සංඛත - අසංඛත ධර්ම
‘ධර්ම’ යන වචනය බුදුසමයෙහි විවිධ අර්ථ හැඟවීම සඳහා යෙදුණු ජනප්‍රිය පදයකි. එයට අරුත් කිමේ දී යෙදී ඇති පරිසරයට අනුව කරනු ලබන්නේ එහෙයිනි. ‘ධම්මො භවෙ රක්ඛති ධම්මචාරී’යන්නෙහි එන ධම්ම යන වචනය ‘සබ්බේ ධම්ම අනන්තා’ යන්නෙහි අර්ථය නොවේ.කුසලා ධම්මා,අකුසලා ධම්මා වැනි තැන් වල ඊටත් වෙනස් අර්ථයකි. මෙසේ ධම්ම යන වචනයට අටුවාවලදී ගුණ, දෙසනා, පරියත්ති, නිස්සත්ත-නිජ්ජව, සුඤ්ඤතා, හෙතු, සච්ච, චතුසච්ච, සමාධි,පඤ්ඤා, පකති, සභාව, පුඤ්ඤ, ආපත්ති, ඥෙය්‍ය යන අරුත් විවිධ සන්දර්භන වලදී ඉදිරිපත් කර ඇත. මෙම විවිධාර්ථවත් බව සූත්‍ර පිටකයෙහි හා විනය පිටකයෙහි පමණක් නොව අභිධර්ම පිටකයෙහි ද දක්නා ලැබේ.
අභිධර්ම පිටකයෙහිදී ‘ධම්ම’ යන්න හැකි තරම් නිශ්චිත පරිද්දකින් සමස්ත ඥෙය විෂය (නුවණින් දතහැකි සියළු ම කරුණු) හැඳින්වීම සඳහා උපයෝගී කරගෙන ඇති බව පෙනේ. අභිධර්මයෙහි කාර්යය වන්නේ ‘ධර්ම ප්‍රවිචය’ හෙවත් ධර්මය පිළිබඳ විභාග කිරීමයි. එහිදී ධර්මය වශයෙන් ගැනෙන සංඛත හා අසංඛත වශයෙන් නිරවශේෂ බෙදුමකට (ඉතිරි නොවන සේ බෙදා දැක්වීම) භාජන කරනු ලැබේ.සූත්‍ර පිටකයෙහි ධර්ම විභාග පදනම් කරගෙන වඩාත් ශාස්ත්‍රීය ආකාරයෙන් යථාර්ථය විවරණය කිරීම සඳහා මෙම සංඛත - අසංඛත භේදය උපයෝගී කරගනු ලැබේ.
සංඛත යන්නෙන් “විවිධ සාධක සමවායයෙන් ප්‍රතිත්‍ය සමුත්පාද න්‍යායානුකූලව හටගත්” යන අරුත හැඟවෙයි. සංස්කරණය වූ හටගත් ඕනෑම දෙයක් සංඛත වශයෙන් හැඳින්විය හැකිය. සංස්කෘත හා සිංහල භාෂාවන්හි යෙදෙන ‘සංස්කෘත’ යන්නෙහි තේරුම ද සැකසුණු යන්නයි. අසංඛත යන්නන් මෙහි විරුද්ධාර්ථය හැඟවෙයි. කිසිම හේතු - ප්රත්යාදී දෙයකින් සකස් නොවූ දෙයක් එයින් හැඟවේ. අභිධර්මයයෙහි ඉගැන්වෙන චිත්ත, චෛතසික හා රූප යන ත්‍රිවිධ පරමාර්ථ ධර්ම මේ ගණයට අයත්ය. ථෙරවාදී බුදුසමයෙහි පිළිගැනෙන එකම අසංස්කෘතය නිර්වාණ ධර්මය පමණි. වෙනත් බෞද්ධ සම්ප්රධායන්හි ආකාශය ද අසංස්කෘතයක් සේ පිළිගෙන ඇත. කිසිවකින් තොර හිස් අවකාශය උපන් හටගත් හෝ සැකසුණ දෙයක් නොවන බව යන තේරුමෙන් එය දක්වා ඇත. නිර්වාණය ද ප්‍රතිසංඛ්‍යා නිරෝධ හා අප්‍රතිසංඛ්‍යා නිරෝධ යැයි දෙකට බෙදා ආකාශයද සමඟ එකට ගෙන අසංස්කෘත ධර්ම තුනක් කොට එම සම්ප්රධායන්හි දක්වනු ලැබේ. එහෙත් ථෙරවාදී අභිධර්මයෙහි ඉගැන්වීම අනුව ලොව ඇත්තේ එකම අසංස්කෘයක් පමණි. එනම් නිර්වාණයයි. පටිච්ච සමුප්පදායෙහි ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ යන්නෙහි සංඛාරා නමින් හඳුන්වන්නේ කුසල හා අකුසල සංස්කාර පමණි. සංචේතනිකව කාය - වවී - මනෝ යන ත්‍රිවිධ ද්වාරයෙන් කරනු ලබන ක්‍රියාවලි ගුණය සංස්කාර ලෙස හැඳින්වෙන්නේ සත්ත්වයන්ගේ සංසාරික පැවැත්මෙහි සංස්කාරක ප්‍රවේගය එය හෙයිනි. ‘සකස් කරන’ යන අර්ථය එහිදී ඉස්මතු වේ. සංඛත - අසංඛත භේදයෙහි ලා දැක්වෙන ‘සංස්කාර’ යන්නෙන් හටගත් ධර්ම හැඟවේ. ‘සබ්බේ සංඛාරා අනිච්චා’ යන්නෙහි ‘සංඛාරා’ යන පදයෙන් දක්වා ඇත්තේ හේතු - ප්‍රත්‍ය සමාවයයෙන් හටගන්නා සංඛත ධර්මය. අභිධර්මයේදී සංඛත ධම්ම වශයෙන් නිර්වචන කරනු ලබන්නේ ද ඒවාම ය.
මෙයින් හැඟෙන්නේ ලොව පවත්නා සෑම දෙයක් ම නිරවශේෂ වශයෙන් සංඛත හා අසංඛත යන භේදයට ඇතුළත් බවය. මෙයින් බැහැර කිසිවක් පිළිබඳ ව කිසිවකුට කථා කළ නොහේ. ඉන්දියානුභූතික (ඉඳුරන් ඇසුරෙන් දතහැකි) අතින්ද්රියානුභූතික (අභිඤ්ඤ මගින් දතහැකි) හෝ පාර අනුභූතික (ඉඳුරන් හෝ අභිඤ්ඤ මගින් දත නොහැකි) කිසිම සත්තාවක් ‘ධම්ම’ යන සර්වග්රාහී පදයෙන් පිටතට නොගැනෙන අතර සංඛත අසංඛත ව්‍යවහාරය ඒ සියල්ල මුළුමනින් ම හසුකර ගනියි. එහෙයින් අභිධර්ම පිටකයෙහි එන සංඛත -අසංඛත ධර්ම විග්‍රහය සමස්ථ යථාර්තයේ ම ලක්ෂණ කථනයක් සේ හැඳින්විය හැක.
සංඛත හා අසංඛත ධර්මයන්ගේ යථා තත්ත්වය පසක් කිරීම බෞද්ධ ආගමික ප්රතිඥාවෙහි අවශ්‍ය අරමුණක් බව උගන්වා තිබේ.
සබ්බේ සංඛාරා අනිච්චා ති....
සබ්බේ සංඛාරා දුක්ඛා ති....
සබ්බේ ධම්මා අනත්තා ති....
යදා පඤඤාය පසසති
අථ නිබ්බාන් දති දුකෙඛ
එස මගෙගා විසුද්ධියා
යන්නෙන් පැහැදිලි කරන්නේ එයයි. විසුද්ධිය හෙවත් නිවන්සුව ලබා ගැනීම සඳහා ඇති මග සියළු සංස්කාර අනිත්‍ය හා දුක් බව ද සියළු ධර්ම අනාත්ම බව ද නුවණික් දැන දැක ගැනීම බව මෙයින් ඉගැන්වේ. මෙහි ‘සංඛාරා’ යන පදයෙන් සියළු සංඛත ධර්ම හඟවන අතර ‘ධම්මා’ යන්නෙන් සංඛත හා අසංඛත යන දෙවර්ගයම හඟවයි. සංඛාර ධර්ම පිළිබඳ ව අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම යන තිලකුණු ම දත යුතු අතර අසංඛත ධර්ම සම්බන්ධයෙන් අනත්ත බව දත යුතු වෙයි. යමක් අනත්ත වන්නේ හුදෙක් අනිත්‍ය හා දුක නිසා ම නොවන බව මෙයින් ප්‍රකට වෙයි. ආත්ම වශයෙන් ගත යුතු පෞද්ගලික පැවැත්මක් නොමැති හෙයින් ද අනාත්ම වෙයි. යමක් ආත්ම වන්නේ නම් එහි ලා ආත්ම දෘෂ්ටිය හට ගනියි. දෘෂ්ටි යනු හානිකර වූ දෙයක් බව බුදුසමයෙහි ඉගැන්වෙයි. එහෙයින් නිර්වාණය පිළිබඳව පවා දෘෂ්ටි ඇතිකර නොගතයුතු බව බුදුසමය උගන්වයි.
සංස්කෘත ධර්මවල ලක්ෂණ කථනයේදී අනිච්ච, දුක්ඛ දුක්ඛ හා අනත්ත යනු වඩාත් පැහැදිලි කරනු පිණිස එහි පැවැත්ම තවදුරටත් සියුම්ව විග්රහ කර දක්වනු ලැබේ. “තිණිමානී භික්ඛවේ සංඛතස්ස සංඛත ලක්ඛණානි. උප්පාදො පඤඤායති.වයො පඤ්ඤායති. ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති” යනුවෙන් එය දක්වා ඇත. ඒ අනුව සංස්කෘත ධර්මවල ලක්ෂණ තුනක් අනිවාර්යයෙන් ම දක්නා ලැබේ. එනම්, උපත විපත හා පැවැත්මේ වෙනස් වීමයි. සෑම ධර්මයක ම සමාරම්භය පටිච්ච සමුප්පාද ක්‍රමයට සිදුවෙයි. ප්‍රත්‍ය සාමග්‍රීය හේතුවෙන් කිසියම් නාමයක් හෝ රූපයක් ප්රාදුර්භූත වීම උප්පාද නමින් හැඳින් වේ. එමෙන් ම එහි ප්‍රත්‍ය විසිර යාමෙන් ස්වරූපය වෙනස් වීමෙන් සිදුවන ක්‍රියාවලිය ඨීනස්ස අඤ්ඤථත්ත හා වය යනුවෙන් හැඳින්වේ. සූත්‍ර පිටකයේදී මෙසේ දැක්වූ ලක්ෂණත්රය අභිධර්ම පිටකයේදී වඩාත් සූක්ෂමාවබෝධය පිණිස ක්ෂණ වශයෙන් බෙදා දැක්වේ. ඒ අනුව ධර්මයක පැවැත්ම ක්ෂණ තුනකින් විස්තර කර දක්වනු ලැබේ.
උප්පා දක්ඛණ-ඉපදෙන ක්ෂණය
ඨීතික්ඛණ - පවතින ක්ෂණය
භංගක්ඛණ - විනාශවන ක්ෂණය
මේ ක්ෂණ තුන ධර්ම තුනක් නොවේ. එකම ධර්මයේ පැවැත්මේ අවස්ථා තුනකි. එම ක්ෂණ තුන එකම ක්ෂණික ධර්මයක අවස්ථා තුනක් බව අවධාරණය වෙයි. මෙහි වැදගත් කරුණ නම්, ඨීතික්ඛණ යන්න ජරතාව වශයෙන් විස්තර වීමය. එය නොවෙනස්ව පවතින මොහොතක් නොව දිරා යාමක් සිදුවන අවස්ථාවකි. අටුවාචාර්යයන් වහන්සේලා එය විස්තර කරන්නේ නවභාවාපගමය හෙවත් නව බව (අළුත් බව ) ඉවත්ව යාම, (පරණ වීම) වශයෙනි. යමක් පරණ වූ පමණින් එහි මූලික ස්වභාවය අතුරුදන් වන්නේ නැත. එහෙයින් ජරතාව නම් ‘සභාවානපගම’ (ස්වභාවය නැති නොවීම) වශයෙන් ද පැහැදිලි කර ඇත. එය වී පරණවීම (විහිපුරාණභාවො විය) වැනිය. තෙරවාදී අභිධර්මයේ පැවැත්ම පිළිබඳ විග්රහයේ සියුම්බව මෙයින් තේරුම් ගත හැක. ගතික බව අවධාරණය කරන අතරම ධර්මයක පැවැත්ම පිළිගැනීම ද සියුම් ලෙස සමතුලිත අයුරකින් කර තිබීම වැදගත් ය. ජරතාව යනු නිරෝධාභිමුඛ අවස්ථාව හෙවත් නිරුද්ධ වීමට මුහුණ දී සිටින අවස්ථාව වශයෙන් ද දක්වා ඇත. ලොව කිසිවක් භංගක්ෂණයට ලක් නොවී නොසිටින බව ද භංගය අනිවාර්ය බව ද මෙයින් හැඟ වේ.
කෙසේ වුව ද චිත්ත හා රූප ධර්මයන්ගේ පැවැත්මෙහි වෙනසක් ද උගන්වා තිබේ. චිත්ත ධර්මයන්හි ඨීතිය රූප ධර්මයන්හි ඨීතියට වඩා කෙටිවෙයි. වෙනත් විදියකින් කිවහොත් රූපක්ෂණ චිත්තක්ෂණ වලට වඩා දීර්ඝ ය. මෙසේ වන්නේ යම්කිසි රූපයක් අප විසින් ඇසින් දැක තේරුම් ගෙන සියළු මනෝමය ක්‍රියාවලිය හෙවත් ඉන්ද්‍රීය ඥාන ක්‍රියාවලිය නිමවනතුරු ම පවත්නා නිසාය. චිත්තය තම ආත්මය සේ සිතන්නවුනට වඩා රූපය ආත්මය සේ සිතන්නන් අනුවණකමින් අඩු බව බුදුරදුන් දැක්වූයේ එහෙයිනි
අසංඛතය හෙවත් නිර්වාණය පිළිබඳව වාස්තචිකව එනම් ධන වාචී පදවලින් විවරණය කරන්නේ ඉතා අඩුවෙනි. අසංඛත යන්න අජාත, අනුප්පන්න වැනි පදවලින් ද හැඳින්වේ. වාස්තචික පදවලින් විවරණය කළයුතු අවස්ථවන්හිදී ශාන්ත, සුඛ, ප්‍රණීත වැනි වචන ඒ සඳහා යෙදේ. අපගේ භාෂාව සීමිතව ඇත්තේ අපගේ අත්දැකීම් ප්‍රකාශ කිරීම පිණිස ගොඩනගා ගත් සංකල්ප හැඟවීම පිණිස පමණක් හෙයින් අසංස්කෘතය විස්තර කිරීම පිණිස අවශ්‍ය සංකල්ප හා වචන අප තුළ නොමැත. නිවන අනිර්වචනිය හා අනභිලාප්ය දෙයක් යැයි පවසන්නේ එහෙයිනි. නිවණ පිළිබඳව අපට සිතාගත හැක්කේ සසර ඇති සියළු දුකින් මිදීම හා සියළු කෙලෙසුන්ගෙන් මිදීම වශයෙනි. එය චූපසම සුඛයක් සේ හඳුන්වන්නේ ද එහෙයිනි නිවණ පිළිබඳ අත්දැකීම හුදෙක් නිර්වාණ සාක්ෂාත්කරණයෙන් ම මිස ඒ පිළිබඳව වාද විවාද තර්ක විතර්ක කිරීමෙන් ලද නොහැක.*