භෞතික ලෝකය පිළිබඳ බෞද්ධ විග්‍රහය
ථෙරවාදී බුදුදහම සූත්‍ර හා අභිධර්ම පිටක දෙක්හි ම භෞතික ලෝකය පිළිබඳ ව විග්‍රහයක් ඉදිරිපත් කරයි. මෙම විග්රහ ඉදිරිපත් කර ඇත්තේ බුද්ධ ශ්‍රාවකයනට ලෝක තත්වය පිළිබඳ අවිපරිත අවබෝධය ලබා ගැනීම සඳහා මාර්ගෝපදේශ වශයෙන් මිස විද්‍යාඥයන් මෙන් හුදු ශාස්ත්‍රීය ඥානයක් ලබා දෙනු පිණිස නො වේ. එහෙයින් ලෝකයෙහි නිර්මාණය, ව්‍යූහය, රසායනික යථාතත්වය බඳු කරුණු දැනගැනීම සඳහා නොව විශ්වව්යාජි අන්ත්යතා ව, දුක්ඛතාව හා අනාත්ම ලක්ෂණය තේරුම් ගැනීම සඳහා ම අභිධර්මය හදාළ යුතු වෙයි. මෙයින් අදහස් කරන්නේ අභිධර්මාගත භෞතික ලෝක විග්‍රහය අශාස්ත්‍රීය හෝ විද්‍යා විරෝධී බවක් නොවේ. අභීධර්මාගත විග්‍රහය වර්තමාන විද්‍යාඥානය අනුව විද්යි විරෝධි නොවන නමුත් එබඳු තුලනයක් කිරීම සාධාරණ නොවන්නේ විද්‍යාව තම නිගමන පිළිබඳ අවසානයට තවම එළැඹී නැති හෙයින් සහ තවමත් නිගමන වෙනස් කිරීමෙන් ගවේෂණ කාර්යයෙහි නිරත ව සිටින හෙයිනි.
භෞතික ලෝකය සත්වයන්ගේ උත්පත්ති ස්ථාන වශයෙන් ගතහොත් කාම හා රූප වශයෙන් ද්විවිධ වෙයි. අරූප ලෝකය අභෞතික හෙයින් එය මෙහිලා නො ගැනේ. කාමපලා්කය, නිරය, තිරච්ඡාන යෝනි, පේතලොක, අසුර ලෝක, මනුස්ස ලෝක හා සදිව්‍ය ලෝකයෙන් සමන්විත වෙයි. රූප ලෝකයට රූප බ්‍රහ්ම ලෝක (16) අයත් වෙයි. (අරූප ලෝකයන්හි රූපස්කන්ධය නොමැති හෙයින් එය අභෞතික නාමස්කන්ධ ලෝකය සේ හැඳින් වේ. ) මෙම ප්‍රදේශ ‘අව්වර ‘ වශයෙන් ද හැඳින්වෙයි.
භෞතික රූප පිළිබඳ විග්‍රහය මුළුමනින් ම පාහේ අභිධර්මයෙන් ම දත යුත්තක් දැයි හැඟෙන තරමට ඒ පිළිබඳ තොරතුරු සූත්‍ර පිටකයෙහි විරල ය. සූත්‍ර පිටකයෙහි පඨවී, ආපෝ, තේජෝ, සහ වායෝ යන මහා භූත සතර ගැන නිතර සඳහන් වෙයි. සියළු භෞතික රූප ප්‍රතිත්‍ය සමුත්පන්න සංස්කෘත ධර්ම බව පෙන්වා දීම අරමුණු කරගත් විග්‍රහයක් වශයෙන් සූත්‍රාගත විවරණය හැඳින්විය හැකිය. සාමාන්‍යයෙන් නාම ධර්ම (චිත්-චෛතසික) වලට වැඩි කාලයක් රූප ධර්ම පවත්නා බව සූත්‍ර පිටකයෙහි දැක්වේ. එහෙත් ඒ කවර අනුපාතයකින් දැයි දක්වා නැත. ඒ පිළිබඳ ව විස්තර කරන්නේ අභිධර්මයේ ය. විත්තක්ෂණ17 ක් ගෙවී යන තුරුම රූපක්ෂණයක් පවත්නා බව අභිධර්මය දක්වයි. මනුෂය ශරීරය හා සිත අන්‍යොන්‍ය සාපේක්ෂ සම්බන්ධයක් ඇතිව ජීවිතය පවත්වා ගෙන යන අතර බාහිර ලෝකයේ රූප සිතෙන් ස්වාධීන ව හුදු භෞතික පැවැත්මක් ම ඇතිව පවතින බව මිලින්ද ප්රශ්නය අනුව පැවසිය හැක.
ථෙරවාදී අභිධර්මයට අනුව රූපධර්ම (හෙවත් භෞතික රූප) සත්විසි වැදෑරුම් හෝ අටවිසි වැදෑරුම් වෙයි. විසි අටක් බවට පත්වන්නේ අටුවාවන්හි දී හදයවත්ථු රූපයද එයට එකතු කරන හෙයිනි. රූප ධර්ම ප්‍රධාන වශයෙන් ගණ දෙකකට බෙදනු ලැබේ. එනම් මහාභූත හා ඒවායේ උපාදා රූප වශයෙනි. මෙම ප්‍රභේදය සර්ව සංග්‍රාහක හෙයින් සමස්ත භෞතිකය ම (සබ්බං රූපං) මෙයට ඇතුළත් කරනු ලැබේ. මහාභූත රූප නම් පඨවී, ආපො, තේජෝ, වායෝ යන හතරයි. මේවා මූලික හෙවත් ප්‍රාථමික රූපයෝ වෙති. උපාදා රූප නම් ඒ මූලික රූප කෙරේ යැපෙන හෙවත් ප්‍රාථමික රූපයෝ වෙති. උපාදා රූප නම් ඒ මූලික රූප කෙරේ යැපෙන හෙවත් ඒවායේ බලපෑම ලබා පවතින ඍූපයෝය. සත්වයාගේ නාම රූපය (සිත-ගත සංයුක්ත පැවැත්ම) නිර්මාණයෙහි ලා එක් වී ඇති භෞතික රූපයට අජඣත්ත රූප යන නම ද සත්ව ශරීරයෙන් පරිබාහිර ව පවත්නා භෞතික රූප බහිද්ධා හෙවත් බාහිර රූප වශයෙන් ද හැඳින් වේ.
රූප නමින් මෙම භෞතික වස්තු හඳුන්වනු ලබන්නේ කවර හෙයින්ද? සූත්‍ර පිටකයෙහි රූප නිර්වචන කරන්නේ රූප්පතීති ඛො භික්ඛවෙ තස්මා රූපංති වුච්චති, කෙන රූප්පති? සීතෙන පී රූප්පති, උණොභන පී රූප්පති, ජිගවජායපී රූප්පති, පිපාසාය පි රූප්පති, ඩංස, මකස, වාතප්ප සිරිංසප සම්ඵ සේසනපි රූප්පති යනුවෙනි. සීත, උෂ්ණ හා පිපාසා මැසි මදුරු වැනි සාධක මගින් සම්බාධයට, හිරිහැරයට, වෙනසට භාජනවීම ලක්ෂණය කර ගෙන රූප යන නාමය යෙදෙතැ යි ඉන් කියැවේ. අභිධර්ම සම්ප්රදායද මෙම අරුතම දක්වයි. කැළඹෙයි (කප්පති) පීඩාවට පත්වෙයි. (පිලීයති) කැඩී බිඳී යයි.( භීජ්ජති) යන අර්ථයෙන් රූප නම් වන බව අභීධර්මයෙහි දැක්වේ. රූපයෙහි අනිත්‍ය බව පරිණාමි බව කෙරේ විශේෂ අවධානය යොමුකර නිර්වචන කර ඇත්තේ රූප විග්‍රහය ලෝක තත්වාවබෝධය තුළින් ආගමික අරමුණු සනාථ කර ගැනීම අරභයා කරන්නාක් නිසාය. කෙසේ වුව ද විශ්වව්යාජි අනිත්‍යය හෙවත් ගතිකත්වය සමස්ත භේතිකයේ ම ලක්ෂණය සේ වර්තමාන විද්‍යාඥයන් වුව ද පිළිගන්නා බව මෙහි දී සටහන් කළ හැකිය. බෞද්ධ නිර්වචනයේදී වැඩි වශයෙන් සත්වයන් හා සම්බන්ධ අජඣත්තික රූපය වෙත අවධානය යොමු වූ බව සා-පිපාසා-මැසි-මදුරු උවදුරු ගැන සඳහන් වීමෙන් පෙනේ. එහෙත් මෙහිදී බාහිර රූප ගැන එතරම් උනන්දුවක් නැතැ යි වරදවා තේරුම් නොගත යුතුය. අභිධර්මය බාහිර රූප විෂයෙහි නිසි අවධාරණය දී ඇත. රූප කලාප විසිහත තුළ භෞතික හා අභ්‍යන්තරික සකල රූපය ම ගැනෙයි. විශේෂයෙන්ම මෙය නිෂ්පන්න හා අනිෂ්පන්න රූප පිළිබඳ ප්‍රභේදය තුළින් කැපී පෙනෙයි. මෙහි දී හේතූන්ගෙන් හටගන්නා කර්මාදී රූප ඇසුරෙන් පවතින රූපවලින් වෙන් කර දැක්වෙයි.
සතර මහා භූත පිළීබඳව ආගමික වශයෙන් දුඛ සත්‍යයට ගැලපෙන නිර්වචනයන් හෙන් ම ඒ පිළීබඳ විධිමත් ශාස්ත්‍රීය ආකල්පයක් ජනිත වන අයුරින් කළ සාකච්ඡා ද අභිධර්ම ග්‍රන්ථවල හමු වෙයි. ඒවා තේරුම් ගැනීම සඳහා සූත්‍ර ග්‍රන්ථවල එම මහා භූත හඳුන්වා දී ඇති ආකාරය තේරුම් ගැනීම ද අර්ථවත් විය හැක. සූත්‍ර ග්‍රන්ථවල පඨවි, දාතුව හඳුන්වා ඇත්තේ කක්ඛල (තද) ඛරිගත (රළු) වශයෙනි. ආපෝ ධාතුව/ වැගිරෙන(ආපොගතං) සේ ද, තේජෝ ධාතුව/ දැවෙන හා උණුසුම් (තෙජොගතං) වශයෙන් ද, වායෝ ධාතුව සුළං සහගත (වායොගත) වශයෙන් ද දක්වා ඇත. අභිධර්මයේදී මෙම රටාව අනුගමනය කරන අතරම සුළු සුළු වෙනස්කම් වශයෙන් අවධාරණයේ සංස්කරණ දක්නා ලැබේ. නිදසුනක් වශයෙන් කක්ඛලත්වය හා ඛරිගතත්වය පඨවි ධාතුවේ ලක්ෂණ හා ආකාරය වශයෙන් දැක්වේ. කක්ඛලත්වය හා ඛරිගතත්වය ම රූප ධාතුව වුව ද නිර්වචනයේ පහසුව පිණිස එසේ කරන බව දක්වා ඇත මීට වැඩිමනක් වශයෙන් ව්‍යාප්තිය (පත්ථරති) ද පඨවි ධාතුව විස්තර කිරීමට යොදා ගැනේ අනිත් මහාභූත පඨවි ධාතුව මත ම පිහිටා ඇති බව ද කියැවේ. (පඨවි පතිට්ඨිතා)
ආපෝ ධාතුව අභිධර්මයේ දී හැඳින්වෙන්නේ සිතෙහි(තෙතමනය) හා රූප ධර්මයන්ගේ බන්ධනීය (රූපස්ස බන්ධනත්තං) වශයෙනි. භෞතික වස්තුවලට තද බව ලැබෙන්නේ ඒවා ආපෝ ධාතුවෙන් බන්ධනීය කරන හෙයිනි. පගඝරණ හෙවත් වැගිරෙන බව හා නිස්සන්දභාව හෙවත් ගලා යන බව ද ආපෝධාතුවේ තවත් ලක්ෂණ දෙකකි. ආපෝදාතුව යනු ජලය නොවන බව මෙහි දී කිව යුතුය. ජලය තුළ සතර මහා භූතයෝම වෙති. කිසිම මහාභූත පදාර්ථයක් තනිව භෞතික වස්තුවක් ලෙස නිරූපණය නොවෙයි.
තේජෝ ධාතුව උසමා (උසුමා) හෙවත් උණූසුම් බව ලෙස දැක්වෙයි. සීතල ද තේජෝ ධාතුවේ ම කොටසක් ලෙස දැක්වීම ථෙරවාද අභිධර්මයේ විශේෂතාවකි. වෙනත් අභිධර්ම සම්ප්රදායවල එය අපෝ ධාතුවේ ලක්ෂණයක් ලෙස දැක්වුව ද ථෙරවාදීන් ආපෝ ධාතුව පොට්ඨබ්බායතනයේ විෂය ක්ෂේත්රයට නොගන්නා හෙයින් මෙසේ සීතල තේජෝ ධාතුවට ම ඇතුළත් කරන ලදී. සීතල යනු තේජෝ ධාතුවේම මන්දත්වය බව දැක්වෙයි. තේජෝ ධාතුවේ විශේෂ ලක්ෂණය පරිපවනය සේ දැක්වේ.ිි
වායෝ ධාතුව ථම්බිතත්ථ හෙවත් පිම්බීම හා ජම්බිතත්ථ හෙවත් ගතිකත්ව ලෙස අභිධර්මයේ දී දැක්වේ. එහෙයින් මෙය අනෙක් මහාභුතවලට වඩා වෙනස් කැළඹිලි රූපී ගත්‍යාත්මක චලනශීලි මහාභූතයකි. එහෙයින් අටුවාවල එයට සමුදීරණ යන වහර යෙදේ.
මෙතෙක් අප විස්තර කළේ භූත රූප හෙවත් මහා භූත රූප ගැනය. මෙම සතර මහා භූත සෑම වස්තුවක ම සහජාත (එකට හට ගන්න) වශයෙන්, පවතියි. ඒවා සර්ව සූක්ෂම ය. එයින් අදහස් කරන්නේ සතර මහා භුත වනාහි අප්රතිත්ය සමුත්පන්න දේ බව නොවේ. ඒවා ද සංඛත ධර්ම ය. බුද්ධඝෝෂ හිමියන් විශුද්ධී මාර්ගයේ දී පැහැදිලි කර ඇති පරිදි ඒවා ද විනාශ වී යන හෙයින් අනිත්‍ය ය.(බයෙටෙඨනඅනිච්චා) භය ඇති කරන හෙයින් දුක් ය. (භයටෙඨන දුක්ඛා) අසාර වූ හෙයින් අනිත්‍ය ය. (අසාරටෙඨන අනිච්චා)
මෙම මහා භූත හතරට අතිරේක ව ඒවායේ උපාදා රූප හෙවත් ද්විතියික රූප විසි හතරක් ද අභිධර්මයෙහි උගන්වා තිබේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන හතර භූත රූප වශයෙනුත් අනිකුත් රූප (24) උපාදා හෙවත් ද්වීතියික රූප වශයෙනුත් හැඳින්වීමේ දී ඒ දෙක අතර වෙනස කුමක් දැ යි පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වෙයි. එම වෙනස පැහැදිලි කර ගැනීමට සූත්‍ර ග්රන්ථවලින් හෝ ධම්මසංගනියෙන් නොලැබෙන උපකාරයක් පට්ඨානයෙන් ලද හැක. මහාභුත රූප සතර සහජාත පච්චය හෙවත් එක්ව හට ගැනීම, අත්ථි පච්චය හෙවත් ඉදිරිපත්වීම, අටිගත පච්චය හෙවත් ඉවත නොයෑම, යන ආකාරවලින් උපාදා රූපවලට ප්‍රත්‍යය වෙයි. මෙයින් අපට හැඟී යන්නේ උපාදා රූප හට ගන්නේ මහාභූතවල හට ගැනීම සමගම බව ය. එය අනිවාර්යයෙන්ම එසේ සිදු විය යුතුතකි. මහාභූතයන්ගෙන් තොරව ඒවාට ඇතිවිය නොහැක. උපාදා රූපයන්ගේ පහළවීමට මහාභූත රූපවල පහළවීම අත්‍යවශ්‍ය බව කිව හැකි වුව ද මහාභූතවල පහළළුීමට හා පැවැත්වීමට උපාදා රූප අත්‍යවශ්‍ය යැයි කියනු නොලැබේ.අත්ථි හා අවිගත වශයෙන් මහාභුත රූප උපාදා රූපවලට ප්‍රත්‍ය වෙතියි කීමෙන් හැඟෙන්නේ ද උපාදා රූපවල අස්තිත්වය හා අවිගතත්වය මහාභූත රූපවල අස්ථිත්වය හා අවිගතත්වය මත ම රඳා පවත්නා බවය. උපාදා රූප ද්විතියික රූප ලෙස හඳුන්වන්නේ මේ හේතු නිසා ය.
උපද්‍ර රූප 24ක් අභිධර්ම පිටකයෙහි සඳහන් වෙයි. (මෙයින් 24 වැන්න වූ හදයවත්ථු රූපය එකතු කරන ලද්දේ අටුවා යුගයේදීය.) ඒවා නම්,
පසාද රූප 5 (චක්ඛු,සොත, ඝාණ, ජිව්හා, කාය)
ගෝචර රූප 4 (රූප, ශබ්ද, ගන්ධ, රස)
ඉන්ද්‍රීය රූප 3 (ඉත්ථීන්ද්රීය, පුරිසින්ද්රීය, රූප ජීවිතින්ද්රීය)
භාව රූප 2 (විඤඤති, වචි විඤඤත්ති)
විකාර රූප 3 (ලහුතා, මුදුතා, කම්මඤඤතා)
ලක්ෂණ රූප 4 (උපවය,සන්තති, ජරතා, අනිත්‍යතා)
පරිච්ඡේද රූප 1 (ආකාස ධාතු)
ආහාර රූප 1 (කබලිංකාර ආහාර)
හදය වත්ථු රූප 1
මේ විසි හතරෙන් පසාද රූප, ගෝචර රූප, ඉන්ද්‍රීය රූප, භාවරූප, ආහාර රූප, හදය වත්ථු රූප යන දහ හතර මහාභූත රූප 4 සමග එකතු කොට නිෂ්පන්න රූප 18වශයෙන් හඳුන්වනු ලැබේ. විඤඤත්ති රූප, විකාර රූප, ලක්ඛණ රූප හා පරිච්ඡේද රූප යන දහය වෙන ම ගෙන නිෂ්පන්න රූප වශයෙන් හඳුන්වති.
නිශ්පන්න රූප වශයෙන් සැඳින්වෙන රූප දහ අට සභාව රූප, සලක්ඛණ රූප, සම්මසන රූප යන නම්වලින් ද හඳුන්වති. තමන්ගේම ස්වායත්ත ස්වභාවයක් ඇති නිසා සභාව රූප නමින් ද, අනිච්ච, දුක්ඛ, අනත්ත යන ලක්ෂණ යුත් නිසා හෝ උප්පාද, ඨීකස්ස, ජරකා, භංග යන සංඛත ලක්ෂණ ඇති නිසා සලක්ඛණ නමින් ද භාවනා අරමුණු වශයෙන් ගත හැකි විසා සම්මසන රූප වශයෙන් ද හැඳින්වේ. රූප්පන ලක්ෂණ ප්රකටව ඇත්තේ මේවායේ හෙයින් රූප රූප යන වචනය ද මේවාට යොදා ඇත. මේවාට නිෂ්පන්න රූප යන නම යොදන්නේ ඒවා ස්වායත්ත ස්වභාවයෙන් ම ග්‍රහණය කළ හැකි නිසා යැයි පවසති. (සභාවෙනෙව පරිග්ගහෙතබ්බ තො) එමෙන් ම චිත්ත, කම්ම, උතු සහ ආහාර යන ප්රත්යයන්ගෙන් සමුත්පන්න වන්නේ ද නිෂ්පන්න රූප පමණක් බව කියැවේ. (කම්මා දීහි පච්චයෙහි නිප්ඵන්නත්තා නිප්ඵන්නරූපංතාම)
උපාද රූප අතුරින් මේ නිෂ්පන්න ගණයට වැටෙන්නේ රූප 14 ක් පමණි.
පසාද රූප නම් රූප, ශබ්ද ආදී අරමුණු ගැනීමට සත්වයාට උපකාරී වන ඉන්ද්‍රීය සමූහයකි. ඒවා පහක් වෙයි. එනම්, චක්ඛුප්පසාදය, සොතප්පසාදය, ඝාණප්පසාදය, ජීව්හාප්පසාදය, හා කායප්පසාදය යන පහයි. මෙහිදී චක්ඛුප්පසාදය නම් ඇස නමැති ඉන්ද්රිය ම නොවේ. එම ඉන්ද්‍රීය හා සම්බන්ධ වූ ප්‍රසාදය හෙවත් ඔපයයි. ඇසෙහි රූප දැකීමට උපකාරී වන එම ඔපය චක්ඛු විඤ්ඤාණයෙහි පහළවිමට ප්‍රත්‍ය වෙයි. සොතප්පසාදය කන් අඩියෙහි පිහිටි මුදුවක් වැනි ශබ්ද ඡායාව ග්‍රහණය කරගත හැකි ප්‍රසාදය යි. ඝාණප්පසාදය පිහිටා ඇත්තේ නාසය තුළය. ජිව්හාපාසාදය නම් දිවෙහි පිහිටි රසයට සංවේදී වූ සූක්ෂම කොටසයි. කායප්පසාදය සමස්ත කාය පුරා ම පැතිර ගත් සංවේදී ස්වභාවයකි.
ගෝචර රූප සතර
ප්‍රසාද රූප පහට ගෝචර වන විෂය පහක් ම ඇතත්, කයට ගෝචර වන ස්පර්ශය අභිධර්මයෙහි දී රූප ලැයිස්තුවට ගෙන නැත. එයට මහාභූත තුනක් වූ පඨවි, තේජෝ, හා වායෝ ගැනෙයි. මහාභූත දෘශ්‍යමාන නොවුන දා ස්පර්ශ වන බව ථෙරවාදී අභිධර්මයේ පිළිගැනේ. චක්ඛුප්පසාදයෙහි විෂය වන රූපායතන වර්ණ ඝණ්ඨානයෙන් යුක්ත ය. එහෙයින් එයට වණ්ණ රූප යැයි ද කියැවේ. අටවිසි රූපයෙන් ඇසට ගෝචර වන මේ රූපය පමණක් අපට පෙනෙන අතර අනිත් ඒවා නො පෙනේ. ශ්‍රොත හෙවත් කණට ගෝචර වන රූපය ශබ්දය යි. එය සාමාන්‍යයෙන් ෙවනත් රූපවලට වඩා ඉක්මනින් නැතිව යයි. එය හට ගන්නේ විවිධ සම්මත හැපීම්, පිපිරීම්, පැවසීම් ආදිය නිසාය. ගන්ධය නාසයෙහි පිහිටි ඝාණප්පසාදයට ගොචර වන රූපයයි. රසය නම් ඩිව්හාපසාදයෙහි ගැටෙන අනේකවිධ රසය යි.
ඉන්ද්‍රීය රූප තුන
ඉන්තින්ද්රීය හා පුරිසින්ද්රීය වශයෙන් හඳුන්වන්නේ ස්ත්‍රී පුරුෂයන්ගේ කායයන්හි නිරූපනය වන්නා වූ කායික පෙනුම, ලකුණු, ගතිගුණ යනාදිය ඇති කරවන සාධක දෙකකි එය කායේන්‍ද්‍රිය මෙන් ම සකල ශරීරයේ ම ව්‍යාප්තව පවත්නා බව ඉගැන්වෙයි. (සකල ශරීර බ්යාපක) ජීවිතින්ද්රීය රූපය හඳුන්වා ඇත්තේ කර්මජ රූප (කම්මසමුට්ඨානරූප) කල් පවත්නා පරිදි රැක ගන්නා සාධකය වශයෙනි. මෙහිදී දක්වා ඇත්තේ රූප ජීවිතින්ද්රීය සම්බන්ධයෙනි. සබ්බ චිත්ත සාධාරණ චෛතසිකයන් අතරට ගැනෙන අරූප ජීවිතින්ද්රියයක් ද වෙයි. එය රූප ගණයෙහි ලා නොගැනෙයි. රූප ධර්මයන්ගේ ආයුෂය, පැවැත්ම, යැපීම, පාලනය, ජීවත්වීම යන කරුණු ජීවිතින්ද්රීය නිසා සිදු වෙයි.
ආහාර රූපය
මෙයින් අදහස් වන්නේ කබලිංකාරාහාරය යි. සාමාන්‍ය ව්‍යවහාරයේ ආහාර යන්නෙන් ධාන්‍ය ආදියෙන් සැකසෙන භෝජන ැදහස් වුවද අභිධර්මයේදී එය ආහාරයේ පෝෂණ ගුණය වශයෙන් නිර්වචනය කර තිබේ. (ඕජා). එහෙයින් අපට ඇසට පෙනෙන ආහාරය නොව එහි නොපෙනෙන ඕජා ගුණය මෙහි ආහාර වශයෙන් හඳුන්වා ඇති බව හැඟේ.
හදය වත්ථු රූපය
මනො සහ මනො විඤ්ඤාණ ධාතූන්ගේ පහළවීමට සමාන වන හදය වත්ථු රුපය හදවත ම නොව සූක්ෂම හදය රූපයක් බව කියැවේ. එය ද කර්ම විපාකජ වන නමුත් චක්ඛු සෝතාදීන් මෙන් ඉන්ද්‍රියයක් නොවේ. මනො සහ මනෝ ව්ඤ්ඤාණ ධාතූන් හදය වත්ථු රූපයෙහි සම්භව වන නමුත් එයින් පාලනය නො වෙයි.
භාව රූප දෙක
කාය විඤඤත්ති හා විචි විඤඤත්ති භාව රූප දෙක වශයෙන් හැඳින්වේ. අපගේ සිතුවිලි අන්‍යයනට දැනුම් දීමේ දී කය සහ වචනය උපකාර කරගන්නට සිදුවේ. එහි දී කායෙහි චලනය සිදුවන්නේ කායික අවයව ක්‍රියා කරවන චිත්තයෙන් හට ගන්නා (චිත්ත සමුට්ඨාන) වායුවේ වේගය ඒ ඒ අතට හරවන ශක්ති විශේෂයක් මගිනි. එය කයෙහි දැඩි පෙළඹවීමක් උත්තේජනයක් ලෙස දැක්වේ. (කායස්ස ථමහනා සත්ථමහනා සත්ථමහිත්තතං) එමගින් සිතුවිල්ල කායිකව සන්නිවේදනය කෙරෙයි. එය විත්තසමුට්ඨාන වායෝ ධාතුවේ ආකාර - විකාරයක් ස්වරූප විපර්යාසයක් ලෙස ද හඳුන්වා ඇත. කයෙහි චලනය (පරිඑන්දන) කෙරේහි කාය විඤඤත්තිය ප්‍රත්‍ය වෙයි. වචි විඤඤත්තිය නම් චිත්තසමුට්ඨාන සිත ප්‍රත්‍ය වීමෙන් හටගත් පඨවි ධාතුවෙහි ආකාර විකාරයක් (ස්වරූප වෙනසක්) වශයෙන් දැක්වේ. එම ආකාර විකාරය වචන හෙවත් ශබ්ද උත්පාදන කරන ස්ථානය (අක්ඛරුප්පත්තිටඨානය) චලනය කර සිත විසින් සන්නිවේදනය කිරීමට අපේක්ෂා කරන ශබ්දය උපදවයි.
විකාර රූප
රූපයෙහි සැහැල්ලු බව (ලහුතා) මෘදු බව (මුදුතා) හා ක්‍රියාත්මක කළ හැකි බව (කම්මඤඤතා) යන තුන රූපයෙහි විශේෂ ආකාර තුනක් හෙයින් විකාර රූප තුනක් ලෙස වර්ග කරනු ලැබේ. රූපයෙහි ලහුතාව හෙවත් සැහැල්ලු බව පහසුවෙන් ම නැමීම හා වෙනස් කිරීම කළ හැකිබව (ලහුපරිණාමතා) බර ගතියක් නැති කම (අදන්ධතා) දැඩි බවෙන් තොර වීම (අවිතථතා) ලෙස නිර්වචනය කරන අතර මුදුතාව රූපයෙහි මෘදු බව සුනම්‍ය බව (මද්දවතා) රළු භාවයෙන් තොරවීම(අක්කඛලතා) ලෙස දැක්වේ. කම්මඤඤතා යනු වැඩෙහි යොදවා ගැනීමට අවශ්‍ය සුනම්‍ය බව ලෙස විවරණය වේ. මේවා එකිනෙකට වෙන් වෙන් ව නොව එකටම පවත්නා ලක්ෂණ වෙති. එමෙන් ම ඒවා ශරීරය නිරෝගීව සුවපත්ව පවතින විට විද්‍යාමාන වන තත්වයෝ වෙති.
ලක්ඛණ රූප
රූපයෙහි ලක්ෂණය වන උපචය (වර්ධනය) සන්තති (දිගට ප්‍රවර්ධනය වීම) ජරතා (දිරායාම) අනිච්චතා (අනිත්‍ය) යන හතර ද අනිෂ්පන්න රූප හතරක් ලෙස ද දැක්වේ. රූපස්ස උපචය යන්න ඇස, කණ ආදී පංචවිධ ආයතනයන්ගේ සංග්‍රහණය හෙවත් හට ගැන්ම (සෝ ආයතනානං ආචයෝ සො රූපස්ස උපචයො) ය. රූපයෙහි හට ගැනීම රූපයෙහි සන්තතිය ලෙස (සො රූපස්ස උපචයො සෝ රූපස්ස සන්තති) ද දක්වා තිබීමෙන් මුල් ලක්ෂණ දෙක වූ උපචය හා සන්තති අන්‍යෝන්‍ය වශයෙන් ඉතා සමීපව බැඳී ඇති බව පෙනේ. පළමු වැන්නේ ම දිගටම පැවැත්ම දෙවැන්න වෙයි. උපචය යන්නෙන් මුලින් ම හට ගැනීම අදහස් වන අතරේ, සන්තතියේ දී ක්ෂය වන දේ වෙනුවට නැවත නැවත හට ගනිමින් ප්‍රවර්තනය වීම අදහස් වෙයි. රූපස්ස ජරතා නම් වූ තුන්වන ලක්ඛණ රූපය විවරණය කරන්නේ රූපය දිරා යාම හෙවත් මනුෂ්‍ය ශරීරයෙහි ඇති වන දත් දිරායාම, (ඛණඩීච්ච) හිස කෙස් පැසීම (ඵාලිච්ච) හම රැළි වැටීම (වලිත්තචතා) ජීවිත කාලය ගෙවී යාම (ආයුනො සංහානි) හා ඉඳුරන් මෝරා (වරහස) යාම (ඉන්ද්රියානං පරිපාකො) වශයෙනි. රූපස්ස අනිච්චතා යනන සිවුවන ලක්ෂණයෙන් මරණයේ දී රූපය බිඳ වැටීම අදහස් වෙයි. මෙම නිදර්ශන මනුෂ්‍ය ශරීරගත රූපයට සම්බන්ධ කොට දක්වන ලද්දේ වෙයි. මෙය සමස්ත රප ධර්මවල පැවැත්මට අදාළ කොට යොදා ගැනීම ද කළ හැකිය.
පරිචේජද රූපය
පරිචේජද රූපය නම් ආකාශය යි. මෙයින් හැඟෙන්නේ සමස්ත ආකාශය (අනන්තාකාස) හෙවත් අජාටාකාශය නොව රූපධර්ම වෙන් කරන රූප කලාප වන අතර පවතින සීමිත අවකාශය යි. එ සතර මහාභූත සමගි ස්පර්ශ නොවී පවතියි.මෙය ඉපදීමක් ඇති විශේෂ රූපයක් නොවූව ද රූප කලාපයන්ගේ අමිශ්‍ර පැවැත්ම සඳහා ඒ අතර පවත්නා අවකාශය හෙයින් මෙසේ අනිෂ්පන්න රූප ගණයට යොදා දක්වා තිබේ.