ද්වේශ මූල සිත් (දෙවන අර්ධය)
මෙහි දී ද තේරුම් ගත යුතු කරුණ නම්, ලෝභයෙන් ගනු නො ලබන බොහෝ අරමුණු ගනු ලබනුයේ බොහෝ අවස්ථාවල දී ද්වේශයෙනි. මෙම දෙක නිරන්තරව උපදනා ධර්මයන් ය. අනුනය පටිඝය යනුවෙන් දක්වන්නේ එම නිසා ය. එකක ඇලෙයි, අනිකෙහි හැපෙයි. ඇලෙන බව හා හැපෙන බව නිරන්තරයෙන් මාරු වෙමින් පවතී. සමහර විට යම් දෙයක ඇළුනේ ද, එම ඇළුණ එකේ ම පසුව හැපෙයි. ගැටෙයි. ලෝභයේ හා ද්වේශයේ එවන් තත්ත්වයක් ඇත. නමුත් එම දෙක කිසි විටෙක එකට නූපදී. එසේ වන්නේ, මෙම දෙකේ අරමුණු එක විධිහේ අරමුණු දෙකක් නො වීම හේතුවෙනි. අරමුණු ගැනීමේ දී එක් අවස්ථාවේ දී ලෝභනීය වේ. අනිත් අවස්ථාවේ දී ද්වේශයට හේතු වේ. මෙසේ වන්නේ මක් නිසා ද? තරහ ගිය බවක්, තරහ වූ බවක් සමහරෙකු කෙරෙන් දක්නට නො ලැබේ. හැම විටම තරහ යන, හොස්ස ළඟින් මැස්සා යන්න බැරි වාගේ කියා ද කීමට හැකි පුද්ගලයන් ද ඇත. එවන් පුද්ගලයන් කිසිදු කරුණක් නැති ව ද තරහා යයි. වැස්සා ද තරහ යි. පෑව්ව ද එයටත් තරහ යි. පයේ ගලක් හැපුණ ද තරහ යි. ඩහදිය දමන විට ද තරහ ව පවතී. කෑම කෑමේ දී ගලක් හැපුණ ද තරහ යි. මේවැනි දේවල් ද සමහරුන්ගේ තරහේ අවස්ථාවන් ය.
තවත් සමහරෙකු සිටී, එම පුද්ගලයාට තරහාව ඇති වන්නේ උදේ පාන්දර ම ය. නින්දට යන විට ද එම තරහව චිත්ත පරම්පරා වශයෙන් පවතී. මෙවන් අය ද සිටී. තවත් සමහරෙකු හට නිතර තරහව ඇති නොවේ, තරහව වැඩි වේලා නො පවතී. බොහොම කෙටි යි. මෙසේ වීමට හේතුව කුමක් ද? මෙය පුරුදු වශයෙන් සසරේ ගෙනෙන ඒවා නිසා ය. සමහරෙකුගේ ඇත්තේ ද්වේශාධ්යාටශයන් ය. අධ්යාුශ වශයෙන් ම ද්වේශය බලපා යි. එම ද්වේශය බලපානුයේ තමාගේ සංසාර පුරුද්ද වශයෙනි. අපි සෑම භවයක දීම මිනිසුන් වී සිටි බවක් කිව නො හැකි ය. පසුගිය භවයන්හි වෙනත් සතුන් වී සිටි අය මිනිසුන් අතර මිනිසුන් වී උපදී. මිනිසුන් ද මැරී ගොස්එම සතුන් අතරට ය යි. එසේ මාරු වීමක් ද ඇත. මිනිසුන් අතර ජීවත් වන අය මැරෙන මිනිසුන්ගේ වැඩි දෙනෙක් එසේ මියගොස් මිනිසුන් අතර උපදින්නේ ස්වල්ප දෙනෙකු බවත්, වැඩි දෙනෙකු නිරය, තිරිසන් ලෝකයේ හා ප්රේයත විෂයයෙහි උපදින බව බුදුපියාණන් වහන්සේ දේශනා කොට ඇත. දෙවියන් අතර ද, දෙවිව නැවත උපදින්නේ ද ස්වල්ප දෙනෙකි. මිනිසත් භාවය ගනු ලබන්නේ ද ස්වල්ප දෙනෙකු වන අතර, දිව්යානත්මයක් ලැබ නැවත දෙවි ව උපදින්නේ ද ස්වල්ප දෙනෙක් ය. දෙවියන් අතරින් ච්යුඅතව මනුෂ්යයව උපදින්නේ ද ස්වල්ප දෙනෙකු වන අතර, වැඩි දෙනා උපදින්නේ නිරය, තිරිසන්, ප්රේ ත යන මෙවන් ස්ථානවල බව බුදුපියාණන් වහන්සේ දේශනා කොට තිබේ. එම කාරණය එසේ තේරුම් ගැනීමට හැකි ය.
යම් මනුෂ්යායෙකු ව සිට මියගොස් යමෙක් යම් කුසල කර්මයක් ඉදිරිපත් ව සමහර විට දුර්ලභ මිනිසත් භාවය යළි ලබන අවස්ථා ඇත. නමුත්, අධ්යාමස වශයෙන් තමන්ට හුරුපුරුදුව පැවති එම තරහ ගති මේ ජීවිතයට ද තිබේ. එම නිසා තමයි තරහ අදහස්, ද්වේශ අධ්යාෙස ඇති වෙන බව කියා සඳහන් කරන්නේ. එම අදහස් සමහරුනට තිබේ. සමහරුනට මොන යම් හෝ ආකාරයකින් වත් තරහ ගතිය නැති කර ගැනීමට පුළුවන් කමක් නොමැත. එම පුද්ගලයාට තරහාව තදින් ම බලපාන අතර, කෙතරම් බණ දහම් ඇසුව ද, කෙතරම් බණ දහම් දැන ගත්ත ද, එම තරහාව නැති කර ගැනීමට නොහැකි ය. එම පුද්ගලයා හට ඔබට මේ පැමිණ ඇත්තේ තරහාවක් කියා කියා දුන්න ද එයට ද තරහා ඇති කර ගෙන අමනාප සිත් ඇති කර ගනි යි. කා එක්ක හෝ ජීවත් විය නො හැකි කෙනෙක් වශයෙන් ද කියනුයේ එබඳු අයට ය. එය, ඔවුන් පුරුද්ද වශයෙන් ගෙන ආ දෙයකි. අධ්යාොසයකි. එම නිසා කෙබඳු කෙනෙකු පිළිබඳ වුව ද, ධර්ම තත්ත්වය තේරුම් ගතහොත්, ඔහුගේ තරහාව නිසා ඔහු කෙරෙහි තරහාව උපදවා නො ගෙන සිටීමට හැකි ය. එම ධර්මතාවය තේරුම් ගතහොත්, ඔහුට තරහා යන බව සිතමින් එම පුද්ගලයා සමඟ එකට එක යාම ද කාරණයක් නොවන්නේ ය. මම ද, එම තත්ත්වයෙන් මිදුණු කෙනෙකු නොවේ යනුවෙන් එවන් අවස්ථාවල දී සිති ය යුතු ය. මෙම තරහ යන ගතිය ඔහුගේ තිබේ නම්, මා ද එම තත්ත්වයෙන් නො මිදුණු කෙනෙකි යනුවෙන් එවන් අවස්ථාවල දී සිතිය යුතු ය. එසේ සිතක් ඇති කර ගෙන ඔහු කෙරෙහි අනුකම්පා කළ යුතු ය. තරහා ඇති වන පුද්ගලයන් ආශ්රතය කිරීමට නම්, මෙම ධර්ම තත්ත්වය තේරුම් ගෙන තිබිය යුතු ය. එය ද්වේශ අධ්යා සය ය.
ද්වේශ අධ්යාෙසය බහුල වශයෙන් පවතින අය පෙර භවවල දී සතුන්ගේ ලේ බී ජීවත් වූ අය ද සිටිති. විශේෂයෙන් යකුන් වැන්නවුන් ය. මිනිසත් භාවය ලැබ එසේ අයෙකු පැමිණියහොත්, එම සඳහන් කරන ලද්දා වූ ගතිය පැමිණේ.