කය සහ සිත පිළිබඳව බෞද්ධ විවරණය
කය සහ සිත පිළිබඳව විවිධ ගැටළු ලොව පුරා දාර්ශනිකයන් විසින් නිරතුරුව ම සාකච්ජා කෙරෙන හෙයින් බෞද්ධ අභිධර්මය මේ සම්බන්ධයෙන් කවර ස්ථඛාවරයක් ගන්නේ දැයි සොයා බැලීම අවශ්‍ය ය. සාමාන්‍යයෙන් බොහෝ භාරතීය චින්තකයන් සිත ආත්මය හා සම්බන්ධ කොට සාකච්ජා කර ඇති හෙයින් බුදුසමය මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නේ ද ආත්ම සංකල්පය සමඟ ද සම්බන්ධ කරමිනි. කය සහ ආත්මය හෙවත් ජීවය එකක් ද, දෙකක් ද යන්න පිළිබඳව විවිධ විවාද බුද්ධ කාලයේ ම පැවතුණු බවත් බුදුරදුන් මෙම විවාදයේ දී සරල පිළිතුරු දීමෙන් වැළකී ගැඹුරු දාර්ශනික විග්‍රහයක් කරා ශ්‍රාවකයන් මෙහෙය වූ අයුරුත් ත්‍රිපිටකයෙන් පෙනේ. ස්ථීර වූ නිත්‍ය වූ ශාස්වත වූ ආත්මයක් පිළිබඳ පැවැත්ම බුදුසමයෙන් ඒකාන්ත වශයෙන් ම ප්‍රතික්ෂේප වෙයි. එහෙත් එම ආත්ම ප්රතික්ෂේපය සිදු කර ඇත්තේ නිත්‍ය - අවිපරිණාමී පද්රර්ථයන් පිළිබඳ වූ නිර්වචනය පාදක කරගෙන හෙයින් ආත්මයක් ප්‍රතික්ෂේප කළ පමණින් මානසික පැවැත්මක් ප්‍රතික්ෂේප නො කෙරෙයි. පටිච්ච සමුප්පන්න මනසක් පටිච්ච සමුප්පන්න කයක් සමඟ පරස්පර සම්බන්ධතා සහිත ව අනිත්යත්ව සන්දර්භයක් තුළ ක්‍රියාත්මක වන බව බුදුරදුන්ගේ ඉගැන්වීම් තුළින් පැහැදිලි වෙයි.
ද්රර්ශනිකයන් අතර ගත හා සිත එකිනෙකට බලපාමින් ක්‍රියාත්මක වන බව කියන්නෝ මෙන් ම මනස හුදෙක් කයෙහි ම අතුරු ඵලයක් ලෙස හඳුන්වන්නෝ ද වෙති. දෙවැන්න පිළිගන්නා බොහෝ භෞතිකවාදීහූ සිතක් පිළිබඳව කතා කිරීම පවා බොළඳකමක් සේ හෙළා දකිති. සමහර විචාරකයන් බුදුදහම හෙළා දකින්නේ ද විඤඤණවාදයක් ලෙස එයට නිගරු කරමිනි. සිත භෞතික දේට වඩා ප්‍රධාන වන බව හා සිතෙන් භෞතිකය ඇරඹෙන බව විඤඤණවාදයේ කියවේ. බුදුදහම භෞතිකය හෝ විඤඤණය පිළිබඳව එකක් අනෙකට වඩා විශේෂ වැදගත් කමක් ඇති සේ දක්වන චින්තනයක් නොව අවශ්‍ය තැන අවශ්‍ය පරිදි අවශ්‍ය දේට අවධාරණය දෙමින් පටිච්ච සමුප්පාදය පදනම් කරගනිමින් කරුණු පැහැදිලි කරන්නකි.
මිනිසා ගතකින් මෙන් ම සිතකිනි ද යුක්ත බව සාමාන්‍ය පොදු පිළිගැනීමකි. මේ දෙක අන්‍යෙන්‍ය අසම්බන්ධ ව ස්වාධීනව පැවතිය හැකි දේ ලෙස වෙන් කිරීම ඉතා සරල සිතුවිලි ක්‍රමයක් මිස ද්රර්ශනික පරිණතියක් පදනම් කරගත් අදහසක් නොවේ. බුදුදහම සිත හා කය අතර විවිධ සම්බන්ධතා ඉදිරිපත් කර ඇති බව මෙහිදී අප තේරුම් ගත යුතුය. සිත වඩන්නට භාවනා කරන්නකුට කායික නීරෝගීතාව අතිශයින් අද්රළය. එයින් හැඟෙන්නේ සිතට කය ආධාරකව බද්ධව පවත්නා බවය. මිනිසාගේ ජීවිතය ආයු, උස්මා යන විඤඤණ (ආයුෂ, උෂ්ණය හා විඥනය) යන ත්‍රිවිධ සාධක සමඟ බැඳී පවත්නා බවත් ඒවා ඉවත් වූ විට මරණය සිදු වන බවත් මුලික බෞද්ධ ඉගැන්වීමි වල දැක්වෙයි. මෙයින් පෙනී යන්නේ ජීවිතිනිද්රියට කායික පදනමක් මෙන් ම මානසික පදනමක් ද ඇති බවය. එමෙන් ම බුදුසමයෙහි පුනර්භවයක් ද පිළිගැනෙන හෙයින් විඤඤණය මරණින් පසු උච්ජේද වීමක් සිදු නොවන බවත් පෙනේ.
පාලි අභිධර්මයේ දී විවිධ රූප කලාප ගැන ඉදිරිපත් කර ඇති විග්‍රහවලදී රූප හා බැඳුණු කිසිම අවිනශ්වර සනාතන පද්රර්ථයක් උගන්වා නැති බව මෙහි දී සැලකිල්ලට ගත යුතුය. රූපය ද අනිත්‍ය බව නිරතුරුව ම දක්වා ඇත. එමෙන් ම ඉත්‍ථීන්‍ද්‍රිය, පුරිසින්‍ද්‍රිය, කාය විඤඤත්ති වැනි උපද්‍ර රූප ගණයට අයත් ඉන්ද්රිය පිළිබඳව දැනුමක් ලබාගත හැක්කේ මනසින් පමණකි. අනික් අතට ඉන්ද්‍රීය ඥනය ලැබීෙම්දී චක්ඛු විඤඤණ ආදී ඉන්ද්‍රීය විඤඤණ පහළ වන්නේ කායික ඉන්ද්‍රීය හා ආරම්මණය (අරමුණු) ද පදනම් කර ගනිමිනි. ඒ සඳහා මනස යොමු කර තිබීම ද අවශ්‍යය. මෙය අභිධර්මාගත භවංග චිත්තය සමඟ සම්බන්ධ කර විස්තර කරනු ලැබේ. පටඨානප්පකරණයේ දී මනසෙහි සම්භවයට පදනම් වන වත්ථු රූපයක් ගැන කියවෙන අතර බුද්ධඝෝෂ හිමියෝ විසුද්ධි මග්ගයේ දී එය හදයවත්ථු රූප වශයෙන් විස්තර කරති.
මේ සම්බන්ධ ව සාකච්ඡා කිරීමේදී අදාළ වන වැදගත් උපාදාය රූප දෙකක් වූ කාය හා වචි විඤ්ඤත්ති පිළිබඳ ව මෙහිලා සාකච්ඡා කිරීම වැදගත් ය. මෙම උපාදාය රූප කායික වචනයට හා කතා කිරීමට පදනම් වෙති. මේ රූප අනිකුත් රූප මෙන් නොව එම ක්‍රියාව සිදු වන අවස්ථාව තුළ පමණක් පවතියි. අටුවාවලදී මෙම රූප හුදු පඤ්ඤත්ති රූප වශයෙන් දැක්වේ. මෙම උපාදා රූපයෝ වායු හා පඨවි රූපයන්ගේ ප්‍රයෝගයෝ වෙති. එහෙයින් මේවා චිත්තය සමග සම්බන්ධ වන්නේ වෙනස් අයුරකිනි. අනිකුත් චිත්තජ රූප මනස සමග මීට වඩා සෘජු ව සම්බන්ධ වෙයි. එහෙත් රූප යනු සිෙතන් මවාගත් දේ නොවේ. චිත්තජ රූපයෝ මානසික සාධක හා අනිකුත් රූප සමග සමවායයෙන් ජනිත වෙති. එනම් ඡන්ද, චිත්ත, විරිය, විමංසා, චේතනා හා ඣාන එම මානසික සාධකයෝ වෙති.
ධ්‍යාන ලාභීන්ට මනෝමය කායයක් ලැබ භෞතික ශරීරයෙන් පිටතට යාමට හැකියාවක් ඇති බව ද ඉගැන්වේ.එය මනසට නොපෙනේ. ඍද්ධිමය වශයෙන් ද මෙබඳු කායයන් නිර්මාණය කිරීම හැකි වෙයි. මෙය කරන්නේ භාවනා බලයෙන් යම්කිසි මහා භූත විශේෂ වශයෙන් ගෙන අනෙකුත් මහා භූත ද එයට ම පරිවර්තනය කර ගැනීමට හැකි තත්වයට ගැනීමෙනි. නිදසුනක් වශයෙන් පෘථිවියට ප්‍රවිෂ්ඨ වීම (පොළොවෙහි කිමිඳීම) පිණිස ආපො ධාතුව බවට පඨවි ධාතුව පරිවර්තනය කිරීම සඳහා භාවනා කිරීම අවශ්‍ය වෙයි.
කාය - චිත්ත භේදය පිළිබඳ ව අභිධර්මයෙහි එන විග්‍රහය කියවන විට අපට පැහැදිලි වන්නේ කය හා සිත වශයෙන් අන්‍යෙන්‍ය ප්‍රතිවිරුද්ධ අසම්බන්ධ පද්රර්ථ යුග්මයක් ගැන එහි නොකියවෙන බවයි. කය හා සිත එකිනෙකට අසම්බන්ධ දේ නොවේ. මේ දෙකම නිරන්තරව වෙනස් වන සංස්කාර ධර්ම පද්ධති වෙති. ප්රත්යයන්ගෙන් තොරව ඒවායේ සම්භවය සිදු නොවේ. මෙම සංස්කාර ධර්ම පද්ධතියේ සාමාන්‍ය ගලා බැස්ම කෙරෙහි භාවනාව මගින් යම් යම් බලපෑම් ද වෙනස් කිරීම් සිදු කළ හැකිය.
ලොව සියල්ල පැහැදිලිව වෙන්වෙන් ව පද්රර්ථ වශයෙන් සරලව පවතිතියි සිතන්නවුනට මෙම සූක්ෂම හා සංකීර්ණ තත්වය තේරුම් ගැනීම අපහසුය. එහෙයින් ඔවුහු තම අති සරල චින්තනය පදනම් කරගෙන සිත හා කය එකක් ද දෙකක් ද වැනි බොළඳ ප්‍රශ්න නඟති. එවිට කළ යුතුව ඇත්තේ එම ප්‍රශ්න ඉවත දැමීමය. බුදුරදුන්ගෙන් ‘යං ජීවං තං සරීරං අඤඤං ජීවං අඤඤං සරීරං’යනුවෙන් විමසුවනට පිළිතුරු නොදී ඒවා අව්‍යාකෘත ප්‍රශ්න ලෙස දක්වා ඇත්තේ එහෙයිනි. මේ දෙක්හි අන්‍යෙන්‍ය සාපේක්ෂක පැවැත්ම “නාම - රූප” දෙක නිතරම යුගල පදයක් ලෙස දැක්වීම මඟින් පැහැදිලි කරගත හැකි ය.