සිත කිළිටිවීම
අපි බාහිර විෂයලෝකය පිළිබඳ දැනුම ඉන්ද්රීයඥානය මගින් ලබමු. ඉන්ද්රීයඥානය මගින් විෂයලෝකය පිළිබඳ දැනුම ලබා ගැනීමෙහි දී පෘතග්ජනයා තුළ ‘ප්‍රපඤ්ච’ හටගන්නා බව ඉගැන්වෙයි. මජ්ඣිම නිකායේ මධුපිණ්ඩික සූත්‍රයෙහි එය පැහැදිලි කොට ඇත්තේ මේ ආකාරයෙනි.
චක්ඛුඤ්ච පටිච්චි රූපේ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං
(ඇසත් එයට අරමුණු වන රුවත් නිසා රූපය පිළිබඳ දළ දැනුමක් ඇතිවෙයි.)
තිණ්ණං සංගති ඵස්සෝ
(ඇස, රුව සහ චක්ඛු ව්ඤ්ඤාණය යන තුන නිසා සිත අරමුණු සමග ක්‍රියා කිරීමට පටන් ගනියි.)
ඵස්ස පච්චයා වේදනා
(පූර්වෝක්ත ක්‍රියා මගින් විඳීමක් ඇති වෙයි.)
යං වේදේති තං සඤ්ජානාති
(වේදනාව නිසා හැඳිනගැනීම ඇතිවෙයි.)
යං පඤ්ජානාති තං විතක්කේති
(හැඳින්වීම නිසා විතර්කය හට ගනියි.)
යං විතක්කේති තං පපඤ්චේති
(විතර්කය (කල්පනා කිරීම)නිසා ප්රපඤ්චිත තත්ත්වයට එළඹෙයි.)
යං පපඤ්චේති තතෝ නිදානං පුරිසං පපඤ්ච සඤ්ඤා සංඛා සමුදාචරන්ති
අතීතානාගත පච්චුප්පන්නේසු චත්ථු විඤ්ඤාය්යසු රුපේසු....”(ඒ චප්පු රූපාදිය මුල් කාරණය කොටගෙන තෘෂ්ණා -දෘෂ්ටි-මානාදි ප්‍රපඤ්ච ධර්මයෝ අතීත අනාගත වර්තමාන යන තුන් කාලයට අයත් ඇසින් බලා දතයුතු වූ රූපයක් කෙරෙහි පුරුෂයා ග්‍රහණය කර සිටිති.)
මධුපිණ්ඩික සූත්‍රය ඉන්ද්රියයන් ඇසුරින් මිනිස් සිත ක්‍රියා කරන ආකාරය පියවරින් පියවර දක්වයි. විශේෂයෙන් මනසේ ක්‍රියාකාරිත්වය අනුව මිනිස් සිත චින්තනය හසුරුවන අයුරු දැක්වෙයි. (චින්තනයට භාෂාව අත්‍යවශ්‍ය නොවෙයි.) සිතේ හටගන්නා ‘සිතුවම්’ මගින් සිතේ ක්‍රියාවලිය ඇතිවන අයුරු මෙහි දැක්විණි
මධුපිණ්ඩික සූත්‍රයෙන් විවරණය කළ ඉන්ද්රියඥානයේ ප්රභවය පහත දැක්වෙන පරිදි තවදුරටත් කැටි කළ හැකිය.
මුල සිට ඵස්ස පච්චයා වේදනා යන ප්‍රකාශය දක්වා හේතුඵල ධර්මයට අනුව ඉබේ සිදුවන මානසික ක්‍රියාවලිය දැක්වෙයි.(1-3)
යං වේදේනි -තං පපඤ්චේති යනුවෙන් දැක්වෙන අවස්ථා (4-6) සකර්තෘක ක්‍රියාපද ස්වරූපයෙන් දැක්වෙයි.
ඉනික්බිතිව දැක්වෙන වාක්‍යයේ උක්තය “පපඤ්ච සඤ්ඤා සංඛා” ය. එහි ‘පුරිසං’ යනු අනුක්ත රූපයයි.
ඉන්ද්රීයඥානය මගින් චින්තනය ක්‍රියාත්මක වන අවස්ථා තුනක් මෙහි උගන්වයි. ප්‍රථම අවස්ථාවෙහි ඉඳුරන් විවෘතව ඇති බැවින් ක්‍රියාවලිය ඉබේ සිදුවෙයි. බාහිර විෂය වස්තූන් සුවිශේෂ අධ්‍යයනයකින් තොරව මූලික වශයෙන් හඳුනාගැනීම මෙමගින් සිදුවෙයි. පුද්ගලයා ප්‍රතික්‍රියා දක්වන අයුරු දෙවැනි අවස්ථාවෙන් කියැවෙයි. තුන්වැනි අවස්ථාවෙහිදී කාලය ඔස්සේ සිතුවිලි දාමය ක්‍රියාත්මක වන අයුරු ප්‍රකාශිත ය. අතීතයේදී මෙසේ වූයේය. වර්තමානයේ මෙසේ වෙයි. අනාගතයෙහි දී මෙසේ විය හැකිය. ආදී වශයෙන් කල්පනාව මෙහෙයවෙයි. ඇස්,කන්,නාසාදී ඉඳුරන්ගේ මාර්ගයෙන් රූපාදී අරමුණු හැඳින ගැනීමට ප්රයත්න දරයි. මෙලෙස ක්‍රියා කිරීමෙහි දී සිතුවිලි ජනිත වෙයි. අරමුණු විජාතනය කිරීමෙහිදී ඒ ඒ අරමුණුවලට මනසින් ඇගයුම් සැපයේ. හොඳ,සුභ, ලස්සන, සාධු අරමුණු විෂයෙහි ඇලීමක් ද නොහොඳ, අසුභ, අවලස්සන, අසාධූ අරමුණු විෂයෙහි ගැටීමක් ද ජනිත වෙයි. හොඳ- නරක වශයෙන් අරමුණු බෙදාගන්නේ ද අපේ මනස ය.
විඥිනය ඇතිවීමට විඥාකතාය සයක් අවශ්‍ය බව සූත්‍ර ධර්මවල සඳහන් වෙයි. චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය මන යනු ඒ හයයි. මේ ඊන්ද්රීය සය ඇසුරෙන් අපි බාහිර ලෝකය ගැන දැනුම ලබා ගනිමු. ඇස ඇසුරෙන් ඥානය ලබා ගැනීමට කරුණු තුනක් සම්පූර්ණ විය යුතුය.
නොබිඳුනු ඇසක් තිබීම
(අජ්ඣත්තිකං චක්ඛුං අපරිහින්නං හෝති.)
බාහිර වශයෙන් ඇති රූපය එම ඇසෙහි ක්ෂේත්රයට අසු විය යුතුය.
(බාහිරා ව රූපා අපාථං ආගච්ඡති)
එම වස්තුව පිළිබඳ සුදුසු අවධානයක් යොමු කළ යුතුය.
(තජ්ජෝ ච සමන්නාහාරෝ හෝති)
ඉන්ද්රීයඥානය නිසි පරිදි ඇතිවීමට මේ අංග තුනම සම්පූර්ණ විය යුතුය. අභ්‍යන්තර (පුද්ගලයා සතු) ඉන්ද්‍රීය ලෙස සලකන ඇස ආදී කොට ඇති ඉන්ද්රියයන් තිබිය යුතුය. ඒ ඉඳුරන් ද නොබිඳුණු (අපරිභින්න) තත්ත්වයක් ඉසිලිය යුතුය. මසැස වූ පමණින් රූප දැකිය නොහැකිය. නොබිඳුණු තත්ත්වයෙන් පැවතීම අත්‍යවශ්‍ය ය. ඇස ආදී ඉඳුරන් මනාව තුබූ පමණින් බාහිර ලෝකය පිළිබඳ අපට දත නොහැකි ය.
ඒ ඉන්ද්‍රියන්ට රූපාදී සවැදෑරුම් අරමුණු එළඹිය (ආපාතගමනය) යුතුය. චක්ෂුරින්ද්රියට රූපය අරමුණු විය යුතුය. එසේ අරමුණු වූ පමණින් ඒ වස්තුව පිළිබඳ ඥානය ඇති නොවේ. ඒ සඳහා අවධානයක් යොමු කළ යුතුය. ආවශ්‍යක ප්‍රත්‍යයන් අතුරින් මේ කරුණ ඉතා වැදගත්ය. අප මහමඟ ගමන් කරන කළ අපමණ රූප ශබ්දාදිය අරමුණු වෙයි. එහෙත් ඒවායින් අපේ අවධානය යොමු කරනු ලබන්නේ ඉතා ස්වල්ප විෂයෙහි පමණි. ඇසය රූප මුණ ගැසුණු පමණින් දැනුමක් නොලැබේ. ඒ ගෝචර වස්තුව වෙත අපේ අවධානය අභ්‍යන්තර වශයෙන් යොමු කළ යුතුය. මෙයින් පැහැදිලි වන ප්‍රධානතම කරුණ නම් අපේ සිත ඒ සඳහා යොමු කිරීම අවශ්‍ය බවය. සිත නොමෙහෙයවන්නේ නම් ඒ වස්තුව පිළිබඳ දැනුම් විශේෂයක් ද අප තුළ ජනිත නොවෙයි. මිනිසා බාහිර ලෝකය පිළිබඳ දැනුම ලබාගන්නේ මේ අයුරිනි.
ඉඳුරන්ගේ ක්‍රියාකාරිත්වය මගින් මානව පෞරුෂය කේන්ද්‍ර කොට ගෙන ආත්ම සංකල්පය (අස්මිමානය - මමත්වය) ප්රභවය ලබන බව බුදු සමය පැහැදිලිව දක්වයි.
“අවිද්‍යාවෙන් පැනනගින වේදනාවන්ගෙන් ස්පර්ශ කරනු ලබන නූගත් පෘථග්ජනයාට “මම සිටිමි” කියා ද, “මෙය මම වෙමි” කියා ද හැඟේ.(අවිජ්ජා සම්ඵස්සජේන වේදයිතේන පුට්ඨස්ස අස්සුතවතෝ පුටුජ්ජනස්ස අස්මි’ති පිස්ස හෝති, අයං අහං අස්මි’ති පිස්ස හෝති” - ඛන්ධ සංයුක්තය) සංවේදනීය භාවයෙන් යුත් ශරීරය මමය, මගේය යන හැඟීමෙන් යුක්තව සිත ක්‍රියා කරයි.
නාම ධර්මයන්ගෙන් හා රූප ධර්මයන්ගෙන් සමවායෙන් පුද්ගල ව්‍යුහය සැකසී ඇත. බුදුසමය පුද්ගලයා සෑදී ඇති අයුරු විග්රහ කරන්නේ මූලික වශයෙන් ම පඤ්චුපාදානස්ඛන්ධය මඟිනි. උපාද්‍රනය යනු දැඩි සේ අල්ලා ගැනීමයි. දෘඩ ග්‍රහණයයි. පුද්ගලයා නිරතුරුව තමාගේ යැයි අල්ලා බදා ගන්නා කොට්ඨාශ පහක් පඤ්ච උපාද්රනස්ඛන්ධය වශයෙන් ඉගැන්වෙයි.
රූප, වේදනා, සඤ්ඤ්ර, සංඛාර හා විඤ්ඤ්රණ යනු ඒ පහයි. “මගේ මුහුණ, මගේ අත, මගේ කකුල, මගේ ඇස, මගේ මොළය ආදී වශයෙන් අපි අපේ සිරුර අප සතු කර ගනිමු. “මම සුදුයි, මම උසයි, මම මිටියි” ආදී වශයෙන් පවසන්නේ තමාගේ සිරුර පිළිබඳ විස්තරයකි. මෙමගින් අප මනසින් නිර්මාණය කරන්නේ තමා සන්තක වන අනන්‍යතාවය. තමා සෙසු අයගෙන් වෙන්කොට දැක්වීමේ ප්රයන්තයකි. මෙමඟින් දෘෂ්ටිය ජනිත වෙයි. අපේ සිරුර හා බැඳුණු කොටස් හතරක් වේදනා, සඤ්ඤ්ර, සංඛාර, විඤ්ඤ්රණ යනුවෙන් දැක්වෙයි.
“මම දුක් විඳිමී, මම සැප විඳිමී, මම සැපෙන් සිටිමි” ආදී වශයෙන් අපි වේදනාවෙන් මමත්වය ග්‍රහණය කරමු. සුඛ දුක්ඛ වින්දනයන් සමඟ අපි අනන්‍යතාවක් ඇති කරගනිමු. සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ යන තෙවැදෑරුම් වේදනා “මම” “මාගේ” ආදී හැඟීමෙන් ග්‍රහණය කිරීම වේදනා උපාද්රනස්ඛන්ධයයි.
අපි යම් යම් දේ හඳුනා ගනිමු. යම් යම් දෑ පිළිබඳව ආකල්ප ඇති කරගනිමු. පුද්ගලයාගෙන් පුද්ගලයාට අදහස්වල සමතාවකට වඩා විෂමතාවක් දිස්වෙයි. එය ඔවුනොවුන්ගේ ඥාන මට්ටම් අනුව ද ඇති වෙයි. අප හදාරණ විෂයයන් අනුව ද පුද්ගල බද්ධ ආකල්පයන්හි විෂමතා ඇති වෙයි. එකම වස්තුවක් දෙස කීප දෙනෙකු බලන්නේ තම තමන්ගෙන් පුහුණු ක්ෂේත්රයට අනුව විවිධ දෘෂ්ටිකෝණ වලිනි. ළදරුවාට කාසිය සෙල්ලම් භාණ්ඩයකි. ගනුදෙනුකරුවාට මූල්‍යම භාණ්ඩයකි. කහවනු රන්කරුවාට විශේෂඥ දැනුම අනුව උපරිම සහ අවම වටිනාකම සහිත භාණ්ඩයකි. මේ ත්‍රිවිධ විවිධතාව පැනනගින්නේ ඔවුගේ දැනුම අනුවය. මේ සියළු අදහස් - ආකල්ප සඤ්ඤ්ර නාමයෙන් හැඳින්විය හැකිය. මේ සඤ්ඤ්ර ද මිනිසා මමත්වයෙන් සලකන බව සඤ්ඤ්ර උපාද්රනස්ඛන්ධයෙන් අවධාරණය කරයි. බුදුසමය දිට්ඨි උපාදානය විස්තර කරන්නේ මෙහි ප්‍රබලතාව දැඩිව අවධාරණය කරමිනි.
චේතනාව පෙරටු කොටගෙන කය, වචනය,සිත යන තිද්රෙරින් පහළවන ක්‍රියාවෝ ‘සංඛාර’ නම් වෙති. මේ ක්‍රියා අපි මමත්වයෙන් සැලකීමට හුරුපුරුදුව සිටිමු. ‘මම යමි’ ,‘මම කථා කරමි’ , ‘මම සිතමි’ ආදි ප්‍රකාශ මගින් අපි කායික, වාචසික හා මානසික ක්‍රියාවන්ට අනන්‍යතාව සමරෝපණය කරමු. මෙයින් ප්‍රකට වන්නේ ඒ ඒ පුද්ගලයාගේ අභිලාෂ, අපේක්ෂා, බලාපොරොත්තු, ප්‍රර්ථනා, ආවේග යනාදි සියල්ල සංඛාර උපාද්‍රන ස්කන්ධයට ඇතුළත් වන බවය.
චක්ඛු විඤ්ඤ්රණ ආදි වශයෙන් අප ඉඳුරන් මගින් ලබන දැනුම විඤ්ඤ්රණ උපාදාන ස්කන්ධයට අයත් වෙයි. ඉන්ද්රියවිඥ්රනය හේතුඵල න්‍යායට අනුව නොයෙක් වස්තූන්ගේ සමවායෙන් හටගන්නා නමුත් අවිද්‍යාව නිසා අපි ඒවාට මමත්වය ආරෝපණය කොට ‘මම දකිමි’, ‘මම අසමි’ ආදි වශයෙන් පිළිගනිමු.
පඤ්ච උපාද්රනස්ඛන්ධය පිළිබඳ බෞද්ධ ඉගැන්වීමෙන් ඒ හා එකට බැඳුණු, ‘මම’, ‘මාගේ’ ය යන ආකල්පයෙන් යුතුව පවතින එක් එක් පුද්ගලයා පිළිබඳවූ පෞද්ගලික සිත විවරණය කෙරෙන අයුරු පැහැදිලි වෙයි.
මිනිස් සිත පුදුමාකාර බව අපි දනිමු. “උපදින්නේ එකෙකි. මිය යන්නේ අනෙකකි. එවන් සූක්ෂ්මතර සිතට උපමාවක් පවා දැක්වීමට දුෂ්කරය’යි බුදුරජාණන් වහන්සේ වරක් වදාළහ. අත්තේන් අත්තට පනින රිළවකු මෙන් සිත අරමුණෙන් අරමුණට පනියි.
‘දූරංගමං ඒකචරං - අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති - මොක්ඛන්ති මාරබන්ධනා’
යනුවෙන් ධම්මපදය සිත විවරණය කළේ එබැවිනි. බුදුසමය සිත ප්‍රභාස්වර යැයි ද නමුත් එය ආගන්තුක ලෙස කෙලෙසුන්ගෙන් කිළිටි වී ඇතැයි ද අවධාරණය කරයි. එම සිත ආවරණ පහකින් වැසී ඇත. ඒ පහ පඤ්ච නීවරණය.
කාමච්ජන්ද
ව්‍යාපාද
ථීනමිද්ධ
උද්ධච්චකුක්කච්ච
විචිකිච්ජා
පසිඳුරන් පිනවීමට ඇති දැඩි ආශාව කාමච්ජන්දයයි. මෙහිලා මෛථූන සේවනය (ලිංගික චර්යාව) ප්රමුඛ වෙයි. මිනිසා ආශාවන් පසුපස හඹා යයි. ලිංගික චර්යාවෙහි ද සීමා (මර්යාද) ඇති කොට නොගනී. කම් සැප වීඳීමට නැඹුරු වූ සිත නිරතුරුව ප්රයත්න දරන්නේ සිය ආශා මුදුන්පත් කර ගැනීමටය. කාම සිතුවිලි ජාලයක් සේ සිත වේලාගත් කළ පුද්ගලයා ඒ සිතුවිල්ලේ වහළෙක් වෙයි. එවිට නිරතුරුව ඔහු උත්සාහ දරන්නේ සිය සිත උපන් ආශාව තෘප්තිමත් කිරීමටය. නිල් කණ්ණාඩියක් පැළඳු පුද්ගල යාට ලොව සියල්ල නිල් පැහැයෙන් පෙනෙයි. රුදුරු කාම සිතුවිල්ලේන් වැසුණු පුද්ගලයාට කාම සිතුවිලි තුනී කරගැනීමේ ප්රයන්තයක් ජනිත නොවෙයි. ඔහු උත්සුක වන්නේ තමාගේ කාම සිතවිලි තාප්ත කිරීමටය. කාමච්ජන්දය පවත්නා තුරු විවෘත මනසකින් වස්තු දෙස බැලීමේ ශක්තිය උත්පාදනය නොවෙයි.
පෘථග්ජන පුද්ගලයා තෘප්තියට පත් නොකොට ගත් මනසින් යුතුව (ඌනාව හුත්වාන ජහන්ති දේහං) මියැදෙන බව බුදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇත්තේ එබැවිනි.
ද්වේශයෙන් සිත කුපිත වීම ව්‍යාපාදයයි.අපේ ඉඳුරන්ට ගෝචර වන අරමුණු අපි වර්ග කරගනිමු. හොඳ - ලස්සන දේට ප්‍රිය කරමු. නොහොඳ - අවලස්සන දේට අප්‍රිය කරමු. මේ මානසිකත්වය අනුව ප්රියදේට ඇලෙමු. අප්‍රිය දේ සමඟ ගැටෙමු. ප්‍රිය දෙයෙහි කාමච්ජන්දය ඇති වෙයි. අප්‍රිය දෙයෙහි පටිඝය හෙවත් ද්වේෂය ඇති වෙයි. තරහයෙන් කුපිත සිතැති පුද්ගලයා අප්‍රිය අමනාප දෙයට විපත් කිරීමට - හිංසා පැමිණවීමට පෙළඹෙයි. ව්‍යාපාද යු එයයි. මේ සිතුවිල්ල ද නිබඳව ම සිත කිළිටි කරයි. ව්‍යාපාද ඇතිතාක් ලොව දෙස මැදිහත්ව - මෛත්‍රී සහගතව බැලිය නොහැකිය.
සිත -කය දෙක්හි ඇති කුසීතකම - කම්මැලිකම ථීනමිද්ධය යි. මානව ප්රගමනය සඳහා පුරුෂවීර්යය, පුරුෂපරාක්රමය අත්‍යවශ්‍ය ය. යුගයෙන් යුගයට මිනිසා ප්‍රගතිය කරා ළගා වූයේ පුරුෂවීර්යය නිසාය. පෞද්ගලිකව සැළකුව ද පුද්ගල ප්රගමනය සිදුවන්නේ පුද්ගලවීර්යය නිසයි. පුරුෂවීර්යයට බාහිර සාධක උපකාරී වීමට පුළුවන. එහෙත් පුද්ගලයා බැහැර කටයුතු දේ බැහැර ලා (නික්කමධාතු) සංවර්ධනය කළයුතු දේ අභිසංවර්ධනය ( පරක්කමධාතු) පත් කර ගත යුතුය. සිත - කය දෙකේ මැලිකම පුද්ගලයකු නිෂ්ක්‍රිය බවට පත් කරයි. එබඳු පුද්ගලයා කෙලෙස් වසඟයට පත්වීම අනිවාර්ය වෙයි. ජීවගුණයෙන් තොර මිනිසා තුළ කුශලතා (කෞශල්‍ය) වර්ධනයක් සිදු නොවෙයි. එබැවින් ථීනමිද්ධය පුද්ගල මානසිකත්වය ප්‍රදූෂ්‍ය කරයි.
සිතෙහි ඇති වන නොසන්සුන් බව උද්ධච්චකුක්කුච්ච නමින් හැඳින්වේ. එම නොසන්සුන් බව නොදැමුණු ඉන්ද්‍රියන්ගෙන් ද කළ වරද පිළිබඳ සිතේ බැදුණු කහටෙන් යුතුව පශ්චාත්තාපයෙන් ද උද්ගගත වෙයි. නොසන්සුන් සිතක් ඇති පුද්ගලයාට කළයුතු, නොකළයුතු දෑ තේරුම් - බේරුම් කරගෙන, බැහැරලිය යුතු දෑ බැහැර ලා වර්ධනය කළයුතු දෑ වර්ධනය කරලීමේ ශක්තිය නැතිව යයි. එම නිසා නොසන්සුන් මනස කර්මණ්ය (ක්‍රියාවට නැගිය හැකි) තත්ත්වයට පත් කරගැනිමට විශාල බාධාවකි.ඉන්ද්‍රියන්ගේ අසංවරභාවය හතේ සමාහිත බව ඇතිකර ගැනීමට විශාල බාධාවකි. කළ වරද පිළිබඳව නොනවත්වා පසුතැවිලිවීමෙන් ද හිත කර්මණ්ය තත්ත්වයට පත්කළ නොහැකිය. සිත කර්මණ්යත්වයට පත් නොවනතාක් භාවනා කිරීමට හිත නැඹුරු කළ නොහැකිය.
විචිකිජ්ජාව නම් සැකයයි. බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් හා කර්මඵල පිළිබඳ ඇති සැකය පමණක් නොවේ. ආත්ම විශ්වාසය අඩු තරමට ද සැකය ඇති වෙයි. නීවරණ ධර්මයන්ගෙන් වැසී ගත් සිත පිළිබඳ විවිධ විස්තර හා උපමා පාලි සූත්‍ර වල දක්වා තිබේ. ‘ජලය’ පිළිබඳ උපමාව පොදුජනයාට වටහා ගැනීමට ඉතා පහසුය.
කාමච්ජන්දයෙන් ආවරණය වූ සිත සායම් මුසු කළ ජලය හා බඳුය. ව්යාලාදයෙන් ආලෝලනය වූ සිත උතුරන ජලය හා සමානය. ථීනමිද්ධයෙන් වැසුණු සිත මතුපිට දිය සෙවෙල් බැඳුනු ජලය බඳුය. උද්ධච්චකුක්කුච්චයෙන් කැළඹුණු සිත රළ සහිත ජලය මෙනි. විචිකිච්ජාව වූ කලී අන්ධකාරයේ තිබෙන මඩ සහිත ජලය බඳුය. මෙලෙස අපවිත්‍ර තත්ත්වයට පත් ජලය කිසිම රූපයක නියම පිළිඹිඹුව දැක්වීමට අපොහොසත් වන්නාක් මෙන් පඤ්චනීවරණයන්ගෙන් වැසුණු සිත ද යමක යථා තත්ත්වය අවබෝධ කර දීමට අපොහොසත් වෙයි.
මිනිස් සිත උඩු සිත හා යටි සිත වශයෙන් බෙදා ඒ පිළිබඳව පර්යේෂණ දැනට නොනවත්වා සිදු වෙයි. මනෝවිද්‍යාඥයන් අතර මේ පිළිබඳ විවිධ මතවාද ද පවතියි. සාමාන්‍යයෙන් උඩු සිත 1/7ක් සේ සලකතොත් යටිසිත 6/7ක් වේ යැයි නූතන මනෝවිද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. සිතේ පවත්නා මේ තෙවැදෑරුම් ස්වරූපය අංගුත්තර නිකායේ සඤ්චේතනික වග්ගයේ පළමුවැනි සූත්‍රයෙහි ඉතා මනරම් සේ විස්තර කොට ඇත. එහිදී භාවිතා කොට ඇත්තේ සම්පජාන හා අසම්පජාන යන වචන දෙකයි. සම්පජාන - අසම්පජාන යන දෙකොටසට අයත් කායසංඛාර, වචීසංඛාර සහ මනෝ සංඛාර ඇත. අප දැනුවත්ව සිදුකරන කායික ක්‍රියා සම්පජාන කායසංඛාර වෙයි. ආහාර ජීර්ණය, රුධිර ධාවනය වැනි අපේ සච්ඤ්ඤණිකත්වයෙන් තොරව ශරීරය තුළින් සිදුවන ක්‍රියා අසම්පජාන සංඛාර වෙයි.
ප්‍රසිද්ධ රැස්වීමකදී කතාවක් පවත්වන විට, කවියක්, සින්දුවක් ගායනා කරන විට එය සිදුකරන්නේ වචී සංඛාර අනුවය. අනුන්ගේ කතාවකට, ගායනයකට සවන්දෙනවිට ද සම්පජාන වචී සංඛාරය ඇතිවෙයි. අසම්පජාන වචී සංථාර යන්නෙන් යටි සිතෙන් උද්ගතව වාචෝද්ගත වන වචන අදහස් කෙරේ. එසේ නොමැති නම් ස්මරණයෙන් මතු කරගත නොහැකි යටිසිතට කිඳා බැසගත් වාචසික අත්දැකීම් ද විය හැකිය.
ඒ ඒ පුද්ගලයන් විසින් ඇති කරගනු ලබන චිත්තජ රූප සටහන් සම්පජාන මනෝ සංඛාරය. පතපොත, චිත්‍ර, මූර්ති, චිත්‍රපටි දර්ශන ආදී විවිධ ක්ෂේත්රයන් හදාරන අය තුළ සම්පජාන මනෝ සංඛාර පැනනගියි. කාලාන්තරයක් තිස්සේ යටිසිතට බැසගෙන ක්‍රියාශීලි වන චිත්තජ රූප අසම්පජාන මනෝ සංඛාර ලෙස හඳුනා ගත හැකිය. නිදිගත් කල උඩුසිතට මතුව එන්නේ මේවාදැයි අනුමාන කළ හැකිය.
සම්පජාන - අසම්පජාන යන විග්‍රහය අනුව සිත, කායික - වාචසික හා මානසික ක්රියාද්රමයන් මගින් සර්වාංගව්යාප්තව සමස්ත පෞරුෂය සිසාරා පවතින බව සිතීමට පුළුවන.
පාලි සූත්‍ර ධර්මවල සිත පිළිබඳ විවිධ විස්තර විවරණ ඇතුළත් ව ඇති බව අපි දනිමු. ඒවා අතුරින් ප්රමුඛ විවරණ තුනක් විත්ක්කම, පරියුට්ඨාන හා අනුසය වශයෙන් උගන්වනු ලැබෙයි. මෙමගින් සිතේ මට්ටම් තුනක් ඉදිරිපත් කැරෙන බව පිළිගැනීමට පුළුවන.
කායික හා වාචසික සංවර බව බිඳ දමමින් සිතේ පවත්නා හැඟීම් පිටතට පනින ස්වරූපය විතික්කම නම් වෙයි. ඇතැම් පුද්ගලයන් කෝපාවිශ්ටව අනුනට බැණ වැදීම, පහරදීම මෙහි ප්රතිඵලයයි. මේ තත්ත්වය හීලයෙන් පාලනය කරගත හැකි යැයි ඉගැන්වේ.
කායිකව හා වාචිකව පිටතට නොපැන, උඩුසිත කළඹන ස්වරූපය පරියුට්ඨාන නම් වෙයි. පුද්ගල සන්තානයෙහි උද්ගතවන ආවේග කායික - වාචසික වශයෙන් පිටතට පුපුරා නොගොස් උඩුසිත කැළඹිල්ලකට පත්වන අවස්ථා අපට දැනෙයි. සමථභාවනාව මගින් මේ තත්ත්වය පාලනය කළ හැකිය.
පුද්ගල සන්තානය තුළ නිලීනව, අප්රකටව, රහසිගතව ආවේගයෝ පවතිති. ඒවා අනුසය ධර්ම ය. මේවා වංචනික ලෙස ද හඳුන්වා තිබේ. විපස්සනා භාවනාව මඟින් මේ තත්ත්වය පාලනය කළ හැකිය. විතික්කම, පරියුට්ඨාන හා අනුසය යන චිත්ත ස්වභාවය සිතේ ස්තර හෙවත් මට්ටම් තුනක් හෙළි පෙහෙළි කරයි. මේ ආවේගයෝ වක්රාකාරය. සමහරවිට විතික්කම, පරියුට්ඨාන යන අවස්ථා දෙක ආක්‍රමණය කරමින් අනුසය අවස්ථාවම පුද්ගලයාගෙන් ප්‍රකට වීමට ඉඩතිබේ. ඒ නිසා මේ අවස්ථා තුන පිළිවෙලින් පහළවන ස්වරූප තුනක් සේ නොපිළිගත යුතුය. මේ මානසික ක්‍රියාකාරිත්වය සීල - සමාධි - ප්රඤ්ඤ්ර යන ත්රිශික්ෂාවන් ප්‍රගුණ කිරීමෙන් නැසිය හැකි බව බෞද්ධ පිළිගැනීමයි.
සිතේ පහළ වන විවිධ කෙළෙස් දහම් හැඳින්වීම සඳහා බුදුසමය විවිධ වචන භාවිතා කොට ඇති බව අපි දනිමු. පෙළ පොත්වල බහුල වශයෙන් භාවිතා කළ තවත් වචනයකි ආසව යන්න. ඉඳුරන්ගේ මාර්ගයෙන් සිත තුළට ගලා එන ක්ලේශ ‘ආසව’ ලෙස සැලකිය හැකිය. ඉඳුරන් මගින් සිතට ගලා එන ආශා යටිසිතේ මෝරමින් පවතියි. එබැවින් ඒවා ‘ආසව’ ය. කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව යනුවෙන් එය සිව්වැදෑරුම් වේ.
කෙළෙස් දහම් සිතේ ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපායි. එබැවින් ඒවා බන්ධන හෙවත් සංයෝජනය. ඒවා දහයකි. ඒ දහය නිදහස් චින්තනයට සපුරා බාධාකර ලෙස පවතියි.
මිනිස් සිතේ තවත් ප්‍රබල ක්‍රියාකාරිත්වයක් ‘මඤ්ඤනා’ නමින් හැඳින්වෙයි. මේ පිළිබඳ අතිශය දාර්ශනික විවරණයක් මජ්ක්‍ධිම නිකායේ සූත්‍රය වන මූල පරියාය සූත්‍රයේ ඉදිරිපත් කෙරේ.
“අස්සුතවා පුථුජ්ජනෝ පඨවිං පඨවිතෝ සඤ්ජානාති
පඨවිං පඨවිතෝ සඤ්ඤත්වා පඨවිං මඤ්ඤති, පඨවියා මඤ්ඤති.
පඨවිතෝ මඤ්ඤති, පඨවිං මේති මඤඤ්ති, පඨවිං අභිනන්දති.
තං කිස්ස හේතු? අපරිඤ්ඤ්රතං තස්සාති වද්රමී”
අශ්‍රැතවත් (ධර්මය නොඇසූ) පෘථග්ජනයා පොළොව , පොළොව වශයෙන් හඳුනා ගනියි. පෘථිවිය, පෘථිවිය වශයෙන් හඳුනාගෙන නිච්ච, සුඛ, අත්තා අනුව සිතයි. පෘථිවියෙන් සිතයි. පෘථිවියෙන් කියා සිතයි. පෘථිවිය මගේ යයි සිතයි. පෘථිවිය ගැන සතුටු වෙයි. ඊට (එසේ සිතීමට) හේතුව කුමක්ද? පෘථිවිය පිළිබඳ නිසියාකාර ලෙස නොදැනීම යයි කියමි”
භාෂාව ඇසුරු කොට සාවද්‍ය චින්තන හටගන්නා අයුරු මෙයින් ප්‍රකට වෙයි. අනිච්ච, දුක්ඛ, අනන්ත වශයෙන් සැලකිය යුතු දැ නිසි වැටහීම නොමැති නිසා වැරදි ලෙස ග්‍රහණය කිරීම මෙයින් පැවසෙයි.
“යේන යෙනහි මඤ්ඤන්ති - තතෝ තං හෝති අඤ්ඤථා” යන සුත්ත නිපාතගත සල්ල සුත්‍රයේ ගාථාවෙන් යමක් පිළිබඳ විපරිත ලෙස සිතීම ‘මඤ්ඤතාව’ බව දක්වා ඇත. මේ තත්ත්වය නිසා චතුර්විධ විපර්යාස (විපල්ලාස) හට ගනියි. අනිත්‍යය දෙය නිත්‍ය ලෙසත්, අසුභ දෙය සුභ ලෙසත් ආදී ලෙස අප විෂය ලෝකය ග්‍රහණය කරන්නේ අපේ බුද්ධියේ විපරිත බව නිසාය.
මෙලෙස සිත කිළිටි කරන කරුණු සමුදායක් සූත්‍ර ධර්මවල උගන්වා තිබේ. සිත කිළිටි වූ කළ පුද්ගලයාට තමා වෙත එළඹිය හැකි අර්ථ - අනර්ථ නොදැනයි. කළ යුත්ත නොකළ යුත්ත නොදැනෙයි. කිළිටි වූ සිතෙන් කිසිකලෙකත් යහපතක් සිදු නොවෙයි. කෙරෙන්නේ තමාටත් අනුන්ටත් අයහපතක්ම ය. සිත කිළිටි වීමෙන් ආරක්ෂා නොකර ගත් පුද්ගලයෝ දුකින් දුකට ම පත් වෙති.
“සොරෙක් සොරෙකු දැක ඔහුට යමක් කරන්නේ ද, එසේ ම බද්ධ වෛරක්කාරයෙක් හෝ තමන් කෙරෙහි බද්ධ වෛර ඇති එකකු දැක යමක් කරන්නේ ද වැරදි සේ තබන ලද සිත එයට වඩා බරපතල හානියක් ඔහුට කරන්නේ ය.”
“දීසෝ දීසං යං තං කයිරා - වේරී පන ේරීනං
මිච්ජා පනීහිතං චිත්තං - පාපියෝ නං තතෝ කරේ”
කිළිටි සිත පුද්ගලයාට සතුරෙකුට වඩා හානි පමුණුවන බව මෙයින් ප්‍රකාශ වෙයි. එසේ ම මනා කොට ආරක්ෂා කළ සිත (පිරිසිදු සිත) ඒ පුද්ගලයාට උද්රර මෙහෙයක් ඉටු කරන බව ද බුදුසමය පිළිගනියි.
“සඟ මොක්සුව ලබාදෙන කාරණය මව නොකරන්නීය. පියා නොකරන්නීය. තවද සෙසු ඥාතීහු ද හෝ නොකරන්නාහුය. මනාකොට පිහිටුවන ලද සිත ඒ හේතුවෙන් ඒ පුද්ගලයා ඉතා උමතු කරන්නේය.”
“න තං මාතා පිතා කයිරා - අඤ්ඤේ වා’පිච ඤතකා
සම්මා පනීහිතං චිත්තං - සෙය්යසෝ නං තතෝ කරේ”
සිතේ ස්වරූප දෙකක් පිළිබඳ මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ සඳහන් වෙයි. අයෝනිසෝ මනසිකාරය (හේතු යුත්තකින් නොදැන මෙනෙහි කිරීම) නිසා නූපන් ආශ්‍රවයෝ උපදිති. උපන් ආශ්‍රවයෝ මනාව වැඩෙති. යෝනිසෝ මනසිකාරය නිසා නූපන් ආශ්‍රවයෝ නූපදිති. උපන් ආශ්‍රවයෝ ප්‍රභීණ වෙති.
“යෝනිසෝ ච මනසිකාරං, අයෝනිසෝ ච මනසිකාරං. අයෝනිසෝ භිකිඛවේ මනසිකරෝතෝ අනුජ්පන්නා වේ’ව ආසවා උජ්පජ්ජන්ති. උජ්පන්නා ච ආසවා පවඩ්ඪන්ති, යෝනිසෝ ච භික්ඛවේ මනසිකරෝතෝ අනුජ්පන්නාවේ’ව ආසවා නූපජ්ජන්ති, උජ්පන්නා ච ආසවා පහීයන්ති”
සිත කිළිටිවීමෙන් සත්ත්වයා කිළිටිවන බවත්, සිත පිරිසිදු වීමෙන් සත්ත්වයා පිරිසිදු වන බවත් (චිත්ත සංකිලේසා භික්ඛවේ සත්තා සංකිලිස්සති, චිත්ත චෝද්රනා විසුජ්ක්ධන්ති) බුදුරජාණන් වහන්සේ වද්රළේ එබැවිනි.
යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ලොව දෙස බලන භාවනානුයෝගී පුද්ගලයාට අසුභය, අසුභය ලෙසත්, අනිත්‍ය , අනිත්‍ය ලෙසත්, දුක්ඛය, දුක්ඛය ලෙසත්, අනාත්මය අනාත්මය ලෙසත් ප්රත්යක්ෂ වෙයි. සම්යක්ඥ්රනයට ඉන්ද්රියාර්ථ විපරිත ලෙස හසු නොවේ. බුද්ධිය යහපත් වූ වාට සාරගී ලෙස පෘථග්ජන පුද්ගලයාට හැඟෙන දේ ප්රඥ්රවන්තයාට විරාගී ලෙස පෙනේ. එවිට මේ ලෝකය කෙරෙහි ඇලීමට ඔහුට කිසිම හේතුවක් නොපෙනේ. විරාගී ලෙස ලෝකය දකින ඔහු ලොව කෙෙ5රහි කළකිරෙයි. විරාගයට පැමිණෙයි. යථාභූත ඥාන දර්ශනය ඇති කර ගැනීමට ඔහුට පිළිසරණ වන්නේ සීල - සමාධි - පඤ්ඤ්ර යන ත්‍රීශික්ෂාව යි