මහායාන ප්‍රධාන සූත්‍ර ධර්මයක් වන අර්යලංකාවතාර සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව වූ පුවතක් සඳහන් වෙතත් එය ලාංකීය බෞද්ධයන් අතර එතරම් ජනපි‍්‍රය නොවුයේ මේ නිකාය භේදය නිසාද?
ලංකාවතාර සූත්‍රය දේශනා කරන ලද්දේ රාවණා රජතුමා සඳහා බව ලංකාවතාර සූත්‍රයේ ම සඳහන් වෙනවා. මහායන ධර්මයේ ඇති ප්‍රධාන සූත්‍රයත් මෙයයි. රාවණා රජතුමා බුදුන් දවස මෙහි විසු කාලය සමාන විය හැකියි. විජයාවතරණය පිළිබඳ කාලය සඳහන් වන්නේත් මහාවංසයේ. එය දැඩි ථෙරවාදී සම්ප්රදාය මත ලියූ කෘතියක්. මහසෙන් රජු ජනතාව අතර දෙවියෙක් වූවත් ඔහු ගැන ද ඇත්තේ ගාථා හතරයි. ඒ නිසා රාවණ රජු ගැන මහාවංසයේ වර්ණා නොවීම පුදුම විය යුත්තක් නොවේ.
ලංකාවතාර සූත්‍රයේ මුල් පිටපත් හමුවන්නේ චීන බසින්. දැනට චීන බසින් එය සංස්කෘත බසට නඟා තිබෙනවා. චීන මුල්කෘති බොහොමයක රාවණ පුවත පැහැදිලිව සඳහන්. අභයගිරියේ නැවතී සිටි පාහියන් භික්ෂුව සිරිපා වන්දනාවට යන්නේ ද ලංකාවතාර සූත්‍රයේ සඳහන් පුවත නිසාම විය හැකි ය. කඳු මුදුන් මත නැගීමත්, විශාල පර්වත මත විහාර ඉදිකිරීමත් මහායාන සම්ප්රදායේ එක් ලක්ෂණයක්. සිරිපා වන්දනාව සමහරවිට අභයගිරි සම්ප්‍රදායෙන් අපට ලැබුණක් විය හැකියි, දළදා සම්ප්රදාය ලැබුණු ලෙසටම. ලංකාවතාර සූත්‍රය ශ්‍රී ලංකා සංස්කෘතියෙන් මැකී ගියේ අනුරාධපුර ශිෂ්ටාචාරය වැටීමත් සමඟයි. අභයගිරිය බොහෝ විට ලංකාවතාර සූත්‍රය ඉහළින් සලකන්නට ඇති. එක් අභයගිරි සම්ප්රදාය ඉතිහාසයෙන් වැළලී ;ගාසින්. එහෙත් නටබුන් අතර මෙහි ශේෂයන් තවම තිබෙනවා.
ප්රාග් මහින්දාගමන යුගයේ ලක්දිව බුදුසමය පිළිබඳව හඳුනාගෙන සිටි බවට ජාත්‍යන්තර වශයෙන්ද පිළිගන්නා ප්‍රධානතම ඓතිහාසික මූලාශ්‍රය වෙත අවසාන වශයෙන් අපි යොමු වන්නෙමු. එය වනාහි මහායාන ප්‍රධානතම සූත්‍රධර්මයක් වන ලංකාවතාර සූත්‍රයයි. සංස්කෘත සූත්‍රයක් වන ලංකාවතාර සූත්‍රය පරිවර්තනය කරන ලද්දේ මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතාය. එතුමා එහි හැඳින්වීම තුළ මෙසේ සදහන් කරයි.” ලංකාවතාර සූත්‍රය ලාංකීය සිංහලයන් වන අපට විශේෂ වැදගත් කමක් උසුලන බැව් සඳහන් කළ යුතු කරුණකි. මේ සූත්‍රය ශ්‍රී ලංකාවේ ශ්‍රීපාද කඳු මුදුනෙහි දී රාවණා රජුට දේශනා කරන ලද්දකි.රාවණා යනු එක් කාලයක සිටි එක් අයෙකු පමණක් නොවන බවත් ඒ නමින් පරපුරක් තිබුණු බවත් සඳහන්ව ඇති කරුණකි. බරණැස බ්‍රහ්මදත්ත රජුමෙනි. “එසේම එතුමා බුදුරජුන් විශේෂයෙන්ම සිංහලයට දුන්, ත්‍යාග කළ සූත්‍ර ධර්මය ලෙස ලංකාවතාර සූත්‍රය හඳුන්වනු ලබයි. ඉහත සාධක තුළින් ප්රාග් මහින්දාගමන අවධියේ ලක්දිව වාසීන් තුළ බුදුසමය පිළිබඳ යම් අවබෝධයක් පැවති බැව් මනාව විද්‍යමාන වේ. නමුත් මූලාශ්රකරුවන් එම කරුණ මතුකොට නොදක්වන්නට වෑයම් කරන ලද්දේ මහින්දාගමනය උත්කර්ෂයෙන් ගෙනහැර පෑමට මූලාශ්රකරුවන් තුළ පැවති අභිලාෂය නිසා විය හැකිය.