ථෙරගාථා පාළි ථෙරීගාථා පාළි of Buddha Jayanthi Tipitaka Series
පුහුදුන් සත්වයා සෞන්දර්යය රස විඳියි. එසේම එහි ඇලෙයි. එය ධර්මයෙහි සඳහන් වනුයේ කේන්ද්රයාභිසාරි ලෙස වන අතර එය බෞද්ධ පරමාර්ථවලට එකහෙලා පටහැනිය. එසේම වීතරාගී මුනිවරයෝ සෞන්දර්ය රස විඳිති. එහෙත් එහි නොඇලෙති. එම තත්ත්වය ධර්මයෙහි සඳහන් වනුයේ කේන්ද්රයාභිසාරී වශයෙනි. මෙය ධර්ම මාර්ගය හා අත්යත්යයෙන්ම අනුගත වූ තත්ත්වයකි. යමෙකු කෙන්ද්රයාභිසාරී තත්ත්වයෙන් කේන්ද්රයාපසාරී තත්ත්වයට පත්වන්නේද හෙතෙම ලොව සෞන්දර්යේ නිරාමිස වින්දනය අත්විඳින බවත් එයම ඔහුගේ ආධ්‍යාත්මික පරිපෝෂණයට එකහෙලා දායක වන බවත් පාළි ත්‍රිපිටක සාහිත්‍ය පැහැදිලිව විස්තර කරයි.