ද්වේශ මූල සිත් (සයවන අර්ධය)
මොනයම් අවස්ථාවල දී ද එම තරහාව උපදින්නේ කියා විමසිලිමත් වන්නේ නම් එම උපදින තරහාව ගැන තේරුම් ගත හැකි ය. දෝමනස්සය යනුවෙන් හැඳින්වූයේ එම තරහාව උපදින්නේ තමා එම අවස්ථාවේ දී විරුද්ධ වන අරමුණක එල්බ ගෙන ය. ඒ අවස්ථාවේ දී විරුද්ධ වන අරමුණක් යනු, සමහර විට තමාගේ මෙම තරහාව උපන්නේ යමක් පිළිබඳව ද ඒ දෙය කලින් තමා හට කලින් බොහෝ ඉෂ්ට අරමුණක් ව තිබුණා විය හැකි ය. එබඳු වූ ඉෂ්ට අරමුණක් මේ අවස්ථාවේ දී ඉතා නරක අරමුණක් සේ තමා පිළිගන්නා බැවින්, තමාට තරහාව ඉපදිය හැකි ය. එම තරහාව ඉපදී තමන් නො කළයුතු දේ නොයෙක් නපුරු දේවල් පවා කිරීමට ද පිළිවෙන. එම නො කැමැති අරමුණෙහි ඒ අවස්ථාවේ දී තමාට උපදිනා වේදනාව දොම්නස වේදනාවකි. දොම්නස මානසික දුක්ඛ වේදනාව ය. පටිඝය සම්පයුක්ත වන්නේ යනු සිත චෛතසික සමඟ, චෛතසික සිත සමඟ එකට යෙදෙන බව ය. සිතෙහි හා චෛතසිකයන්ගේ එකට යෙදෙන බව කරුණු 04 කින් දැක්වේ. මෙය මුලින් සඳහන් කළත් නැවත මතක් කරමි.
01. ඒකුත්පාද
02. ඒක නිරෝධ
03 . ඒකාලම්බණ
04. ඒක වස්තුක යන සතර සම්පයෝග ලක්ෂණයන්ගේ වශයෙනි.එවන් අයුරින් මෙම පටිඝය ද, යම් සිතෙක කියන ලද ලක්ෂණයන් සතර අනුව එකට යෙදෙයි ද, පටිඝ සම්පයුක්ත යනුවෙන් හැඳින්වෙන්නේ එම නිසා ය. මෙම සිතෙහි (කථා කරන යම් සිතක් වේ ද එම සිතෙහි) ඇති වන වේදනාව ද එම සිතෙහි සම්පයුක්ත ධර්මයකි. එම සිත සමඟ එකට උපදින, එකට නිරුද්ධ වන, එක ම අරමුණක් ගන්නා, එම සිත ඇසුරු කරන වස්තුවක් ඇසුරු කරන ධර්මයක් වූ වේදනාව යි දෝමනස්ස වේදනාව යනුවෙන් හැඳින්වෙන්නේ. එම සිත දෝමනස්ස වේදනාවෙන් යුක්ත ය. දෝමනස්ස සහගත යයි හැඳින්වූයේ එය යි. පටිඝ සම්පයුක්ත යයි හැඳින්වූයේ ද්වේශය සමඟ මෙම සිත එක්ව යෙදෙන නිසා ය. දොම්නස එම සිත සමඟ යෙදෙන්නාක් මෙන් ම පටිඝය යනුවෙන් හැඳින්වෙන ද්වේශය සමඟ ද යෙදේ. එය ඒකුප්පාද ආදී ලක්ෂණයන්ගේ වශයෙනි. සම්පයුක්ත යනුවෙන් හැඳින්වූයේ එය යි. සම්පයුක්ත බව සැම විටම ඇත්තේ චිත්ත, චෛතසිකයන් සමඟ ය. සිත චෛතසිකයන් සමඟත්, චෛතසිකයන් සිත සමඟත් සම්පයුක්ත වේ. එසේ සම්පයුක්ත බවක් සමඟ එක්ව යෙදුණු බවත් ය. එසේ එක් ව යෙදීමකි. එය සිතෙන් පරිබාහිරව සිදු වන සිද්ධියක් ද නොවේ. සිතේ ම ඇති වන, සිත හා බැඳී උපදින ස්වභාවයකි. එය ඇති වන්නේ සිත උපදින කොට ම ය. සිත නැති වන විට ම ඒ සමඟ පැවති සියලුම චෛතසික නැති වේ. චෛතසිකයන් ගන්නේ සිත ගන්නා අරමුණම ය. චෛතසිකයන්ට වෙනත් අරමුණක් නොමැත.
සිත උපදින තැන් තිබේ. ඒවාට වස්තු කියා හැඳින්වේ. සිත උපදින්නේ එම වස්තු සය අතරින් යම් කිසි වස්තුවක් ඇසුරු කොට ය. එම සිත සමඟ උපදනා චෛතසිකයන්ගේ වස්තුව වන්නේ ඒ සිත සමඟ උපදනා වස්තුව ම ය. ඉහත පෙන්වා දුන් පරිදි සම්පයෝග ලක්ෂණ 04 අනුව, සිත සමඟ එකට බැඳී උපදිනා ධර්මවලට චෛතසිකයන් බව යි.
ද්වේශය හෙවත් පටිඝය එබඳු චෛතසිකයකි. මෙම සිතෙහි අරමුණක් ඇත. අරමුණු නොමැති කිසිදු සිතක් නොමැත. සෑම සිතක්ම උපදින්නේ අරමුණක් ගෙන ය. සිතන් යන නාමය ලැබෙන්නට නැතහොත්, සිත ලෙස හැඳින්වීමට හේතුව නම්, අරමුණක් ගන්නා බව ය. එයට අරමුණක් ගන්නවා, අරමුණක් සිතනවා. අරමුණක් දැන ගන්නවා යනුවෙන් හැඳින්වේ. එම දැනගතයුතු අරමුණක් හා දැනගන්නා අරමුණක් නොමැති කිසිදු සිතක් නොමැත. එවිට සෑම සිතක ම අරමුණක් ඇත. ද්වේශ මූල සිතෙහි ද අරමුණක් ඇත. එම අරමුණ ද මෙම එක අවස්ථාවක දී උපදනා වූ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිතේ අරමුණ කලින් සඳහන් කළ රූප,ශබ්ද, ගණ්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම යන ෂඩාරම්මණ යන්ගේ වශයෙන් දැක්වෙන කවර හෝ අරමුණක් විය හැකි ය. එම අරමුණ රූපයක් වීමට පිළිවන, ශබ්දයක් වීමට පිළිවන. ගණ්ධයක්, රසයක්, පොට්ටබ්බයක් එසේ නැතහොත් ධම්මාරම්මණයට ඇතුළත් වන යමක් වීමට පිළිවන. එම කවර එකක් වුව ද තමාට අරමුණු වන එම අවස්ථාවේ දී එය තමාට ඉෂ්ට දෙයක් නොවේ, තමා සලකන පරිදි හොඳ දෙයක් නොවේ. තමාගේ අමනාපය නිසා ඇති වන්නේ එම අරමුණ අකමැති, අමිහිරි, නොකැමැති අරමුණක් වන බැවින් ය. එවන් අරමුණු එදිනෙදා ජීවිතයේ දී සෑම විටම මෙන් ලැබේ. සැම විටම ලැබෙන්නේ කැමති අරමුණු නොවේ, නො කැමැති අරමුණු ද ලැබේ. එබඳු අවස්ථාවල දී ද්වේශය උපදී.