හිමි වැඩ වාසය කළේ ය.අනෙක් අරමෙහි අතෝ නමැති හිමියෝ වාසය කළහ. උන්වහන්සේ ධර්ම දූත සේවය කෙරේ පහන් වූ කෝරයි රජ සිය පුතණුවන්ගේ අධ්‍යාපන කටයුතු ද සුන්දෝ හිමියන් වෙත පැවැරී ය.
උතුරු කොරියාවේ පැතිරෙමින් පැවති බුදුසමය පිළිබදව අසා දැන ගත් පෙක්චේ රාජ්‍යයේ රජතුමා චීනයට දූතයන් යවා තම රාජ්‍යයේ ධර්ම දූත කටයුතු සදහා භික්ෂූන් වහන්සේ කිහිප නමක් වඩමවා ගත්තේ ය.මෙම දූත පිරිසට භික්ෂූහු දස නමක් අයත් වූහ. ධර්ම දූත කණ්ඩායමේ නායකත්වය භාරතීය භික්ෂුවක වූ මාරනන්ද තෙරුන් විසින් උසුලන ලදි.රජතුමා සිය මාලිගාවේ කොටසක් මේ භික්ෂු පිරිසගේ වාසය සදහා වෙන් කළේ ය. මේ භික්ෂූහු සිය ධර්ම දූත මෙහෙවර නොනවත්වා පවත්වාගෙන ගියහ; ගම්දනව් සැරිසරමින් දහම් පණිවුඩය බෙදා දුන්හ.මේ ධර්ම දූත මෙහෙය බෙහෙවින් සාර්ථ වූයේ ය. උතුරු කොරියාවේ බුදුසමය ව්‍යාප්ත වූවාට වඩා සීඝ්රාකාරයෙන් පෙක්චේහි එය පැතිර ගියේ ය. කොරියාවේ අග්නිදිග පැයති සිල්ලා රාජ්‍යයේ බුදුසමය ව්‍යාප්ත වූයේ ක්‍රි.ව. 424 දී ය. පස් වන සියවස වන විට කෝරයි පෙක්චේ හා සිල්ල යන රාජ්‍ය තුනේ ම බුදුසමය ව්‍යාප්ත විය. සමස්ථ කොරියාව පුරා ම බුදුසමය ව්‍යාප්ත වත්ම බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් වූයේ ය.ජපන් දේශයට බුදුසමය ලැබුණේ කොරියවෙනි. බෞද්ධ ධර්ම පුස්තක, පූජා භාණ්ඩ කලාශිල්පීන් හා ධර්ම දූතයන් ද ලැබුණේ කොරියාවෙනි. ජපන් භික්ෂුණී ශාසනය ප්‍රතිෂ්ඨාපනය වුයේ ද ක්‍රි.ව. 577 දී කොරියාවෙන් ගිය භික්ෂුණියකගේ උත්සහායෙනි. ඉහත සදහන් වූ කොරියානු රාජ්‍ය තුනේ ම රජවරු බුදුසමය ව්‍යාප්ත කිරීමට ඇපකැප වී වැඩ කළහ. රාජානුග්‍රහය ලැබීම හේතු කොට ගෙන කොරියාවේ ගම් නියම්ගම් සිසාරා බුදුසමය ව්‍යාප්ත වූ බව කොරියානු බෞද්ධ ඉතිහාසයෙන් ප්රකය වෙයි. පරමිපරා කිහිපයක් ඇතුළත මුළුමහත් කොරියාව ම වර්ෂ 150 ක් ගිය තැන කොරියාවෙන් ජපානයට බුදුසමය ගෙන යනු ලැබී ය.
බුදුසමය කොරියාවට අවුත් වසර දහයකට පසු (එනම් 15 වන සියවසේ දී) කොරියාවේ පාලකයා නගරවල වූ බෞද්ධ විහාරාරාම තහනම් කළේ ය. බෞද්ධ පරිසරයෙන් ඈත් වූ සෝල් ප්‍රදේශයට රාජධානිය ගෙන යන ලදි. මේ අගනුවරට කිසිම භික්ෂුවකට හෝ භිඛෂුණියකට ඇතුළු වීම තහනම් කරන ලදි. අණ කැඩුවනට මරණීය දණ්ඩනය නියම විය. විශාල විහාරාරාමවල දේපළ ද රාජසන්තක කැරිණි. ඒ ඒ ආරාම වල සිටිය යුතු භික්ෂූ සිඛ්යාව රජය මගින් නියම කරනු ලැබිණි.ක්‍රි.ව. 1450 න් පසු රජුගේ අවසරයක් නොමැතිව කිසිවෙකුට මහණ වීමට ඉඩ නො ලැබිණි. මෙලෙස පරිහානියට පත් බුදුසමයට නව පණක් ලැබුණේ කොරියාව ජපානයේ යටත් විජිතයක් වූ පස් ය.
බුදුසමය චීනයෙන් කොරියාවට පැමිණීම නිසා කොරියානු බුදුසමය ද මහායානික විය. කොරියානු පන්සල් වල බෝධිසත්ව රූප පිරිවැරූ බුදුවරුන්ගේ රූප දක්නට ඇත. එරට බහුලව ප්‍රචලිත වී ඇත්තේ ශාක්‍යමුණි, අමිතාභ, ෛභෂජ්යගුරු සහ වෛරෝචන යන බුදුවරුන් ය.බෝධිසත්වයන් අතර ෛමත්රෙය, අවලෝකිතේශ්වර සහ මඤ්ජු ශ්‍රී යන බෝසත්වරු වඩාත් ජනප්‍රිය වෙති. සැම විහාරයනම මෙම බුදුවරුන්ගේත් බෝසත්වරුන්ගේත් පිළ්ම ඉතා අලංකාර ලෙස නිමවා ඇත. ප්‍රතිමා වැඩි වශයෙන් නිර්මාණය කොට ඇත්තේ බද්ධ පර්යංකාකාරයෙනි. පිළිම නෙළීමෙහි ලා රන්, රිදී යන ලෝහ වර්ගත්, ගල් සහ ලීත් උපයෝගී කොට ගෙන ඇත. විහාර බිත්ති චිත්‍රකර්මවලින් සරසා ඇත.විවිධ වර්ණ වලින් ඇද ඇති මේ සිතුවම් මගින් බුදුවරුන් බෝසත්වරුන් හා සුඛාවති (බුද්ධක්‍ෂේත්‍රය) පිළිබද තොරතුරු ඇතුළත් වෙයි.
බෞද්ධයන්ගේ උත්සවයන් අතර බුදුරදුන්ගේ ජන්ම දිනය සමරණ අප්‍රේල් මස අට වන දින පැවැත්වෙන උළෙළ මහත් ඉහළින් පැවැත්වෙයි. ඉහත සාකච්ඡා කල පරිදි කොරියානු පාලකයා නගර වල වූ බෞද්ධ විහාරාරාම තහනම් කළ නිසා අද වුව ද බෞද්ධ මහා විහාර වැඩි හරියක් දක්නට ලැබෙන්නේ ග්‍රාමීය කදුකර පෙදෙස් වල ය.
ජපානය
බුදුසමය ක්‍රි.ව. ස වැනි සියවස මැද භාගයේ දී ජපානයට සම්ප්‍රාප්ත වූයේ ය යනු සාමාන්‍ය පිළිගැනීම යි. පොදු පිළිගැනීම එය වුව ද ඊට පෙර දවස සිට ජපානය බුදුසමය දැන හැදින ගෙන සිටියේ ය යනු ඇතැම් වියතුන්ගේ හැගීම ය.විවාදාපන්න මේ ඓතිහාසික පුරා කථා කෙසේ වුව ද බුදුසමය ජපානයට නිළ වශයෙන් හදුන්වා දෙනු ලැබූයේ කොරියාවෙන් බවත්, එ ලෙස හදුන්වා දුන් දිනය ක්‍රි.ව. 552 ඔක්තෝබර් මස 13 දා වන බවත් ජපන් ඓතිහාසික මූලාශ්‍රයන්හි සදහන් වෙයි.
ජපානයට බුදුසමය පිළිබද අවබෝධය ලබා දුන්නේ කොරියාව යි. කොරියාව බුදුසමය පිළිබද අවබෝධය ලබා ගත්තේ චීනයෙනි. මේ අනුව චීනයෙන් කොරියාවටත්, කොරියාවෙන් ජපානයටත් බෞද්ධ චින්තනය ගලා ගියේ ය. ජපානයට බුදුසමය සම්ප්‍රාප්ත වූ මුල් ම වකවානුව පිළිබද පුරාකථාවේ සත්‍යතාව මෙය වුව ද හත් වන සිවසේ පමණ සිට චීන දේශයෙන් සෘජුව ම ජපානයට අදහස් ගලා එන්න පටන් ගත්තේ ය.
චීන දේශයට සම්ප්‍රාප්ත වූයේත්, එහි ස්ථාපිත වූයේත් මහායාන බුදුසමය බව අපි දනිමු. ඒ අනුව කොරියාවටත්, ජපානයටත් ලැබුණේ මහායාන බුදුසමය යන්න විවාද රහිතව පිළිගනු ලැෙබයි. බුදුරජාණන් වහන්සේගේ ම ශ්‍රී මුඛ දේශනා ම පාදක කොට ගනිමින් මහායාන බුදුසමය ප්රභවය ලැබුවද එය දේශ වශයෙන් හා කාල වශයෙන් සුඛනම්යගුණයෙන් යුතුව ආසියා මහද්වීපය තුළ ව්‍යාප්ත වූ බව බුදුසමයේ දේශාන්තර ව්‍යාප්තියේ පරම්පරා කථාව අපට පවස යි.
දේශ - කාල විනිර්මුක්ත බෞද්ධ දර්ශනය ආගමක් වශයෙන් දේශ - දේශාන්තරයන්හි ව්යාප්තවීමෙහි දී, ඒ ඒ දේශයන්හි පැවති සාමාජික, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික සාරධර්ම අනුව හැඩ ගැසෙමින් , ජනකාන්ත අංගෝපාංග ද විවිධ අභිචාර විධි ද ඇතුළත් කර ගනිමින්, පොදු ජන හද බැදි ආගමක් වශයෙන් ස්ථාපිත වූයේ ය. ටිබෙටය, චීනය, කොරියාව, ජපානය, මොංගෝලියාව ආදී දේශයන්හි පවතින බුදුසමය හදාරණ කවර විද්යාර්ථිකයකුට වුව ද මුල් බුදුසමයෙන් එය වෙනස් වන තරම වටහා ගැනීම දුෂ්කර නොවේ. ජපානයෙහි ව්‍යාප්ත වූ බුදුසමයෙහි ද විශේෂ ලක්ෂණ අපට දක්නට ලැබෙන්නේ මේ හේතුව නිසා ය.
ඈත අතීතයේ සිටම ජපානයේ ප්‍රචලිත ව පැවතියේ දේව භක්තිය මුල් කොට ගත් ෂින්තෝ ඇදහිල්ල ය. එය ජපන් ජනතාවගේ ජීවිතයේ කොටසක් වන තරමට මුල් බැස ගෙන පැවැතිණි. මේ නිසා බුදුසමය ජපානයෙහි ස්ථාපිත වීමට ප්‍රභල බාධකය වූයේ ෂින්තෝ දේව විශ්වාස සමූහය යි. කිම්මෙයි (ක්‍රි.ව. 539 - 571)අධිරාජයාගේ සමයෙහි දී කොරියාවෙන් බෞද්ධ ග්රන්ථ ලෝහ බුදු රුවක් ද රැගත් දූත පිරිසක් ජපානයට පැමිණියේ ය. මොනොනොබෙ වංශාධිපතීන් මොවුන්ට විරුද්ධ ව නැගී සිටි අතර සෝගා වංශිකයින් මේ ලෙස බුදුසමයට ළැදියාවක් දැක්වූයේ ඔවුන් ඒ වන විට ද බුදු දහම පිළිබද කිසියම් අවබෝධයක් ලබා සිටි නිසා විය යුතු ය.කොරියානුන් හා කොරියාවේ සිට පැමිණි ජපන්නුන්ගෙන් මේ අදහස් ඔවුන්ට කා වැදී තිබෙන්නට තිබෙන්නට ඇත. එහෙත් බුදුසමය තහවුරු වීමට ස්ථාවර අඩිතාලමක් මේ අවස්ථාවේදී ද ඇති නොවී ය. බිදත්සු (ක්‍රි.ව. 572 - 585) රාජ්‍ය සමයේ කොරියාවෙන් විශේෂ බෞද්ධ දූත පිරිසක් ක්‍රි.ව. 577 දී පැමිණියේ ය. ඒ පිරිසට භික්ෂූන් වහන්සේ තෙනමක් ද ප්‍රතිමා ශිල්පියෙක් ද විහාර ගොඩනැගි නිර්මාණ ශිල්පියෙක් ද ඇතුළත් වූහ. මොවුහු බුද්ධ ධර්මය පමණක් නොව එ හා බැදුණු කලා ශිල්ප ද ජපන් ජනතාවට හදුන්වා හ. සෝගා වංශයේ නායක සෝගා - නො ඉනතේගේ පුත්‍රයා වූ උමකො - සෝගා බුද්ධ ධර්මය ප්‍රිය කළේ ය. කොරියාවෙන් පැමිණි ධර්ම දූත පිරිසට මොහුගේ සහය ප්‍රබල ආධාරකයක් වූයේ ය. උමෙකා - සෝගා එ කල විසූ ප්‍රබල ප්රභූවරයෙකුගේ ද සහාය ලබාගනිමින් බුදුසමය ජපානය තුල ප්‍රතිෂ්ටාපනය වීමටත් ව්‍යාප්ත විමටත් ඉමහත් මෙහෙවරක් ඉටු කළේ ය. මේ දෙ පළ විවිධ ස්ථානයන්හි බෞද්ධ විහාරාරාම තැනවීමට පුරෝගාමීව කටයුතු කළහ.
ක්‍රි.ව. 585 – 587 අතර රජ කල යොමෙයි අධිරාජයා බුදුසමයේ වර්ධනය සදහා සුවිශේෂ මෙහෙයක් නො කළ ද මරණාසන්න ව සිටිය දී බුදුසමය වැළද ගැනීම ඉතා ප්‍රබල සිද්ධියක් විය. ඔහු බුදුසමය වැළද ගැනීම ජපන් රට තුළ ජනිත කළේ ය. රටේ ප්‍රධානියා වශයෙන් ඔහු අදහන ආගම රටේ ප්රභූවරුන්ටත්, පාලන ක්ෂේත්රයටත් බලපාන අතර පොදු ජනතාව විෂයෙහි සුවිශේෂ බලපෑමක් ඇති කරයි. මේ සිද්ධිය මුල සිට ම බුදුසමය කෙරෙහි ළැදියාවක් දැක් වූ සෝගා වංශිකයන් තුළ නව ජීවයක් ජනිත කළේ ය. මෙය සෝගා වරුන් ලත් ජයග්‍රහණයක් සේ හැදින්විය හැකි ය. කෙසේ වුව ද අධිරාජයා ගත් පියවර බුදුසමයේ ප්රතිෂ්ඨාපනයටත්, ව්‍යාප්තියටත් ප්‍රබල රුකුළක් වූයේ ය. මින් පසු ජපානයේ විවිධ පලාත් වල බොහෝ විහාරාරාමඉදි වූ අතර ජනතාව වෙතට බුදුසමය ව්‍යාප්ත විය.
ක්‍රි.ව.592 – 628 යන කාල සීමාව සුයිකෝ කුමරියගේ රාජ්‍ය පාලන යුගය විය. සුයිකෝ කුමරිය අගරැජිණිය වුව දරාජ්ය පාලන කටයුතු සියල්ල භාර වූයේ උමයාදෝ කුමරුට ය. ඔහු බෙහෙවින් බුදුසමය ප්‍රිය කළේ ය. මේ කාලය තුළ බුදුසමයේ ව්‍යාප්තිය සදහා රට තුළ ඉතා යහපත් වාතාවරණයක් ඇති විය. යුවරජු සේ පාලනය මෙහෙය වූ උමයාදෝ කුමරු බුදුසමය නිත්‍ය වශයෙන් ජපානයේ සුථාපිත කිරීමටත්, රට පුරා ව්‍යාප්ත කිරීමටත් අවශ්‍ය පදනම සකස් කළේ ය. මොහු රාජ්‍ය පාලන කටයුතු වලට සමුබන්ධ වූයේ එකුන් විසි වියේදී ය. වයසට වඩා මුහුතුරා ගිය නුවණක් එතුමා සතු විය. හෙතෙම චීන බසින් වූ බෞද්ධ ධර්ම ග්රන්ථ පරිශීලනය කළේ ය; චීන බසින් වූ විවිධ පතපොත නිරතුරුව ඇසුරු කරමින් සිය නුවණ තීව්ර කොට ගත්තේ ය.මේ හේතුව නිසා ජපන් ඉතිහාසයේ හමු වූ විශිෂ්ට වියතකු වශයෙන් ද අතිදක්ෂ පාලකයකු වශයෙන් ද උමයාදෝ කුමරු සම්මාන ලබයි. වැටහෙන නුවණත් ධර්ම ඥානයත් එක්තැන් වූ නිසා මෙතුමා වචනයේ පරිසමාප්තියෙන් ම අපක්ෂපාතී ධර්මිෂ්ඨ පාලකයකු විය. මේ නිසා ජපන් ජනතාව කුමරු වෙත ආදර ගෞරව පෙරදැරි ව සැළකිළි සම්මාන දැක්වී ය. එ හෙයින් බුදුසමය පිළිබද ඔහු ගත් කවර පියවරකට වූව ද සුයිකෝ අධිරාජිණියත්, පොදු මහ ජනතාවත් අනනුග්රහය දැක්වූහ. රාජ්‍ය පාලනය හා සම්බන්ධ මැති - ඇමතිවරු ද රාජ්‍ය නිළධාරී හු ද ප්‍රභූ පිරිස් ද බෞද්ධ කටයුතු වල නිරත වූහ. පාලක පන්තියත්, පොදු ජනතාවත් සම්බන්ධ වී බෞද්ධ පූජනීය ගොඩනැගූහ.විහාරාරාම තැනින් තැන ඉදි වීම ශීඝ්‍ර විය. ‘ෂෝතෝකු තයිෂි’ නමින් ජපන් ඉතිහාසයෙහි සදහන් විවිධ සහන සේවා කටයුතු ද අධ්‍යාපන කටයුතු ද පුළුල් කළේ ය.ජනතාවගේ දරුවන්ගේ දැණුම වර්ධනය කිරීම සදහා ඇරඹූ පාසල් මගින් ජනතාවගේ සාමාන්‍ය ඥානය දිනෙන් දින පුළුල් වූ බව අමුතුවෙන් අවධාරණය කළ යුත්තක් නො වෙයි.
උමයාදෝ (= ෂෝතෝකු තයිෂි) ඥානය ප්‍රිය කළේ ය; පත පොත පරිශීලනය කළේ ය; පඥා ප්‍රිය වූ හෙයින් චීන මහායාන සූත්‍ර අධ්‍යනය කළේ ය. සද්ධර්ම ප්රණ්ඩරීක සූත්‍රය, විමලකීර්ති නිර්දේශය හා ආර්ය ශ්‍රී මාලාදේවි සිංහනාද සූත්‍රය ඔහුගේ අත් පොත් බවට පත්විය. නිරතුරුව මේ පොත් අධ්‍යනය කළ උමයාදෝ ඒවාට අට්ටකථා හෙවත් ව්යාඛානය ද ලිවී ය.ධර්මාධ්යයනයෙහි නිරත වීම හේතුවෙන් හෙතෙම ධර්මධරයෙකු වූවා පමණක් නොව විචිත්‍ර ධර්ම කථිකයෙකු බවට ද පත් වූයේ ය.
පුද්ගල විමුක්තිය පිටු දැක විශ්ව විමුක්තිය අවධාරණය කිරීම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයෙහි සාරාර්ථය වෙයි. කිසිදු විශේෂතාවක් නො දක්වා සමස්ථ ලෝක සත්ත්වයාට ම විමුක්තිය උදා කිරීම එහි අරමුණ යි. එහි බුදුරජාණන් වහන්සේ මූර්තිමත් කොට දක්වන්නේ විශ්ව විමුක්තියේ ප්‍රතිමූර්තියක් ලෙසට ය. විවිධ විචිත්‍ර විශමතා හා විවිධතා සමාජයෙහි පැවතිය ද ඒ සියළු ජන කොටස්වලට ම ශාන්තිය උචා කිරීම බුදුරදුන්ගේ අභිලාශය විය. මේ ගම්භීර ධර්ම නිර්දේශ කරන සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය විවිධ බෝසත් සිරිත් මගින් ඒ පණිවිඩය ජන හද ගැබ තැන්පත් කළේ ය. උමයාදෝ මේ මාහැගි පණිවිඩය බෝධි සත්ව චරිතාප්‍රදාන මගින් ජපන් ජන ජීවිතයට කාවැද්දී ය.
මහායාන බුදුසමයේ විශිෂ්ට සූත්‍ර ධර්මයක් වන විමලකීර්ති නිර්දේශය ද බෝධි සත්ව ගුණ මහිමය පුන පුනා අවධාරණය කරයි. එමලින් ආත්මාර්ථය පිටු දැක පරාර්ථයට කැප වන පෞරුෂ රටා ගොඩනැගෙන අයුරු උමයාදෝ ඉතා විචක්ෂණ ව වටහා ගෙන තිබිණි. සර්වාංග පරිපූර්ණ පුරවැසියකු තැනීමට නම් ආත්මාර්ථය පිටුදැක පරාර්ථයට මුල්තැන දෙන ඉගැන්වීම් අවශ්‍ය වෙයි. උමයාදෝ කුමරු ඉහත සදහන් සූත්‍ර දෙකට ව්‍යාඛ්‍යාන ද සපයා රටවැසියාට හදුන්වා දී ඇත්තේ මේ උතුම් පරමාර්ථය සමාජගත කිරීමේ අරමුණ ඇතිව ය.
සදාචාර සම්පන්න විශිෂ්ට කාන්තා චරිතයක් නිරූපණය කරන ශ්‍රී මාලාදේවියගේ චරිතාපදානය ඉදිරිපත් කරන ශ්‍රී මාලාදේවි සිංහනාද සූත්‍රය තෝරාගෙන ඇත්තේ ද මේ පරමාර්ථයෙහි ම පිහිටා සිට ය. එමගින් ආදර්ශවත් බෞද්ධ කාන්තා චරිතයක් සමාජයට ඉදිරිපත් කෙරේ. ආදර්ශවත් බෞද්ධ කින්තා සමාජයක් ඇති කිරීමම මේ සූත්‍රයෙහි ඉගැන්වීම් ඉවහල් වනු ඇතැ’යි උමයාදෝ කුමරා සිතුවේ ය.මනා පෞරෂයකින් හෙබි පුරවැසියකු බිහිකිරීම අධ්‍යාපන ක්‍රියාවලියේ මුඛ්‍ය පරමාර්ථය බව වටහා ගත් උමයාදෝ ඒ සදහා බුදුසමයෙහි පැනෙන බෝසත් සිරිත් පෙරට ගත්තේ ය.
සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය, විමලකීර්ති නිර්දේශය හා ශ්‍රී මාලාදේවි සිංහනාද සූත්‍රය යන තුනට අටුවා ලිවීමට තෝරාගත්තේ ජපන් ජනතාව තුල බෝසත් ගුණ රෝපණය කිරීම සදහා බව පැහැදිලි ය. යහ ගුණ උකහාගැනීමට සැළැස්වීම මගින් සාධු චරිත ඇත්තන් බිහි කල හැකිය. කරුණාවෙන් තෙත් වූ හද ඇත්තන් බිහිවන්නේ මිනිස්කම දත්විට ය. පූර්වෝක්ත මූලාශ්රයන් මලින් උත්සාහ ගත්තේ එබදු පුද්ගලයන් බිහිකිරීමට ය. ජපන් ජනතාව බෙහෙවින් කාරුණික ජනතාවක් බවට පත්වීමෙන් කුමරුගේ ප්රයත්නය සාර්ථ වූ බව පිළිගත යුතු ය.
මහායානික ඉගැන්වීම් අනුව ගිහියාත් පැවිද්දාත් අතර සුවිශාල පරතරයක් නොමැත. බුදුසමයේ ඉගැන්වීම් අනුගමණය කිරීමට ගිහිගෙය හැරයාම හෝ දුෂ්කර ක්‍රියා කිරීම හෝ අත්‍යවශ්‍ය නොවන බව මහායානය අනුව උමයාදෝ තේරුම් ගත්තේ ය. මේ නිසා භික්ෂුවත් , ගෘහසුථයාත් අතර දැබි වෙනසක් හෙතෙම නො දුටුවේ ය. එබැවින් දහම් දෙසන විට ගිහි ඇදුම් මත චීවරයක් දැරීමට පවා හෙතෙම පෙළඹුණේ ය.
ජපන් බුදුසමය ස්ථාපිත කිරීමටත්, ව්‍යාප්ත කිරීමටත් මුළු ජීවිතයම කැප කළ උමයාදෝ හෙවත් ෂෝතෝකු - තයිෂි කුමරා ක්‍රි.ව. 662 දී අභාවප්‍රාප්ත වූයේ ය. සමස්ථ ජපන් ජනතාව ම ඔහුට අධිරාජ්‍යයෙකුට පවා නො දක්වන භක්තියක් හා ආදරයක් දක්වමින් ගෞරව කල බව ජපන් වංශකථාව සදහන් කරයි. ජපානයේ මුල් ම ඉතිහාස ග්‍රන්ථය රචනා කලේ ද මුල්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළේ ද ෂෝතෝකු - තයිෂි ය. කර්මාන්ත පිළිබද පුනුරුදයක් ඇති කළ මොහු රට තුළ ගමනාගමන පහසුකම් හා වෛද්‍ය පහසුකම් ද දියුණු කළේ ය. අසරණයන්ට දුබලයන්ට කරුණාව දැක්වීමේ වටිනාකම නිරතුරුව ම ජනතාවට සිහිපත් කළේ ය. ධර්මාශෝක අධිරාජයා මෙන් ජන ජීවිතය බෞද්ධ ඉගැන්වීම් අනුව හැඩගස්වන්නට වෑයම් කළ හෙතෙම ක්‍රි.ව. 594 පබෙරවාරි පළමුවෙනි දා ත්‍රිවිධ රත්නයට ගරුකිරීම පිණිස නිළ නිවේදනයක් නිකුත් කළේ ය. මේ වර්ෂයේ ජපානයේ බුදුසමය ස්ථාපිත වූ වර්ෂය සේ සළකනු ලැබේ. එතැන් පටන් ජපානයේ පන්සල් හා භාවනා මධ්‍යස්ථාන ඉදිනිරීම වඩාත් ජනප්‍රිය විය.
ජපානය වරින් වර චීනයත්, කොරියාවත්සමග ආගමික සබදතා ඇති කර ගත්තේ ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් චීන හා කොරියානු බසින් ලියවුණු දහම් පත පොත ජපන් බෞද්ධයන් අතට පත්විය.
චීන නිකාය ක්‍රමය අනුව, සන්රෙන් , හොස්සෝ, කේගොන්,රිට්සු, ජොජිට්සු, හා කුෂාය නමින් නිකාය හයක් මුල් යුගයේ දී ම ජපානයේ ඇරඹිණි. පසු ව පැමිණි තෙන්දයි හා ෂින්ගොන් නිකාය දෙක එහි පිහිට වූයේ ඩෙන්ග්යො දයිෂි (= තෙන්දයි නිකාය) හා කොබෝ දයිෂි (= ෂින්ගොන් නිකාය) දෙක ම විසිනි. මේවා තනුත්රයාන බුදුසමය මුල්කොට ගෙන පහළ වූ ඉගැන්වීම් වලින් යුක්ත ය.
දෙළොස් වන දහතුන් වන සියවස් වල ජපානයේ පැතිර ගිය නව වයාපාරයක් ලෙස අමිද භක්තිය හැදින්විය හැකි ය. හුදෙක් “නමෝ අමිද බුත්සු” යි අමිතාභ බුදුන්ට නමස්කාර කිරීමෙන් පමණක් විමුක්තිය ලබාගත හැකි බව සුඛාවතී ව්‍යුහ සූත්‍රය පදනම් කරගෙන මොවුහු ඉගැන්වූ හ. මෙය චීනයෙන් ලබාගෙන ජපානයට හදුන්වා දෙන ලද්දේ හෝනෙන් හිමියන් විසිනි. මේ ඉගැන්වීම් පදනම් කොට ගෙන ජෝදෝ සම්ප්‍රධාය ඇති විය. ජෝදෝ සම්ප්‍රධායට අයත් උපනිකාය දහයක් පමණ අද ජපානයේ තිබේ.
දහතුන් වන සියවසේ දී නිචිරෙන් නම් හිමි වමක් විසින් අමිද භක්තිය විවේචනය කරමින් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය පමණක් නියම බුදුසමය බවත්, ඊට “නමු ම්යො හෝ රෙංගෙ ක්යො” යනුවෙන් නමස්කාර පාඨය ජප කිරීම ප්‍රමාණවත් බවත් පවසා නව සම්ප්රදායක් ආරම්භ කැරිණි. ඔහුගේ අනුගාමිකයෝ අද ඔහුට නියම බුදුන් වශයෙන් පුද පූජා කරති. ජපානයේ වඩාත් ම ‘ලෞකික’ නිකාය සේ සැලකෙන්නේ නිචිරෙන් නිකාය යි.
දොළොස් වන ශතකයේ පටන් ජපානයට හදුන්වා දෙනු ලැබූ ‘සෙන් බුදුසමය’ මීට වඩා හාත්පසින් ම වෙනස් මගක් ගත්තකි. මුලදී එය උසස් පෙළේ ජනයා අතර පමණක් පැතිරිණි. චීනයේ දී ‘චාන්’ නමින් පැවති මේ ධ්‍යාන භාවනා අවධාරණය කරන බෞද්ධ නිකාය ජනතාවට හදුන්වාදෙන ලද්දේ අයිසායි (1141 - 1215) හිමියන් විසිනි. උන්වහන්සේ කමාකුරාවේ වැඩවසමින් ජපන් ජාතියේ හා ශිෂ්ටාචාරයේ ප්රගමනයට සෙන් ධර්මය උපකාර කරගත හැකි ආකාරය විදහා පාමින් විවිධ පතපොත කළහ.
ජපන් බෞද්ධ නිකාය සමුදාය අතුරින් සෙන් බෞද්ධ සම්ප්‍රධායට සුවිශේෂ ස්ථානයක් හිමි වෙ යි. එය ඒ තත්ත්වය උරුම කොට ගෙන ඇත්තේ සෙන් සම්ප්‍රධාය දායාද කොට ඇති ඊට ම ආවේණික වූ ජීව ගුණය නිසා ය.
“සෙන් - Zen යන ජපන් වචනය ‘චාන්’ යන චීන වචනය අනුව සකස් වූවකි. එම චීන වචනය ‘ධ්‍යාන’ යන්නෙහි චීනකරණයකි. ඒ අනුව අපට ඉතා පැහැදිළි ලෙස පෙනී යන්නේ සෙන් බෞද්ධ සම්ප්රධායෙහි ජීවය භාවනාව බවයි.
එහෙත් සෙන් හුදු භාවනාව පිළිබද අතිරේඛ අවධාරණයක් පමණක් නොවේ. භාවනාව සමග සම්බන්ධ ප්‍රඥා ප්‍රතිලාභය අරමුණු කරගත් අතිවිශේෂ සංස්කෘතියක් සෙන් මගින් නිරූපණය වෙයි. අත්‍යයන්තයෙන් සියුම් වුත්, ගැඹුරු වූත් වින්දන ශක්තියක් සෙන් ජීවන ක්‍රමය විසින් තීව්ර කැරෙන අතර පරමාර්ථ සත්‍යාධිගමය පිළිබද සුවිශේෂ ආකල්පයක් ඒ මගින් ඉදිරිපත් කර ඇත. එයවිශේෂයෙන් ම දෘෂ්ටිවාද - මතිමතාන්තර විෂයෙහිඇලෙන මිනිස් මනස ඒවා වෙතින් විමුක්ත කොට ‘විද්‍යා උත්පාදය’ පිණිස ‘පවිත්‍ර’ කිරීමෙහි මූලික බෞද්ධ පරමාර්ථය නිර්භීත ලෙස අවධාරණය කරයි.”
(ජපන් සෙන් කතා - පෙරවදන)
ක්ෂණික බුද්ධත්වය අවධාරණය කළ හ්වයි නෙංග්ගේ ඉගැන්වීම් වලින් චීන චාන් බුදුසමය ආරම්භ වන බව පැහැදිලි ය.ඉන්දියානු ජාතික බෝධිධර්ම හිමිපාණන් චීනයට හදුන්වා දුන් බුදුසමයේ ධ්‍යාන ධර්මයට නියම ස්වරූපය ලබා දුන්නේ හ්වයිනෙංග් හිමියෝ යි. ස්වකීය සන්තානයේ යථා ස්වභාවය කවරේ දැයි සමීක්ෂණය කිරීමෙන් බුද්ධත්වය ලැබිය හැකි බව එතුමෝ ප්‍රකාශ කළහ. වෙන් වෙන් වශයෙන් ගත් කල සැම පුද්ගලයකු ම සතු චින්තනය සහජයෙන් ම ප්රබුද්ධ ස්වභාවයක පවතින බව හ්වයිනෙංග් හිමියන්ගේ පිළිගැනීම විය .ස්වචිත්තයේ හා ප්‍රඥාවේ මූලික ස්වරූපය එක් බදුය. ප්‍රඥාව හා ධ්‍යානය යනු එකිනෙකට පරස්පර විරෝධී වුවක් නොව, එකක් ම බව එතුමාගේ අදහස විය. මීට ප්රතිපක්ෂ අදහස් ද ඉදිරිපත් වී ඇත. සෙන් සම්ප්‍රධායට සම්බන්ධ උත්තර පාක්ෂිකයෝ හ්වයිනෙංග් හිමියන්ගේ ඉගැන්වීම් දැඩි විචාරයට ලක් කළහ. මීට පිළිතුරු සැපයීමට ද එතුමාණන්ට සිදු විය.
ධ්‍යානය යනුවෙන් අදහස් කරන්නේ සිතේ ක්‍රියාකාරීත්වය අත්හිටුවා, පුද්ගලයා ක්‍රියා විරහිත අලස බවට පත් කිරීම නොවේ යයි හ්වයිනෙංග් හිමියෝ අවධාරණය කළහ. පළග බැද, දෙඇස් පියා, නොසැළී සිටීමෙන් පමණක් බුද්ධත්වය සාක්ෂාත් කළ නොහැකි යයි එතුමෝ පැවසූ හ. නොනවත්වා ම ස්වකීය සන්තානයේ මූල ස්වරූපය තමා විසින් ම සාක්ෂාත් කළ යුතු යයි හ්වයිනෙංග් හිමියෝ දැඩිව අවධාරණය කළහ.
හ්වයිනෙංග් හිමිපාණන්ගේ සිය වසකට පමණ පසු සෙන් සමය සම්ප්‍රධායට සම්බන්ධ ශාඛා සමුදායක් ම ප්රභවය ලබා ව්‍යාප්ත විය.
“සෙන් බුදුසමය පිළිබද හදාරන විද්‍යාර්ථිකයකු හෝ සාමාන්‍ය පාඨකයකුට හෝ පළමුවෙන් ම නැගිය හැකි, නැගිය යුතු ප්රශ්නය වනුයේ ‘සෙන් යනු කුමක් ද?’ යන්න ය. සෙන් සම්ප්‍රධාය විෂයෙහි ගෞරවයෙන් යුතු ව, ඊට උරුම විශිෂ්ටත්වය පිළිගනිමින් මේ ප්‍රශ්ණයට පිළිතුරු දිය හැකිය. එම පිළිතුර නම් සෙන් යනු කුමක් දැයි වචන මගින් වචන මගින් ප්‍රකාශ කළ නොහැකිය යනු යි. මෙය බෞද්ධ දර්ශනයේ උදාර ජීව ගුඛය යන්තමින් හෝ පිළිගත් අයෙකුට විශ්මය ඇති කරන පිළිතුරක් නො වන නමුත් බාහිරයනට පවා විශ්මයක් ඇති කරව යි.
විශ්වය පිළිබද යථා තත්ත්වය ලෞකික වූ විද්‍ය ශාස්ත්‍ර මගින් අධ්‍යනය කරන විට ලැබෙන පිළිතුරු භාෂා මාධ්‍යයෙන් හා තර්කානුසාරයෙන් ප්‍රකාශ කිරීම පහසු වෙයි.එහෙත් සාමාන්‍ය ශාස්ත්‍ර වල කෞශල්‍ය ඉක්මවා සිටිනා ප්‍රඥා ප්‍රතිභානයෙන් අවබෝධ කරගන්නා යථාර්ථය අපගේ භාෂාවට නුහුරු, තර්කයෙහි විෂය ඉක්මවා සිටින ක්ෂේත්රයට අයත් වෙයි. අපගේ භාෂාව නියෝජනය කරන්නේ අප සැමට ම පොදුවේ පහළ වන සංකල්ප සමුදාය කි. එය එයෙකු තුළ ඇති වන සංකල්පයක් භාෂාව මගින් තවත් අයකුට සංකේත ගත කොට ප්‍රකාශ කළ විට ඔහු එය තම මනසෙහි ප්රතිපාදනය කර ගන්නේ ඒ සංකල්පයන්හි ඇති පූර්වෝක්ත සාදෘශ්‍යය නිසා ය. එහෙත් පරාමාර්ථ සත්‍ය බහුජන පරිචිත සංකල්පය ප්රතිපාදනය දුෂ්කර ය. එ හෙයින් සෙන් උත්සාහ කරන්නේ පරමාර්ථ ඥානය වචනයෙන් විස්තර කරනු වෙනුවට එය ග්‍රහණය කිරීමට ඇති මානුෂික ශක්‍යතාවන් ප්රබුද්ධ කරනු පිණිස කෙවිටි පහරවල් දීමට ය.
මෙම බුද්ධි ප්රබෝධක ‘ඉගි’ භාවනා කර්මස්ථාන ලෙස අපට හුරු බසින් පැවැසිය හැකි ය. ජපන් බසින් ඒවා ‘කො - ආන් Ko - an’ ලෙස හැදින්වෙ යි. කො - ආන් ප්රහේලිකාවට සාමාන්‍ය ක්රමයේ පිළිතුරු සෑහෙන්නේ නැත. ඊට පිළිතුරු භාවනා කරන විට හිටිහැටියේ ක්ෂණිකව - සත්‍යලෝකය අපේ මනස ප්‍රභාමත් කරයි. මෙය හදුන්වන්නේ ‘සතෝරි’ නමිනි. ජපන් බෞද්ධ චින්තකයෝ මෙය බෝධි ප්‍රතිලාභය හා අනන්‍යව සළකති.”
(ජපන් සෙන් කථා )