ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (පස්වන අර්ධය)
උච්ඡේද දෘෂ්ටිය ද නියත මිථ්යා් දෘෂ්ටියකි. උච්ඡේදය යනු අවසානයි, ඉවරයි යන තේරුම ය. නැවත ඉපදීමක්, පුනර්භවයක් නැත, ජීවත් ව අවසානයේ මරණයෙන් පසු නැවත ඉපදීමක් නැත කියා ගන්නා වූ දෘෂ්ටිය ද නියත මිථ්‍යාව දෘෂ්ටියකි. එය උච්ඡේද දෘෂ්ටියකි. එයින් අන්‍ය මිථ්‍යා දෘෂ්ටීන් සලකන්නේ අනියත මිථ්‍යා දෘෂ්ටීන් ලෙස ය. කොයි යම් ම හෝ මිථ්‍යා දෘෂ්ටියක් ඇති කරගත්ත ද, ඒ අවස්ථාවේ දී උපදනා සිත දිට්ඨිගත සම්පයුක්ත සිතක් වශයෙන් හැඳින්වේ. යම් වේලාවක හෝ මෙවන් සිතක් ඇති වුවහොත්, උදාහරණ වශයෙන් මරණයට පත්ව නැවත උපදිනවා කියන දේ පිළිගැනීමට නොහැකි ය යනුවෙන් එය මිථ්යාක දෘෂ්ටික සිතකි. එබැවින්, එය දිට්ඨිගත සම්පයුක්ත සිතකි.
සතුන් මැරීම වැරදි ය කියා සමහරෙකුට සිතීමට පිළිවන් වුව ද, එම සතුන් මරනුයේ බිළිදීම සඳහා ය කියා. සමහර විට සතුන් මැරීම පිළිබඳ කෙසේ වෙතත්, සතුන් මැරීම තමන් අදහන දෙවියන්ට බිළිදීම සඳහා නම් පිනක් කියා සිතීමට ද පුළුවනි. එසේ ඒ අනුව, පව පින සේ සිතා ගැනීමේ දී ද ඔවුනට උපදින්නේ දිට්ඨිගත සම්පයුක්ත සිත් ය. නමුත් සතා මරණ විට නම් නොවේ, මරණ අවස්ථාවේ දී ඇති වන්නේ දෝමනස්ස සහගත පටිග සම්පයුක්ත අසංඛාරික හෝ සසංඛාරික සිත් 02 අතරින් එකකි. එය ඉදිරියේ දී කියා දීමට ඇති සිත් දෙකකි. සතුන් මැරීමේ දී ලෝභ මූල සිත් ඇති වන්නේ ම නැත. දිවි තොරකරන විට උපදනා සිත දෝමනස්ස සිත් ය. කලින් සඳහන් කළ ආකාරයට මිථ්‍යා දෘෂ්ටි අදහස් පහළ වන විට ඇති වන්නේ ලෝභ මූල සිත් ය. දිවි තොර කරන විට දෝමනස්ස සහගත සිත් ය. ඉතා ඉක්මණින් සිත් ඇති වේ. එයට වැඩි වේලාවක් ගත නොවේ. සිතේ තිබෙන වෙනස් වන ස්වභාවයට වේගවත් බවට, ඉක්මන් ස්වභාවයට, වහා වෙනස් වන ස්වභාවයට උපමාවක් හෝ දැක්වීමට නොහැකි බව බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළේ. "සිත් ඇති වීමේ වේගය තරම් දෙයක් නොමැති බව" ය. එම වේගවත් සිත බැලීම යි මෙහි දී කළයුත්තේ. ලෝභමූල දිට්ඨිගත සම්පයුක්ත සිත මේ කරන දෙය පිනක් ය කියා සිතමින් මෙසේ සතෙකු දෙවියන්ට පිදීම සඳහා ඒ දෙය කරන විට එනම් සතෙකුගේ දිවි තොර කරන විට දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිත ඇති කරයි. එය, එක් අකුසලයක් අනිත් අකුසලයට උපකාර කරන අවස්ථාව යි. අකුසලය අකුසලයට උදව් කරන්නා වූ අවස්ථාවන් පිළිබඳව මෙම අවස්ථාවේ දී නොව අභිධර්මය පිළිබඳ දියුණු අවස්ථාවක දී එනම්, ඉදිරියේ දී දැක්වෙන ප්රවත්යථ ආදී කොටස් ඉගෙනීමෙන් වැටහී ය යි.
ලෝභමූල සිත දස අකුසල කර්ම පථ අතුරින් 07 ක් සිදු කිරීමේ දී ඇති වන බව මේ ආකාරයෙන් සිතා ගත යුතු ය. එම 07 ම වන්නේ දිට්ඨිගත සම්පයුක්ත සිත නම්, දිට්ඨිගත විප්පයුක්ත සිතින් මිථ්යාත දෘෂ්ටිය හැර ඉතිරි 06 න් සිදු විය හැකි ය, එය ඒ ආකාරයෙන් තේරුම් ගත යුතු ය.
ඔබ සොරකම් කිරීම් ආදි වශයෙන් පවත්නා කර්මපථවල නියැලී නොසිටිය ද, ඔබ ද කළයුතු වන්නේ හැකි තරම් පව්කම්වලින් වැලකී සිටීමට උත්සාහ කිරීම ය. නමුත්, පව් සිත්වලින් වැලකී සිටීමට නම්, පාප සිත් පිළිබඳව හා ඒවා උපදනා අවස්ථාවන් පිළිබඳව ද තේරුම් ගෙන තිබිය යුතු ය. දුෂ්කර වන්නේ එය වේ. සොරකම් කිරීම් ආදියෙන් වැලකී සිටිය හැකි ය. නමුත්, සිත වශයෙන් සැලකීමේ දී උපදනා වූ සිත කුසල් සිතක් නොවේ නම්, ඒ සිත විය යුත්තේ අකුසල් සිතකි. එකී සිත් දෙක අතර සිතක් නූපදී. එය ද තේරුම් ගත යුතු ය.
මෙසේ සිතමු. ස්වාමීන්වහන්සේ නමක් ධර්මයක් දේශනා කරනු ලබයි. පිරිසක් ඒ ධර්ම දේශනය අසා ගෙන සිටිත්. මේ දෙ පිරිස එක්ව කරනු ලබන මෙම ක්‍රි යා දෙකෙහි දීම මේ දෙ පිරිසට උපදනා සිත් කුසල් සිත් ය. පිරිසකට මෙසේ ධර්මයක් කියා දීම් වශයෙන් ඊට සිත් යොමුකර ගෙන, කරුණා ආදී හොඳ හැටියට සලකන්නා වූ ගති එම සිත්හි උපදවාගෙන කුසල් සිතකින් යුක්තව එම ධර්ම දේශකයාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් කියා දේ. අසාගෙන සිටින්නා වූ පින්වතුන් ද ශ්රකද්ධා ආදී ගුණධර්මයන් ද තම චිත්ත සන්තානයේ උපදවා ගෙන එයට සවන් දී සිටිති. මේ දෙපිරිස එකතුව කරනු ලබන පුන්යන කර්ම දෙකක් ඇත. එකක් ධර්ම දේශනය. දෙවැන්න ධර්ම ශ්රතවණය. මේවා පින් ය. මෙම පින් සිත් මේ දෙපිරිසට ම උපදී. ඒවා කුසල් සිත් ය. එම අවස්ථාවේ දී ධර්ම දේශකයාණෝ ධර්ම දේශනා කරමින් සිටින අවස්ථාවේ දී ද, (කථා කරමින් සිටින විටත්) එම පින්වත් පිරිස අසාගෙන සිටින විටත් එම උපදනා වූ සිත් කුසල් සිත් නොවේ නම්, මෙවන් අවස්ථාවක දී සිදු කරන සිත්