යමක වග්ගය
01. මනෝ පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොති වා තතො නං දුක්ඛ මන්වෙති චක්කංච වහතො පදං සිංහල තේරුම : සියලු සිතුවිලි වලට මනස (සිත) ම ප්‍රධාන වේ ,ශේෂ්ඨ වේ. එසේම සියලු සිථුවිලී සිතින්ම උපදී. යමෙක් ඉසි , කෝ, මද, මාන ආදියෙන් කිලිටි වු සිතින් යුතුව යම් බසක් කියයි නම් හෝ යම් දෙයක් කරයි නම් හෝ එහි අනිටු විපාක වශයෙන් දුක , සන්තාපය හා අසාර්ථකත්වයම ඔහු කරා ළගාවන්නේය. ගල බැඳී ගොනා පසු පස ඔහු යන තාක් කල් සකද පසුපසින් ඇදී එන්නක් මෙනි. |
02.මනො පුබ්බංගමා ධම්මා මනො සෙට්ඨා මනොමයා මනසා චේ පසන්නෙන භාසති වා කරොති වා තතො නං සුඛමන්වෙති ජායාව අනපායිනි සිංහල තේරුම : හැමවිටම හැම දෙයට, සිත පෙරටු වන්නේ ය. හොඳ සිතක් ඇතිව අප, කරන දේ කියන දේ, හේතුවෙන් ලොකු පිනක්, අපට අත්වන්නේ ය. ඒ පිනෙන් උරුම වන, උතුම් සැප විපාකය, අපේ සෙවනැල්ල මෙන්, අප සමග එන්නේය. නිවන් දක්නාතුරා, අප සමඟ හැසිරෙමින් අපට සැපයක් වෙමින් අප සනසවන්නේය. අප නිතර,කියන දේ කරන දේ,සියල්ලට අපේ සිත, මුල්ව පවතින්නේ ය. නරක සිතකින් කරන, කියන දේ සියල්ලෙන් පව් ම සිදු වන්නේ ය. දුක් ගලා එන්නේ ය. සොඳුරු සිතකින් කරන කියන දේ සියල්ලෙන් පින් ම සිදු වන්නේ ය. සැප ගලා එන්නේ ය. සසර වසනා තුරා සැප විඳිනු කැමති නම් තුන් දොරින් සංවරව සිටිය යුතු වන්නේය. |
|
07. සුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියේසු අසංවුතං භෝජනම්හි අමත්තඤ්ඤුං කුසීතං හීනවිරියං තං වේ පසභති මාරෝ වාතෝ රුක්ඛං'ච දුබ්බලං සිංහල තේරුම : රුප - ශබ්ද ආදී අරමුණු ශුභ වශයෙන් ගන්නාවුද , ඇස-කන ආදී පසිඳුරන්ගේ සංවරයක් නැත්තාවුද , ආහාරයේ පමණ නොදන්නාවු ද, කම්මැලිවු ද, විර්යයෙන් හීනවු ද තැනැත්තාට කෙලෙස් නැමැති මාරයා පහර දෙන්නේය. සැඞ සුළග දුබල ගසක් උදුරා දමන්නාක් මෙනි. |
08. අසුහානුපස්සිං විහරනතං
ඉන්ද්‍රියේසු සුසංවුතං භෝජනම්හි ච මත්තඤඤුං සද්ධං ආරද්ධවීරීයං තං චේ නප්පසහති මාරෝ වාතෝ සේලං'ච පබ්බතං සිංහල තේරුම : රුප - ශබ්ද ආදී අරමුණු අශුභ වශයෙන් ගන්නාවුද , ඇස-කන ආදී පසිඳුරන් සංවර කර ගන්නාවු ද, ආහාරයේ පමණ දන්නාවු ද, ශ්‍රද්ධාව හා විර්යය ඇත්තාවුද තැනැත්තාව කෙලෙස් නැමැති මාරයාට පැරදවිය නොහැකිය. චණ්ඞ මාරුතයකට මහා පර්වතයක් සෙලවිය නොහැකි වන්නාක් මෙනි. |
10. යෝ ච වන්තකසාවස්ස
සීලේසු සුසමාහිතෝ උපේතෝ දමසච්චේන ස චේ කාසාවමරහති සිංහල තේරුම : ඇස් - කන් - නාසාදි පසිඳුරන් දමනය කර ගත්තා වුද , සත්‍ය වචන කථා කරන්නා වුද ,මනාව සීල සංවරයෙහි පිහිටියා වුද, සිත කිළිටි කරන කෙලෙස් නැමැති කසට බැහැර කළා වුද, තැනැත්තා ඒකාන්තයෙන්ම කාෂාය වස්ත්‍රය (මහණ දම් රැකිමට) සුදුසු වන්නේය. |