මෝහ මූල සිත් (දෙවන අර්ධය)
ඊට ක්රිනයා කළයුතු ආකාරය නම්, ධර්මය හොඳට දැකගැනීම සඳහා ධර්මය ඉගෙනීමට කටයුතු කිරීමත්, සමථ හා විපස්සනා භාවනා කිරීම ආරම්භ කිරීමත් වේ. මෙම ක්රැමයට ඇතිව තිබෙන සැකය දුරු කර ගත හැකි ය. බුද්ධාදී අට තැන්හි ඇතිව තිබෙන සැකය විචිකිච්ඡාව බව තේරුම් ගතහොත් ප්රමමාණවත් ය. විචිකිච්ඡාවෙන් යුක්ත වූ සිත විචිකිච්ඡා සම්පයුක්ත සිත වන්නේ ය. විචිකිච්ඡා සම්පයුක්ත සිත සැම විට ම උපේක්ෂා සම්පයුක්ත සිතකි. එය සොම්නස් වන්නේ හෝ දොම්නස් වන්නේ නොවේ. දොම්නස් වන සිත හැම විට ම ද්වේශ මූල සිතකි. සෝමනස්සය ලෝභ මූල සිත්වල ඇති වන්නා වූ ස්වභාවයකි. එහි දී උපේක්ෂාව ද ඇති වේ. නමුත් විචිකිච්ඡාව කිසිදාක සෝමනස්සයක් සමඟ උපදින්නක් නොවේ. එය හැම විට ම එන්නේ උපේක්ෂා වේදනාවක් සමඟම ය.
මක්නිසාද යත්? කෙනෙක් එම සැකය උපදවා ගන්නේ වුවමනාවෙන් මහන්සියෙන් ම නොවේ. එම තැනැත්තා හට ඒ ඒ අවස්ථාවල දී බුද්ධාදී අට තැන් පිළිබඳ සැක උපදින්නේ තමාට එම කරුණු පිළිබඳ අරමුණු කර ගැනීමට හැකි නුවණක් නො මැති හෙයිනි. එම නිසා තමන්ට ඒ ඒ දේවල් පිළිබඳ සැක උපදී. මම මෙසේ සැක උපදවා ගත යුතු ය යි, කියා වුවමනාවෙන් ඇති කර ගන්නා තත්ත්වයක් නොවේ. එය ස්වභාව වශයෙන් එක් එක් පුද්ගලයන්ගේ තමන්ගේ ඇති මෝහයේ අධිකත්වය හේතු කොට ගෙන ඇති වන්නා වූ තත්ත්වයකි. එම නිසා එවන් අවස්ථාවේ දී සිත්වල උපදින්නේ සෝමනස්සය නොවේ. ඒ පිළිබඳ තමන්ට ඇති වන අරමුණු රස විඳීම් වශයෙන් උපදනා වේදනාව, මිහිරි වේදනාවක් හෝ මධුර රසයක් නො මැති බැවින් එම වේදනාව උපේක්ෂා වේදනාවම වන්නේ ය. විචිකිච්ඡාව සමඟ උපදනා විට එම සිත හැමවිට ම උපදින වේදනාව මධ්යනස්ථ වේ. එම විචිකිච්ඡාවත් සමඟ උපදනා උපේක්ෂා වේදනාවෙන් යුක්ත වන සේ ම, මෙම සිත පිළිබඳ අසංඛාරික හෝ සසංඛාරික භේදයක් නො දැක්වේ. උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්පයුක්ත අසංඛාරික නැතහොත් සසංඛාරික සිත වශයෙන් මෙම සිත නම් නො කරයි. එහි එන එකම සිත නම් උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත කියා ය. එසේ අසංඛාරික හා සසංඛාරික භේදයක් මෙහි නො දක්වන්නේත් අසංඛාරික සිතක් ඇති වීමට තරම් කරුණු මෙහි නො මැති නිසා ය. සසංඛාරික වන්නේ තමන් ම පැකිලෙන සිත නැතහොත් පසු බානා ගතිය නො මැති කොට උනන්දු කොට ගෙන උපදනා සිත සසංඛාරික බව ඉගෙන ගත් අතර, එසේ නැතහොත්, කාගේ හෝ ඇණවීමක් නිසා, කවුරුන් හෝ කියන නිසා යමක් කිරීමේ දී උපදනා සිත සසංඛාරික යනුවෙන් කලින් ඉගෙන ගෙන ඇත. නමුත් මෙහි ඇත්තේ එවන් තත්ත්වයක් නොවේ. මෙහි දී තමන්ගේ ම තිබෙන නුවණ මඳ කම හා මෝහයේ අධික කම හේතුකොට ගෙන අරමුණේ ම තත්ත්වය සලකා ගත නොහැකි ව තමන්ට එම අරමුණ පිළිබඳ සැකයක් උපදී. එම අරමුණ බුදුරජාණන් වහන්සේ, ධර්මය, සංඝයා, ශික්ෂාව, පූර්වාන්ත, අපරාන්ත, පූර්වාන්තාපරාන්ත, ප්රතතීත්ය් සමුප්පාද ධර්මය යන මේ අංගයන් ය. එම නිසා තේරුම් ගත යුතු වන්නේ එම උපේක්ෂා වේදනාවෙන් යුක්ත වූ විචිකිච්ඡා සම්පයුක්ත සිත පිළිබඳව අසංඛාරික හෝ සසංඛාරික භේදයක් දක්වන්නේ නැත. එසේ භේදයක් නො මැති වුව ද, එම සිත කොටස් කොට ගන්නා විට අසංඛාරික හා සසංඛාරික වශයෙන් සිත් බෙදන විට ද, මෙම සිත ද මින් අනතුරුව සඳහන් කිරීමට යෙදෙන සිත ද ඇතුළත් වන්නේ අසංඛාරික සිත් ගොඩට ය. මෙම සිත කවුරුන් හෝ අණ කිරීමෙන් හෝ තමා පැකිලෙන සිත උනන්දු කිරීමකින් හෝ ඇති වන සිතක් නො වී තියුණුව, ඉබේම උපදනා සිතකි. එබැවින්, එම සිත අසංඛාරික සිතක් ම වේ. මේ දැක්වූයේ උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත ය.