ද්වේශ මූල සිත් (සිව්වන අර්ධය)
තරහාවේ ද නොයෙක් තැන් ඇත. එය ද තේරුම් ගත යුතු ය. එසේ තරහාව උපදින්නේ කුමන අවස්ථාවල දී ද ? තම ඥාතියාට, තම මිතුරාට යමෙකු වරදක් කරයි නම් තරහාව උපදී. සමහර විට මීට පෙර කරන ලද අයහපතක් ගැන ද, වර්තමානයේ කරමින් පවතින අයහපතක් නිසා ද, අනාගතයේ දී අයහපතක් කරයි කියා ද තරහාවක් ඇති කර ගනී. එසේ ම, තමාට අයහපතක් පෙර කළැ යි කියා ද, දැන් කරයි කියා ද, ඉදිරියට කරයි කියා ද, තරහාවක් ඇති කර ගනී. එසේ නැතහොත්, තම සතුරාට නැතහොත් පසමිතුරාට යහපතක් කළැ යි කියා ද, දැන් කරයි කියා ද, ඉදිරියට කරයි කියා ද තරහාවක් ඇති කර ගනි යි. තමා තරහා නිසා අන් අය ද තරහා විය යුතු ය කියා තරහා විය යුතු ය යන සිතුවිල්ලක් ද ඇත. කුඩා ළමයි පවසන්නේ "මම අසවලා සමග තරහා නිසා ඔබ ද තරහා විය යුතුයි" කියා ය. ඒ අයුරින් සමහර වැඩිහිටියන් ද තරහා වන්නේ ද ඒ අයුරිනි. තමා සමඟ තරහා කෙනා අන් අය සමඟ ද තරහා වන්නේ නම් සමහරු කැමැත්තේ ය. එබැවින්, තමා යම් කෙනෙකු පිළිබඳ නො කමැත්තක් ඇති නම් එම නොකැමැත්ත ඇති කෙනා හට වෙනත් අයෙකු යහපතක් කරයි නම් අකමැති යි. එවිට එසේ යහපත කරන කෙනා සමග ද තමා තරහාවක් ඇති කර ගනි යි. මීළඟට මෙතැන් සිට ඉගෙනිය යුතු වන්නේ අකුසල් සිත්වල එන ද්වේශ මූල සිත් පිළිබඳව යි. පසුගිය කොටස්වල දී දැක්වූ ආකාරයට ලෝභමූල සිත් 08 පිළිබඳ සවිශේෂ විස්තරයකින් ම දැන් අවබෝධ කොට ගෙන ඇත. එම ලෝභ මූල සිත් පිළිබඳ දැනගත් කරුණු සිත්හි තබාගෙන ඉදිරියේ දී දැක්වෙන කරුණු අනුව ඒවා එම කොටස්වලට අනුව සාකච්ඡා කොට ගත යුතු යි. අභිධර්මය හදාරණ විට නැවත නැවතත් මෙම කරුණු පිළිබඳ දැක්වීමට සිදු වේ. එම නිසා මුල් ම කොටසක දී හෝ එකකට දී දැක්වූ කරුණු එතරම් ඔබට තේරුම් ගැනීමට නොහැකි වුව ද, ඒවා හරිහැටි තේරුම් නොගියා ය කියා අධෛර්ය වීම නුසුදුසු ය. අභිධර්මය ඉගෙනීමේ දී ස්වභාවය මුලදී කියැවෙන්නා වූ කරුණ තව දුරටත් ඉගෙන යන විට තමන් මුල දී දැනගත් ප්රීමාණයට වඩා බොහෝ දුරට පැහැදිලි වීමට පුළුවන. මුල දී සිට ම අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න. නමුත්, තවදුරටත් ඉදිරියට යන විට මේවා තව තවත් පැහැදිලි වේ.
දෝෂ නම් වන්නේ පාළි වචනය යි. සිංහලෙන් ද්වේශ යන්නෙන් හැඳින්වෙන වචනයේ අර්ථය තරහාව යන ධර්මය ය. ද්වේශයන් ලෝභය මෙන් ම අකුසල මූලයන් ය. එම ද්වේශය නම් වූ අකුසල මූලය ඇති ව ලැබෙන සිත්වලට ද්වේශ මූල සිත් ලෙස හැඳින්වේ. සංඛ්යාම වශයෙන් ලෝභ මූල සිත් 08 ක් වුව ද, ද්වේශ මූල සිත් වශයෙන් ලැබෙනුයේ 02 කි. එම 02 වන්නේ ද, එම සිත්වල තිබෙන අසංඛාරික බව හා සසංඛාරික බව නිසා ය. එසේ නැති වූවා නම් එකක් වශයෙන් කීවද වරදක් නොවේ. අසංඛාරික හා සසංඛාරික භේදය පැමිණෙන බැවින් ද්වේශ මූල සිත් 02 ක් ඇත. එම ද්වේශ මූල සිත් නම් කර ඇත්තේ,
දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත හා
දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංඛාරික සිත වශයෙනි.