අංගුත්තර නිකාය(Part 2) of Buddha Jayanthi Tipitaka Series
මෙහි අන්තර්ගතය ද විසිතුරු ය. සෑම සූත්රයකම ඇති පොදු ලක්ෂණය නම් සංඛ්‍යාත්මක ප්රකාශනයක් තිබීමයි. උදාහරණ – දුක නිපාතයේ සූත්‍රයක් මෙසේ ඇරැඹේ. “ද්වින්නාහං භික්ඛවෙ මිච්ඡාපටිපත්තිං න වණ්ණෙමි, ගිහිස්ස වා පබ්බජිතස්සවා” (මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ වැරදි පිළිවෙත වර්ණනා නොකරමි) තික නිපාතයේ සූත්‍ර තීහි ධම්මෙහි සමන්තාගතො බාලො වෙදිතබෙබා (කරුණු තුනකින් සමන්විත බාලයා දැනගත යුතුයි) යනුවෙන් ඇරඹෙනු දක්නට හැකි ය. ඇතැම් සූත්‍ර මෙම ක්‍රමයෙන් පරිබාහිරවූවත් ඒ සෑම සූත්රයකම සංඛ්‍යාත්මක ප්‍රකාශයක් අන්තර්ගතය. අංගුත්තර නිකායේ ඇතුළත් විෂය මාතෘකා ද විචිත්‍ර ය. චාරිත්‍ර වාරිත්‍ර ආදී ශීලකථා, පිණ්ඩපාතිකංග ආදී ධුතංග ධර්ම, කසීණාදී කර්මස්ථාන, රාගා දී චරිත ලක්ෂණ, රූප, අරූප ධ්‍යාන විවරණ, ෂඩ් අභිඥා, ස්කන්ධ, ධාතු, ආයතන ඉන්ද්රිය, බල හා බොජ්ඣංග ධර්ම, චතුරාර්ය සත්‍යය, ප්‍රතීත්‍යසමුත්පාදය, සමථ විදර්ශනාදී භාවනා, අග්‍රස්ථාන ලැබූවන්, විවිධ පුද්ගල විවරණ, සදුපදේශ, රාජ ධර්ම, ජානපදික ධර්ම, නිග්රහස්ථාන, බුද්ධකාලීන ශාසනික පුවත් ආදී දැනුම් කරුණු රැසක්ම අංගුත්තර නිකායේ අන්තර්ගත වේ.