යමක වග්ගය
12. සාරං ච සාරතෝ ඤත්වා
අසාරං ච අසාරතෝ තේ සාරං අධිගච්ඡන්ති සම්මාසංකප්පගෝචරා සිංහල තේරුම : සාරවත් දේ සාරවත් ලෙසද , අසාරවත් දේ අසාරවත් ලෙසද ඇති සැටියෙන් සිතන්නට සත්‍ය (යථාර්තය) අවබෝධ වන්නේය. සම්මා සංකප්ප වාදියකු වන ඔහු සැම විටම , සැම දෙයින්ම සාරයට හෙවත් සාර්තකත්ව භාවයට , සැපතට දියුණුවට මෙන්ම පරම සත්‍යාවබෝධයට ද පැමිණීමට හැකි වන්නේය. |
19. බහුම්පි චේ සහිතං භාසමානෝ
න තක්කරෝ හෝති නරෝ පමත්තෝ ගෝපෝ’ව ගාවෝ ගණයං පරේසං න භාගවා සාමඤ්ඤස්ස හෝති සිංහල තේරුම : යමෙක් ත්‍රිපිටක සම්බුදු දහම දැන ඉගෙන බොහෝ දෙනාට බණ දෙසන්නේ නමුත් තම දෙසන ඒ දහම් හරිහැටි පිළිපදින්නේ නැතිනම් , හෙතෙම අනුන්ගේ ගවයන් රකින ගොපල්ලෙකු ඒ ගවයන්ගේ පස්ගෝ රසයට හිමිකරුවෙකු නොවන්නා සේ මහණ කමේ නිසි හිමිකරයෙකු නොවන්නේය. |
20. අප්පම්පි චේ සහිතං භාසමානෝ
ධම්මස්ස හෝති අනුධම්මචාරී රාගංච දෝසංච පහාය මෝහං සම්මප්පජානෝ සුවිමුත්තචිත්තෝ අනුපාදියානෝ ඉධ වා හුරං වා ස භාගවා සාමඤ්ඤස්ස හෝති සිංහල තේරුම : යමෙක් ත්‍රිපිටක බුද්ධ වචනයෙන් ස්වල්පයක් පමණක් දැන උගෙන අනුන්ට දේශනා කරමින් තමාද (තමා දන්නා පමණ වු) ධර්මය අනුව පිලිපඳින්නේ නම් හෙතෙම රෝග - දෝස - මෝහ යන සිත කිලිටි කරනා කෙලෙසුන් දුරුකොට මනා නවණින් යුතුව වසන්නේ මෙලොවත් පරලොවත් කිසිදෙයක් උපාදාන වශයෙන් දැඩි කොට අල්ලා ගන්නේ නැතිව මහණදම් පුරයි නම් එම දහමේ නිසි හිමිකරුවෙක් වන්නේය. |
යමක වග්ගය නිමි.....