ද්වේශ මූල සිත් (පස්වන අර්ධය)
මෙහි දී දෝමනස්සය යනු, මුලින් සඳහන් කළ සෝමනස්සයට විරුද්ධ වූ ස්වභාවය යි. සෝමනස්සය යනුවෙන් හැඳින්වූයේ අරමුණේ ඇති මිහිරි රසය විඳින ස්වභාවයට, වේදනාවට ය. එය වඩාත් පැහැදිලි කර ගැනීමට පෙන්වා දීමේ දී, සිතේ ඇති වන්නා වූ සෝමනස්ස වේදනාවට මානසික සුඛ වේදනාව යි හැඳින්වේ. දොම්නස යනු, මානසික දුක්ඛ වේදනාවට ය. මානසික දුක්ඛ වේදනාව තේරුම් ගැනීමට පිළිවන් වන්නේ කායික දුක්ඛ වේදනාව කවරුත් දන්නා එකක් වන නිසා ය. කයෙහි ඇති වන දුක්ඛ වේදනාවක් ඇති වීමේ දී කයෙහි යම් කිසි දුකක් කැපීමෙන්, ඇණීමකින්, ගැටීමෙන් දැනේ. ඒ ආකාරයට දොම්නස යනුවෙන් හැඳින්වෙන්නේ සිතේ ඇති වන මානසික දුක්ඛ වේදනාවට ය. එම දොම්නස උපදින්නේ තමන් නො කැමැති අරමුණක දී ය. තමන් කැමති වන්නා වූ තමා හොඳයි කියා සලකන්නා වූ අවස්ථාවක දී යම් කිසි අරමුණක එල්බ ගෙන එම දොම්නස නම් වූ ස්වභාවය ඇති නො වේ. එම දොම්නස ඇති වන්නේ ම තමන් එම අවස්ථාවේ දී එම අරමුණ සලකන හැටියට තමන්ට අමිහිරි, අමනාප, අනිෂ්ට අරමුණකි. එවන් අනිෂ්ට අරමුණක එල්බ ගෙන උපදනා වූ එම අරමුණෙහි තිබෙන අමිහිරි රසය විඳිමින් ඇති වන වේදනාවට දෝමනස්සය කියා හැඳින්වේ. එහි දී පැහැදිලි වන්නේ එම දෝමනස්සය ඇති වන්නේ කුමන සිතේ ද යන්න ය. එම සිත නම් පටිඝ සම්පයුක්ත සිත ය. පටිඝය යනුවෙන් නම් කර ඇත්තේ තරහාව නැතහොත්, ද්වේශයට ය.පටිඝයට "පටි අඤ්ඤති" යනුවෙන් පාළියෙන් හැඳින්වෙන්නෙහි තේරුම නම්, හිංසා කරන ස්වභාවය යි. හාත්පසින් ම හිංසා කරයි යන්න ය. මෙය අනිනවාක් මෙනි. මෙම හිංසාව සිදුවන්නේ කොහේ ද? එම හිංසාව සිදු වන්නේ සිතෙහි ම ය. එම හිංසාව පළමුවෙන් ම ඇති කරන්නේ චිත්ත සන්තානයෙහි ය. යම් අවස්ථාවේ දී ද්වේශය යන අරමුණෙහි තරහාව ඇති වන ස්වභාවය ඇති වූ විට එසේ ඇති වීම නිසා එම ඇති වන්නා වූ චිත්ත, චෛතසික ධර්මයන් සමූහයට ම හිංසාවක් වෙයි. එම චිත්ත, චෛතසික ධර්මයන්ගෙන් අරමුණු කරන්නේ යමක් නම්, යම් කිසි දෙයක් නම්, යම් කිසි වස්තුවක් නම් එයට ද හිංසා කරන බව පටිඝයෙහි ඇත. හරියට තමාගේ තරහාව යම් කිසි කෙනෙක් පිළිබඳ වේ නම් එම තැනැත්තාට රිද්දවන්නට සූදානම් වන ගතියක් වේ නම් ඒ ආකාරයෙනි ද්වේශය තේරුම් ගත යුතු වන්නේ ය.
එබැවින්, රිද්දවන ස්වභාවය, හිංසා කරවන ස්වභාවය පටිඝයෙහි ඇත. පටිඝය යම් සිතෙක ඇති වුවහොත්, එම ද්වේශය නිසා තමා ම දැවෙනවා. එයට කියන්නේ ද්වේශ ගින්නෙන් දැවීම කියා ය. එම දැවීම ලෝභයට කී පරිදි ම, එක් එක් තරාතිරමකින් සිදු වේ. තරහාව යන අරමුණට විරුද්ධ ස්වභාවය යි. ගනු ලබන අරමුණට විරුද්ධ ගතිය මෙම ද්වේශයෙහි ඇත. එම ස්වභාවය සිතෙහි ඇති වූ කලී ඒ එකිනෙක අවස්ථාවල දී ඇති වන්නා වූ ස්වභාවයේ තරාතිරම් වශයෙන් වෙනසක් තිබේ. එම නිසා ද්වේශයෙන් සිදු වන ක්රිූයා ඇති වන්නා වූ තරහාවේ ස්වභාවය නැතහොත් තරාතිරම් අනුව වෙනස් විය හැකි ය. නිදසුනක් හැටියට යම් කිසි පුද්ගලයෙකු හට තවත් පුද්ගලයෙකු සමඟ තරහාවක් ඇති වේ. සමහර විට එම තරහාව ඉතාම සුළු කරුණක් නිසා විය හැකි ය. එකී ඉතා සුළු කරුණක් නිසා වූ එම තරහාව එම තැනැත්තා යටපත් නො කළහොත්, නැතහොත් දුරු කර නො ගතහොත්, එය ටිකක් ලියලන්නට පිළිවන. තමන්ගේ තරහාවට බඳුන් වූ තැනැත්තාට ඇතැම් විට මෙම තරහාව නිසා යම් කිසිවක් කියන්නට ද ඉඩ තිබේ. තරහාව නිසා බොහෝ විට කියන වචනය පරුෂ වචනයක් වන්නට ද ඉඩ තිබේ. එසේ කී කල්හි තමන්ගේ එම තරහාවට භාජනය වූ තැනැත්තාට ද තමන්ගේ එම තරහාව බෝ වන්නටත් පිළිවන. එම තැනැත්තා ද පෙරළා තමාට ඇති වූ තරහාව නිසා යම් කිසිවක් කී කල්හි මෙම වචන හුවමාරුව ගුටි බැට හුවමාරුවක් වීමට ද ඉඩ තිබේ. එපමණක් ද නොවේ, තවදුරටත් එම තරහාව ලියලා වැඩුණ හොත් එම තරහාව මිනී මැරීමකටත් හේතු වන්නට පිළිවන.
එවන් ආකාරයට තරහාවේ තරාතිරම් ඇත. එම තරහාව ම ලෝකයේ ව්යානවහාර වශයෙන් නානා නම්වලින් කියැවේ. දැක්වේ. ධර්මය පිළිබඳ දැනගත් තැනැත්තා එම තරහාව ඇති වූයේ කවර අවස්ථාවක දී ද, මොන තරම් සූක්ෂම තත්ත්වයෙන් ද එසේ තත්ත්වයෙන් ඇති වූ තරහාවක් වුව ද එම තැනැත්තා ධර්මය තමා දැන ගෙන තිබෙන බැවින් තේරුම් ගනී. ලෝභය නරක ධර්මයක් වුව ද, තරහාව නම් වූ ධර්මය ලෝභයට වඩා නපුරු ධර්මයක් බව කිව යුතු ය. එම තරහාව නිසා සමහරු බොහෝ අපරාධ, පවු හා වැරදි කරති. සමහර විට තමන්ගෙන් පරුෂ වචනයක් ඇසීමට මොනම විටක හෝ සුදුසු නො වන, තමාගේ මුවින් එසේ බැණ වදින පුද්ගලයා, තමාට වඩා විශාල වශයෙන් ශීලාදී ගුණධර්මයන්ගෙන් හා බොහෝ උසස් ගුණධර්ම වන මාර්ගඵල අධිගමය කරන ලද ඇති උතුමෙකු ද විය හැකි ය. යමෙක් එවන් අයට පවා තරහාව ඇති කොට ගෙන පරුෂ වචනයෙන් බැණීමට ද පිළිවෙන. තමා ආර්යෝපවාදය වැනි භයානක අකුසල කර්මවලට හසු වන්නේ ද එවන් අවස්ථාවල දී ය.