අංගුත්තර නිකාය(Part 1) of Buddha Jayanthi Tipitaka Series
ශ්‍රී සම්බුද්ධ වචනය නිකාය වශයෙන් පස් වැදෑරුම් වන බව පවසන බුද්ධඝෝෂ මාහිමියෝ “කථං නිකාය වසෙන පඤ්චවිධං? සබ්බ මෙව චෙතං දීඝනිකායො මජ්ඣිම නිකායො සංයුත්ත නිකායො අංගුත්තර නිකායො, ඛුද්දක නිකායොති පඤ්චප්පභෙදං හොති” යනුවෙන් එම නිකාය පස නම්, දීඝ, මජ්ඣිම, සංයුත්ත, අංගුත්තර, හා ඛුද්ධක නිකාය නම් වන බව පවසති.
“නව සුත්ත සහස්සානි – පඤ්ච සුත්ත සතානි ච
සත්ත පඤ්ඤාස සුත්තානි - සධඛා අංගුත්තරෙ අයං”
එක් එක් අංගය වැඩිවීම් වශයෙන් සිටියා වූ චිත්තපරියාදාන සූත්‍රය මුල්කරගත් සූත්‍ර 9557 කින් අංගුත්තර නිකාය සමන්විතය. ඒක, දුක, තික ආදී නිපාත නාම වශයෙන් නිපාත 11 කි. බණවර 120 කි බුද්ධජයන්ති ත්‍රිපිටක මාලාවෙහි මෙම නිපාත එකොළොසම ග්රන්ථ 6 කින් සංග්‍රහ වන සේ මුද්‍රණය කර ඇත. ව්‍යවහාරයෙහි දක්ෂ වූ තථාගතයන් වහන්සේගේ සංඛ්‍යාත්මක දේශනා අංගුත්තර නිකායෙහි සංග්‍රහ කර ඇත. වෝහාර දේශනාවට ද යථානුලෝම ශාසනයට (අනේක අධිමුක්ති ඇති සත්ත්වයන්ට චාරිතානුකූලව උපදෙස්, මඟ පෙන්වීම් කරන හෙයින්) ද දෙසැටක් මිසදිටු බිඳින බැවින් දිට්ඨි විනිවෙඨන කථාවට ද අංගුත්තර නිකාය අයත් කෙරේ.